කුසලාකුසල පටිසන්‍දහනකථා
14. 1.
14. 1.
කුසලාකුසල පටිසන්‍දහනකථා.
කුසලාකුසලපටිසන්‍දහනකථා
[කුශලය අකුශලයට අනතුරු වැ හෝ අකුශලය කුශලයට අනතුරු වැ හෝ ඉපදීමක් නැති හෙයින් උනුන්ගේ අන්‍යෝන්‍ය ප්රතිසන්ධාන නො යෙදේ. එහෙත් ‘එක් මැ වස්තුයෙහි රජ්ජන විරජ්ජන වශයෙන් කුශලාකුශලයන්ගේ ප්රතිසන්ධාන ඇති’යි මහා සඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තාහු වෙද් ද ඔවුන්ගේ වාද බිඳුනට ‘කුසලාකුසල පටිසන්‍දහනකථා’ එයි.]
1. ස. පු: අකුසලමූලං පටිසන්දහති කුසලමූලන්ති,
1. ස. පු: අකුශලමූලය කුශලමූලය ප්රතිසන්ධාන (එකිනෙක ගැලපීම) කෙරේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යා අකුසලස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධි, සාව කුසලස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
ස. අනු: අකුශලයාගේ උත්පාදය පිණිස යම් ආවර්‍ජනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද, ඕ මැ කුශලයාගේ උත්පාදය පිණිස ආවර්ජනා ... ප්‍රණිධි වේ ද,
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අකුසලමූලං පටිසන්දහති කුසලමූලං, න වත්තබ්බං යා අකුසලස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධි, සාව කුසලස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
2. ස. පු: අකුශලමූලය කුශලමූලය ප්රතිසන්ධාන කෙරේ ද, අකුශලයාගේ උත්පාදය පිණිස යම් ආවර්ජනා ... ප්‍රණිධි ඇද්ද, ඒ මැ කුශලයාගේ උත්පාදය පිණිස ආවර්ජනා ... ප්‍රණිධි වේ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුසලං අනාවට්ටන්තස්ස උප්පජ්ජති -පෙ- අපණිදහන්තස්ස උප්පජ්ජතී’ති.
ස. අනු: කුශලය ආවර්ජනා නො කරන්නහුට උපදනේ වේ ද, ... ප්‍රණිධි නො කරන්නහුට උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: කුසලං ආවට්ටන්තස්ස උප්පජ්ජති -පෙ- පණිදහන්තස්ස උප්පජ්ජතී’ති.
ස. අනු: කුශලය ආවර්ජනා කරන්නහුට උපදනේ වේ ද? ... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි කුසලං ආවට්ටන්තස්ස උප්පජ්ජති -පෙ- පණිදහන්තස්ස උප්පජ්ජති.
අනු. ඨ: ඉදින් කුශලය ආවර්ජනා කරන්නහුට උපදනේ වේ නම් .... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අකුසලමූලං පටිසන්දහති කුසලමූල”න්ති.
අනු. පා: භවත, ‘අකුශලමූලය කුශලමූලය ප්රතිසන්ධාන කෙරේ’යයි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අකුසලමූලං පටිසන්දහති කුසලමූලන්ති.
3. ස. පු: අකුශලමූලය කුශලමූලය ප්රතිසන්ධාන කෙරේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුසලං අයොනිසො මනසිකාරොතො උප්පජ්ජතී’ති.
ස. අනු: අකුශලය අයෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ
ස. අනු: කුසලං අයොනියො මනසිකරොතො උප්පජ්ජතී’ති.
ස. අනු: කුශලය අයෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නනු කුසලං යොනිසො මනසිකරොතො උප්පජ්ජතී’ති.
ස. අනු: කුශලය යෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි කුසලං යොනියො මනසිකරොතො උප්පජ්ජති.
අනු. ඨ: ඉදින් කුශලය යෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ. අකුසලමූලං පටිසන්දහති කුසලමූලන්ති.
අනු. පා: භවත ‘අකුශලමූලය කුශලමූලය ප්රතිසන්ධාන කෙරේ’යයි නො කියැයුතු මැ යැ.
4. ස. පු: අකුසලමූලං පටිසන්දහති කුසලමූලන්ති.
4. ස. පු: අකුශලමූලය කුශලමූලය ප්රතිසන්ධාන කෙරේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමසඤ්ඤාය අනන්තරා නෙක්ඛම්මසඤ්ඤා උප්පජ්ජති, බ්යාපාදසඤ්ඤාය අනන්තරා අබ්යාපාදසඤ්ඤා උප්පජ්ජති, විහිංසාසඤ්ඤාය අනන්තරා අවිහිංසාසඤ්ඤා උප්පජ්ජති, බ්යාපාදස්ස අනන්තරා මෙත්තා උප්පජ්ජති, අරතියා අනන්තරා මුදිතා උප්පජ්ජති, පටිඝස්ස අනන්තරා උපෙක්ඛා උප්පජ්ජතී’ති.
ස. අනු: කාමසංඥාවට අනතුරු වැ නිෂ්කාමසංඥාව උපදනේ වේ ද? ව්‍යාපාදසංඥාවට අනතුරු වැ අව්‍යාපාදසංඥාව උපදනේ වේ ද? විහිංසාසංඥාවට අනතුරුව අවිහිංසාසංඥාව උපදනේ වේ ද? බ්යාපාදයට අනතුරු වැ මෛත්‍රිය උපදනේ වේ ද? විහිංසාවට අනතුරු වැ කරුණාව උපදනේ වේ ද? අරතියට අනතුරු වැ මුදිතාව උපදනේ වේ ද? ප්‍රතිඝයට අනතුරු වැ උපේක්ෂාව උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: කුසලමූලං පටිසන්දහති අකුසලමූලන්ති.
5. ස. පු: කුශලමූලය අකුශලමූලය ප්රතිසන්ධාන කෙරේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යා කුසලස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධි, සා’ව අකුසලස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
ස. අනු: කුශලෝත්පාදය පිණිස යම් ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද? ඒ මැ අකුශලොත්පාදයට ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: කුසලමූලං පටිසන්දහති අකුසලමූලං, යා කුසලස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධි, සා’ව අකුසලස්ස උප්පාදාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
6. ස. පු: කුශලමූලය අකුශලමූලය ප්රතිසන්ධාන කෙරේ, කුශලෝත්පාදය පිණිස යම් ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද, ඒ මැ අකුශලොත්පාදයට ආවර්‍තනා ... ප්‍රණිධි වේ ද?
ප. පටි: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුසලං අනාවට්ටන්තස්ස උප්පජ්ජති -පෙ- අපණිදහන්තස්ස උප්පජ්ජතී’ති.
ස. අනු: අකුශලය ආවර්තන නො කරන්නහුට උපදනේ වේ ද ... ප්‍රණිධාන නො කරන්නහුට උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නනු අකුසලං ආවට්ටන්තස්ස උප්පජ්ජති -පෙ- පණිදහන්තස්ස උප්පජ්ජතී’ති.
ස. අනු: අකුශලය ආවර්‍තනා කරන්නහුට උපදනේ ... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අකුසලං ආවට්ටන්තස්ස උප්පජ්ජති -පෙ- පණිදහන්තස්ස උප්පජ්ජති.
අනු. ඨ: ඉදින්, අකුශලය ආවර්‍තනා කරන්නහුට උපදනේ වේ නම් ... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ, “කුසලමූලං පටිසන්දහති අකුසලමූලං”න්ති.
අනු. පා: භවත, කුශලමූලය අකුශලමූල ප්රතිසන්ධාන කෙරේ, යයි නො කියැයුතු මැ යැ.
7. ස. පු: කුසලමූලං පටිසන්දහති අකුසලමූලන්ති.
7. ස. පු: කුශලමූලය අකුශලමූල ප්රතිසන්ධාන කෙරේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුසලං යොනිසොමනසිකරොතො උප්පජ්ජතී’ති.
ස. අනු: කුශලය යෝනිසෝමනසිකාරයෙන් උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ
ස. අනු: අකුසලං යොනිසොමනසිකරොතො උප්පජ්ජතී’ති.
ස. අනු: අකුසලය යෝනිසෝමනසිකාරයෙන් උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ.
ස. අනු: නනු අකුසලං අයොනිසො මනසිකරොතො උප්පජ්ජතී’ති.
ස. අනු: අකුශලය අයෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අකුසලං අයොනිසොමනසිකරොතො උප්පජ්ජති,
අනු. ඨ: ඉදින් අකුශලය අයෝනිසෝමනසිකාර කරන්නහුට උපදනේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: කුසලමූලං පටිසන්දහති අකුසලමූලන්ති.
අනු. පා: භවත, කුශලමූලය අකුශලමූල ප්රතිසන්ධාන කෙරේයයි නො කියැයුතු මැ යැ.
8. ස. පු: කුසලමූලං පටිසන්දහති අකුසලමූලන්ති.
8. ස. පු: කුශලමූලය අකුශලමූලය ප්රතිසන්ධාන කෙරේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නෙක්ඛම්මසඤ්ඤාය අනන්තරා කාමසඤ්ඤා උප්පජ්ජති, අබ්යාපාදසඤ්ඤාය අනන්තරා බ්යාපාදසඤ්ඤා උප්පජ්ජති, අවිහිංසාසඤ්ඤාය අනන්තරා විහිංසා සඤ්ඤා උප්පජ්ජති, මෙත්තාය අන්තරා බ්යාපාදො උප්පජ්ජති, කරුණාය අනන්තරා විහිංසා උප්පජ්ජති, මුදිතාය අනන්තරා අරති උප්පජ්ජති, උපෙක්ඛාය අනන්තරා පටිඝං උප්පජ්ජතී’ති.
ස. අනු: නිෂ්කාමසංඥාවට අනතුරු වැ කාමසංඥා උපදනේ වේ ද, අව්යාපාදසංඥාවට අනතුරු වැ ව්‍යාපාදසංඥා උපදනේ වේ ද, අවිහිංසාසංඥාවට අනතුරු වැ විහිංසාසංඥා උපදනේ වේ ද, මෛත්‍රියට අනතුරු වැ ව්‍යාපාදය උපදනේ වේ ද, කරුණාවට අනතුරු වැ විහිංසා උපදනේ වේ ද, මුදිතාවට අනතුරු වැ අරති උපදනේ වේ ද, උපේක්ෂාවට අනතුරු වැ ප්‍රතිඝය උපදනේ වේ ද?
ප. පටි. න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ප. පු: න වත්තබ්බං අකුසලමූලං පටිසන්දහති කුසලමූලං, කුසලමූලං පටිසන්දහති අකුසලමූලන්ති.
9. ප. පු: ‘අකුශලමූලය කුශලමූලය ප්රතිසන්ධාන කෙරෙයි, කුශලමූලය අකුශලමූලය ප්රතිසන්ධාන කෙරෙයි’ යනු නො කියයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු යස්මිඤ්ඤෙව වත්ථුස්මිං රජ්ජති, තස්මිඤ්ඤෙව වත්ථුස්මිං විරජ්ජති, යස්මිඤ්ඤෙව වත්ථුස්මිං විරජ්ජති තස්මිඤ්ඤෙව වත්ථුස්මිං රජ්ජතී’ති.
ප. අනු: යම් මැ වස්තුයෙකැ ඇලේ ද, එ මැ වස්තුයෙහි නො ඇලෙන්නේ, යම් මැ වස්තුයෙකැ නො ඇලේ ද, එ මැ වස්තුයෙහි ඇලෙන්නේ නො?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි යස්මිඤ්ඤෙව වත්ථුස්මිං විරජ්ජති තස්මිඤ්ඤෙව වත්ථුස්මිං රජ්ජති,
අනු. ඨ: ඉදින් යම් මැ වස්තුයෙකැ නො ඇලෙනුයේ එ මැ වස්තුයෙහි ඇලේ නම්,
අනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අකුසලමූලං පටිසන්දහති කුසලමූලං, කුසලමූලං පටිසන්දහති අකුසලමූල”න්ති.
අනු. පා: භවත එකරුණින් ‘අකුශලමූලය කුශලමූලය ප්රතිසන්ධාන කෙරෙයි, කුශලමූලය අකුශලමූලය ප්රතිසන්ධාන කෙරෙයි’ යනු කියැයුතු මැ යැ.
(මෙහි එක් මැ අරමුණෙහි රාගවිරාග උත්පත්තිය දැක්විණ. කුසලාකුසල අනන්තරතා නො වේ. එහෙයින් අසාධකයි.)
කුසලාකුසලපටිසන්‍දහනකථා නිට්ඨිතා.
කුසලාකුසලපටිසන්‍දහනකථා නිමි.