ඛණ-ලය-මුහුත‍්තකථා
15. 4.
15. 4.
ඛණ-ලය-මුහුත‍්තකථා.
ඛණ-ලය-මුහුත්තකථා
[මෙහි ද නිදානය අද්ධා කථායෙහි මෙනි.]
1. ස. පු: ඛණො පරිනිප‍්ඵන‍්නො -පෙ- ලයො පරිනිප‍්ඵන‍්නො -පෙ- මුහුත‍්තං පරිනිප‍්ඵන‍්නන‍්ති.
1. ස. පු: ක්‍ෂණකාලය පරිනිෂ්පන්න වේ ද ... ලය කාලය පරිනිෂ්පන්න වේ ද ... මුහුර්‍තකාලය පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපන‍්ති.
ස. අනු: රූපය වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණන‍්ති.
ස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ප. පු: න වත‍්තබ‍්බං මුහුත‍්තං පරිනිප‍්ඵන‍්නන‍්ති.
2. ප. පු: ‘මුහුර්‍තකාලය පරිනිෂ්පන්න යැ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත‍්තං භගවතා: “තීණිමානි භික‍්ඛවෙ, කථාවත්‍ථුනි. කතමානි තීණි: අතීතං වා භික‍්ඛවෙ, අද‍්ධානං ආරබ‍්භ කථං කථෙය්‍ය: එවං අහොසි අතීතමද‍්ධානන‍්ති. අනාගතං වා භික‍්ඛවෙ අද‍්ධානං ආරබ‍්භ කථං කථෙය්‍ය: එවං භවිස‍්සති අනාගතමද‍්ධානන‍්ති. එතරහි වා පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං ආරබ‍්භ කතං කථෙය්‍ය: එවං හොති එතරහි පච‍්චුප‍්පන‍්නන‍්ති ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි කථාවත්‍ථුනි’ති අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ කථාවස්තූහු තුන් දෙනෙක් වෙති. කවර තුන් දෙනෙකැ යත්: මහණෙනි, ‘අතීතකාලය මෙසේ වී යැ’යි අතීතකාලය අරභයා හෝ කථා කරන්නේ යැ මහණෙනි, ‘අනාගතකාලය මෙසේ වන්නේ ය’යි අනාගතකාලය අරභයා හෝ කථා කරන්නේ යැ. මහණෙනි, ‘දැන් ප්‍රත්‍යුත්පන්නය මෙසේ වේ’ යයි දැන් ප්‍රත්‍යුත්පන්න කාලය අරභයා හෝ කථා කරන්නේ යැ. මහණෙනි, මේ කථාවස්තූහු තුන් දෙනෙක් ඇති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. පා: තෙන හි මුහුත‍්තං පරිනිප‍්ඵන‍්නන‍්ති.
ප. පා: එකරුණින් මුහුර්‍තකාලය පරිනිෂ්පන්න වෙයි.
ඛණ-ලය-මුහුත‍්තකථා නිට‍්ඨිතා.
ඛණ-ලය-මුහුත්තකථා නිමි.