අනන්තරපච්චයකථා
14. 3.
14. 3.
අනන‍්තරපච‍්චයකථා
අනන්තරපච්චයකථා
[නෘත්‍යගිතාදියෙහි දී ඇති වන රූපදර්‍ශන ශබ්දශ්‍රවණාදීන්ගේ වහා සිදුවන පරිවර්‍තන දැක ‘මේ විඥානයෝ උනුනට අනන්තර වැ උපදිති’යි උත්තරාපථකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අනන්තරපච්චයකථා’ එයි.]
1. ස. පු: චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස අනන‍්තරා සොතවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජතී’ති.
1. ස. පු: චක්‍ෂුර්විඥානයට අනතුරු වැ ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: යා චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණිධි, සා’ව සොතවිඤ‍්ඤාණස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණිධී’ති.
ස. අනු: චක්‍ෂුර්විඥානයාගේ උත්පාදය පිණිස යම් ආවර්‍ජනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද, ඒ ආවර්‍ජනා ... ප්‍රණිධි මැ ශ්‍රෝත්‍රවිඥානයාගේ උත්පාදය පිණිස ආවර්‍ජනා ... ප්‍රණිධි වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස අනන‍්තරා සොතවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජති, න වත‍්තබ‍්බං ‘යා චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණිධි, සාව’ සොතවිඤ‍්ඤාණස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණී’ධීති.
2. ස. පු: (තොප මතයෙහි) චක්‍ෂුර්විඥානයට අනතුරු වැ ශ්‍රෝත්‍රවිඥානය උපදනේ යැ. චක්‍ෂුර්විඥානයාගේ උත්පාදය පිණිස යම් ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද ඒ මැ ශ්‍රෝත්‍රවිඥානයාගේ උත්පාදය පිණිස ආවර්‍තනා ... ප්‍රණිධි වෙති’යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සොතවිඤ‍්ඤාණං අනාවට‍්ටන‍්තස‍්ස උප‍්පජ‍්ජති -පෙ- අපණිදහන‍්තස‍්ස උප‍්පජ‍්ජතී’ති.
ස. අනු: ශ්‍රෝත්‍රවිඥානය ආවර්‍තනා නො කරන්නහුට උපදනේ වේ ද? ... ප්‍රණිධි නොකරන්නහුට උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නනු සොතවිඤ‍්ඤාණං ආවට‍්ටන‍්තස‍්ස උප‍්පජ‍්ජති -පෙ- පණිදහන‍්තස‍්ස උප‍්පජ‍්ජතී’ති.
ස. අනු: ශ්‍රෝත්‍රවිඥානය ආවර්‍තනා කරන්නහුට උපදනේ නො වේ ද? ... ප්‍රණිධි කරන්නහුට උපදනේ නො වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි සොතවිඤ‍්ඤාණං ආවට‍්ටන‍්තස‍්ස උප‍්පජ‍්ජති -පෙ- පණිදහන‍්තස‍්ස උප‍්පජ‍්ජති.
අනු. ඨ: ඉදින් ශ්‍රෝත්‍රවිඥානය ආවර්‍තනා කරන්නහුට උපදනේ වේ නම්, ... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස අනන‍්තරා සොතවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජතී’ති.
අනු. පා: භවත, චක්‍ෂුර්විඥානයට අනතුරු වැ ශ්‍රෝත්‍රවිඥානය උපදනේ යැ’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස අනන‍්තරා සොතවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජතී’ති.
3. ස. පු: චක්‍ෂුර්විඥානයට අනතුරු වැ ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණං රූපනිමිත‍්තං මනසිකරොතො උප‍්පජ‍්ජතී’ති.
ස. අනු: චක්‍ෂුර්විඥානය රූපනිමිත්ත මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සොතවිඤ‍්ඤාණං රූපනිමිත‍්තං මනසිකරොතො උප‍්පජ‍්ජතී’ති.
ස. අනු: ශ්‍රෝත්‍රවිඥානය රූපනිමිත්ත මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: චක‍්ඛුවිඤ‍්ඤාණං රූපාරම‍්මණඤ‍්ඤෙව න අඤ‍්ඤාරම‍්මණන‍්ති.
4. ස. පු: චක්‍ෂුර්විඥානය රූපාලම්බන මැ වේ ද, අන්‍යාලම්බන නොවන්නේ නො වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සොතවිඤ‍්ඤාණං රූපාරම‍්මණඤ‍්ඤෙව න අඤ‍්ඤාරම‍්මණන‍්ති.
ස. අනු: ශ්‍රෝත්‍රවිඥානය රූපාලම්බන මැ වේ ද, අන්‍යාලම්බන නො වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති.
5. ස. පු: චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති සොතවිඤ‍්ඤාණන‍්ති.
ස. අනු: චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා ශ්‍රෝතවිඥානය උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති සොතවිඤ‍්ඤාණන‍්ති.
6. ස. පු: චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති සොතවිඤ‍්ඤාණන‍්ති” අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි: නත්‍ථි.
ප. පටි: නැති.
ස. අනු: “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛු විඤ‍්ඤාණන‍්ති” අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණ”න‍්ති. අත්‍ථෙ’ව සුත‍්තන‍්තො,
අනු. ඨ: ඉදින්, “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති සොතවිඤ‍්ඤාණ”න‍්ති.
අනු. පා: භවත “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා ශ්‍රෝතවිඥානය උපදනේ වේ” යයි නො කියැයුතු මැ යැ.
7. ස. පු: චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස අනන‍්තරා සොතවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජතී’ති.
7. ස. පු: චක්‍ෂුර්විඥානයට අනතුරු වැ ශ්‍රෝත්‍රවිඥානය උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තඤ‍්ඤෙ’ව චක‍්ඛුවිඤ‍්ඤාණං තං සොතවිඤ‍්ඤාණන‍්ති.
ස. අනු: එ මැ චක්‍ෂුර්විඥානය ඒ ශ්‍රෝත්‍රවිඥාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: සොතවිඤ‍්ඤාණස‍්ස අනන‍්තරා ඝානවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජති, ඝානවිඤ‍්ඤාණස‍්ස අනන‍්තරා ජිව‍්හාවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජති, ජිව‍්හාවිඤ‍්ඤාණස‍්ස අනන‍්තරා කායවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජතී’ති.
8. ස. පු: ශ්‍රෝත්‍රවිඥානයට අනතුරු වැ ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද? ඝ්‍රාණවිඥානයට අනතුරු වැ ජිහ්වාවිඥානය උපදනේ වේ ද? ජිහ්වාවිඥානයට අනතුරු වැ කායවිඥානය උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: යා ජිහ‍්වාවිඤ‍්ඤාණස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණිධි සා’ව කායවිඤ‍්ඤාණස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණිධී’ති.
ස. අනු: ජිහ්වාවිඥානයාගේ උපැත්මට යම් ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද, ඒ මැ කායවිඥානයාගේ උපැත්මට ආවර්‍තනා ... ප්‍රණිධි වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: ජිව‍්හාවිඤ‍්ඤාණස‍්ස අනන‍්තරා කායවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජති, න වත‍්තබ‍්බං “යා ජිවිහාවිඤ‍්ඤාණස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණිධි, සා’ව කායවිඤ‍්ඤාණස‍්ස උප‍්පාදාය ආවට‍්ටනා -පෙ- පණීධි’ති.
9. ස. පු: ජිහ්වාවිඥානයට අනතුරු වැ කායවිඥානය උපදී, ජිහ්වාවිඥානයාගේ උපැත්මට යම් ආවර්‍තනායෙක් ... ප්‍රණිධියෙක් ඇද්ද, ඒ මැ කායවිඥානයාගේ උපැත්මට ආවර්‍තනා ... ප්‍රණිධි වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කායවිඤ‍්ඤාණං අනාවට‍්ටන‍්තස‍්ස උප‍්පජ‍්ජති. -පෙ- අපණිදහන‍්තස‍්ස උප‍්පජ‍්ජතී’ති.
ස. අනු: කායවිඥානය ආවර්‍තනා නො කරන්නහුට උපදනේ වේ ද, ... ප්‍රණිධි නො කරන්නහුට උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි.: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නනු කායවිඤ‍්ඤාණං ආවට‍්ටන‍්තස‍්ස උප‍්පජ‍්ජති -පෙ- පණිදහන‍්තස‍්ස උප‍්පජ‍්ජතී’ති.
ස. අනු: කායවිඥානය ආවර්‍තනා කරන්නහුට උපදනේ නො, ... ප්‍රණිධි කරන්නහුට උපදනේ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි කායවිඤ‍්ඤාණං ආවට‍්ටන‍්තස‍්ස උප‍්පජ‍්ජති, -පෙ- පණිදහන‍්තස‍්ස උප‍්පජ‍්ජති,
අනු. ඨ: ඉදින් කායවිඥානය ආවර්‍තනා කරන්නහුට උපදනේ වේ නම් ... ප්‍රණිධි කරන්නහුට උපදනේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “ජිව‍්හාවිඤ‍්ඤාණස‍්ස අනන‍්තරා කායවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජතී”ති.
අනු. පා: භවත ‘ජිහ්වාවිඥානයට අනතුරු වැ කායවිඥානය උපදනේ ය’යි නො කියැයුතු මැ යැ.
10. ස. පු: ජිව‍්හාවිඤ‍්ඤාණස‍්ස අනන‍්තරා කායවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජතී’ති.
10. ස. පු: ජිහ්වාවිඥානයට අනතුරු වැ කායවිඥානය උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ජිව‍්හාවිඤ‍්ඤාණං රසනිමිත‍්තං මනසිකරොතො උප‍්පජ‍්ජතී’ති.
ස. අනු: ජිහ්වාවිඥානය රසනිමිත්ත මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කායවිඤ‍්ඤාණං රසනිමිත‍්තං මනසිකරොතො උප‍්පජ‍්ජතී’ති.
ස. අනු: කායවිඥානය රසනිමිත්ත මෙනෙහි කරන්නාහට උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: ජිව‍්හාවිඤ‍්ඤාණං රසාරම‍්මණඤ‍්ඤෙ’ව න අඤ‍්ඤාරම‍්මණන‍්ති.
11. ස. පු: ජිහ්වාවිඥානය රසාලම්බන මැ වේ ද, අන්‍යාලම්බන නො වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කායවිඤ‍්ඤාණං රසාරම‍්මණඤ‍්ඤො’ව න අඤ‍්ඤාරම‍්මණන‍්ති.
ස. අනු: කායවිඥානය රසාලම්බන මැ වේ ද, අන්‍යාලම්බන නො වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ස. පු: ජිව‍්හඤ‍්ච පටිච‍්ච රසෙ ච උප‍්පජ‍්ජති ජිව‍්හා විඤ‍්ඤාණන‍්ති.
12. ස. පු: ජිහ්වාත් රසාලම්බනයත් නිසා ජිහ්වාවිඥානය උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ජිව‍්හඤ‍්ච පටිච‍්ච රසෙ ච උප‍්පජ‍්ජති කායවිඤ‍්ඤාණන‍්ති.
ස. අනු: ජිහ්වාත් රසාලම්බනයත් නිසා කායවිඥානය උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
13. ස. පු: ජිව‍්හඤ‍්ච පටිච‍්ච රසෙ ච උප‍්පජ‍්ජති කායවිඤ‍්ඤාණන‍්ති.
13. ස. පු: ජිහ්වාත් රසාලම්බනයත් නිසා කායවිඥානය උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: “ජිව‍්හඤ‍්ච පටිච‍්ච රසෙ ච උප‍්පජ‍්ජති කායවිඤ‍්ඤාණ”න‍්ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: ජිහ්වාත් රසාලම්බනයත් නිසා කායවිඥානය උපදිති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටි: නත්‍ථි.
ප. පටි.: නැත.
ස. අනු: “ජිව‍්හඤ‍්ච පටිච‍්ච රසෙ ච උප‍්පජ‍්ජති ජිව‍්හා විඤ‍්ඤාණ”න‍්ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: ජිහ්වාත් රසාලම්බනයත් නිසා ජිහ්වාවිඥානය උපදිති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි ජිව‍්හඤ‍්ච පටිච‍්ච රසෙ ච උප‍්පජ‍්ජති ජිව‍්හාවිඤ‍්ඤාණන‍්ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො,.
අනු. ඨ: ඉදින් ජිහ්වාත් රසාලම්බනයත් නිසා ජිහ්වාවිඥානය උපදිතියි වදාළ සූත්‍රාන්තයෙක් ඇත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “ජිව‍්හඤ‍්ච පටිච‍්ච රසෙ ච උප‍්පජ‍්ජති කායවිඤ‍්ඤාණ”න‍්ති.
අනු. පා: භවත, ‘ජිහ්වාත් රසාලම්බනයත් නිසා කායවිඥානය උපදනේ වේ’ යයි නො කියැයුතු මැ යැ.
14. ස. පු: ජිව‍්හාවිඤ‍්ඤාණස‍්ස අනන‍්තරා කායවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජතී’ති.
14. ස. පු: ජිහ්වාවිඥානයට අනතුරු වැ කායවිඥානය උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තඤ‍්ඤෙ’ව ජිව‍්හාවිඤ‍්ඤාණං තං කාය විඤ‍්ඤාණන‍්ති.
ස. අනු: ඒ ජිහ්වාවිඥානය මැ ඒ කායවිඥානය වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
15. ප. පු: න වත‍්තබ‍්බං පඤ‍්චවිඤ‍්ඤාණා අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සමනන‍්තරා උප‍්පජ‍්ජන‍්තී’ති.
15. ප. පු: ‘පඤ්චවිඥානයෝ උනුනට සමනන්තර වැ උපදිති’යි යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: නනු අත්‍ථි කොචි නච‍්චති, ගායති, වාදෙති, රූපඤ‍්ච පස‍්සති, සද‍්දඤ‍්ච සුණාති, ගන්‍ධඤ‍්ච ඝායති, රසඤ‍්ච සායති, ඵොට‍්ඨබ‍්බඤ‍්ච ඵුසති’ති.
ප. අනු: නටන, ගයන, වයන, රූ ද දක්නා, හඬ ද අසන, ගඳ ද ආඝ්‍රාණ කරන, රස ද ආස්වාද කරන, ස්ප්‍රෂ්ටව්‍යය ද ස්පර්‍ශ කරන යමෙක් ඇත් නු?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: නනු අත්‍ථි කොචි නච‍්චති, ගායති, වාදෙති, රූපඤ‍්ච පස‍්සති, සද‍්දඤ‍්ච සුණාති, ගන්‍ධඤ‍්ච ඝායති, රසඤ‍්ච සායති, ඵොට‍්ඨබ‍්බඤ‍්ච ඵුසති,
අනු. ඨ: නටන, ගයන, වයන, රූ ද දක්නා, හඬ ද අසන, ගන්‍ධය ද ආඝ්‍රාණ කරන, රස ද ආස්වාද කරන, ස්ප්‍රෂ්ටව්‍යය ද ස්පර්‍ශ කරන යමෙක් ඇත් නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “පඤ‍්චවිඤ‍්ඤාණා අඤ‍්ඤමඤ‍්ඤස‍්ස සමනන‍්තරා උප‍්පජ‍්ජන‍්තී”ති.
අනු. පා: භවත, එකරුණින් පඤ්චවිඥානයෝ උනුනට අනතුරු වැ උපදනාහ’ යි කියැයුතු මැ යැ.
(මෙහි නච්චතිගායති ආදි වචන අරමුණු හමුවීමෙහි ක්‍ෂණික පරිවර්‍තනය නිසා වන විඥානයන්ගේ ව්‍යකීර්‍ණභාවය මුත් ඔවුන්ගේ අනන්තර පච්චය භාවය නො කියති. එහෙයින් අසාධකයි.)
අනන‍්තරපච‍්චයකථා නිට‍්ඨිතා.
අනන්තරපච්චයකථා නිමි.