ආසවකථා
15. 5.
15. 5.
ආසවකථා.
ආසවකථා
[යම් හෙයෙකින් චතුරාස්‍රවයන් සාස්‍රව කළ ගෙන චතුරාස්‍රවයන්ට වැඩි අන්‍ය ආස්‍රව කෙනෙක් නැද්ද, එහෙයින් ‘චතුරාස්‍රවයෝ අනාස්‍රවයහ’යි හේතුවාද නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුනගේ වාද බිඳුනට ‘ආසවකථා’ එයි.]
1. ස. පු: චත‍්තාරො ආසවා අනාසවා’ති.
1. ස. පු: චතුරාස්‍රවයෝ අනාස්‍රව වෙත් ද?
ස. පටි: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මග‍්ගො -පෙ- ඵලං -පෙ- නිබ‍්බානං -පෙ- සොතාපත‍්තිමග‍්ගො -පෙ- සොතාපත‍්තිඵලං
ස. අනු: මාර්‍ගය ... ඵලය ... නිර්‍වාණය ... ශ්‍රෝතාපත්තිමාර්‍ගය ... ශ්‍රෝතාපත්තිඵලය ... බෝධ්‍යඞ්ගය වේ ද?
-පෙ- බොජ‍්ඣඞ‍්ගො’ති.
(එ කල්හි ඒ අනාස්‍රවයන් මාර්‍ගඵලාදිය වැනි වියයුතුයයි චෝදනා පිණිස අසන ලදී.)
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ප. පු: න වත‍්තබ‍්බං: චත‍්තාරො ආසවා අනාසවා’ති.
2. ප. පු: ‘චතුරාස්‍රවයෝ අනාස්‍රවයහ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: අත්‍ථඤ‍්ඤෙව ආසවා යෙහි ආසවෙහි තෙ ආසවා සාසවා හොන‍්ති’ති.
ප. අනු: යම් ආස්‍රව කෙනකුන් කරණ කොට ඒ ආස්‍රවයෝ සාස්‍රව වෙත් ද, එබඳු වූ අන්‍ය ආස්‍රවයෝත් ඇද්ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. නිග: තෙන හි චත‍්තාරො ආසවා අනාසවා’ති.
ප. නිග: එකරුණින් චතුරාස්‍රවයෝ අනාස්‍රව වෙති.
ආසවකථා නිට‍්ඨිතා.
ආසවකථා නිමි.