අබ්‍යාකතකථා
14. 8.
14. 8.
අබ්‍යාකතකථා.
අබ්‍යාකතකථා
[විපාක ක්‍රියා රූප නිර්‍වාණ යන චතුර්විධ අව්‍යාකෘතය අවිපාක බැවින් ‘අව්‍යාකෘත’ යයි වදාරනලද යැ. “සස්සතෝ ලොකොති ඛො වච්ඡ අබ්‍යාකතමෙතං” ආදි තන්හි ශාශ්වතාදි භාවයෙන් නො වදාළ බැවින් අව්‍යාකෘත නම් වෙයි. මේ භේදය නො ගෙන පළමු අව්‍යාකෘතය මෙන් මැ දෘෂ්ටිගතය ‘අව්‍යාකෘත’ යයි අන්‍ධක උත්තරාපථක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට ‘අබ්‍යාකතකථා’ එයි.]
1. ස. පු: දිට‍්ඨිගතං අබ්‍යාකතන‍්ති.
1. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං රූපං නිබ‍්බානං චක‍්ඛායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනන‍්ති.
ස. අනු: විපාකාව්‍යාකෘත වේ ද? ක්‍රියාව්‍යාකෘත වේ ද? රූප වේ ද? නිර්‍වාණ වේ ද? චක්‍ෂුරායතන වේ ද? ... ස්ප්‍රෂ්ටව්‍යායතන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: දිට‍්ඨිගතං අබ්‍යාකතන‍්ති.
2. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දිට‍්ඨිගතසම‍්පයුත‍්තො ඵස‍්සො අබ්‍යාකතො’ති.
ස. අනු: දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය අව්‍යාකෘත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: දිට‍්ඨිගතං අබ්‍යාකතන‍්ති.
3. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දිට‍්ඨිගතසම‍්පයුත‍්තා වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- චෙතනා -පෙ- චිත‍්තං අබ්‍යාකතන‍්ති.
ස. අනු: දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වේදනා ... සංඥා ... චේතනා ... චිත්තය අව්‍යාකෘත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: දිට‍්ඨිගතසම‍්පයුත‍්තො ඵස‍්සො අකුසලො’ති.
4. ස. පු: දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත ස්පර්‍ශය අකුශල වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දිට‍්ඨිගතං අකුසලන‍්ති.
ස. අනු: දෘෂ්ටිගතය අකුශල වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: දිට‍්ඨිගතසම‍්පයුත‍්තා වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- චෙතනා -පෙ- චිත‍්තං අකුසලන‍්ති.
5. ස. පු: දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වේදනා ... සංඥා ... චේතනා ... චිත්තය අකුශල වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දිට‍්ඨිගතං අකුසලන‍්ති.
ස. අනු: දෘෂ්ටිගතය අකුශල වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: දිට‍්ඨිගතං අබ්‍යාකතන‍්ති.
6. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අඵලං අවිපාකන‍්ති.
ස. අනු: අඵල අවිපාක වේ ද ?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නනු සඵලං සවිපාකන‍්ති.
ස. අනු: සඵල සවිපාක නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි සඵලං සවිපාකං,
අනු. ඨ: ඉදින් සඵල සවිපාක වී නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘දිට‍්ඨිගතං අබ්‍යාකත’න‍්ති.
අනු. පා: භවත, ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ය’යි නො කියැයුතු මැ යැ.
7. ස. පු: දිට‍්ඨිගතං අබ්‍යාකතන‍්ති.
7. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු මිච‍්ඡාදිට‍්ඨිපරමානි වජ‍්ජානි, වුත‍්තානි භගවතා’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘වද්‍යයෝ මිථ්‍යාදෘෂ්ටිය පරම කොට ඇත්තාහ’යි වදාරනලද නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි “මිච‍්ඡාදිට‍්ඨිපරමානි වජ‍්ජානි, වුත‍්තානි භගවතා,
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින්: ‘වද්‍යයෝ මිථ්‍යාදෘෂ්ටිය පරම කොට ඇත්තාහ’යි වදාරනලද වී නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ දිට‍්ඨිගතං අබ්‍යාකතන‍්ති.
අනු. පා: භවත, ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ය’යි නො කියැයුතු මැ යැ.
8. ස. පු: දිට‍්ඨිගතං අබ්‍යාකතන‍්ති.
8. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත‍්තං භගවතා: “මිච‍්ඡාදිට‍්ඨි ඛො වච‍්ඡ, අකුසලං -පෙ- සම‍්මාදිට‍්ඨි කුසලන‍්ති. අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “වච්ඡය, මිථ්‍යාදෘෂ්ටි අකුශල වෙයි ... සම්‍යග්දෘෂ්ටි කුශල වේ”යයි වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ආ: තෙන හි න වත‍්තබ‍්බං “දිට‍්ඨිගතං අබ්‍යාකත”න‍්ති.
ස. ආ: එකරුණින් ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ය’යි නො කියැයුතු යැ.
9. ස. පු: දිට‍්ඨිගතං අබ්‍යාකතන‍්ති.
9. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත‍්තං භගවතා “මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස ඛො අහං පුණ‍්ණ ද‍්වින‍්නං ගතීනං අඤ‍්ඤතරං ගතිං වදාමි: නිරයං වා තිරච‍්ඡානයොනිං වා”ති අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “පුණ්ණය, මම මිථ්‍යාදෘෂ්ටිකයාහට දෙගතීන් අතුරින් එක්තරා ගතියක් කියමි: නිරය හෝ යැ තිරිසන්යෝන හෝ යැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ආ: තෙන හි න වත‍්තබ‍්බං: දිට‍්ඨිගතං අබ්‍යාකතන‍්ති.
ස. ආ: එකරුණින් ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වෙ’යි නො කියැයුතු යැ.
10. ප. පු: න වත‍්තබ‍්බං “දිට‍්ඨිගතං අබ්‍යාකත”න‍්ති.
10. ප. පු: ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වෙ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත‍්තං භගවතා “සස‍්සතො ලොකො’ති ඛො වච්ඡ, අබ්‍යාකතමෙතං. අසස‍්සතො ලොකො’ති ඛො වච්ඡ, අබ්‍යාකතමෙතං. අන‍්තවා ලොකො’ති ඛො වච්ඡ, අබ්‍යාකතමෙතං. අනන‍්තවා ලොකො’ති ඛො වච‍්ඡ, -පෙ- තං ජීවං තං සරීරන‍්ති ඛො වච‍්ඡ -පෙ- අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති ඛො වච‍්ඡ -පෙ- හොති තථාගතො පරම‍්මරණා’ති ඛො වච‍්ඡ -පෙ- න හොති තථාගතො පරම‍්මරණා’ති ඛො වච‍්ඡ -පෙ- හොති ච න ච හොති තථාගතො පරම‍්මරණා’ති ඛො වච‍්ඡ -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා’ති ඛො වච‍්ඡ, අබ්‍යාකතමෙත”න‍්ති අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “වච්ඡය, ‘ලෝකය ශාශ්වත යැ’ යන තෙල කරුණ මා විසින් අව්‍යාකෘත යැ. වච්ඡය, ‘ලෝකය අශාශ්වත යැ’ යන තෙල කරුණ මා විසින් අව්‍යාකෘත යැ. වච්ඡය, ‘ලෝකය අනන්තවත් යැ’ යන තෙල කරුණ මා විසින් අව්‍යාකෘතයැ. වච්ඡය, ‘ලෝකය අනන්තවත් යැ’ ... වච්ඡය ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’ ... වච්ඡය ‘ජීව අනෙකෙකැ, ශරීර අනෙකෙකි’ ... වච්ඡය සත්ත්‍වයා මරණින් මතු වෙයි’ ... වච්ඡය, ‘සත්ත්‍වයා මරණින් මතු නො වෙයි’ ... වච්ඡය සත්ත්‍වයා මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වෙයි’ ... වච්ඡය සත්ත්‍වයා මරණින් මතු නො මැ වෙයි, නො වන්නේත් නො වෙයි’ යන තෙල කරුණ මා විසින් අව්‍යාකෘත යැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: තෙන හි “දිට‍්ඨිගතං අබ්‍යාකත”න‍්ති.
ප. ආ: එකරුණින් දෘෂ්ටිගතය අව්‍යාකෘත වෙයි.
11. ස. පු: දිට‍්ඨිගතං අබ්‍යාකතන‍්ති.
11. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත‍්තං භගවතා “මිච‍්ඡාදිට‍්ඨිකස‍්ස භික‍්ඛවෙ පුරිසපුග‍්ගලස‍්ස යඤ‍්චෙව කායකම‍්මං යථාදිට‍්ඨි සමත‍්තං සමාදින‍්නං, යඤ‍්ච වචීකම‍්මං -පෙ- යඤ‍්ච මනොකම‍්මං -පෙ- යා ච චෙතනා, යා ච පත්‍ථනා, යො ච පණිධි, යෙ ච සඞ‍්ඛාරා, සබ‍්බෙ තෙ ධම‍්මා අනිට‍්ඨාය අකන‍්තාය අමනාපාය අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්තී”ති අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මිථ්‍යාදෘෂ්ටික පුරුෂපුද්ගල විසින් ලබ්ධි ඇති සැටියෙන් සමාත්ත සමාදින්න යම් මැ කායකර්‍මයකුත් යම් මැ වාක්කර්‍මයකුත් ... යම් මැ මනඃකර්‍මයකුත් ... යම් මැ චේතනාවකුත්, යම් මැ ප්‍රාර්‍ත්‍ථනාවකුත්, යම් මැ ප්‍රණිධියෙකුත්, යම් මැ සංස්කාර කෙනෙකුත් ඇද්ද, එ හැම ධර්‍මයෝ අනිෂ්ට පිණිස අකාන්ත පිණිස අමනාප පිණිස අහිත පිණිස දුක් පිණිස පවතිත්” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: තෙන හි න වත‍්තබ‍්බං “දිට‍්ඨිගතං අබ්‍යාකත”න‍්ති.
ස. පා: එකරුණින් ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වෙ’යි. නො කියැයුතු යැ.
අබ්‍යාකතකථා නිට‍්ඨිතා.
අව්‍යාකෘතකථා නිමි.