යෙදුමෙන් කියවන්න

අද‍්ධාකථා

15. 3.

15. 3.

අද‍්ධාකථා

අද්ධාකථා

[“තීණිමානි භික්ඛවේ කථාවත්‍ථුනි” යන සූත්‍රපාඨ වරදවා ගෙන ‘පරිනිෂ්පන්න වූ අධ්ව සඞ්ඛ්‍යාත කාලයෙක් ඇතැ’යි ලබ්ධි ගත්තාහු ඇත. කාලප්‍රඥප්තිමාත්‍රය මිස ‘අද්ධා’ නම් කිසි පරිනිෂ්පන්නාර්‍ත්‍ථයෙක් නැත, රූපාදි ස්කන්‍ධයෝ මැ පරිනිෂ්පන්නයහ’යි දක්වන්නට ‘අද්ධාකථා’ එයි.]

1. ස. පු: අද‍්ධා පරිනිප‍්ඵන‍්නො’ති.

1. ස. පු: කාලය පරිනිෂ්පන්න (හේතුප්‍රත්‍යයෙන් උපන්නේ) වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපන‍්ති.

ස. අනු: රූපය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණන‍්ති.

ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: අතීතො අද‍්ධා පරිනිප‍්ඵන‍්නො’ති,

2. ස. පු: අතීතකාලය පරිනිෂ්පන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපන‍්ති.

ස. අනු: රූපය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණන‍්ති.

ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: අනාගතො අද‍්ධා පරිනිප‍්ඵන‍්නො’ති.

3. ස. පු: අනාගතකාලය පරිනිෂ්පන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපන‍්ති.

ස. අනු: රූපය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණන‍්ති.

ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: පච‍්චුප‍්පන‍්නො අද‍්ධා පරිනිප‍්ඵන‍්නො’ති.

4. ස. පු: වර්‍තමානකාලය පරිනිෂ්පන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපන‍්ති.

ස. අනු: රූපය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණන‍්ති.

ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: අතීතා රූපා වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං අතීතො අද‍්ධා’ති.

5. ස. පු: අතීත වූ රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන මේ අතීතකාලය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අතීතා පඤ‍්චධාති.

ස. අනු: අතීතයෝ පඤ්චවිධ වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: අනාගතා රූපා වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං අනාගතො අද‍්ධා’ති.

6. ස. පු: අනාගත වූ රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන මේ අනාගතකාල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අනාගතා පඤ‍්චධා’ති.

ස. අනු: අනාගතයෝ පඤ්චවිධ වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

7. ස. පු: පච‍්චුප‍්පන‍්නා රූපා වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං පච‍්චුප‍්පන‍්නො අද‍්ධා’ති.

7. ස. පු: ප්‍රත්‍යුත්පන්න වූ රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන මේ ප්‍රත්‍යුත්පන්නකාලය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: පච‍්චුප‍්පන‍්නා පඤ‍්චධා’ති.

ස. අනු: ප්‍රත්‍යුත්පන්නයෝ පඤ්චවිධ වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

8. ස. පු: අතීතා පඤ‍්චක‍්ඛන්‍ධා අතීතො අද‍්ධා, අනාගතා පඤ‍්චක‍්ඛන්‍ධා අනාගතො අද‍්ධා, පච‍්චුප‍්පන‍්නා පඤ‍්චක‍්ඛන්‍ධා පච‍්චුප‍්පන‍්නො අද‍්ධාති.

8. ස. පු: අතීතපඤ්චස්කන්‍ධ අතීතකාලය වේ ද? අනාගත පඤ්චස්කන්‍ධ අනාගතකාලය වේ ද? ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්‍ධ ප්‍රත්‍යුත්පන්නකාලය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: පණ‍්ණරසද‍්ධා’ති.

ස. අනු: පසළොස් කාලයෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

9. ස. පු: අතීතානි ද‍්වාදසායතනානි අතීතො අද‍්ධා, අනාගතානි ද‍්වාදසායතනානි අනාගතො අද‍්ධා, පච‍්චුප‍්පන‍්නානි ද‍්වාදසායතනානි පච‍්චුප‍්පන‍්නො අද‍්ධා’ති.

9. ස. පු: අතීත ද්වාදශායතන අතීතකාලය වේ ද? අනාගත ද්වාදශායතන අනාගතකාලය වේ ද? ප්‍රත්‍යුත්පන්න ද්වාදශායතන ප්‍රත්‍යුත්පන්නකාලය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ඡත‍්තිංස අද‍්ධා’ති.

ස. අනු: සතිස් කාලයෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

10. ස. පු: අතීතා අට‍්ඨාරස ධාතුයො අතීතො අද‍්ධා, අනාගතා අට‍්ඨාරස ධාතුයො අනාගතො අද‍්ධා, පච‍්චුප‍්පන‍්නා අට‍්ඨාරස ධාතුයො පච‍්චුප‍්පන‍්නො අද‍්ධා’ති.

10. ස. පු: අතීත අෂ්ටාදශධාතු අතීතකාලය වේ ද? අනාගත අෂ්ටාදශධාතු අනාගතකාලය වේ ද? ප්‍රත්‍යුත්පන්න අෂ්ටාදශධාතු ප්‍රත්‍යුත්පන්න කාලය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චතුපඤ‍්ඤාසද‍්ධාති.

ස. අනු: සියුපනස් කාලයෙක් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

11. ස. පු: අතීතානි බාවීසතින්‍ද්‍රියානි අතීතො අද‍්ධා, අනාගතානි බාවීසතින්‍ද්‍රියානි අනාගතො අද‍්ධා, පච‍්චුප‍්පන‍්නානි බාවීසතින්‍ද්‍රියානි පච‍්චුප‍්පන‍්නො අද‍්ධා’ති.

11. ස. පු: අතීත වූ දෙවිසි ඉන්‍ද්‍රිය අතීතකාලය වේ ද? අනාගත දෙවිසි ඉන්‍ද්‍රිය අනාගතකාලය වේ ද? ප්‍රත්‍යුත්පන්න දෙවිසි ඉන්‍ද්‍රිය ප්‍රත්‍යුත්පන්නකාලය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ඡසට‍්ඨි අද‍්ධාති.

ස. අනු: සසැට කාලයෙක් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

12. ප. පු: න වත‍්තබ‍්බං අද‍්ධා පරිනිප‍්ඵන‍්නො’ති.

12. ප. පු: ‘කාලය පරිනිෂ්පන්න වෙති’යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා: “තීණිමානි භික‍්ඛවෙ කථාවත්‍ථුනි. කතමානි තීණි: අතීතං වා භික‍්ඛවෙ, අද‍්ධානං ආරබ‍්භ කථං කථෙය්‍ය: එවං අහොසි අතීතමද‍්ධානන‍්ති. අනාගතං වා භික‍්ඛවෙ, අද‍්ධානං ආරබ‍්භ කථං කථෙය්‍ය: එවං භවිස‍්සති අනාගතමද‍්ධානන‍්ති. එතරහි වා භික‍්ඛවෙ, පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං ආරබ‍්භ කථං කථෙය්‍ය: එවං හොති එතරහි පච‍්චුප‍්පන‍්නන‍්ති. ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි කථාවත්‍ථුනී”ති අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ කථාවස්තූහු තිදෙනෙක් වෙති. කවරතිදෙනෙකැ යත්: මහණෙනි, අතීතකාලය හෝ ඇරැබ ‘අතීතකාලය මෙසේ වී’යයි කථා කරන්නේ යැ. මහණෙනි, අනාගතකාලය හෝ ඇරැබ ‘අනාගතකාලය මෙසේ වන්නේ යැ’යි කථා කරන්නේ යැ. මහණෙනි, දැන් ප්‍රත්‍යුත්පන්න කාලය හෝ ඇරැබ ‘දැන් ප්‍රත්‍යුත්පන්නකාලය මෙසේ වේ’යයි කථා කරන්නේ යැ. මහණෙනි, මොහු තුන් කථාවස්තූහු වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. පා: තෙන හි අද‍්ධා පරිනිප‍්ඵන‍්නො’ති.

ප. පා: එකරුණින් කාලය පරිනිෂ්පන්න වෙයි.

අද‍්ධාකථා නිට‍්ඨිතා.

අද්ධාකථා නිමි.