යෙදුමෙන් කියවන්න

අඤ‍්ඤාණකථා

2. 2.

2. 2.

අඤ‍්ඤාණකථා.

අඤ්ඤාණකථා

[ස්ත්‍රීපුරුෂාදීන්ගේ නාමගෝත්‍රාදියෙහි ඥානප්‍රවෘත්ති නැතියෙන් ‘රහත්නට අඥාන ඇති’යි ගත් පූර්‍වශෛලීයාදී නිකායාන්තරවාසීන්ගේ ලබ්ධි බිඳුනට අඤ්ඤාණකථා එයි.]

1. ස. පු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

1. ස. පු: රහත්හට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී අරහතො අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො අවිජ‍්ජානුසයො අවිජ‍්ජාපරියුට‍්ඨානං අවිජ‍්ජාසඤ‍්ඤොජනං අවිජ‍්ජානීවරණන‍්ති.

ස. අනු: රහත්හට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

2. ස. පු: නත්‍ථී අරහතො අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො අවිජ‍්ජානුසයො අවිජ‍්ජාපරියුට‍්ඨානං අවිජ‍්ජාසඤ‍්ඤොජනං අවිජ‍්ජානීවරණන‍්ති.

2. ස. පු: රහත්හට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග, අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ නැද්ද?

ප. පටිඤ‍්ඤා ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු: ඨ: හඤ‍්චි නත්‍ථී අරහතො අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො අවිජ‍්ජානුසයො අවිජ‍්ජාපරියුට‍්ඨානං අවිජ‍්ජාසඤ‍්ඤොජනං අවිජ‍්ජානීවරණං.

අනු. ඨ: ඉදින් රහත්හට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ නැත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති”.

අනු: පා: භවත, ‘රහත්හට අඥාන ඇති’ යනු නො කියැයුතු මැ යැ.

3. ස. පු: අත්‍ථී පුථුජ‍්ජනස‍්ස අඤ‍්ඤාණං, අත්‍ථී තස‍්ස අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො අවිජ‍්ජානුසයො අවිජ‍්ජා පරියුට‍්ඨානං අවිජ‍්ජාසඤ‍්ඤොජනං අවිජ‍්ජානීවරණන‍්ති,

3. ස. පු: පුහුදුන්හට අඥාන ඇත. උහුට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණං, අත්‍ථී තස‍්ස අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො අවිජ‍්ජානුසයො අවිජ‍්ජාපරියුට‍්ඨානං අවිජ‍්ජාසඤ‍්ඤොජනං අවිජ‍්ජජානීවරණන‍්ති.

ස. අනු: රහත්හට (තොප මතයෙහි) අඥාන ඇත. උහුට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

4. ස. පු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණං, නත්‍ථි තස‍්ස අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො අවිජ‍්ජානුසයො අවිජ‍්ජාපරියුට‍්ඨානං අවිජ‍්ජාසඤ‍්ඤොජනං අවිජ‍්ජානීවරණන‍්ති.

4. ස. පු: රහත්හට (තොප මතයෙහි) අඥාන ඇත. ඔහුට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී පුථුජ‍්ජනස‍්ස අඤ‍්ඤාණං, නත්‍ථී තස‍්ස අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො අවිජ‍්ජානුසයො අවිජ‍්ජාපරියුට‍්ඨානං අවිජ‍්ජාසඤ‍්ඤොජනං අවිජ‍්ජානීවරණන‍්ති.

ස. අනු: පුහුදුන්හට අඥාන ඇත. ඔහුට අවිද්‍යා අවිද්‍යෞඝ අවිද්‍යායෝග අවිද්‍යානුශය අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අවිද්‍යාසංයෝජන අවිද්‍යානීවරණ නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

5. ස. පු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

5. ස. පු: රහත්හට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අරහා “අඤ‍්ඤාණාපකතො පාණං හනෙය්‍ය, අදින‍්නං ආදියෙය්‍ය, මුසා භණෙය්‍ය, පිසුණං භණෙය්‍ය, ඵරුසං භණෙය්‍ය, සම‍්ඵං පලපෙය්‍ය සන්‍ධිං ඡින්‍දෙය්‍ය, නිල‍්ලොපං හරෙය්‍ය, එකාගාරිකං කරෙය්‍ය, පරිපන්‍ථෙ තිට‍්ඨෙය්‍ය, පරදාරං ගච‍්ඡෙය්‍ය, ගාමඝාතං කරෙය්‍ය, නිගමඝාතං කරෙය්‍යා” ති.

ස. අනු: රහත් අඥානයෙන් උපද්‍රැත වූයේ පණ නසන්නේ වේ ද, අයිනාදන් ගන්නේ වේ ද, මුසවා බණන්නේ වේ ද, පෙහෙසුන් බණන්නේ වේ ද, පරොස්බස් බණන්නේ වේ ද, පලප් බණන්නේ වේ ද, ගෘහසන්‍ධි සිඳුනේ වේ ද, ගම් වොලොගන්නේ වේ ද, ඒකාගාරික කම් කරන්නේ වේ ද, කඩපලාසොරකම්හි සිටුනේ වේ ද, පරදාරයට යේ ද, ගාමඝාත කෙරේ ද, නිගමඝාත කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

6. ස. පු: අත්‍ථී පුථුජ‍්ජනස‍්ස අඤ‍්ඤාණං, පුථුජ‍්ජනො අඤ‍්ඤාණාපකතො පාණං, හනෙය්‍ය අදින‍්නං ආදියෙය්‍ය, මුසා භණෙය්‍ය -පෙ- ගාමඝාතං කරෙය්‍ය, නිගමඝාතං කාරෙය්‍යා’ති.

6. ස. පු: පුහුදුනට අඥාන ඇත. පුහුදුන් අඥානයෙන් මඩනා ලදුයේ පණ නසා ද, අයිනාදන් කෙරේ ද, මුසවා බෙණේ ද ... ගාමඝාත කම් කෙරේ ද, නිගමඝාත කම් කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණං, අරහා අඤ‍්ඤාණාපකතො පාණං හනෙය්‍ය, අදින‍්නං ආදියෙය්‍ය -පෙ- ගාමඝාතං කරෙය්‍ය, නිගමඝාතං කරෙය්‍යා’ති.

ස. අනු: රහත්හට (තොප මතයෙහි) අඥාන ඇත. රහත් අඥානයෙන් මඩනා ලදුයේ පණ නසා ද, අයිනාදන් ගනී ද, ගම් පැහැරීම් කෙරේ ද, නියම්ගම් පැහැරීම් කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

7. ස. පු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණං, න ච අරහා අඤ‍්ඤාණාපකතො පාණං හනෙය්‍ය, අදින‍්නං ආදියෙය්‍ය -පෙ- ගාමඝාතං කරෙය්‍ය, නිගමඝාතං කරෙය්‍යා’ති.

7. ස. පු: රහත්හට (තොප මතයෙහි) අඥාන ඇත. රහත් අඥානයෙන් උපද්‍රැත වූයේ පණ නො නසන්නේ වේ ද, අයිනාදන් නො ගන්නේ වේ ද, ... ගම් පැහැරීම් නො කරන්නේ වේ ද, නියම්ගම් පැහැරීම් නො කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී පුථුජ‍්ජනස‍්ස අඤ‍්ඤාණං, න ච පුථුජ‍්ජනො අඤ‍්ඤාණාපකතො පාණං හනෙය්‍ය, අදින‍්නං ආදියෙය්‍ය -පෙ- ගාමඝාතං කරෙය්‍ය, නිගමඝාතං කරෙය්‍යා’ති.

ස. අනු: පුහුදුනට අඥාන ඇත. පුහුදුන් අඥානයෙන් උපද්‍රැත වූයේ පණ නො නසන්නේ වේ ද, අයිනාදන් නො ගන්නේ වේ ද, ... ගාමඝාතකර්‍ම නො කරන්නේ වේ ද, නිගමඝාතකර්‍ම නො කරන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

8. ස. පු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

8. ස. පු: රහත්හට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී අරහතො සත්‍ථරි අඤ‍්ඤාණං ධම‍්මෙ අඤ‍්ඤාණං සඞ‍්ඝෙ අඤ‍්ඤාණං සික‍්ඛාය අඤ‍්ඤාණං පුබ‍්බන‍්තෙ අඤ‍්ඤාණං අපරන‍්තෙ අඤ‍්ඤාණං පුබ‍්බන‍්තාපරන‍්තෙ අඤ‍්ඤාණං ඉදපච‍්චයතා පටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණන‍්ති.

ස. අනු: රහත්හට ශාස්තෲන් කෙරෙහි අඥාන ඇද්ද? දහමෙහි අඥාන ඇද්ද, සඟුන් කෙරෙහි අඥාන ඇද්ද, ශික්‍ෂායෙහි අඥාන ඇද්ද, පූර්‍වාන්තයෙහි අඥාන ඇද්ද, අපරාන්තයෙහි අඥාන ඇද්ද, පූර්‍වාන්තාපරාන්තයෙහි අඥාන ඇද්ද, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි අඥාන ඇද්‍ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

9. ස. පු: නත්‍ථී අරහතො සත්‍ථරි අඤ‍්ඤාණං, ධම‍්මෙ අඤ‍්ඤාණං, සඞ‍්ඝෙ අඤ‍්ඤාණං, සික‍්ඛාය අඤ‍්ඤාණං, පුබ‍්බන‍්තෙ අඤ‍්ඤාණං, අපරන‍්තෙ අඤ‍්ඤාණං, පුබ‍්බන‍්තාපරන‍්තෙ අඤ‍්ඤාණං, ඉදප‍්පච‍්චයතා පටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණන‍්ති.

9. ස. පු: රහත්හට ශාස්තෲන් කෙරෙහි අඥාන නැද්ද? දහමෙහි අඥාන නැද්ද, සඟුන් කෙරෙහි අඥාන නැද්ද, ශික්‍ෂායෙහි අඥාන නැද්ද, පූර්‍වාන්තයෙහි අඥාන නැද්ද, අපරාන්තයෙහි අඥාන නැද්ද, පූර්‍වාන්තාපරාන්තයෙහි අඥාන නැද්ද, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි අඥාන නැද්‍ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි නත්‍ථී අරහතො සත්‍ථරි අඤ‍්ඤාණං, ධම‍්මෙ අඤ‍්ඤාණං, සඞ‍්ඝෙ අඤ‍්ඤාණං -පෙ- ඉදප‍්පච‍්චයතා පටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණං,

අනු. ඨ: ඉදින් රහත්හට ශාස්තෲන් කෙරෙහි අඥාන නැත් නම්, දහමෙහි අඥාන නැත් නම්, සඟුන් කෙරෙහි අඥාන නැත් නම් ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි අඥාන නැත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

අනු. පා: භවත, ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.

10. ස. පු: අත්‍ථී පුථුජ‍්ජනස‍්ස අඤ‍්ඤාණං. අත්‍ථී තස‍්ස සත්‍ථරි අඤ‍්ඤාණං, ධම‍්මෙ අඤ‍්ඤාණං, සඞ‍්ඝෙ අඤ‍්ඤාණං, -පෙ- ඉදප‍්පච‍්චයතා පටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණන‍්ති.

10. ස. පු: පුහුදුනට අඥාන ඇත. උහුට ශාස්තෲන් කෙරෙහි අඥාන ඇද්ද, දහමෙහි අඥාන ඇද්ද, සඟුන් කෙරෙහි අඥාන ඇද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයෙහි අඥාන ඇද්‍ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණං, අත්‍ථී තස‍්ස සත්‍ථරි අඤ‍්ඤාණං, ධම‍්මෙ අඤ‍්ඤාණං, සඞ‍්ඝෙ අඤ‍්ඤාණං, -පෙ- ඉදප‍්පච‍්චයතා පටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණන‍්ති.

ස. අනු: රහත්හට (තොප මතයෙහි) අඥාන ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි අඥාන ඇද්ද, දහමෙහි අඥාන ඇද්ද, සඟුන් කෙරෙහි අඥාන ඇද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි අඥාන ඇද්‍ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

11. ස. පු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණං, නත්‍ථී තස‍්ස සත්‍ථරි අඤ‍්ඤාණං, ධම‍්මෙ අඤ‍්ඤාණං, සඞ‍්ඝෙ අඤ‍්ඤාණං, -පෙ- ඉදප‍්පච‍්චයතා පටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණන‍්ති.

11. ස. පු: රහත්හට (තොප මතයෙහි) අඥාන ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි අඥාන නැද්ද, දහමෙහි අඥාන නැද්ද, සඟුන් කෙරෙහි අඥාන නැද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි අඥාන නැද්‍ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී පුථුජ‍්ජනස‍්ස අඤ‍්ඤාණං, නත්‍ථී තස‍්ස සත්‍ථරි අඤ‍්ඤාණං, ධම‍්මෙ අඤ‍්ඤාණං, සඞ‍්ඝෙ අඤ‍්ඤාණං, -පෙ- ඉදප‍්පච‍්චයතා පටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණන‍්ති.

ස. අනු: පුහුදුනට අඥාන ඇත. ඔහුට ශාස්තෲන් කෙරෙහි අඥාන නැද්ද, දහමෙහි අඥාන නැද්ද, සඟුන් කෙරෙහි අඥාන නැද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි අඥාන නැද්‍ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

12. ස. පු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

12. ස. පු: රහත්හට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු අරහතො රාගො පහීනො උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො’ති.

ස. අනු: රහත්හට රාගය ප්‍රහීණ නො වේ ද? උසුන්මුල් ඇතියේ මුදුන්සුන් තලක් මෙන් අවස්තුක කරන ලද්දේ අනුඅභාවය කරන ලද්දේ මතුයෙහි නූපදනාසැහැවි ඇතියේ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අරහතො රාගො පහීනො උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො,

අනු. ඨ: ඉදින් රහත්හට රාගය ප්‍රහීණ වී නම් උසුන්මුල් ඇතියේ නම් මුදුන්සුන් තලක් සෙයින් අවස්තුකෘත නම් අනුඅභාවය කරනලද නම් මතුයෙහි නූපදනාසැහැවි ඇති වී නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

අනු. පා: භවත, ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.

13. ස. පු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

13. ස. පු: රහත්හට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- අනොත‍්තප‍්පං පහීනං උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවකතං ආයතිං අනුප‍්පාදධම‍්මන‍්ති.

ස. අනු: රහත්හට ද්වේෂය ප්‍රහීණ නො වේ ද ... මෝහය ප්‍රහීණ නො වේ ද ... අනපත්‍රපා ප්‍රහීණ නො වේ ද, උසුන්මුල් ඇතියේ තාලාවස්තුකෘත අනභාවකෘත මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අරහතො අනොත‍්තප‍්පං පහීනං උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවකතං ආයතිං අනුප‍්පාදධම‍්මං,

අනු. ඨ: ඉදින් රහත්හට අනපත්‍රපා ප්‍රහීණ වී නම් උසුන්මුල් ඇති වී නම් තාලාවස්තුකෘත වී නම් අනුඅභාවය කරනලද වී නම් මතුයෙහි නූපදනාසැහැවි ඇති වී නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

අනු. පා: භවත, ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.

14. ස. පු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

14. ස. පු: රහත්හට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු අරහතො රාගප‍්පහානාය මග‍්ගො භාවිතො -පෙ- බොජ‍්ඣඞ‍්ගා භාවිතා’ති.

ස. අනු: රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ගයෝ භාවිත නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අරහතො රාගප‍්පහානාය බොජ‍්ඣඞ‍්ගා භාවිතා,

අනු. ඨ: ඉදින් රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිත වූවාහු නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

අනු. පා: භවත, ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.

15. ස. පු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

15. ස. පු: රහත්හට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු අරහතො දොසප‍්පහානාය -පෙ- මොහප‍්පහානාය -පෙ- අනොත‍්තප‍්පප‍්පහානාය මග‍්ගො භාවිතො -පෙ- බොජ‍්ඣඞ‍්ගා භාවිතා’ති.

ස. අනු: රහත්හු විසින් ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්‍රහාණය පිණිස ... අනපත්‍රපාප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ගයෝ භාවිත නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අරහතො අනොත‍්තප‍්පප‍්පහානාය බොජ‍්ඣඞ‍්ගා භාවිතා,

අනු. ඨ: ඉදින් රහත්හු විසින් අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිත වූවාහු නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

අනු. ඨ: භවත, ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.

16. ස. පු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

16. ස. පු: රහත්හට අඤ්ඤාණ ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතන‍්ති.

ස. අනු: රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ නො වේ ද ... සාක්‍ෂාත් කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අරහා වීතරාගො -පෙ- සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං,

අනු. ඨ: ඉදින් රහත් වීතරාග ... සාක්‍ෂාත්කර්‍තව්‍ය සාක්‍ෂාත්කෘත වී නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

අනු. පා: භවත, ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.

17. ස. පු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

17. ස. පු: රහත්හට අඥාන ඇද්ද?

ප. වි: සධම‍්මකුසලස‍්ස අරහතො අත්‍ථී අඤ‍්ඤාණං, පරධම‍්මකුසලස‍්ස අරහතො නත්‍ථී අඤ‍්ඤාණන‍්ති.

ප. වි: ස්වධර්‍මකුශල රහත්හට අඥාන ඇත, පරධර්‍මකුශල රහත්හට අඥාන නැති.

ස. පු: සධම‍්මකුසලස‍්ස අරහතො අත්‍ථී අඤ‍්ඤාණන‍්ති.

ස. පු: ස්වධර්‍මකුශල රහත්හට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පරධම‍්මකුසලස‍්ස අරහතො අත්‍ථී අඤ‍්ඤාණන‍්ති.

ස. අනු: පරධර්‍මකුශල රහත්හට අඥාන ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

18. ස. පු: සධම‍්මකුසලස‍්ස අරහතො රාගො පහීනො. අත්‍ථී තස‍්ස අඤ‍්ඤාණන‍්ති.

18. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පරධම‍්මකුසලස‍්ස අරහතො රාගො පහීනො. අත්‍ථී තස‍්ස අඤ‍්ඤාණන‍්ති.

ස. අනු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

19. ස. පු: සධම‍්මකුසලස‍්ස අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- අනොත‍්තප‍්පං පහීනං. අත්‍ථී තස‍්ස අඤ‍්ඤාණන‍්ති.

19. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ ... මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පරධම‍්මකුසලස‍්ස අරහතො අනොත‍්තප‍්පං පහීනං. අත්‍ථී තස‍්ස අඤ‍්ඤාණන‍්ති.

ස. අනු: පරධර්‍මකුශල රහත්හට අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහට අඥාන ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

20. ස. පු: සධම‍්මකුසලස‍්ස අරහතො රාගප‍්පහානාය මග‍්ගො භාවිතො -පෙ- බොජ‍්ඣඞ‍්ගා භාවිතා. අත්‍ථී තස‍්ස අඤ‍්ඤාණන‍්ති.

20. ස. පු: ස්වධර්‍මකුශල රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පරධම‍්මකුසලස‍්ස අරහතො රාගප‍්පහානාය බොජ‍්ඣඞ‍්ගා භාවිතා. අත්‍ථී තස‍්ස අඤ‍්ඤාණන‍්ති.

ස. අනු: පරධර්‍මකුශල රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහට අඥාන ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

21. ස. පු: සධම‍්මකුසලස‍්ස අරහතො දොසප‍්පහානාය -පෙ- මොහප‍්පහානාය -පෙ- අනොත‍්තප‍්පප‍්පහානාය මග‍්ගො භාවිතො -පෙ- බොජ‍්ඣඞ‍්ගා භාවිතා. අත්‍ථී තස‍්ස අඤ‍්ඤාණන‍්ති.

21. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්‍රහාණය පිණිස ... අනපත්‍රපාප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පරධම‍්මකුසලස‍්ස අරහතො අනොත‍්තප‍්පප‍්පහානාය බොජ‍්ඣඞ‍්ගා භාවිතා. අත්‍ථී තස‍්ස අඤ‍්ඤාණන‍්ති.

ස. අනු: පරධර්‍මකුශල රහත්හට අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහට අඥාන ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

22. ස. පු: සධම‍්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං. අත්‍ථී තස‍්ස අඤ‍්ඤාණන‍්ති.

22. ස. පු: ස්වධර්‍මකුශල රහත් වීතරාග යැ, වීතද්වේෂ යැ, වීතමෝහ යැ ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යි. ඔහට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පරධම‍්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං. අත්‍ථී තස‍්ස අඤ‍්ඤාණන‍්ති.

ස. අනු: පරධර්‍මකුශල රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත වෙයි. ඔහට අඥාන ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

23. ස. පු: පරධම‍්මකුසලස‍්ස අරහතො රාගො පහීනො. නත්‍ථී තස‍්ස අඤ‍්ඤාණන‍්ති.

23. ස. පු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහට අඥාන නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සධම‍්මකුසලස‍්ස අරහතො රාගො පහීනො. නත්‍ථී තස‍්ස අඤ‍්ඤාණන‍්ති.

ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහට අඥාන නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

24. ස. පු: පරධම‍්මකුසලස‍්ස අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- අනොත‍්තප‍්පං පහීනං. නත්‍ථී තස‍්ස අඤ‍්ඤාණන‍්ති.

24. ස. පු: පරධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ ... මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහට අඥාන නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සධම‍්මකුසලස‍්ස අරහතො අනොත‍්තප‍්පං පහීනං. නත්‍ථී තස‍්ස අඤ‍්ඤාණන‍්ති.

ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහට අඥාන නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

25. ස. පු: පරධම‍්මකුසලස‍්ස අරහතො රාගප‍්පහානාය මග‍්ගො භාවිතො -පෙ- බොජ‍්ඣඞ‍්ගා භාවිතා -පෙ- දොසප‍්පහානාය -පෙ- මොහප‍්පහානාය -පෙ- අනොත‍්තප‍්පප‍්පහානාය මග‍්ගො භාවිතො -පෙ- බොජ‍්ඣඞ‍්ගා භාවිතා නත්‍ථී තස‍්ස අඤ‍්ඤාණන‍්ති.

25. ස. පු: පරධර්‍මකුශල රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්‍රහාණය පිණිස අනපත්‍රපාප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහුට අඥාන නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සධම‍්මකුසලස‍්ස අරහතො අනොත‍්තප‍්පප‍්පහානාය බොජ‍්ඣඞ‍්ගා භාවිතා නත්‍ථී තස‍්ස අඤ‍්ඤාණන‍්ති.

ස. අනු: ස්වධර්‍මකුශල රහත්හු විසින් අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහට අඥාන නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

26. ස. පු: පරධම‍්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං. නත්‍ථී තස‍්ස අඤ‍්ඤාණන‍්ති.

26. ස. පු: පරධර්‍මකුශල රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහට අඥාන නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සධම‍්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකතං. නත්‍ථී තස‍්ස අඤ‍්ඤාණන‍්ති.

ස. අනු: ස්වධර්‍මකුශල රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහට අඥාන නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

27. ස. පු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

27. ස. පු: රහත්හට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා: “ජානතො’හං භික‍්ඛවෙ, පස‍්සතො ආසවානං ඛයං වදාමි. නො අජානතො නො අපස‍්සතො. කිඤ‍්ච භික‍්ඛවෙ, ජානතො කිං පස‍්සතො ආසවානං ඛයො හොති. “ඉති රූපං, ඉති රූපස‍්ස සමුදයො, ඉති රූපස‍්ස අත්‍ථඞ‍්ගමො, ඉති වෙදනා -පෙ- ඉති සඤ‍්ඤා -පෙ- ඉති සඞ‍්ඛාරා -පෙ- ඉති විඤ‍්ඤාණං, ඉති විඤ‍්ඤාණස‍්ස සමුදයො, ඉති විඤ‍්ඤාණස‍්ස අත්‍ථඞ‍්ගමො’ති. එවං ඛො භික‍්ඛවෙ ජානතො එවං පස‍්සතො ආසවානං ඛයො හොතී”ති. අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මම නුවණින් දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නාහට නො දක්නාහට නො කියමි. මහණෙනි, කුමක් දන්නාහට කුමක් දක්නාහට ආස්‍රවක්‍ෂය වේ ද යත්: රූප මෙසේ යැ, රූපසමුදය මෙසේ යැ, රූපයාගේ අස්තඞ්ගම මෙසේ යැ, වේදනා මෙසේ යැ ... සංඥා මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥාන මෙසේ යැ, විඥානසමුදය මෙසේ යැ, විඥානයාගේ අස්තඞ්ගම මෙසේ ය යි, මහණෙනි, මෙසේ දන්නාහට මෙසේ දක්නාහට ආස්‍රවක්‍ෂය වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. පා: තෙන හි නවත‍්තබ‍්බං: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

අනු. පා: එකරුණින් ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.

28. ස. පු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

28. ස. පු: රහත්හට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා: “ජානතො’හං භික‍්ඛවෙ පස‍්සතො ආසවානං ඛයං වදාමි. නො අජානතො නො අපස‍්සතො. කිඤ‍්ච භික‍්ඛවෙ ජානතො කිං පස‍්සතො ආසවානං ඛයො හොති: ඉදං දුක‍්ඛන‍්ති භික‍්ඛවෙ ජානතො පස‍්සතො ආසවානං ඛයො හොති. අයං දුක‍්ඛසමුදයො’ති ජානතො පස‍්සතො ආසවානං ඛයො හොති. අයං දුක‍්ඛනිරොධො’ති. ජානතො පස‍්සතො ආසවානං ඛයො හොති. අයං දුක‍්ඛනිරොධගාමිනීපටිපදා’ති ජානතො පස‍්සතො ආසවානං ඛයො හොති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නො: “මහණෙනි, මම දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නාහට නො දක්නාහට නො කියමි. මහණෙනි, කුමක් දන්නාහට කුමක් දක්නාහට ආස්‍රවක්‍ෂය වේ ද යත්: මහණෙනි, දුක මේ යයි දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය වෙයි. දුඃඛසමුදය මේ යයි දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය වෙයි. දුඃඛනිරෝධ මේ යයි දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය වෙයි. දුඃඛනිරෝධගාමිනීප්‍රතිපත් මේ යයි දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය වෙයි.

එවං ඛො භික‍්ඛවෙ ජානතො එවං පස‍්සතො ආසවානං ඛයො හොතී’ති අත්‍ථෙව සුත‍්තන‍්තො”ති.

මහණෙනි, මෙසේ දන්නාහට මෙසේ දක්නාහට ආස්‍රවක්‍ෂය වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. පා: තෙන හි න වත‍්තබ‍්බං: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

අනු. පා: එකරුණින් ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.

29. ස. පු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

29. ස. පු: රහත්ට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා: “සබ‍්බං භික‍්ඛවෙ අනභිජානං අපරිජානං අවිරාජයං අප‍්පජහං අභබ‍්බො දුක‍්ඛක‍්ඛයාය -පෙ- ඉදං ඛො භික‍්ඛවෙ. අභිජානං පරිජානං විරාජයං පජහං භබ‍්බො දුක‍්ඛක‍්ඛයාය”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, හැම නුවණින් නො දන්නේ වෙසෙසින් නො දන්නේ විරාග විසින් නො පියන්නේ නුවණින් නො දුරු කරන්නේ දුඃඛක්‍ෂය පිණිස අභව්‍ය වෙයි. මහණෙනි, මේ හැම නුවණින් දන්නේ වෙසෙසින් දන්නේ විරාග විසින් පියන්නේ දුරුකරන්නේ දුඃඛක්‍ෂය පිණිස භව්‍ය වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. පා: තෙන හි න වත‍්තබ‍්බං: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

අනු. පා: එකරුණින් ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.

30. ස. පු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

30. ස. පු: රහත්ට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා:

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:

“සහාවස‍්ස දස‍්සනසම‍්පදාය තයස‍්සු ධම‍්මා ජහිතා භවන‍්ති: සක‍්කායදිට‍්ඨි විචිකිච‍්ඡිතඤ‍්ච සීලබ‍්බතං වා’පි යදත්‍ථි කිඤ‍්චි, චතූහපායෙහි ච විප‍්පමුත‍්තො, ඡචාභිඨානානි අභබ‍්බො කාතුන‍්ති.”

“ඒ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ දර්‍ශනසම්පත් (සෝවත් මගනුවණ) පහළ වන්නා හා මැ ධර්‍මයෝ තුන් දෙනෙක් ප්‍රහීණ වූවාහු වෙති: සත්කායදෘෂ්ටිය, විචිකිත්සාය, යම් මැ ශීලව්‍රතයෙක් හෝ ඇද්ද, මොහු යි. සතර අපායයෙන්ද විප්‍රමුක්ත වූයේ, (පඤ්චානන්තර්‍ය්‍ය, මිථ්‍යාදෘෂ්ටි යන) ෂට් අභිස්ථාන – (මහාසාවද්‍යකර්‍ම) යනුදු කරන්නට අභව්‍ය වෙති”යි

අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. පා: තෙන හි න වත‍්තබ‍්බං: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

අනු. පා: එකරුණින් ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.

31. ස. පු: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

31. ස. පු: රහත්ට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා: “යස‍්මිං භික‍්ඛවෙ සමයෙ අරියසාවකස‍්ස විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදිං: යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්මන‍්ති, සහ දස‍්සනුප‍්පාදා භික‍්ඛවෙ අරියසාවකස‍්ස තීණි සඤ‍්ඤොජනානි පහීයන‍්ති: සක‍්කායදිට‍්ඨි විචිකිච‍්ඡා සීලබ‍්බතපරාමාසො”ති. අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, යම් කලෙකැ ආර්‍ය්‍යශ්‍රාවකයාහට රාගාදි රජස් රහිත පැහූ මල ඇති ධර්‍මචක්‍ෂුස පහළ වී ද: ‘යම් මැ සමුදයධර්‍මයෙක් වේ නම් එ හැම නිරෝධස්වභාව වෙති’යි. මහණෙනි, ඒ දර්‍ශනෝත්පත්ති හා මැ ආර්‍ය්‍යශ්‍රාවකයාහට සත්කායදෘෂ්ටි, විචිකිත්සා, ශීලව්‍රතපරාමර්‍ශ යන ත්‍රිවිධ සංයෝජනයෝ ප්‍රහීණ වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. පා: තෙන හි න වත‍්තබ‍්බං: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

අනු. පා: එකරුණින් ‘රහත්හට අඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.

32. ප. පු: න වත‍්තබ‍්බං: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

32. ප. පු: ‘රහත්ට අඥාන ඇති’යි නො කියැයුතු ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු අරහා ඉත්‍ථීපුරිසානං නාමගොත‍්තං න ජානෙය්‍ය, මග‍්ගාමග‍්ගං න ජානෙය්‍ය, තිණකට‍්ඨවනප‍්පතීනං නාමං න ජානෙය්‍යා’ති.

ප. අනු: රහත් වනාහි ස්ත්‍රීපුරුෂයන්ගේ නාමගෝත්‍ර නො දන්නේ නො? මාර්‍ගාමාර්‍ග නො දන්නේ නො? තෘණකාෂ්ටවනස්පතීන්ගේ නම් නො දන්නේ නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අරහා ඉත්‍ථීපුරිසානං නාමගොත‍්තං න ජානෙය්‍ය, මග‍්ගාමග‍්ගං න ජානෙය්‍ය, තිණකට‍්ඨවනප‍්පතීනං නාමං න ජානෙය්‍ය,

අනු. ඨ: ඉදින් රහත් වනාහි ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත් නො දන්නේ වේ නම්, මග නො මග නො දන්නේ වේ නම්, තෘණකාෂ්ට වනස්පතීන්ගේ නම් නො දන්නේ වේ නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

අනු. පා: භවත, එකරුණින් ‘රහත්හට අඥාන ඇති’යි කියැයුතු මැ යැ.

33. ස. පු: “අරහා ඉත්‍ථීපුරිසානං නාමගොත‍්තං න ජානෙය්‍ය, මග‍්ගාමග‍්ගං න ජානෙය්‍ය, තිණකට‍්ඨවනප‍්පතීනං නාමං න ජානෙය්‍යා”ති අත්‍ථී අරහතො අඤ‍්ඤාණන‍්ති.

33. ස. පු: රහත් වනාහි ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත් නො දන්නේ යැ, මඟ නො මඟ නො දන්නේ යැ, තෘණකාෂ්ටවනස්පතීන්ගේ නම් නො දන්නේ යැයි ගෙන රහත්හට අඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අරහා සොතාපත‍්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත‍්තං වා න ජානෙය්‍යා’ති.

ස. අනු: රහත් සෝවත්ඵල හෝ සෙදගැමිඵල හෝ අනගැමිඵල හෝ රහත්ඵල හෝ නො දන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැතු මැ යැ ...

අඤ‍්ඤාණකථා නිට‍්ඨිතා.

අඤ්ඤාණකථා නිමි.