අරියරූපකථා
14. 4.
14. 4.
අරියරූපකථා.
අරියරූපකථා
[සම්මාවාචා යැ සම්මාකම්මන්ත යැ යන මේ අරියරූපය යි ගණිති. එ ද උපාදායරූප යයි උත්තරාපථකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අරියරූපකථා’ එයි.]
1. ස. පු: අරියරූපං මහාභූතානං උපාදායා’ති.
1. ස. පු: ආර්‍ය්‍යරූපය මහාභූතයන්ගේ උපාදායරූප වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අරියරූපං කුසලන‍්ති.
ස. අනු: ආර්‍ය්‍යරූප කුශල වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මහාභූතා කුසලා’ති.
ස. අනු: මහාභූතයෝ කුශල වෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: මහාභූතා අබ්‍යාකතා’ති.
2. ස. පු: මහාභූතයෝ අව්‍යාකෘත වෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අරියරූපං අබ්‍යාකතන‍්ති.
ස. අනු: ආර්‍ය්‍යරූප අව්‍යාකෘත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අරියරූපං මහාභූතානං උපාදායා’ති.
3. ස. පු: ආර්‍ය්‍යරූපය මහාභූතයන්ගේ උපාදායරූප වේ ද?
ප. පටිඤ‍්ඤා ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අරියරූපං අනාසවං අසංයොජනියං අගන්‍ථනීයං අනොඝනීයං අයොගනීයං අනීවරණියං අපරාමට‍්ඨං අනුපාදානියං අසංකිලෙසිකන‍්ති.
ස. අනු: ආර්‍ය්‍යරූපය අනාස්‍රව, අසංයෝජනිය, අග්‍රන්‍ථනීය, අනෝඝනීය, අයෝගනීය, අනීවරණිය, අපරාමෘෂ්ට, අනුපාදානිය, අසාංක්ලේශික වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මහාභූතා අනාසවා -පෙ- අසංකිලෙසිකාති.
ස. අනු: මහාභූතයෝ අනාස්‍රව ... අසාංක්ලේශික වෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: මහාභූතා සාසවා සංයොජනියා -පෙ- සංකිලෙසිකා’ති.
4. ස. පු: මහාභූතයෝ සාස්‍රව සංයෝජනිය ... සාංක්ලේශික වෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අරියරූපං සාසවං සංයොජනියං -පෙ- සංකිලෙසිකන‍්ති.
ස. අනු: ආර්‍ය්‍යරූපය සාස්‍රව, සංයෝජනිය ... සාංක්ලේශික වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ප. පු: න වත‍්තබ‍්බං ‘අරියරූපං මහාභූතානං උපාදායා’ති.
5. ප. පු: ‘ආර්‍ය්‍යරූපය මහාභූතයන්ගේ උපාදායරූප වෙති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත‍්තං භගවතා: “යං කිඤ‍්චි භික‍්ඛවෙ රූපං චත‍්තාරි මහාභූතානි චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදාය රූප”න‍්ති අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, සතර මහාභූතයෝ යැ සතර මහාභූතයන්ගේ උපාදායරූපයෝ යැ’යි යම් මැ රූපයෙක් වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: තෙන හි “අරියරූපං මහාභූතානං උපාදායා”ති.
ප. ආ: එකරුණින් ‘අරියරූපය මහාභූතයන්ගේ උපාදාය රූප’ වෙයි. (ආර්‍ය්‍යරූපය අසිද්ධ හෙයින් අසාධකයි.)
අරියරූපකථා නිට‍්ඨිතා.
අරියරූපකථා නිමි.