2. දුතියවග්ගො අට්ඨකථා
2. දෙවෙනි වර්ගය
11. පරූපහාරවණ්ණනා
11. පරූපහාර කථා
ඉදානි පරූපහාරකථා නාම හොති. තත්ථ යෙ අරහත්තං පටිජානන්තානං අප්පත්තෙ පත්තසඤ්ඤීනං අධිමානිකානං කුහකානං වා අරහත්තං පටිජානන්තානං සුක්කවිස්සට්ඨිං දිස්වා “මාරකායිකා දෙවතා අරහතො අසුචිං උපසංහරන්තී”ති මඤ්ඤන්ති; සෙය්යථාපි එතරහි පුබ්බසෙලියා ච අපරසෙලියා ච; තෙ සන්ධාය අත්ථි අරහතොති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. ඉදානි යස්මා සුක්කවිස්සට්ඨි නාම රාගසමුට්ඨානා හොති, තස්මා අත්ථි අරහතො රාගොති අනුයොගො ආරද්ධො. සො සබ්බොපි උත්තානත්ථොයෙව.
දැන් පරූපහාර කථා නම් වේ. එහි යමෙක් රහත්බව දැනගන්නේ, නොපැමිණ පැමිණි සංඥා ඇත්තේ, අධිමානය ඇත්තේ කොහොන් වූයේ හෝ සැබෑ රහතුන්ගේ ශුක්‍ර විසට්ඨි දැක, මාරකායික දෙවියෝ රහතුන්ගේ අසූචි එක්තැන් කරතියි සිතයි. යම්සේ දැන් පූර්ව ශෛලීහූ සහ අපර ශෛලීහු මෙනි. අත්ථි අරහතො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව ඉතිරි අයටය. දැන් යම්හෙයකින් සුක්ක විස්සට්ඨි නම් රාගය හටගැන්ම වේ. එහෙයින් අත්ථි අරහතො රාගො යයි අනුයෝගය ඇරඹීය. ඒ සියල්ල පැහැදිලිය.
මාරකායිකා දෙවතා අත්තනොතිආදිපඤ්හෙ යස්මා තාසං දෙවතානං සුක්කවිස්සට්ඨි නාම නත්ථි, අඤ්ඤෙසම්පි සුක්කං ගහෙත්වා න උපසංහරන්ති, අරහතො පන සුක්කමෙව නත්ථි, තස්මා න හෙවන්ති පටික්ඛිපති.
මාරකායිකා දෙවතා අත්තනො යනාදි ප්‍රශ්නයෙහි යම්සේ ඒ දේවතාවන්ගේ සුක්ක විසට්ඨි නම් නැත. අන්‍යයන්ගේ ශුක්‍ර ගෙන එකතු නොකරති. රහතුන්ගේ වනාහි ශුක්රම නැත එහෙයින් නහවං යයි ප්‍රතික්ෂේප කරති.
නෙව අත්තනොතිපඤ්හෙ පන නිම්මිනිත්වා උපසංහරන්තීති ලද්ධියා පටිජානාති. ලොමකූපෙහීතිපඤ්හෙ සප්පිතෙලානං විය ලොමකූපෙහි උපසංහරණාභාවං දිස්වා පටික්ඛිපති.
නෙව අත්තනො යන ප්‍රශ්නයෙහි මවා රැස්කරති යන ලබ්ධියෙන් පිළිගනී. ලොමකූපෙහි යන ප්‍රශ්නයෙහි ගිතෙල් තෙල් මෙන් ලෝමකූපවලින් එක්කරන බව දැක ප්‍රතික්ෂේප කරයි.
හන්ද හීති වචසායත්ථෙ නිපාතො. “අරහා නු ඛො අහං, නො”ති එවං විමතිං ගාහයිස්සාමාති එවං වචසායං කත්වා උපසංහරන්තීති අත්ථො. අත්ථි අරහතො විමතීති පුට්ඨො අට්ඨවත්ථුකං විචිකිච්ඡං සන්ධාය පටික්ඛිපති, දුතියං පුට්ඨො ඉත්ථිපුරිසානං නාමගොත්තාදීසු සන්නිට්ඨානාභාවං සන්ධාය පටිජානාති.
හන්දහී යනු උද්යෝගාර්ථයෙහි නිපාතයකි. මම රහත් වීම් දැයි විමති ගනිමියි මෙසේ උත්සාහ කොට රැස්කරතියි යන අර්ථය වේ. අත්ථි අරහතො විමති යයි අසන ලද්දේ වස්තු අටෙහි සැකය සඳහා ප්‍රතික්ෂේප කරයි. දෙවනුව අසන ලද්දේ ස්ත්‍රී පුරුෂ ආදීන්ගේ නම්ගොත්වල නිශ්චයබව සඳහා පිළිගනී.
අත්ථි තස්ස ආසයොති තස්ස සුක්කස්ස උච්චාරපස්සාවානං විය පතිට්ඨානොකාසො අත්ථීති පුච්ඡති.
අත්ථි තස්ස ආසයො යයි ඒ ශුක්රගේ මලමූවල මෙන් පිහිටි ස්වභාවයක් ඇත්දැයි අසයි.
සධම්මකුසලස්සාති අත්තනො අරහත්තධම්මමත්තෙයෙව කුසලස්ස. පඤ්ඤාවිමුත්තං සන්ධායෙවං වදති. පරධම්මකුසලස්සාති සධම්මතො පරස්මිං අට්ඨසමාපත්තිධම්මෙපි කුසලස්ස. උභතොභාගවිමුත්තං සන්ධායෙවං වදති. සෙසමෙත්ථ පාළිඅනුසාරෙනෙව වෙදිතබ්බන්ති.
සධම්ම කුසලස්ස තමාගේ ද රහත් ධර්මයෙහි පමණක් දක්ෂ වූ ප්‍රඥා විමුක්තිය සඳහාම කියයි. පරමධම්ම කුසලස්ස ස්වධර්මයෙන් අන්‍ය වූ අෂ්ට සමාපත්ති ධර්මයෙහි ද දක්ෂ වූ උභතෝභාග විමුක්තිය සඳහාම කියයි. සෙස්ස පෙළ ඇසුරෙන්ම දතයුතුය.
පරූපහාරකථාවණ්ණනා.
අඤ්ඤාණාදිකථාවණ්ණනා
12. අඤ්ඤාණ කංඛා කථා
ඉදානි අඤ්ඤාණං, කඞ්ඛා, පරවිතරණාති තිස්සො කථා නාම හොන්ති. තත්ථ යෙසං “අරහතො ඉත්ථිපුරිසාදීනං නාමගොත්තාදීසු ඤාණප්පවත්තියා අභාවෙන අත්ථි අඤ්ඤාණං, තත්ථෙව සන්නිට්ඨානාභාවෙන අත්ථි කඞ්ඛා. යස්මා ච නෙසං තානි වත්ථූනි පරෙ විතරන්ති පකාසෙන්ති ආචික්ඛන්ති, තස්මා නෙසං අත්ථි පරවිතරණා”ති ඉමා ලද්ධියො, සෙය්යථාපි එතරහි පුබ්බසෙලියාදීනං; තෙසං තා ලද්ධියො භින්දිතුං තීසුපි කථාසු පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ච පටික්ඛෙපො ච ඉතරස්ස. තත්ථ සබ්බෙසුපි පඤ්හෙසු චෙව විස්සජ්ජනෙසු ච පාළිං අනුගන්ත්වාව අත්ථො වෙදිතබ්බොති.
දැන් අඤ්ඤාණ, කංඛා, පරවිතරණ, යයි කථා තුන වේ. එහි රහත් වූ ස්ත්‍රී පුරුෂාදීන්ගේ නම්ගොත් ආදියෙහි ඤාණය පැවැත්මේ අභාවයෙන් අඤ්ඤාණයක් ඇත. (නුවණක් නැත.) එහිම නිශ්චයක් නොමැතිවීමෙන් සැක (කංඛා) ඇත. යම්හෙයකින් ඔවුන්ගේ ඒ වස්තු (අඤ්ඤාණ, කංඛා) අන්‍යයන්ට දෙති. ප්‍රකාශ කරති. කියති. එහෙයින් පරවිතරණ ඇත. මේ ලබ්ධි යම් භේද දැන පුබ්බසේලීයාදීන්ගේ මෙනි. ඔවුන්ගේ ඒ ලබ්ධි බිදීමට කථා තුනෙහිම විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව ද ප්රතික්ෂේපය ද පරවාදියාටය. එහි සියළු ප්රශ්නවල මෙන්ම විසඳුම්වලද පෙළ අනුගමනය කොටම අර්ථ දතයුතුය.
අඤ්ඤාණාදිකථාවණ්ණනා.
වචීභෙදකථාවණ්ණනා
13. වචීභෙද කථා
ඉදානි වචීභෙදකථා නාම හොති. තත්ථ යෙසං “සොතාපත්තිමග්ගක්ඛණෙ පඨමං ඣානං සමාපන්නස්ස දුක්ඛන්ති වාචා භිජ්ජතී”ති ලද්ධි, සෙය්යථාපි එතරහි පුබ්බසෙලියාදීනං; තෙ සන්ධාය සමාපන්නස්ස අත්ථි වචීභෙදොති පුච්ඡා සකවාදිස්ස, ලද්ධියං ඨත්වා පටිඤ්ඤා පරවාදිස්ස. පුන සබ්බත්ථාති තයො භවෙ සන්ධාය පුට්ඨො අරූපං සන්ධාය පටික්ඛිපති. සබ්බදාති කාලවසෙන පුට්ඨො පඨමමග්ගක්ඛණෙ පඨමජ්ඣානිකසමාපත්තිතො අඤ්ඤං සබ්බං සමාපත්තිකාලං සන්ධාය පටික්ඛිපති. සබ්බෙසං සමාපන්නානන්ති පුට්ඨො ලොකියසමාපත්තියො සමාපන්නෙ සන්ධාය පටික්ඛිපති. සබ්බසමාපත්තීසූති පුට්ඨො දුතියජ්ඣානාදිකං ලොකුත්තරං සබ්බඤ්ච ලොකියසමාපත්තිං සන්ධාය පටික්ඛිපති.
දැන් වචීභේද කථාවේ, එහි යමෙකුගේ සෝවාන් මාර්ග ක්ෂණයෙහි ප්‍රථම ධ්‍යානයට සමවැදුනහුගේ දුක් යයි කියයි යන ලබ්ධිය, පුබ්බසේලියාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා සමාපත්තස්ස අත්ථි වචීභෙදො යයි විචාරීම සකවාදියාටය. ලබ්ධියෙහි සිට ප්‍රතිඥාව පරවාදියාටය. නැවත සබ්බත්ථ යයි භව තුන සඳහා විචාරණ ලද්දේ අරූපය සඳහා ප්‍රතික්ෂේප කරයි. සබ්බදා යයි කාලය වශයෙන් විචාරණ ලද්දේ ප්‍රථම මාර්ග ක්ෂණයෙහි ප්‍රථම ධ්‍යාන සමාපත්තියෙන් අන්‍ය වූ සියළු සමාපත්ති කාල සඳහා ප්‍රතික්ෂේප කරයි. සබ්බෙසං සමාපන්නානං යයි විචාරණ ලද්දේ ලෞකික සමාපත්තියට සමවැදුනවුන් සඳහා ප්‍රතික්ෂේප කරයි. සංඛ සමාපත්තීසු යයි අසන ලද්දේ දෙවන ධ්‍යාන ආදි සියළු ලෞකික ලෝකෝත්තර සමාපත්ති සඳහා ප්‍රතික්ෂේප කරයි.
කායභෙදොති අභික්කමාදිවසෙන පවත්තකායවිඤ්ඤත්ති. ඉදං “යානි චිත්තානි වචීවිඤ්ඤත්තිං සමුට්ඨාපෙන්ති, තානෙව කායවිඤ්ඤත්තිං. එවං සන්තෙ කස්මා කායභෙදොපි න හොතී”ති චොදනත්ථං පුච්ඡති. ඉතරො ලද්ධිවසෙන පටික්ඛිපති චෙව පටිජානාති ච. ඉදානි යදි සො මග්ගක්ඛණෙ “දුක්ඛ”න්ති වාචං භාසති, “සමුදයො”තිආදිකම්පි භාසෙය්ය. යදි වා තං න භාසති, ඉතරම්පි න භාසෙය්යාති චොදනත්ථං දුක්ඛන්ති ජානන්තොතිආදයො පඤ්හා වුත්තා. ඉතරො පන අත්තනො ලද්ධිවසෙනෙව පටිජානාති චෙව පටික්ඛිපති ච. ලොකුත්තරං පඨමජ්ඣානං සමාපන්නො දුක්ඛදුක්ඛන්ති විපස්සතීති හිස්ස ලද්ධි.
කාය භෙදො යයි ඉදිරියට යෑම් වශයෙන් පවත්වන කාය විඤ්ඤත්තිය. මෙය යම් සිත් වචී විඤ්ඤත්තිය උපදවයි. ඒවාම කාය විඤ්ඤත්තිය වේ. මෙසේ ඇති කල්හි කුමක් හෙයින් කාය භේදය නොවේදැයි චෝදනා පිණිස විචාරයි. පරවාදියා ලබ්ධි වශයෙන් ප්‍රතික්ෂේප කරයි. මෙන්ම පිළිගනියි ද වේ. දැන් ඉතින් ඔහු මාර්ග ක්ෂණයෙහි දුක්යයි වචන කියයි. සමුදය ආදියෙහි ද කියන්නේය. ඉදින් එය නොකියයිද ඉතිරිය ද නොකියන්නේ යයි චෝදනාව පිණිස දුක්ඛන්ති ජානන්තොති ආදයො ප්‍රශ්න කියන ලදී. අනිත් අය තමාගේ ලබ්ධි වශයෙන්ම පිළිගනී මෙන්ම ප්‍රතික්ෂේප ද කරයි. ලෝකෝත්තර ප්‍රථම ධ්‍යානයට සමාපත්තියා දුක් දුක් යයි විපස්සනා කෙරේ යයි ඔහුගේ ලබ්ධියයි.
ඤාණන්ති ලොකුත්තරං චතුසච්චඤාණං. සොතන්ති සොතවිඤ්ඤාණං අධිප්පෙතං, යෙන තං සද්දං සුණාති. ද්වින්නං ඵස්සානන්ති සොතසම්ඵස්සමනොසම්ඵස්සානං.
ඤාණං යනු ලෝකෝත්තර චතුස්සත්‍ය ඤාණයයි. සොතං සෝත විඤ්ඤාණය අදහස් කරයි. යමකින් ශබ්ද අසාද, ද්වින්නං ඵස්සානං යනු සෝත ස්පර්ශය, මනෝ ස්පර්ශය යන දෙක.
නො වත රෙ වත්තබ්බෙති යදි අවිසෙසෙන යංකිඤ්චි සමාපන්නස්ස නත්ථි වචීභෙදො, න අවිසෙසෙන වත්තබ්බං “සමාපන්නස්ස අත්ථි වචීභෙදො”ති. සෙසමෙත්ථ උත්තානත්ථමෙව සද්ධිං සුත්තසාධනාය. යං පනෙතෙන “සිඛිස්ස ආනන්ද, භගවතො”ති පරියොසානෙ සුත්තං ආභතං, තත්ථ යෙන සමාපත්තිචිත්තෙන සො වචීභෙදො සමුට්ඨිතො, කායභෙදොපි තෙන සමුට්ඨාතියෙව, න ච තං ලොකුත්තරං පඨමජ්ඣානචිත්තං, තස්මා අසාධකන්ති.
නො වත රෙ වත්තබ්බෙති ඉදින් අවිශේෂයෙන් යම්කිසිවකට සමවැදුනහුගේ නැත යන වචන භේදය සමවැදුනහුගේ වචන භේදයක් ඇතැයි අවිශේෂයෙන් නොකිව යුතුය. සූත්‍ර සාධනය සමග මෙහි සෙස්ස නොගැඹුරු අරුත් වේ. මෙයින් යමක් ‘ආනන්ද සිඛී භාග්‍යවතුන් වහන්සේගේ’ යයි අවසානයෙහි සූත්‍රය ගෙනෙන ලදී. එහි යම් සමාපත්ති සිතකින්. ඒ වචන භේදය ඇතිවූයේද කාය භේදය ද එයින් ඇතිවන්නේමය. එය ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන සිත නොවේ. එහෙයින් සාධක නොවේ.
වචීභෙදකථාවණ්ණනා.
දුක්ඛාහාරකථාවණ්ණනා
14. දුක්‍ඛහාර කථා
ඉදානි දුක්ඛාහාරකථා නාම හොති. තත්ථ “දුක්ඛං දුක්ඛන්ති වාචං භාසන්තො දුක්ඛෙ ඤාණං ආහරති, තං දුක්ඛාහාරො නාම වුච්චති . තඤ්ච පනෙතං මග්ගඞ්ගං මග්ගපරියාපන්න”න්ති යෙසං ලද්ධි, සෙය්යථාපි එතරහි පුබ්බසෙලියානං; තෙ සන්ධාය දුක්ඛාහාරොති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා පරවාදිස්ස. යෙ කෙචීති පඨමපඤ්හෙ අවිපස්සකෙ සන්ධාය පටික්ඛිපති, දුතියපඤ්හෙ විපස්සකෙ සන්ධාය පටිජානාති, තං පනස්ස ලද්ධිමත්තමෙව. තස්මා “සබ්බෙ තෙ”ති වාදස්ස භින්දනත්ථං බාලපුථුජ්ජනාතිආදිමාහ. තං උත්තානත්ථමෙවාති.
දැන් දුක්‍ඛහාර කථා නම් වේ. එහි දුක් දුක්යයි වචන කියන්නේ දුක්වල ඤාණය ගෙන එයි. එය දුක්ඛාහාර යයි කියනු ලැබේ. එයද වනාහි ඒ මාර්ග අංගය මාර්ග පරියාපත්ත (ඇතුළත්) යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ දැන පුබ්බසෙලිය මෙනි. ඔවුන් සඳහා දුක්ඛාහාරො යයි ඇසීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. යෙ කෙචි යයි පළමුවන ප්‍රශ්නයෙහි නොදක්නහු සඳහා ප්‍රතික්ෂේප කරයි. දෙවන ප්‍රශ්නයෙහි දක්නහු සඳහා පිළිගනී. එය වනාහි ලබ්ධි මාත්‍රයකි. එහෙයින් සබ්බෙ තෙ යයි වාදයේ බිඳීමට බාල පුථුජ්ජනා යනාදිය කීය.
දුක්ඛාහාරකථාවණ්ණනා.
චිත්තට්ඨිතිකථාවණ්ණනා
15. චිත්තට්ඨිති කථා
ඉදානි චිත්තට්ඨිතිකථා නාම හොති. තත්ථ යෙසං සමාපත්තිචිත්තඤ්චෙව භවඞ්ගචිත්තඤ්ච අනුප්පබන්ධෙන පවත්තමානං දිස්වා “එකමෙව චිත්තං චිරං තිට්ඨතී”ති ලද්ධි සෙය්යථාපි එතරහි හෙට්ඨා වුත්තප්පභෙදානං අන්ධකානං, තංලද්ධිවිසොධනත්ථං එකං, චිත්තං දිවසං තිට්ඨතීති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා පරවාදිස්ස. උපඩ්ඪදිවසො උප්පාදක්ඛණොති එත්ථ ඨිතික්ඛණං අනාමසිත්වා “අනිච්චා වත සඞ්ඛාරා, උප්පාදවයධම්මිනො”ති (සං· නි· 1.186; 2.143) දෙසනානයෙන උප්පාදවයවසෙනෙව පුච්ඡා කතා.
දැන් චිත්තට්ඨිති කථා වේ. එහි යමෙකුගේ සමාපත්ති සිත මෙන්ම භවාංග සිත ද නොසිඳීමෙන් පවත්නා බව දැක එකම සිත කලක් සිටී යයි ලබ්ධිය, දැන් යට කියන ලද භේද ඇති අන්ධකයින්ගේ ඒ ලබ්ධි විශෝධනය පිණිස එක චිත්තං දිවසං තිට්ඨති යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. උපඩ්ඪදිවසො උප්පාදඛණො යයි මෙහි ඨිති ක්ෂණය නොගෙන ‘අනිච්චා වත සංඛාරා උප්පාද වයධම්මිනො’ යන දේශනා නයින් උප්පාද ව්‍යය වශයෙන් විචාරණ ලදී.
තෙ ධම්මා චිත්තෙන ලහුපරිවත්තාති පුට්ඨො චිත්තතො ලහුතරපරිවත්තිනො ධම්මෙ අපස්සන්තො පටික්ඛිපති. දුතියං පුට්ඨො යස්ස චිත්තස්ස දීඝට්ඨිතිං ඉච්ඡති, තං සන්ධාය පටිජානාති. යාවතායුකං තිට්ඨතීති පඤ්හෙ “චුල්ලාසීතිසහස්සානි, කප්පා තිට්ඨන්ති යෙ මරූ”තිආදිවචනවසෙන (මහානි· 10) ආරුප්පතො අඤ්ඤත්ර පටික්ඛිපති, ආරුප්පෙ පටිජානාති. මුහුත්තං මුහුත්තං උප්පජ්ජතීති පඤ්හෙ පරවාදිස්ස “උප්පාදවයධම්මිනො”තිආදිසුත්තවිරොධභයෙන පටිජානාති. ඨිතිං පනස්ස ලද්ධිවසෙන ඉච්ඡති. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
තෙ ධම්ම චිත්තෙන ලහුපරිවත්තො යයි විචාරණ ලද්දේ සිත් වශයෙන් වහා පෙරලෙන දහම නොදන්නේ ප්‍රතික්ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ යමෙකුගේ සිතේ දිගුපැවැත්මක් කැමති වෙයි. ඒ සඳහා පිළිගනී. යාවතායුකං තිට්ඨති යන ප්‍රශ්නයෙහි ‘කල්ප අසූ ලක්ෂයක් සිටිති යම් දෙවියෝ’ ආදි වචන වශයෙන් ආරුප්පයෙන් අන්තැනක ප්‍රතික්ෂේප කරයි. ආරුප්පයෙහි (අරූපාවචර ලෝකවල) පිළිගනී. මුහුත්තං මුහුත්තං උප්පජ්ජති ප්‍රශ්නයෙහි පරවාදියාට ‘උප්පාද වය ධම්මිනො’ යයි ආදි සූත්‍ර විරොධ භයෙන් පිළිගනී. ඨිතිය වනාහි ඔහුගේ ලබ්ධි වශයෙන් කැමති වේ. මෙහි සෙස්ස නොගැඹුරු අරුත් වේ.
චිත්තට්ඨිතිකථාවණ්ණනා.
කුක්කුළකථාවණ්ණනා
16. කුක්කුළ කථා
ඉදානි කුක්කුළකථා නාම හොති. තත්ථ යෙසං “සබ්බං, භික්ඛවෙ, ආදිත්තං (සං· නි· 4.28; මහාව· 54) සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා”තිආදීනි (ධ· ප· 278) සුත්තානි අයොනිසො ගහෙත්වා “නිප්පරියායෙනෙව සබ්බෙ සඞ්ඛාරා කුක්කුළා වීතච්චිතඞ්ගාරසම්මිස්සා ඡාරිකනිරයසදිසා”ති ලද්ධි, සෙය්යථාපි එතරහි ගොකුලිකානං; තෙසං නානප්පකාරසුඛසන්දස්සනෙන තං ලද්ධිං විවෙචෙතුං පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා පරවාදිස්ස. තත්ථ අනොධිං කත්වාති ඔධිං මරියාදං කොට්ඨාසං අකරිත්වා, අවිසෙසෙන සබ්බෙයෙවාති අත්ථො. සෙසං සබ්බං පාළිනයෙනෙව වෙදිතබ්බං සද්ධිං සුත්තසාධනායාති.
දැන් කුක්කුළ කථා නම් වේ. එහි ‘මහණෙනි, සියල්ල ඇවිල ගන්නා ලදී. සියළු සංස්කාර දුක් වේ’ ආදි සූත්‍ර කල්පනා නොකර ගෙන වෙනසක් නැතිව සියළු සංස්කාර කුක්කුළ නරකයෙහි මෙන් පහවූ ගිනිඅඟුරු ඇති මිශ්‍ර වූ උනු අළු සමාන යයි ලබ්ධිය, යම්සේ දැන් ගෝකුලිකයන් මෙනි. ඔවුන්ගේ නොයෙක් ආකාර සැප සංසන්දනයෙන් ඒ ලබ්ධිය විවේචනය සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. එහි අනොධිං කත්වා යනු සීමාවක් නොකොට අවිශේෂයෙන් සියල්ලම යන අර්ථය වේ. සෙසු සියල්ල පෙළ වශයෙන්ම සූත්‍ර සාධනය ද සමග දතයුතුය.
කුක්කුළකථාවණ්ණනා.
අනුපුබ්බාභිසමයකථාවණ්ණනා
17. අනුපුබ්බාභිසමය කථා
ඉදානි අනුපුබ්බාභිසමයකථා නාම හොති. තත්ථ යෙසං –
දැන් අනුපූර්ව අභිසමය කථා නම් වේ. එහි යමෙකුගේ:
“අනුපුබ්බෙන මෙධාවී, ථොකං ථොකං ඛණෙ ඛණෙ; කම්මාරො රජතස්සෙව, නිද්ධමෙ මලමත්තනො”ති. (ධ· ප· 239) –
ටික ටික සැණ විසින් - නුවණැත්තා පිළිවෙළින් රිදියෙහි සිපි ලෙසින් - තම මල බැහැර ලන්නේ
ආදීනි සුත්තානි අයොනිසො ගහෙත්වා “සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො එකච්චෙ කිලෙසෙ දුක්ඛදස්සනෙන පජහති, එකච්චෙ සමුදයනිරොධමග්ගදස්සනෙන, තථා සෙසාපීති එවං සොළසහි කොට්ඨාසෙහි අනුපුබ්බෙන කිලෙසප්පහානං කත්වා අරහත්තපටිලාභො හොතී”ති එවරූපා නානාභිසමයලද්ධි උප්පන්නා, සෙය්යථාපි එතරහි අන්ධකසබ්බත්ථිකසම්මිතියභද්රයානිකානං; තෙසං ලද්ධිවිවෙචනත්ථං අනුපුබ්බාභිසමයොති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අනුපුබ්බෙන සොතාපත්තිමග්ගන්ති පුට්ඨො පන එකස්ස මග්ගස්ස බහුභාවාපත්තිභයෙන පටික්ඛිපති. දුතියං පුට්ඨො දුක්ඛදස්සනාදිවසෙන පටිජානාති. තානි වා චත්තාරිපි ඤාණානි එකො සොතාපත්තිමග්ගොයෙවාති පටිජානාති, ඵලං පන එකමෙව ඉච්ඡති, තස්මා පටික්ඛිපති. සකදාගාමිමග්ගාදීසුපි එසෙව නයො.
ආදි දේශනා නුනුවණින් ගෙන සෝවාන්පලය අවබෝධ කිරීම සඳහා පිළිපන්නේ ඇතැම් කෙලෙස් දුක් දැකීමෙන් අත්හරියි. ඇතැම් කෙලෙස් සමුදය නිරෝධ මාර්ග දැකීමෙන් අත්හරියි. සෙස්ස ද මෙසේ සොළොස් කොටසකින් පිළිවෙළින් කෙලෙස් ප්‍රහානය කොට රහත්වීම වෙයි. මෙබඳු වූ නොයෙක් අවබෝධ ලබ්ධිය ඇතිවිය. දැන් අන්ධක, සර්වාස්තිවාදි, සමිමිතිය, භද්රයානිකයන්ගේ මෙනි. ඔවුන්ගේ ලබ්ධි විවේචනයට අනුපුබ්බාති සමයො යයි විචාරීම සකවාදියාය. ප්‍රතිඥාව පරවාදියාටය. අනුපුබ්බෙන සොතාපත්ති මග්ගං යයි විචාරණ ලද්දේ එක මගකට බොහෝ ආකාර පැමිණීම බියෙන් ප්‍රතික්ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ දුක්ඛ දර්ශන වශයෙන් පිළිගනී. ඒවා හෝ සතර ඤාණය ද එකම සෝවාන් මාර්ගයයි පිළිගනී. පලය වනාහි එකක්ම කැමති වේ. එනිසා ප්‍රතික්ෂේප කරයි. සකදාගාමි මාර්ග ආදියේ ද මෙම නයම වේ.
මග්ගෙ දිට්ඨෙ ඵලෙ ඨිතොති පඤ්හෙ යස්මා දුක්ඛදස්සනාදීහි දස්සනං අපරිනිට්ඨිතං, මග්ගදස්සනෙන පරිනිට්ඨිතං නාම හොති, තදා සො ඵලෙ ඨිතොති සඞ්ඛං ගච්ඡති, තස්මා පටිජානාති.
මග්ගෙ දිට්ඨෙ ඵලෙ ඨිතො යන ප්‍රශ්නයෙහි දුක්ඛ දර්ශනාදියෙන් දැකීම අවසන් නොවේ. මාර්ග දර්ශනයෙන් අවසාන නම් වේ. එකල හේ පලයේ සිටියේය යන සංඛ්‍යාවට යයි. එනිසා පිළිගනී.
දුක්ඛෙ දිට්ඨෙ චත්තාරි සච්චානීති පුච්ඡා පරවාදිස්ස, එකාභිසමයවසෙන පටිඤ්ඤා සකවාදිස්ස. පුන දුක්ඛසච්චං චත්තාරි සච්චානීති අනුයොගෙ චතුන්නම්පි නානාසභාවත්තා පටික්ඛෙපො තස්සෙව.
දුක්ඛෙ දිට්ඨෙ චත්තාරි සච්චානි විචාරීම පරවාදියාටය. එක් අභිසමය වශයෙන් ප්‍රතිඥාව සකවාදියාටය. පුන දුක්ඛ සච්චං චත්තාරි සච්චානි යයි අනුයෝගය වේ. සතරද නානා භාව බැවින් ප්රතික්ෂේපය ඔහුටමය.
රූපක්ඛන්ධෙ අනිච්චතො දිට්ඨෙති පුච්ඡා සකවාදිස්ස, සමුද්දතො එකබින්දුස්ස රසෙ පටිවිද්ධෙ සෙසඋදකස්ස පටිවෙධො විය එකධම්මෙ අනිච්චාදිතො පටිවිද්ධෙ සබ්බෙපි පටිවිද්ධා හොන්තීති ලද්ධියා පටිඤ්ඤා පරවාදිස්ස.
රූපක්ඛන්ධෙ අනිච්චතො දිට්ඨෙ යයි විචාරීම සකවාදියාය. මුහුදෙහි එක ජලබිඳුවක රස බැලූවිට සෙසු ජලයේ රස බැලුවා සේ එක් දහමක් අනිත්යාදියෙන් අවබෝධ කිරීමෙන් සියල්ලම අවබෝධ කෙළේය යන ලබ්ධියෙන් ප්‍රතිඥාව පරවාදියාටය.
චතූහි ඤාණෙහීති දුක්ඛෙ ඤාණාදීහි. අට්ඨහි ඤාණෙහීති සාවකානං සාධාරණෙහි සච්චඤාණෙහි චෙව පටිසම්භිදාඤාණෙහි ච. ද්වාදසහි ඤාණෙහීති ද්වාදසඞ්ගපටිච්චසමුප්පාදඤාණෙහි. චතුචත්තාරීසාය ඤාණෙහීති “ජරාමරණෙ ඤාණං, ජරාමරණසමුදයෙ ඤාණ”න්ති එවං නිදානවග්ගෙ වුත්තඤාණෙහි. සත්තසත්තතියා ඤාණෙහීති “ජරාමරණං, භික්ඛවෙ, අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්ම”න්ති (සං· නි· 2.20) එවං තත්ථෙව වුත්තඤාණෙහි. සෙසමෙත්ථ පාළිනයෙනෙව වෙදිතබ්බං සද්ධිං සුත්තසාධනෙනාති.
චතූහි ඤාණෙහි යනු දුක් ඤාණාදියෙන්. අට්ඨහි ඤාණෙහි ශ්‍රාවකයන්ට සාධාරණ වූ සත්‍ය ඤාණයෙන් මෙන්ම පටිසම්භිදා ඤාණයෙන් ද. ද්වාදස්හි ඤාණෙහි අංග දොළහක් ඇති පටිච්ච සමුප්පාද ඤාණයෙන්. චතුචත්තාරීසාය ඤාණෙහි ජරාමරණ ඤාණය, ජරාමරණ සමුදය ඤාණය යයි මෙසේ නිදාන වර්ගයෙහි කියන ලද ඤාණයෙන් සත්ත සත්තිතියා ඤාණෙහි මහණෙනි, ජරාමරණ අනිත්‍යය, සංඛතය, පටිච්ච සමුප්පන්නය, ක්ෂය ධර්මය, ව්‍යය ධර්මය, විරාග ධර්මය, නිරෝධ ධර්මය යයි මෙසේ එහිම කියන ලද ඤාණයෙන් මෙහි සෙස්ස සූත්‍ර සාධනය සමග පෙළේ එන ලෙස දැනගත යුතුය.
අනුපුබ්බාභිසමයකථාවණ්ණනා.
වොහාරකථාවණ්ණනා
18. වොහාර කථා
ඉදානි වොහාරකථා නාම හොති. තත්ථ බුද්ධො භගවා ලොකුත්තරෙන වොහාරෙන වොහරතීති යෙසං ලද්ධි, සෙය්යථාපි එතරහි අන්ධකානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, ලද්ධිවසෙන පටිඤ්ඤා පරවාදිස්ස. ලොකුත්තරෙ සොතෙතිආදීනි තස්ස අයුත්තවාදීභාවදීපනත්ථං වුත්තානි. අයඤ්හෙත්ථ අධිප්පායො – “සද්දායතනමෙව තෙ ලොකුත්තරං, උදාහු සොතාදීනිපී”ති.
දැන් ව්‍යවහාර කථා නම් වේ. එහි භාග්‍යවත් බුදුන්වහන්සේ ලෝකෝත්තර ව්‍යවහාරයෙන් ව්‍යවහාර කරන්නේ යයි යමෙකුගේ ලබ්ධිය, යම්සේ දැන් අන්ධකයින්ගේ මෙන්ම ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ලබ්ධි වශයෙන් ප්‍රතිඥාව පරවාදියාටය. ලොකුත්තර සො තෙ ආදිය එහි අයුතුබව දැක්වීම සඳහා කියන ලදී. එහි අදහස මෙය වේ. ශබ්දායතනයම ඔවුන්ගේ ලෝකෝත්තරය ද නැතහොත් සෝතාදිය වේද?
හඤ්චි බුද්ධස්ස භගවතො වොහාරො ලොකියෙ සොතෙ පටිහඤ්ඤතීති එත්ථ යදි සො ලොකුත්තරෙ පටිහඤ්ඤෙය්ය. ලොකුත්තරො සියාති එවමත්ථො න ගහෙතබ්බො. ලොකියෙ පටිහඤ්ඤමානස්ස පන ලොකුත්තරතා නාම නත්ථීති අයමෙත්ථාධිප්පායො. ලොකියෙන විඤ්ඤාණෙනාති එත්ථාපි ලොකියෙනෙවාති අත්ථො. ඉතරථා අනෙකන්තතා සියා. ලොකුත්තරඤ්හි ලොකියෙනපි ඤාණෙන ඤායතී. එවං සබ්බං යථානුරූපතො වෙදිතබ්බං. සබ්බෙ තෙ මග්ගං භාවෙන්තීති පඤ්හෙසු යෙ මග්ගං නප්පටිලභන්ති, තෙ සන්ධාය පටික්ඛිපති. යෙ පටිලභන්ති, තෙ සන්ධාය පටිජානාති.
හඤ්චි බුද්ධස්ස භගවතො වොහාරො ලොකියෙ සොකෙ පටිහඤ්ඤති යන මෙහි ඉදින් එය ලෝකෝත්තරය. ස්පර්ශ වේ නම් ලෝකෝත්තර වන්නේ යයි මෙසේ අර්ථය නොගත යුතුය. ලෞකිකයෙහි ස්පර්ශ වන්න වනාහි ලෝකොත්තරත්වයක් නම් නැත යයි මෙහි අදහස් මේ වේ. ලොකියෙන විඤ්ඤාණෙන යන මෙහිද ලෞකිකයෙන්ම යන අර්ථය වේ. ඉතිරිවායේ ආකාර විවිධ වේ. ලෝකෝත්තරයෙහි ලෞකික ඤාණයෙන් ද දැනගනී. මෙසේ සියල්ල යථානුරූපයෙන් දැනගතයුතුය. සබ්බෙ තෙ මග්ගං භාවෙන්ති යන ප්රශ්නවල ඇතමෙක් මාර්ගය නොලබති. ඔවුන් සඳහා ප්‍රතික්ෂේප කරයි. ඇතමෙක් ලබති. ඔවුන් සඳහා පිළිගනී.
සොවණ්ණමයායාති සුවණ්ණමයාය. ඉදං පරවාදිස්ස උදාහරණං.
සොවණ්ණමයාය රුවන් මුවාවෙන්. මෙය පරවාදියාටය. උදාහරණං
එළණ්ඩියායාති එළණ්ඩමයාය. ඉදං සකවාදිස්ස උදාහරණං. ලොකියං වොහරන්තස්ස ලොකියොති අයම්පි එකා ලද්ධි. සා එතරහි එකච්චානං අන්ධකානං ලද්ධි. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
ඵලණ්ඩියාය, එරඬුවලින්, මෙය සකවාදියාටය. උදාහරණ: ලොකියං වොහාරන්තස්ස ලොකියො මෙය ද එක් ලබ්ධියකි. එය දැන් ඇතැම් අන්ධකයින්ගේ ලබ්ධිය වේ. මෙහි සෙස්ස නොගැඹුරු අරුත්ම වේ.
වොහාරකථාවණ්ණනා.
නිරොධකථාවණ්ණනා
19. නිරොධ කථා
ඉදානි නිරොධකථා නාම හොති. තත්ථ යෙසං අප්පටිසඞ්ඛානිරොධඤ්ච පටිසඞ්ඛානිරොධඤ්ච ද්වෙපි එකතො කත්වා නිරොධසච්චන්ති ලද්ධි, සෙය්යථාපි එතරහි මහිසාසකානඤ්චෙව අන්ධකානඤ්ච; තෙ සන්ධාය ද්වෙ නිරොධාති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා පරවාදිස්ස . ද්වෙ දුක්ඛනිරොධාති පඤ්හෙසු යස්මා ද්වෙ දුක්ඛසච්චානි න ඉච්ඡති, තස්මා පටික්ඛිපති. යස්මා ද්වීහාකාරෙහි දුක්ඛං නිරුජ්ඣතීති ඉච්ඡති, තස්මා පටිජානාති. ද්වෙ නිරොධසච්චානීතිපඤ්හෙසු ද්වින්නං දුක්ඛසච්චානං නිරොධවසෙනඅනිච්ඡන්තො පටික්ඛිපති. ද්වීහාකාරෙහි දුක්ඛස්ස නිරුජ්ඣනතො පටිජානාති. ද්වෙ තාණානීතිආදීසුපි එසෙව නයො.
දැන් නිරෝධ කථා නම් වේ. එහි යමෙකුගේ නුවණින් නොබැලූ නිරෝධය ද නුවණින් බැලූ නිරෝධය ද යන දෙකම එකක් කොට නිරෝධ සත්‍යයයි ලබ්ධිය වේ. යම්සේ දැන් මහිංසාසකයන්ගේ මෙන්ම අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා ද්වෙ නිරොධා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ද්වෙ දුක්ඛ නිරොධා ප්රශ්නවල යම්හෙයකින් දුක්ඛ සත්‍ය දෙකක් කැමති නොවේ. එනිසා ප්‍රතික්ෂේප කරයි. යම්හෙයකින් දෙයාකාරයකින් දුක් නිරුද්ධ වේයයි කැමති වේ. එනිසා පිළිගනී. ද්වෙ නිරොධ සච්චානි යන ප්රශ්නවල දුක්ඛ සත්‍ය දෙකක් නිරෝධ වශයෙන් අකැමති වන්නේ ප්‍රතික්ෂේප කරයි. දෙයාකාරයකින් දුක්වල නිරෝධවීමෙන් පිළිගනී. ද්වෙ තාණානි ආදියෙහි ද මෙම නයම වේ.
අත්ථි ද්වින්නං නිබ්බානානන්තිආදීසු පුච්ඡාසු උච්චනීචතාදීනි අපස්සන්තො පටික්ඛිපති.
අත්ථි ද්වින්නං නිබ්බානං යනාදියෙහි ප්රශ්නවල උස් පහත් බව නො දන්නේ ප්‍රතික්ෂේප කරයි.
අප්පටිසඞ්ඛානිරුද්ධෙති යෙ පටිසඞ්ඛාය ලොකුත්තරෙන ඤාණෙන අනිරුද්ධා සුද්ධපකතිකත්තා වා උද්දෙසපරිපුච්ඡාදීනං වා වසෙන න සමුදාචරණතො නිරුද්ධාති වුච්චන්ති, තෙ සඞ්ඛාරෙ. පටිසඞ්ඛා නිරොධෙන්තීති. ලොකුත්තරඤාණෙන නිරොධෙන්ති අනුප්පත්තිභාවං ගමෙන්ති. නනු අප්පටිසඞ්ඛානිරුද්ධා සඞ්ඛාරාති පුච්ඡා පරවාදිස්ස . තත්ථ භග්ගානං පුන අභඤ්ජනතො අප්පටිසඞ්ඛානිරුද්ධානං වා අරියමග්ගෙ උප්පන්නෙ තථා නිරුජ්ඣනතොව සකවාදී අච්චන්තභග්ගතං පටිජානාති. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
අප්පටිසංඛා නිරුද්ධෙ යන යමෙක් ලෝකෝත්තර ඤාණයෙන් නිරුද්ධ නොවූයේ සුද්ධ ප්රකෘතිකත්වය හෝ ඉදිරිපත් කිරිම විචාරය හෝ ලෙසින් පැවතීමෙන් නිරුද්ධ කියනු ලැබේ. ඒ සංස්කාරයෝ, පටිසංඛා නිරොධං යයි ලෝකෝත්තර ඤාණයෙන් නිරුද්ධ වේ. නො ඉපදීම්බවට පැමිණෙයි. තත්ර අප්පටිසංඛා නිරුද්ධා සංඛාරා විචාරීම සත්යාදියටය. එහි බිඳුනවුන්ගේ නැවත නො බිඳීමෙන් නුනුවණින් මෙනෙහි කිරිමෙන් නිරුද්ධ වූවන්ගේ හෝ ආර්ය මාර්ගයෙහි උපන්කල්හි එසේ නිරුද්ධ වීමෙන්ම ද සකවාදියා අත්‍යන්ත බිඳුනුබව පිළිගනී. මෙහි සෙස්ස පැහැදිලිය.
නිරොධකථාවණ්ණනා.
දුතියො වග්ගො.
දෙවෙනි වර්ගය සමාප්තයි.