යෙදුමෙන් කියවන්න

ජරාමරණකථා

15. 6.

15. 6.

ජරාමරණකථා.

ජරාමරණකථා

[ජරාමරණ නම් අපරිනිෂ්පන්න බැවින් ලෞකික යැ හෝ ලෝකෝත්තර යැ හෝ කියැයුතු නො වෙයි. “ලෝකියා ධම්මා, ලෝකුත්තරා ධම්මා” යන දුකයෙහි දු ජරාමරණ ලෝකිය පදයෙහි හෝ ලෝකුත්තර පදයෙහි හෝ නො දක්වන ලදි. එහි මේ ලක්‍ෂණ නො ගෙන ලෝකෝත්තර ධර්‍මයන්ගේ ජරාමරණ ලෝකෝත්තර යයි මහා සාඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ජරාමරණකථා’ එයි.]

1. ස. පු: ලොකුත‍්තරානං ධම‍්මානං ජරාමරණං ලොකුත‍්තරන‍්ති.

1. ස. පු: ලෝකෝත්තරධර්‍මයන්ගේ ජරාමරණ ලෝකෝත්තර වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: මග‍්ගො ඵලං නිබ‍්බානං සොතාපත‍්තිමග‍්ගො -පෙ- සොතාපත‍්තිඵලං -පෙ- බොජ‍්ඣඞ‍්ගො’ති.

ස. අනු: මාර්‍ග, ඵල, නිර්‍වාණ, ශ්‍රෝතාපත්තිමාර්‍ග ... ශ්‍රෝතාපත්තිඵල ... බෝධ්‍යඞ්ග වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: සොතාපත‍්තිමග‍්ගස‍්ස ජරාමරණං සොතාපත‍්තිමග‍්ගො’ති.

ස. අනු: ශ්‍රොතාපත්තිමාර්‍ගයාගේ ජරාමරණ ශ්‍රෝතාපත්ති මාර්‍ග වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: සොතාපත‍්තිමග‍්ගස‍්ස ජරාමරණං සොතාපත‍්තිමග‍්ගොති.

2. ස. පු: ශ්‍රොතාපත්තිමාර්‍ගයාගේ ජරාමරණ ශ්‍රෝතාපත්ති මාර්‍ග වේ ද?

ප. පටිඤ‍්ඤා ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සොතාපත‍්තිඵලස‍්ස ජරාමරණං සොතාපත‍්තිඵලන‍්ති.

ස. අනු: ශ්‍රොතාපත්තිඵලයාගේ ජරාමරණ ශ්‍රෝතාපත්තිඵල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: සකදාගාමිමග‍්ගස‍්ස -පෙ- සකදාගාමිඵලස‍්ස -පෙ- අනාගාමිමග‍්ගස‍්ස -පෙ- අනාගාමිඵලස‍්ස -පෙ- අරහත‍්තමග‍්ගස‍්ස ජරාමරණං අරහත‍්තමග‍්ගො’ති.

ස. අනු: සකෘදාගාමිමාර්‍ගයාගේ ... සකෘදාගාමිඵලයාගේ ... අනාගාමිමාර්‍ගයාගේ ... අනාගාමිඵලයාගේ ... අර්‍හත්ත්‍වමාර්‍ගයාගේ ජරාමරණ අර්‍හත්ත්‍වමාර්‍ග වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: අරහත‍්තමග‍්ගස‍්ස ජරාමරණං අරහත‍්තමග‍්ගො’ති.

3. ස. පු: අර්‍හත්ත්‍වමාර්‍ගයාගේ ජරාමරණ අර්‍හත්ත්‍වමාර්‍ග වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අරහත‍්තඵලස‍්ස ජරාමරණං අරහත‍්තඵලන‍්ති.

ස. අනු: අර්‍හත්ත්‍වඵලයාගේ ජරාමරණ අර්‍හත්ත්‍වඵල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: සතිපට‍්ඨානානං -පෙ- සම‍්මප‍්පධානානං -පෙ- ඉද‍්ධිපාදානං -පෙ- ඉන්‍ද්‍රියානං -පෙ- බලානං -පෙ- බොජ‍්ඣඞ‍්ගානං ජරාමරණං බොජ‍්ඣඞ‍්ගො’ති.

ස. අනු: ස්මෘතිප්‍රස්ථානයන්ගේ ... සම්‍යක්ප්‍රධානයන්ගේ ඍද්ධිපාදයන්ගේ ... ඉන්‍ද්‍රියයන්ගේ ... බලයන්ගේ ... බෝධ්‍යඞ්ගයන්ගේ ජරාමරණ බෝධ්‍යඞ්ග වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ප. පු: න වත‍්තබ‍්බං ලොකුත‍්තරානං ධම‍්මානං ජරාමරණං ලොකුත‍්තරන‍්ති.

4. ප. පු: ලෝකෝත්තර ධර්‍මයන්ගේ ජරාමරණ ලෝකෝත්තර යයි නො කියයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: ලොකියන‍්ති.

ප. අනු: ලෞකික වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

ප. පා: තෙන හි ලොකුත‍්තරන‍්ති.

ප. පා: එකරුණින් ලෝකෝත්තර වේ.

ජරාමරණකථා නිට‍්ඨිතා.

ජරාමරණකථා නිමි.