යෙදුමෙන් කියවන්න

කඞ‍්ඛාකථා

2. 3.

2. 3.

කඞ‍්ඛාකථා

කඞ්ඛාකථා

[අඤ්ඤාණකථායෙහි නිදානය මෙනි.]

1. ස. පු: අත්‍ථී අරහතො කඞ‍්ඛා’ති.

1. ස. පු: රහත්හට සැක ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී අරහතො විචිකිච‍්ඡා, විචිකිච‍්ඡාපරියුට‍්ඨානං, විචිකිච‍්ඡාසඤ‍්ඤොජනං, විචිකිච‍්ඡානීවරණන‍්ති.

ස. අනු: රහත්හට විචිකිත්සා ඇද්ද? විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සා සංයෝජන විචිකිත්සානීවරණ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

2. ස. පු: නත්‍ථී අරහතො විචිකිච‍්ඡා, විචිකිච‍්ඡාපරියුට‍්ඨානං, විචිකිච‍්ඡාසඤ‍්ඤොජනං, විචිකිච‍්ඡානීවරණන‍්ති.

2. ස. පු: රහත්හට විචිකිත්සා නැද්ද? විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සා සංයෝජන විචිකිත්සානීවරණ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි නත්‍ථී අරහතො විචිකිච‍්ඡා, විචිකිච‍්ඡාපරියුට‍්ඨානං, විචිකිච‍්ඡාසඤ‍්ඤොජනං, විචිකිච‍්ඡානීවරණං,

අනු. ඨ: ඉදින් රහත්හට විචිකිත්සා නැත්නම් විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සාසංයෝජන විචිකිත්සානීවරණ නැත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අත්‍ථී අරහතො කඞ‍්ඛා”ති.

අනු. පා: භවත, ‘රහත්හට සැක ඇති’යි නො කියැයුතු මැ යැ.

3. ස. පු: අත්‍ථී පුථුජ‍්ජනස‍්ස කඞ‍්ඛා, අත්‍ථී තස‍්ස විචිකිච‍්ඡා, විචිකිච‍්ඡාපරියුට‍්ඨානං, විචිකිච‍්ඡා සඤ‍්ඤොජනං, විචිකිච‍්ඡානීවරණන‍්ති.

3. ස. පු: පුහුදුන්හට සැක ඇද්ද? ඔහුට විචිකිත්සා ඇද්ද? විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සාසංයෝජන විචිකිත්සානීවරණ ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී අරහතො කඞ‍්ඛා, අත්‍ථී තස‍්ස විචිකිච‍්ඡා, විචිකිච‍්ඡාපරියුට‍්ඨානං, විචිකිච‍්ඡාසඤ‍්ඤොජනං, විචිකිච‍්ඡානීවරණන‍්ති.

ස. අනු: රහත්හට සැක (තොප මතයෙහි) ඇත. ඔහුට විචිකිත්සා ඇද්ද, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සාසංයෝජන විචිකිත්සානීවරණ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

4. ස. පු: අත්‍ථී අරහතො කඞ‍්ඛා. නත්‍ථී තස‍්ස විචිකිච‍්ඡා, විචිකිච‍්ඡාපරියුට‍්ඨානං, විචිකිච‍්ඡාසඤ‍්ඤොජනං, විචිකිච‍්ඡානීවරණන‍්ති.

4. ස. පු: රහත්හට සැක ඇද්ද? ඔහුට විචිකිත්සා නැද්ද? විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සාසංයෝජනා විචිකිත්සානීවරණ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී පුථුජ‍්ජනස‍්ස කඞ‍්ඛා. නත්‍ථී තස‍්ස විචිකිච‍්ඡා, විචිකිච‍්ඡාපරියුට‍්ඨානං, විචිකිච‍්ඡාසඤ‍්ඤොජනං, විචිකිච‍්ඡානීවරණන‍්ති.

ස. අනු: පුහුදුන්හට සැක ඇද්ද? ඔහුට විචිකිත්සා නැද්ද? විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන විචිකිත්සාසංයෝජනා විචිකිත්සානීවරණ නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

5. ස. පු: අත්‍ථී අරහතො කඞ‍්ඛා’ති.

5. ස. පු: රහත්හට සැක ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී අරහතො සත්‍ථරි කඞ‍්ඛා ධම‍්මෙ කඞ‍්ඛා සඞ‍්ඝෙ කඞ‍්ඛා සික‍්ඛාය කඞ‍්ඛා පුබ‍්බන‍්තෙ කඞ‍්ඛා අපරන‍්තෙ කඞ‍්ඛා පුබ‍්බාපරන‍්තෙ කඞ‍්ඛා ඉදප‍්පච‍්චයතා පටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු කඞ‍්ඛා’ති.

ස. අනු: රහත්හට ශාස්තෲන් කෙරෙහි සැක ඇද්ද? ධර්‍මයෙහි සැක ඇද්ද, සඞ්ඝයා කෙරෙහි සැක ඇද්ද, ශික්‍ෂායෙහි සැක ඇද්ද, පූර්‍වාන්තයෙහි සැක ඇද්ද, අපරාන්තයෙහි සැක ඇද්ද, පූර්‍වාන්තාපරාන්තයෙහි සැක ඇද්ද, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි සැක ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ස. පු: නත්‍ථී අරහතො සත්‍ථරි කඞ‍්ඛා ධම‍්මෙ කඞ‍්ඛා -පෙ- ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු කඞ‍්ඛා’ති.

ස. පු: රහත්හට ශාස්තෲන් කෙරෙහි සැක නැද්ද, ධර්‍මයෙහි සැක ... ඉදම්ප්‍රත්‍යතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි සැක නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි නත්‍ථී අරහතො සත්‍ථරි කඞ‍්ඛා ධම‍්මෙ කඞ‍්ඛා -පෙ- ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු කඞ‍්ඛා,

අනු. ඨ: ඉදින් රහත්හට ශාස්තෲන් කෙරෙහි සැක නැත් නම්, ධර්‍මයෙහි සැක නැත්නම් ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි සැක නැත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: අත්‍ථී අරහතො කඞ‍්ඛා’ති.

අනු. පා: භවත, ‘රහත්හට සැක ඇතැ’යි නො කියැයුතු මැ යැ.

6. ස. පු: අත්‍ථී පුථුජ‍්ජනස‍්ස කඞ‍්ඛා. අත්‍ථී තස‍්ස සත්‍ථරි කඞ‍්ඛා ධම‍්මෙ කඞ‍්ඛා -පෙ- ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු කඞ‍්ඛා’ති.

6. ස. පු: පුහුදුන්හට සැක ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි සැක ඇද්ද? ධර්‍මයෙහි සැක ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍ය සමුත්පන්නධර්‍මයෙහි සැක ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී අරහතො කඞ‍්ඛා. අත්‍ථී තස‍්ස සත්‍ථරි කඞ‍්ඛා ධම‍්මෙ කඞ‍්ඛා -පෙ- ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු කඞ‍්ඛා’ති.

ස. අනු: රහත්හට (තොප මතයෙහි) සැක ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි සැක ඇද්ද? ධර්‍මයෙහි සැක ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි සැක ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

7. ස. පු: අත්‍ථී අරහතො කඞ‍්ඛා. නත්‍ථී තස‍්ස සත්‍ථරි කඞ‍්ඛා ධම‍්මෙ කඞ‍්ඛා -පෙ- ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු කඞ‍්ඛා’ති.

7. ස. පු: රහත්හට (තොප මතයෙහි) සැක ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි සැක නැද්ද? ධර්‍මයෙහි සැක ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි සැක නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී පුථුජ‍්ජනස‍්ස කඞ‍්ඛා. නත්‍ථී තස‍්ස සත්‍ථරි කඞ‍්ඛා ධම‍්මෙ කඞ‍්ඛා -පෙ- ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු කඞ‍්ඛා’ති.

ස. අනු: පුහුදුන්හට සැක ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි සැක නැද්ද? ධර්‍මයෙහි සැක ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි සැක නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

8. ස. පු: අත්‍ථී අරහතො කඞ‍්ඛා’ති.

8. ස. පු: රහත්හට සැක ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු අරහතො රාගො පහීනො උච‍්ඡින‍්නමූලො, තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො’ති.

ස. අනු: රහත්හට රාගය ප්‍රහීණ වූයේ උසුන්මුල් වූයේ මුදුන්සුන් තලක් සේ කළ අවස්තුකභාව ඇතියේ නුවණින් කළ අභාව ඇතියේ මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අරහතො රාගො පහීනො උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො,

අනු ඨ: ඉදින් රහත්හට රාගය ප්‍රහීණ වේ නම්, උසුන්මුල් වේ නම්, මුදුන්සුන් තලක් සේ කළ අවස්තුකභාව ඇතියේ වේ නම්, නුවණින් කළ අභාව ඇතියේ වේ නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: අත්‍ථී අරහතො කඞ‍්ඛා’ති.

අනු. පා: භවත, ‘රහත්හට සැක ඇති’යි නො කියැයුතු මැ යැ.

9. ස. පු: අත්‍ථි අරහතො කඞ‍්ඛා’ති.

9. ස. පු: රහත්හට සැක ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- අනොතප‍්පං පහීනං -පෙ- රාගප‍්පහානාය මග‍්ගො භාවිතො -පෙ- බොජ‍්ඣඞ‍්ගා භාවිතා -පෙ- දොසප‍්පහානාය -පෙ- අනොත‍්තප‍්පප‍්පහානාය මග‍්ගො භාවිතො -පෙ- බොජ‍්ඣඞ‍්ගා භාවිතා, නනු අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතන‍්ති.

ස. අනු: රහත්හට ද්වේෂය ප්‍රහීණ වූයේ නො වේ ද ... මෝහය ප්‍රහීණ වූයේ නො වේ ද ... අනපත්‍රපා ප්‍රහීණ වූයේ නො වේ ද ... රාගප්‍රහාණයට මාර්‍ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ග භාවිත නො වේ ද ... ද්වෙෂප්‍රහාණයට ... අනපත්‍රපා ප්‍රහාණයට මාර්‍ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ග භාවිත නො වේ ද? රහත් ප්‍රහීණරාග ප්‍රහීණද්වේෂ ප්‍රහීණමොහ නො වේ ද ... (රහත්හු විසින්) පසක් කළයුතු දැය පසක් කරන ලද නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං.

අනු. ඨ: ඉදින් රහත් ප්‍රහතරාග වේ නම්, ප්‍රහතද්වේෂ වේ නම් ... සාක්‍ෂාත් කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: අත්‍ථී අරහතො කඞ‍්ඛා’ති.

අනු. පා: භවත, ‘රහත්හට සැක ඇති’යි නො කියැයුතු මැ යැ.

10. ස. පු: අත්‍ථී අරහතො කඞ‍්ඛා’ති.

10. ස. පු: රහත්හට සැක ඇද්ද?

ප. වි: සද‍්ධම‍්මකුසලස‍්ස අරහතො අත්‍ථී කඞ‍්ඛා, පරධම‍්මකුසලස‍්ස අරහතො නත්‍ථී කඞ‍්ඛා’ති.

ප. වි: ප්‍රඥාවිමුක්ත රහත්හට සැක ඇත. උභතෝභාග විමුක්ත රහත්හට සැක නැත.

ස. අනු: සධම‍්මකුසලස‍්ස අරහතො අත්‍ථී කඞ‍්ඛා’ති.

ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට සැක ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පරධම‍්මකුසලස‍්ස අරහතො අත්‍ථී කඞ‍්ඛා’ති.

ස. අනු: පරධර්‍මකුශල රහත්හට සැක ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ස. අනු: පරධම‍්මකුසලස‍්ස අරහතො නත්‍ථී කඞ‍්ඛා’ති.

ස. අනු: පරධර්‍මකුශල රහත්හට සැක නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සධම‍්මකුසලස‍්ස අරහතො නත්‍ථී කඞ‍්ඛා’ති.

ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට සැක නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

11. ස. පු: සධම‍්මකුසලස‍්ස අරහතො රාගො පහීනො. අත්‍ථී තස‍්ස තස‍්ස කඞ‍්ඛා’ති.

11. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට සැක ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පරධම‍්මකුසලස‍්ස අරහතො රාගො පහීනො. අත්‍ථී තස‍්ස කඞ‍්ඛා’ති.

ස. අනු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට සැක ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

12. ස. පු: සධම‍්මකුසලස‍්ස අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- අනොත‍්තප‍්පං පහීනං -පෙ- රාගප‍්පහානාය මග‍්ගො භාවිතො -පෙ- බොජ‍්ඣඞ‍්ගා භාවිතා -පෙ- දොසප‍්පහානාය -පෙ- මොහප‍්පහානාය -පෙ- අනොත‍්තප‍්පහානාය මග‍්ගො භාවිතො -පෙ- බොජ‍්ඣඞ‍්ගා භාවිතා -පෙ-

12. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ ... මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ ... රාගප්‍රහාණයට මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... ද්වෙෂප්‍රහාණයට ... මොහප්‍රහාණයට ... අනපත්‍රපාප්‍රහාණයට මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ...

13. ස. පු: සධම‍්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං. අත්‍ථී තස‍්ස කඞ‍්ඛා’ති.

13. ස. පු: ස්වධර්‍මකුශල රහත් වීතරාග වෙයි, වීතද්වේෂ වෙයි, වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට සැක ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පරධම‍්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං. අත්‍ථී තස‍්ස කඞ‍්ඛා’ති.

ස. අනු: පරධර්‍මකුශල රහත් වීතරාග වෙයි, වීතද්වේෂ වෙයි, වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට සැක ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

14. ස. පු: පරධම‍්මකුසලස‍්ස අරහතො රාගො පහීනො. නත්‍ථී තස‍්ස කඞ‍්ඛා’ති.

14. ස. පු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට සැක නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සධම‍්මකුසලස‍්ස අරහතො රාගො පහීනො. නත්‍ථී තස‍්ස කඞ‍්ඛා’ති

ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට සැක නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ස. පු: පරධම‍්මකුසලස‍්ස අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- අනොත‍්තප‍්පං පහීනං -පෙ- රාගප‍්පහානාය මග‍්ගො භාවිතො -පෙ- බොජ‍්ඣඞ‍්ගා භාවිතා -පෙ- දොසප‍්පහානාය -පෙ- මොහප‍්පහානාය -පෙ- අනොත‍්තප‍්පප‍්පහානාය මග‍්ගො භාවිතො -පෙ- බොජ‍්ඣඞ‍්ගා භාවිතා -පෙ- පරධම‍්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං නත්‍ථී තස‍්ස නත්‍ථී තස‍්ස කඞ‍්ඛා’ති.

ස. පු: පරධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ ... මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ ... රාගප්‍රහාණයට මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... ද්වෙෂප්‍රහාණයට ... මොහප්‍රහාණයට ... අනපත්‍රපාප්‍රහාණයට මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... පරධර්‍මකුශල රහත් වීතරාග වෙයි, වීතද්වේෂ වෙයි, වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට සැක නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සධම‍්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං. නත්‍ථී තස‍්ස කඞ‍්ඛා’ති.

ස. අනු: ස්වධර්‍මකුශල රහත් වීතරාග වෙයි, වීතද්වේෂ වෙයි, වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට සැක නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

15. ස. පු: අත්‍ථී අරහතො කඞ‍්ඛා’ති.

15. ස. පු: රහත්හට සැක ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා: “ජානතො’හං භික‍්ඛවෙ පස‍්සතො ආසවානං ඛයං වදාමි, නො අජානතො නො අපස‍්සතො. කිඤ‍්ච භික‍්ඛවෙ ජානතො කිං පස‍්සතො ඛයො හොති: ‘ඉතිරූපං -පෙ- ඉති විඤ‍්ඤාණස‍්ස අත්‍ථඞ‍්ගමො’ති. එවං ඛො භික‍්ඛවෙ ජානතො එවං පස‍්සතො ආසවානං ඛයො හොතී”ති. අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු. “මහණෙනි, මම දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නාහට නො කියමි. නො දක්නාහට නො කියමි. මහණෙනි, කුමක් දන්නාහට කුමක් දක්නාහට ආස්‍රවක්‍ෂය වේ ද: රූපය මෙසේ යැ ... විඥානයාගේ අස්තඞ්ගමය මෙසේ යැ’යි. මහණෙනි, මෙසේ දන්නාහට මෙසේ දක්නාහට ආස්‍රවක්‍ෂය වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. පා: තෙන හි න වත‍්තබ‍්බං ‘අත්‍ථී අරහතො කඞ‍්ඛා’ති.

අනු. පා: එකරුණින් ‘රහත්හට සැක ඇති’ යි නො කියැයුතු මැ යැ.

16. ස. පු: අත්‍ථී අරහතො කඞ‍්ඛා’ති.

16. ස. පු: රහත්හට සැක ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා: “ජානතො’හං” භික‍්ඛවෙ පස‍්සතො ආසවානං ඛයං වදාමි, නො අජානතො නො අපස‍්සතො, කිඤ‍්ච භික‍්ඛවෙ ජානතො කිං පස‍්සතො ආසවානං ඛයො හොති. “ඉදං දුක‍්ඛන‍්ති භික‍්ඛවෙ -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති ජානතො පස‍්සතො ආසවානං ඛයො හොති. එවං ඛො භික‍්ඛවෙ ජානතො එවං පස‍්සතො ආසවානං ඛයො හොතී”ති. අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මම දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නාහට නො කියමි. නො දක්නාහට නො කියමි. මහණෙනි, කුමක් දන්නාහට කුමක් දක්නාහට ආස්‍රවක්‍ෂය වේ ද? මහණෙනි, ‘මේ දුකැ’යි ... ‘මේ දුඃඛනිරෝධගාමිනී පිළිවෙතැ’යි දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය කියමි. මහණෙනි, මෙසේ දන්නාහට මෙසේ දක්නාහට ආස්‍රවක්‍ෂය වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: තෙන හි න වත‍්තං “අත්‍ථී අරහතො කඞ‍්ඛා”ති.

අනු. පා: එකරුණින් ‘රහත්හට සැක ඇති’ යි නො කියැයුතු මැ යැ.

17. ස. පු: අත්‍ථී අරහතො කඞ‍්ඛා’ති.

17. ස. පු: රහත්හට සැක ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. නනු වුත‍්තං භගවතා: “සබ‍්බං භික‍්ඛවෙ අනභිජානං අපරිජානං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය -පෙ- ඉදං ඛො භික‍්ඛවෙ අභිජානං පරිජානං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයා යා’ති. අත්‍ථෙව සුත‍්තන‍්තොති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, හැම සකසා අභිඥා වශයෙන් නො දන්නේ පරිඥා වශයෙන් නොදන්නේ විරාග වශයෙන් නො හරනේ ප්‍රහාණ වශයෙන් නො හරනේ දුඃඛක්‍ෂයට අභව්‍ය වෙයි ... මහණෙනි, මෙ හැම අභිඥාන වශයෙන් දන්නේ පරිඥාන වශයෙන් දන්නේ විරාග වශයෙන් හරනේ ප්‍රහාණ වශයෙන් හරනේ දුඃඛක්‍ෂයට භව්‍ය වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. පා: තෙන හි න වත‍්තබ‍්බං “අත්‍ථි අරහතො කඞ‍්ඛා”ති.

අනු. පා: එකරුණින් ‘රහත්හට සැක ඇති’යි නො කියැයුතු මැ යැ.

18. ස. පු: අත්‍ථි අරහතො කඞ‍්ඛා’ති.

18. ස. පු: රහත්හට සැක ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා:

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු:

“සහාවස‍්ස දස‍්සනසම‍්පදාය -පෙ- ඡ චාභිඨානානි අභබ‍්බො කාතුන‍්ති”

“ඒ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ දර්‍ශනසම්පත් පහළ වන්නා හා මැ ... අභිස්ථාන සදෙනකුදු කරන්නට අභව්‍ය වෙති”යි

අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

(වදාළ) සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. පා: තෙන හි න වත‍්තබ‍්බං “අත්‍ථි අරහතො කඞ‍්ඛා”ති.

අනු. පා: එ කරුණින් ‘රහත්හට සැක ඇති’ යි නො කියැයුතු මැ යැ.

19. ස. පු: අත්‍ථි අරහතො කඞ‍්ඛා”ති.

19. ස. පටි: රහත්හට සැක ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා. “යස‍්මිං භික‍්ඛවෙ සමයෙ අරියසාවකස‍්ස විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදි: ‘යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්මන‍්ති’ සහදස‍්සනුප‍්පාදා භික‍්ඛවෙ අරියසාවකස‍්ස තීණි සඤ‍්ඤොජනානි පහීයන‍්ති: ‘සක‍්කායදිට‍්ඨි විචිකිච‍්ඡා සීලබ‍්බතපරාමාසො’ති” අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, යම් සමයෙක ආර්‍ය්‍යශ්‍රාවකයාහට ‘යම් කිසි සමුදයධර්‍මයෙක් ඇද්ද, එ හැම නිරෝධස්වභාව යැ’යි විරජ වීතමල ධර්‍මචක්‍ෂුස පහළ වී ද, මහණෙනි, ඒ දර්‍ශන සම්පත් පහළ වන්නා හා මැ ත්‍රිවිධ සංයෝජන කෙනෙක් ප්‍රහීණ වෙත්: (එනම්) සත්කායදෘෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්‍රතපරාමර්‍ශයැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. පා: තෙන හි න වත‍්තබ‍්බං “අත්‍ථි අරහතො කඞ‍්ඛා”ති.

අනු. ප: එ කරුණින් ‘රහත්හට සැක ඇති’ යි නො කියැයුතු මැ යැ.

20. ස. පු: අත්‍ථි අරහතො කඞ‍්ඛා’ති.

20. ස. පු: රහත්හට සැක ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා:

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො:

“යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස, අථස‍්ස කඞ‍්ඛා වපයන‍්ති සබ‍්බා යතො පජානාති සහෙතුධම‍්මන‍්ති.

“යම් කලෙකැ කෙලෙස් තවන වැර ඇති ධ්‍යාන කරන බාහිතපාපී වූ රහත්හට (අනුලෝම ප්‍රත්‍යයාකාරප්‍රතිවේධක වූ) බෝපැකි දහම්හු උපදිත් ද, එකල ඔහුට හැම සැකයෝ පහව යෙති. යම් හෙයෙකින් සහේතුක වූ දුඃඛස්කන්‍ධධර්‍මය දන්නේ වේ ද, එහෙයිනි.

යදා හවෙ පාතු භවන‍්ති ධම‍්මා ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස, අථස‍්ස කඞ‍්ඛා වපයන‍්ති සබ‍්බා. යතො ඛයං පච‍්චයානං අවෙදී’ති.

යම් කලෙකැ කෙලෙස් තවන වැර ඇති ධ්‍යාන කරන බාහිතපාපී වූ ක්‍ෂීණාස්‍රවයාහට එකැතින් බෝධිපාක්‍ෂිකධර්‍මයෝ උපදිත් ද එසඳ ඔහුට හැම සැකයෝ නිරුද්ධ වෙති. යම්හෙයෙකින් අවිද්‍යාදි ධර්‍මයන්ගේ (අනුත්පාදනිරෝධ සඞ්ඛ්‍යාත වූ) ක්‍ෂය දන්නේ වේ ද, එහෙයිනි.

යදා හවෙ පාතුභවන‍්ති ධම‍්මා ආතාපිනො ඣායතො බ්‍රාහ‍්මණස‍්ස, විධූපයං තිට‍්ඨති මාරසෙනං සුරියො’ව ඔභාසයමන‍්තළික‍්ඛන‍්ති.

යම් කලෙකැ කෙලෙස් තවන වැර ඇති ධ්‍යාන කරන බාහිතපාප ක්‍ෂීණස්‍රවයාහට එකැතින් බෝපැකිදහම්හු උපදිත් ද, (ඒ බෝධිපාක්‍ෂිකධර්‍මමාර්‍ගයෙන්) මරසෙන් නස්මින් හිරු අහස බබුළුවන්නාක් සෙයින් සිටුනේ යැ.”

යා කාචි කඞ‍්ඛා ඉධ වා හුරං වා සකවෙදියා වා පරවෙදියා වා, ඣායිනො තා පජහන‍්ති සබ‍්බා ආතාපිනො බ්‍රහ‍්මචරියං චරන‍්තා’ති.

ස්වකීය ආත්මභාවයෙහි ලා (ආලම්බන වශයෙන්) දතයුතු වූ හෝ පරාත්මභාවයෙහි ලා දතයුතු වූ හෝ මේ ප්‍රත්‍යුත්පන්න ආත්මභාවයෙහි වැටෙන හෝ අතීතානාගත ආත්මභාවයෙහි වැටෙන හෝ යම් කිසි විචිකිත්සා කෙනෙක් ඇද්ද, කෙලෙස් තවන වැර ඇති බ්‍රහ්මචර්‍ය්‍යය පුරන ධ්‍යායීහු එ හැම සැක හැරපියත්.

යෙ කඞ‍්ඛා සමතික‍්කන‍්තා කඞ‍්ඛා භූතෙසු පාණිසු, අසංසයා විසංයුත‍්තා තෙසු දින‍්නං මහප‍්ඵලන‍්ති.

උපන් සැක ඇති ප්‍රාණීන් කෙරෙහි යම් කෙනෙක් සැක ඉක්මැසිටියාහු ද, එහෙයින් සංශය රහිත වූවාහු රාගාදීන් හා විසංයුක්ත වූවාහු වෙත් ද, ඔවුන් විෂයෙහි දුන් දැය මහත්ඵල යි.

එතාදිසී ධම‍්මපකාසනෙත්‍ථ න තත්‍ථ කිං කඞ‍්ඛති කොචි සාවකො, නිත‍්තිණ‍්ණඔඝං විචිකිච‍්ඡඡින‍්නං, බුද‍්ධං නමස‍්සාම ජිනං ජනින්‍දන‍්ති.

මෙහි මෙ බඳු ධර්‍මප්‍රකාශ වෙයි. එහිලා කිසිදු ආර්‍ය්‍යශ්‍රාවකයෙක් කිමැයි සැක නො කෙරෙයි. තරණය කළ ඕඝ ඇති, සිඳැලූ විචිකිත්සා ඇති, ජනෙන්‍ද්‍ර වූ ජිතපඤ්චමාර බුදුන් වඳනම්හ.

අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

වදාළ සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. පා: තෙන හි න වත‍්තබ‍්බං “අත්‍ථී අරහතො කඞ‍්ඛා”ති.

අනු. පා: එ කරුණින් ‘රහත්හට සැක ඇති’යි නො කියැයුතු මැ යැ.

21. ප. පු: න වත‍්තබ‍්බං අත්‍ථී අරහතො කඞ‍්ඛා’ති.

21. ප. පු: ‘රහත්හට සැක ඇති’යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු අරහා ඉත්‍ථීපුරිසානං නාමගොත‍්තෙ කඞ‍්ඛෙය්‍ය, මග‍්ගාමග‍්ගෙ කඞ‍්ඛෙය්‍ය, තිණකට‍්ඨවනප‍්පතීනං නාමෙ කඞ‍්ඛෙය්‍යා’ති.

ප. අනු: රහත් වනාහි ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත්හි සැක කරන්නේ නො වේ ද? මාර්‍ගාමාර්‍ගයෙහි සැක කරන්නේ නො වේ ද? තෘණකාෂ්ටවනස්පතීන්ගේ නම්හි සැක කරන්නේ නො වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අරහා ඉත්‍ථීපුරිසානං නාමගොත‍්තෙ කඞ‍්ඛෙය්‍ය, මග‍්ගාමග‍්ගෙ කඞ‍්ඛෙය්‍ය, තිණකට‍්ඨවනප‍්පතීනං නාමෙ කඞ‍්ඛෙය්‍ය,

අනු. ඨ: ඉදින් රහත් ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත්හි සැක කරන්නේ වේ නම්, මාර්‍ගාමාර්‍ගයෙහි සැක කරන්නේ වේ නම්, තෘණකාෂ්ටවනස්පතීන්ගේ නම්හි සැක කරන්නේ වේ නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “අත්‍ථී අරහතො කඞ‍්ඛා”ති.

අනු. පා: භවත, එකරුණින් ‘රහත්හට සැක ඇති’යි කියැයුතු මැ යැ.

22. ස. පු: අරහා ඉත්‍ථීපුරිසානං නාමගොත‍්තෙ කඞ‍්ඛෙය්‍ය, මග‍්ගාමග‍්ගෙ කඞ‍්ඛෙය්‍ය, තිණකට‍්ඨවනප‍්පතීනං නාමෙ කඞ‍්ඛ්‍යො’ති අත්‍ථී අරහතො කඞ‍්ඛෙය්‍යා’ති.

22. ස. පු: රහත් ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත්හි සැක කරන්නේ යැ, මාර්‍ගාමාර්‍ගයෙහි සැක කරන්නේ යැ, තෘණකාෂ්ටවනස්පතීන්ගේ නම්හි සැක කරන්නේ යැ’යි ගෙන රහත්හට සැක ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අරහා සොතාපත‍්තිඵලෙ වා සකදාගාමිඵලෙ වා අනාගාමිඵලෙ වා අරහත‍්තෙ වා කඞ‍්ඛෙය්‍යා’ති.

ස. අනු: රහත් වනාහි සෝවත්ඵලයෙහි හෝ සෙදගැමිඵලයෙහි හෝ අනගැමිඵලයෙහි හෝ අර්‍හත්ත්‍වයෙහි හෝ සැක කරන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.

කඞ‍්ඛාකථා නිට‍්ඨිතා.

කඞ්ඛාකථා නිමි.