යෙදුමෙන් කියවන්න

3. තතියවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. තුන්වැනි වර්ගය

බලකථාවණ‍්ණනා

20. බල කථා

ඉදානි බලකථා නාම හොති. තත්‍ථ යෙසං අනුරුද‍්ධසංයුත‍්තෙ “ඉමෙසඤ‍්ච පනාහං, ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො යථාභූතං පජානාමී”තිආදීනි (සං· නි· 5.913) දසසුත‍්තානි අයොනිසො ගහෙත්‍වා “තථාගතබලං සාවකසාධාරණ”න‍්ති ලද‍්ධි, සෙය්‍යථාපි එතරහි අන්‍ධකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, ලද‍්ධියං ඨත්‍වා පටිඤ‍්ඤා පරවාදිස‍්ස. තථාගතබලඤ‍්ච නාමෙතං සාවකෙහි සාධාරණම‍්පි අත්‍ථි අසාධාරණම‍්පි සාධාරණාසාධාරණම‍්පි. තත්‍ථ ආසවානං ඛයෙ ඤාණං සාධාරණං. ඉන්‍ද්‍රියපරොපරියත‍්තිඤාණං අසාධාරණං. සෙසං සාධාරණඤ‍්ච අසාධාරණඤ‍්ච. ඨානාට‍්ඨානාදීනි හි සාවකා පදෙසෙන ජානන‍්ති, තථාගතා නිප‍්පදෙසෙන. ඉති තානි උද‍්දෙසතො සාධාරණානි, න නිද‍්දෙසතො. අයං පන අවිසෙසෙන සබ‍්බම‍්පි සාධාරණන‍්ති ආහ. තමෙනං තතො විවෙචෙතුං තථාගතබලං සාවකබලන‍්ති පුන අනුයොගො ආරද‍්ධො. තත්‍ථ පඨමපඤ‍්හෙ නිද‍්දෙසතො සබ‍්බාකාරවිසයතං සන්‍ධාය පටික‍්ඛිපති. දුතියපඤ‍්හෙ උද‍්දෙසතො ඨානාට‍්ඨානමත‍්තාදිජානනවසෙන පටිජානාති. තඤ‍්ඤෙවාතිආදිපඤ‍්හෙසු සබ‍්බාකාරෙන නින‍්නානාකරණතාය අභාවෙන පටික‍්ඛිපති. පුබ‍්බයොගො ච පුබ‍්බචරියා ච අත්‍ථතො එකං, තථා ධම‍්මක‍්ඛානඤ‍්ච ධම‍්මදෙසනා ච.

දැන් බලකථා නම් වේ. එහි යමෙකුගේ අනුරුද්ධ සංයුත්තයේ ‘ඇවැත්නි, මම මේ සතර සීවටන් භාවිත කොට, බහුලකොට, හේතුව හේතුව වශයෙන් ද අහේතුව අහේතුව යථාපරිදි දනිමි’ යනාදි සූත්‍ර දහය නුනුවණින් ගෙන තථාගතයන් වහන්සේගේ බලය ශ්‍රාවකයින්ට සාධාරණ යයි ලබ්ධිය. යම්සේ දැන් අන්ධකයින්ගේ මෙන්, ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ලබ්ධියෙහි සිට ප්‍රතිඥාව පරවාදියාටය. තථාගත බලයද නම් මෙය ශ්‍රාවකයින්ට සාධාරණ ද අසාධාරණ ද සාධාරණ අසාධාරණ ද ඇත. එහි ආශ්‍රවයන්ගේ ක්‍ෂය ඤාණය සාධාරණය. ඉන්‍ද්‍රිය පරොපරියත්ති ඤාණය අසාධාරණය. සෙසු ඒවා සාධාරණ ද අසාධාරණ ද වේ. ඨානාඨානාදිය ශ්‍රාවකයෝ කොටසක් දනිති. තථාගතයන් වහන්සේ නිප්පදේසයෙන් (සම්පූර්ණයෙන්) දනිති. මෙසේ ඒවායේ උද්දේසය (මාතෘකා) වශයෙන් සාධාරණ වේ. නිද්දේස (විස්තර) වශයෙන් නොවේ. මෙය වනාහි අවිශේෂයෙන් සියල්ලම සාධාරණ යයි කීය. එය විවේචනයට තථාගත බලං සාවක බලං යයි නැවත අනුයෝගය ආරම්භ කරන ලදී. එහි පළමු ප්‍රශ්නයෙහි නිද්දේස වශයෙන් සියළු ආකාර විෂය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. දෙවන ප්‍රශ්නයෙහි උද්දේස වශයෙන් ඨානාඨාන මාත්‍රාදිය දැනීම් වශයෙන් පිළිගනී. තඤ්ඤෙවා යනාදි ප්‍රශ්නවල සියළු ආකාරයෙන් නින්නාන (නිර්නය හෝ ස්වරභේදය) කරණය අභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි. පුබ්බයොගො ච පුබ්බචරියා ච අර්ථ වශයෙන් එකය. එසේම ධම්මක්‍ඛානඤ්ච ධම්ම දෙසනාච.

ඉන්‍ද්‍රියපරොපරියත‍්තිපඤ‍්හෙ එකදෙසෙන සාධාරණතං සන්‍ධාය සාවකවිසයෙ පටිජානාති.

ඉන්‍ද්‍රිය පරෝපරියත්ති ප්‍රශ්නයෙහි එක් දෙසකින් සාධාරණභාවය සඳහා ශ්‍රාවක විෂයෙහි පිළිගනී.

ඉදානි යස‍්මා උද‍්දෙසතො ඨානාට‍්ඨානාදීනි සාවකො ජානාති, තස‍්මා සාවකස‍්ස තථා ජානනං පකාසෙත්‍වා තෙන ජානනමත‍්තසාමඤ‍්ඤෙන තෙසං සාවකසාධාරණත‍්තං පතිට‍්ඨාපෙතුං සාවකො ඨානාට‍්ඨානං ජානාතීතිආදයො පරවාදිපඤ‍්හා හොන‍්ති. තත්‍ථ ඉන්‍ද්‍රියපරොපරියත‍්තිඤාණං ඡන‍්නං අසාධාරණඤාණානං අඤ‍්ඤතරන‍්ති න ගහිතං. ආසවක‍්ඛයෙන වා ආසවක‍්ඛයන‍්ති යං තථාගතස‍්ස ආසවක‍්ඛයෙන සද‍්ධිං සාවකස‍්ස ආසවක‍්ඛයං පටිච‍්ච වත‍්තබ‍්බං සියා නානාකරණං, තං නත්‍ථි. විමුත‍්තියා වා විමුත‍්තින‍්ති පදෙපි එසෙව නයො. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙව.

දැන් යම්හෙයකින් උද්දේස වශයෙන් සමාන ස්ථානාදිය ශ්‍රාවකයා දනියි. එහෙයින් ශ්‍රාවකයාගේ එබඳු දැනීම ප්‍රකාශකොට දැනීම් මාත්‍ර සමාන බවෙන් එය ශ්‍රාවක සාධාරණ යයි පිහිටුවීමට සාවකො ඨානං ඨානං ජානාති යනාදිය පරවාදි ප්‍රශ්නය වේ. එහි ඉන්‍ද්‍රිය පරොපරියත්ති ඤාණය, ෂට් අසාධාරණ ඤාණවලින් වෙනත් එකක් යයි ගන්නා ලදී. ආසවක්‍ඛෙන වා ආසවක්‍ඛයං තථාගතයන් වහන්සේ ආසවක්‍ඛය ඤාණය සමග ශ්‍රාවකයින්ගේ ආසවක්‍ඛය ඤාණය සැසදීමේදී වෙනස්කම් ඇති බව කිවයුතු වන්නේය. එය නැත. විමුත්තියා වා විමුත්ති පදවල ද මෙම නයම වේ. මෙහි සෙස්ස පැහැදිලිය.

ඉදානි යං සකවාදිනා “ආසවානං ඛයෙ ඤාණං සාධාරණ”න‍්ති අනුඤ‍්ඤාතං, තෙන සද‍්ධිං සංසන්‍දිත්‍වා සෙසානම‍්පි සාධාරණභාවං පුච‍්ඡිතුං පුන ආසවානං ඛයෙතිආදයො පරවාදිපඤ‍්හාව හොන‍්ති. තෙසං විස‍්සජ‍්ජනෙ සකවාදිනා ආසවක‍්ඛයෙ විසෙසාභාවෙන තං ඤාණං සාධාරණන‍්ති අනුඤ‍්ඤාතං. ඉතරෙසුපි විසෙසාභාවෙන සාධාරණතා පටික‍්ඛිත‍්තා. පුන ඨානාට‍්ඨානාදීනං ආසවක‍්ඛයෙනෙව සද‍්ධිං සංසන්‍දිත්‍වා අසාධාරණපුච‍්ඡා පරවාදිස‍්සෙව. තත්‍ථ ආසවක‍්ඛයඤාණෙ පටික‍්ඛෙපො, සෙසෙසු ච පටිඤ‍්ඤා සකවාදිස‍්ස. තතො ඉන්‍ද්‍රියපරොපරියත‍්තෙන සද‍්ධිං සංසන්‍දිත්‍වා අසාධාරණපුච‍්ඡා පරවාදිස‍්ස. සා සඞ‍්ඛිපිත්‍වා දස‍්සිතා. තථාපි ඉන්‍ද්‍රියපරොපරියත‍්තෙ පටිඤ‍්ඤා, සෙසෙසු ච පටික‍්ඛෙපො සකවාදිස‍්ස. තතො ඨානාට‍්ඨානාදීහි සද‍්ධිං සංසන්‍දිත්‍වා ඉන්‍ද්‍රියපරොපරියත‍්තස‍්ස සාධාරණපුච‍්ඡා පරවාදිස‍්ස. සාපි සඞ‍්ඛිපිත්‍වාව දස‍්සිතා. තත්‍ථ ඉන්‍ද්‍රියපරොපරියත‍්තෙ පටික‍්ඛෙපො. සෙසෙසු ච පටිඤ‍්ඤා සකවාදිස‍්සාති.

දැන් සකවාදිය විසින් අශ්‍රවයන්ගේ යම් ක්‍ෂය ඤාණයක් සාධාරණ යයි අනුමත කරන ලදී. එය සමග සසඳා සෙස්සෙහි ද සාධාරණ බව විචාරීමට නැවත ආසවානං ඛයෙ යනාදිය පරවාදි ප්‍රශ්න වේ. ඒවා විසඳීමෙහි සකවාදියා විසින් ආශ්‍රවක්‍ෂයෙහි විශේෂ භාවයෙන් සාධාරණ බව ප්‍රතික්‍ෂේප කරන ලදී. නැවත ස්ථාන ස්ථානාදියේ ආසවක්‍ඛය සමගම සසඳා අසාධාරණ ප්‍රශ්න පරවාදියාටය. එහි ආසවක්‍ඛය ඤාණයෙහි ප්‍රතික්‍ෂේප සෙසු තන්හි ප්‍රතිඥා සකවාදියාටය. ඉන්පසු ඉන්‍ද්‍රිය පරෝපරියත්තිය සමග සසඳා අසාධාරණ ප්‍රශ්න පරවාදියාටය. එය සංක්‍ෂේපකොට දක්වන ලදී. එහි ඉන්‍ද්‍රිය පරෝපරියත්තයෙහි ප්‍රතික්‍ෂේපය හා සෙසු තැන්වල ප්‍රතිඥාව සකවාදියාටය.

බලකථාවණ‍්ණනා.

අරියන‍්තිකථාවණ‍්ණනා

21. අරියන්ති කථා

ඉදානි අරියන‍්තිකථා නාම හොති. තත්‍ථ යෙසං “න කෙවලං ආසවක‍්ඛයඤාණමෙව අරියං, අථ ඛො පුරිමානිපි නව බලානි අරියානි”ච‍්චෙව ලද‍්ධි, සෙය්‍යථාපි එතරහි අන්‍ධකානං; තෙ සන්‍ධාය අරියන‍්ති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. පුන යදි තං අරියං, මග‍්ගාදීසු තෙන අඤ‍්ඤතරෙන භවිතබ‍්බන‍්ති මග‍්ගාදිවසෙන පුච‍්ඡා සකවාදිස‍්ස, පටික‍්ඛෙපො ඉතරස‍්ස.

දැන් අරියන්ති කථා නම් වේ. එහි යමෙකුගේ කේවල වූ ආසවක්‍ඛය ඤාණයම අරිය වේ. ඉක්බිතිව පෙර නව බලය ද අරියා යයි ලබ්ධිය, යම්සේ දැන් අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා අරියං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. නැවත ඉදින් ආර්ය මාර්ගයෙහි එයින් වෙනත් දෙයක් විය යුතු යයි මාර්ගාදි වශයෙන් විචාරීම සකවාදියාටය. ප්‍රතික්‍ෂේපය පරවාදියාටය.

පුන සුඤ‍්ඤතාරම‍්මණාදිවසෙන පුච‍්ඡා සකවාදිස‍්ස. තත්‍ථ ද‍්වෙ සුඤ‍්ඤතා – සත‍්තසුඤ‍්ඤතා ච සඞ‍්ඛාරසුඤ‍්ඤතා ච. සත‍්තසුඤ‍්ඤතා නාම දිට‍්ඨියා පරිකප‍්පිතෙන සත‍්තෙන සුඤ‍්ඤා පඤ‍්චක‍්ඛන්‍ධා. සඞ‍්ඛාරසුඤ‍්ඤතා නාම සබ‍්බසඞ‍්ඛාරෙහි සුඤ‍්ඤං විවිත‍්තං නිස‍්සටං නිබ‍්බානං. තත්‍ථ පරවාදී නිබ‍්බානාරම‍්මණතං සන්‍ධාය පටික‍්ඛිපති, සඞ‍්ඛාරාරම‍්මණතං සන්‍ධාය පටිජානාති. මනසි කරොතීති පුට‍්ඨොපි නිබ‍්බානමෙව සන්‍ධාය පටික‍්ඛිපති, සඞ‍්ඛාරෙ සන්‍ධාය පටිජානාති. තතො සකවාදිනා “ඨානාට‍්ඨානාදිමනසිකාරො සඞ‍්ඛාරාරම‍්මණො, සුඤ‍්ඤතමනසිකාරො නිබ‍්බානාරම‍්මණො”ති ඉමං නයං ගහෙත්‍වා “ද‍්වින‍්නං ඵස‍්සානං ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතී”ති පුට‍්ඨො ලෙසොකාසං අලභන‍්තො පටික‍්ඛිපති. අනිමිත‍්තාපණිහිතෙසුපි එසෙව නයො. සත‍්තනිමිත‍්තාභාවතො හි ඛන්‍ධා අනිමිත‍්තා. සඞ‍්ඛාරනිමිත‍්තාභාවතො නිබ‍්බානං. එකධම‍්මස‍්මිම‍්පි ආරොපෙත්‍වා ඨපෙතබ‍්බසඞ‍්ඛාතෙන ච පණිදහිතබ‍්බට‍්ඨෙන පණිහිතසඞ‍්ඛං ගතෙන සත‍්තපණිධිනා අප‍්පණිහිතා ඛන්‍ධා. තණ‍්හාපණිධිනා තණ‍්හාය වා ආරම‍්මණභූතෙන සබ‍්බසඞ‍්ඛාරපණිධිනා අප‍්පණිහිතං නිබ‍්බානං. තස‍්මා ඉධාපි පටික‍්ඛෙපො ච පටිඤ‍්ඤා ච පුරිමනයෙනෙව වෙදිතබ‍්බා.

නැවත ශුන්‍යතා අරමුණු වශයෙන් විචාරීම සකවාදියාටය. එහි ශූන්‍යතා දෙකකි. සත්ත්ව ශුන්‍යතා සහ සංස්කාර ශුන්‍යතා වශයෙනි. සියළු සංස්කාරවලින් ශූන්‍ය වූ වෙන්වූ ඉවත්වූ නිවණ. එහි පරවාදියා නිවන් අරමුණු සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සංස්කාර අරමුණ සඳහා පිළිගනී. මනසි කරොති යයි විචාරණ ලද්දේ ද නිවනම සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සංස්කාරයන් සඳහා පිළිගනී. එයින් සකවාදියා විසින් සමාන අසමාන මෙනෙහි කිරිම සංස්කාර අරමුණය. ශුන්‍යතා මෙනෙහි කිරීම නිවන් අරමුණ යයි මෙම නය ගෙන ද්වින්නං ඵස්සානං ද්වින්නං චිත්තානං සමොධානං හොති යයි විචාරණ ලද්දේ මඳ අවසරයක්වත් නොලබන්නේ ප්‍රතික්‍ෂේප කරයි. අනිමිත්ත අප්පණිහිතවලද මෙම නයම වේ. සත්ත්ව නිමිති අභාවයෙන් ස්කන්‍ධ අනිමිත්ත වේ. සංස්කාර නිමිති අභාවයෙන් නිවන එක් ධර්මයකට ආරෝපනය කර තැබිය යුතු සංඛ්‍යාවෙන් ද ප්‍රණිහිත අර්ථයෙන් ද ප්‍රණිහිත සංඛ්‍යාවට ගිය සත්ත්ව ප්‍රණිධානයද අපණිහිත වූ ස්කන්‍ධ වේ. තෘෂ්ණා ප්‍රාර්ථනාවෙන් තෘෂ්ණාවෙන් හෝ අරමුණු වීමෙන් සියළු සංස්කාර ප්‍රණිධියෙන් අපණිහිත වූ නිවන. එහෙයින් මෙහිද ප්‍රතික්‍ෂේපය ද පිළිගැනීම ද පෙර නයින්ම දතයුතුය.

තතො “යථා සතිපට‍්ඨානාදයො ලොකුත‍්තරධම‍්මා අරියා චෙව සුඤ‍්ඤතාදිආරම‍්මණා ච, කිං තෙ එවං ඨානාට‍්ඨානඤාණ”න‍්ති අනුලොමපටිලොමපුච‍්ඡා හොන‍්ති. තත්‍ථ සබ‍්බාපි පටිඤ‍්ඤා සබ‍්බෙ ච පටික‍්ඛෙපා පරවාදිස‍්සෙව. ඉමිනාවුපායෙන සෙසඤාණෙසුපි පුච‍්ඡාවිස‍්සජ‍්ජනං වෙදිතබ‍්බං. පාළියං පන සෙසානි සඞ‍්ඛිපිත්‍වා අවසානෙ චුතූපපාතඤාණමෙව විභත‍්තං. තතො පරං සකසමයෙපි “අරිය”න‍්ති සිද‍්ධෙන ආසවානං ඛයඤාණෙන සද‍්ධිං සංසන්‍දිත්‍වා සෙසඤාණානං අනුලොමතො ච පටිලොමතො ච අරියභාවපුච‍්ඡා හොන‍්ති. තා සබ‍්බා පරවාදිස‍්ස, පටිඤ‍්ඤා පටික‍්ඛෙපො ච සකවාදිස‍්ස . තෙ උත‍්තානත්‍ථායෙව. පාළියං පනෙත්‍ථ පඨමනවමානෙව දස‍්සෙත්‍වා සත‍්ත ඤාණානි සඞ‍්ඛිත‍්තානීති.

එයින් යම්සේ සතිපට්ඨානාදි ලෝකෝත්තර ධර්ම අරියා මෙන්ද ශුන්‍යතාදි අරමුණු ද කිම? ඔබගේ මෙසේ ස්ථාන අස්ථාන ඤාණයද? යයි අනුලෝම ප්‍රතිලෝම විචාරය වේ. එහි සියළු ප්‍රතිඥා සියළු ප්‍රතික්‍ෂේප පරවාදියාටමය. මේ උපායෙන් සෙසු ඤාණවලද ප්‍රශ්න හා විසදීම් දතයුතුය. පෙළෙහි වනාහි සෙස්ස හකුළුවා අවසානයෙහි චුතූපපාත ඤාණයම බෙදන ලදී. එයින් පසු ස්ව සමයෙහි ද අරිය යයි සිද්ධ වූ ආශ්‍රවයන්ගේ ක්‍ෂය ඤාණය සමග සසඳා සෙසු ඤාණවල අනුලෝම වශයෙන්ද ප්‍රතිලෝම වශයෙන්ද අරියභාව විචාරය වේ. ඒ සියල්ල පරවාදියාටය. ප්‍රතිඥාව ද ප්‍රතික්‍ෂේපය ද සකවාදියාටය. ඒවා පැහැදිලිය. මෙහි පෙළෙහි වනාහි පළමු නව මානයම දක්වා සත්ත ඤාණ කෙටිකරන ලදී.

අරියන‍්තිකථාවණ‍්ණනා.

අරියත්ති කථා වර්ණනා නිමි.

විමුත‍්තිකථාවණ‍්ණනා

22. විමුත්ති කථා

ඉදානි විමුත‍්තිකථා නාම හොති. තත්‍ථ යෙසං “වීතරාගචිත‍්තානං විමුත‍්තිපයොජනං නාම නත්‍ථි. යථා පන මලීනං වත්‍ථං ධොවියමානං මලා විමුච‍්චති, එවං සරාගං චිත‍්තං රාගතො විමුච‍්චතී”ති ලද‍්ධි, සෙය්‍යථාපි එතරහි අන්‍ධකානං; තෙ සන්‍ධාය සරාගන‍්ති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. තතො රාගසහගතන‍්තිආදිනා නයෙන පුට‍්ඨො මග‍්ගක‍්ඛණෙ චිත‍්තං විමුච‍්චති නාම. තදා ච එවරූපං චිත‍්තං නත්‍ථීති පටික‍්ඛිපති.

දැන් විමුත්ති කථා නම් වේ. එහි යමෙකුගේ වීතරාග සිත්වල විමුක්ති ප්‍රයෝජනයක් නම් නැත. යම්සේ වනාහි කිලිටි වස්ත්‍රයක් සෝදන ලබන්නේ කිලුටු මිදේ ද එසේ රාග සහිත සිත රාගයෙන් මිදේ යයි යන ලබ්ධිය, යම්සේ දැන් අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා සරාගා යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනිකාටය. එයින් රාගං සහගතං ආදි නයින් විචාරණ ලද්දේ මාර්ග ක්‍ෂණයෙහි සිත මිදේ නම් වේ. එකල එබඳු වූ සිතක් නැතැයි ප්‍රතික්‍ෂේප කරයි.

සඵස‍්සන‍්තිආදිනා නයෙන පුට‍්ඨොපි යථා ඵස‍්සො ච චිත‍්තඤ‍්ච උභො රාගතො විමුච‍්චන‍්ති, එවං රාගස‍්ස විමුත‍්තිං අපස‍්සමානො පටික‍්ඛිපති. සදොසාදීසුපි ඉමිනාවුපායෙන අත්‍ථො වෙදිතබ‍්බො.

සඵස්සං යනාදි නයින් විචාරණ ලද්දේ ද යම්සේ ස්පර්ශය ද සිත ද යන දෙක රාගයෙන් මිදේ. මෙසේ රාගියාගේ මිදීම නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි. සදොසාදියෙහි ද මෙම උපායෙන් අර්ථය දතයුතුය.

විමුත‍්තිකථාවණ‍්ණනා.

විමුච‍්චමානකථාවණ‍්ණනා

23. විමුච්චමාන කථා

ඉදානි විමුච‍්චමානකථා නාම හොති. තත්‍ථ යෙසං “ඣානෙන වික‍්ඛම‍්භනවිමුත‍්තියා විමුත‍්තං, මග‍්ගක‍්ඛණෙ සමුච‍්ඡෙදවිමුත‍්තියා විමුච‍්චමානං නාම හොතී”ති ලද‍්ධි, තෙ සන්‍ධාය විමුත‍්තං විමුච‍්චමානන‍්ති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස.

දැන් විමුච්චමාන කථා නම් වේ. එහි යමෙකුගේ ධ්‍යානයෙන් විෂ්කම්භනය වන විමුක්තියෙන් මිදුණු සිත මාර්ග ක්‍ෂණයෙහි සමුච්ඡේද විමුක්තියෙන් මිදෙන්නේ යයි ලබ්ධිය, ඔවුන් සඳහා විමුත්තං විමුච්චමානං යන විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය.

පුන එකදෙසන‍්ති පුච‍්ඡා සකවාදිස‍්ස. තත්‍ථ එකදෙසන‍්ති භාවනපුංසකං. යථා විමුත‍්තං, එකදෙසෙන වා එකදෙසෙ වා අවිමුත‍්තං හොති කිං එවං එකදෙසං විමුත‍්තං, එකදෙසං අවිමුත‍්තන‍්ති පුච‍්ඡති. කිං කාරණා එවං පුච‍්ඡතීති? “විමුත‍්තං විමුච‍්චමාන”න‍්ති විප‍්පකතභාවෙන වුත‍්තත‍්තා. යථා හි කරියමානා කටාදයො විප‍්පකතත‍්තා එකදෙසෙන කතා එකදෙසෙන අකතා හොන‍්ති, තථා ඉදම‍්පි එකදෙසං විමුත‍්තං එකදෙසං අවිමුත‍්තන‍්ති ආපජ‍්ජති. තතො පරවාදී කටාදීනං විය චිත‍්තස‍්ස එකදෙසාභාවා පඨමපඤ‍්හෙ පටික‍්ඛිපිත්‍වා දුතියෙ විමුච‍්චමානස‍්ස අපරිනිට‍්ඨිතවිමුත‍්තිතාය පටිජානාති. ලොකියජ‍්ඣානක‍්ඛණං වා සන්‍ධාය පටික‍්ඛිපති. න හි තං තදා සමුච‍්ඡෙදවිමුත‍්තියා විමුච‍්චමානං. ලොකුත‍්තරජ‍්ඣානක‍්ඛණං සන්‍ධාය පටිජානාති. තඤ‍්හි තදා සමුච‍්ඡෙදවිමුත‍්තියා විමුත‍්තෙකදෙසෙන විමුච‍්චමානන‍්තිස‍්ස ලද‍්ධි. තතො සකවාදී “යදි තෙ එකමෙව චිත‍්තං එකදෙසං විමුත‍්තං එකදෙසං අවිමුත‍්තං, එවං සන‍්තෙ යො එකෙනෙව චිත‍්තෙන සොතාපන‍්නො හොති, සොපි තෙ එකදෙසං සොතාපන‍්නො, එකදෙසං න සොතාපන‍්නො ආපජ‍්ජතී”ති චොදනත්‍ථං එකදෙසං සොතාපන‍්නොතිආදිමාහ. ඉතරො තං විධානං අපස‍්සන‍්තො පටික‍්ඛිපති. සෙසවාරෙසුපි එසෙව නයො.

නැවත එකදෙසං යයි විචාරීම සකවාදියාටය. එහි එකදෙසං යන භාව නපුංසක යයි. යම්සේ විමුක්තිය ඒක දේශයකින් හෝ ඒක දේසයකින් අවිමුක්තිය හෝ වේ කිම මෙසේ ඒකදේස විමුක්තිය, ඒකදේස අවිමුක්තිය යයි විචාරයි. මෙසේ විචාරීමට කරුණු කිම? විමුත්තං විමුච්චමානං අඩාල කළ බැවින් කියන ලදී. යම්සේ කරනු ලබන පැදුරු ආදිය අඩාල කරන ලද බැවින් ඒක දේශයකින් කළ, ඒක දේශයකින් නොකළා වේ. එසේම මෙයද ඒක දේශයකින් විමුක්තියට ඒක දේශයකින් අවිමුක්තියට පැමිණේ. එයින් පරවාදියා පැදුරු ආදිය මෙන් සිතේ ඒකදේශයක භාවයක් පළමු ප්‍රශ්න ප්‍රතික්‍ෂේප කොට දෙවන මිදෙන්නහුගේ අසරණ වූ විමුක්තිය පිළිගනී. එහි එකල සමුච්ඡෙද විමුක්තියෙන් ඒකදේස විමුක්තියෙන් මිදේය යන ලබ්ධියයි. එයින් සකවාදියා ඉදින් ඔබගේ එකම සිත ඒකදේස විමුත්ත ඒකදේස අවිමුත්ත වේනම් ඔබගේ ඒ සෝතාපන්නයා ද ඒකදේසයකින් සෝවාන් ද ඒක දේසයකින් සෝවාන් නොවේද වන්නේය. චෝදනාව පිණිස එකදෙසං සොතාපන්නො යනාදිය කීය. පරවාදියා ඒ විධානය නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි. සෙසු වාරවලද මෙම නයයි.

උප‍්පාදක‍්ඛණපඤ‍්හෙ යදි එකමෙව චිත‍්තං විමුත‍්තඤ‍්ච විමුච‍්චමානඤ‍්ච, එකස‍්මිං ඛණෙ විමුත‍්තං එකස‍්මිං විමුච‍්චමානං ආපජ‍්ජති. කිං තෙ එවරූපං චිත‍්තන‍්ති අත්‍ථො.

උත්පාද ක්‍ෂණ ප්‍රශ්නයෙහි ඉදින් එකම හිත මිදීමද මිදෙමින් පැවතීම ද එක් ක්‍ෂණයකදී මිදීම මිදෙමින් පැවතීමට ද පැමිණේ. ඔබේ එබඳු වූ සිතේ තේරුම කුමක්ද?

සුත‍්තසාධනෙ පඨමසුත‍්තං පරවාදිස‍්ස. තත්‍රාස‍්සායමධිප‍්පායො – විමුච‍්චතීති විප‍්පකතනිද‍්දෙසො. තස‍්මා යං තස‍්ස යොගිනො එවං ජානතො එවං පස‍්සතො එතෙහි ආසවෙහි චිත‍්තං විමුච‍්චති, තං විමුච‍්චමානං නාම හොතීති. දුතියසුත‍්තං සකවාදිස‍්ස. තත්‍රාස‍්සායමධිප‍්පායො – යදි තෙ විමුච‍්චතීති වචනතො විමුත‍්තං විමුච‍්චමානං, ඉධ විමුච‍්චතීති වචනාභාවතො විමුත‍්තමෙව සියා, න විමුච‍්චමානන‍්ති.

සූත්‍ර සාධනයෙහි ප්‍රථම සූත්‍රය පරවාදියාටය. එහි ඔහුගේ අදහස මෙසේය. විමුච්චති යන අඩාල නිර්දේශයයි. එනිසා ඒ යෝගියා මෙසේ දැනීමෙන් මෙසේ බැලීමෙන් ඒ ආශ්‍රවයන්ගෙන් සිත මිදුනේ යයි, මිදෙමින් පවතින්නේය. දෙවන සූත්‍රය සකවාදියාටය. එහි අදහස මෙසේය. ඉදින් බොහෝ මිදුනේය යන වචනයෙන් මිදෙන ලදී. මිදෙමින් සිටියේ යන්නෙහි මිදුණා යන අදහස නොමැති හෙයින් මිදුනේ වන්නේය. මිදෙමින් සිටියේ නොවේ.

ඉදානි “යථා තෙ විප‍්පකතවිමුත‍්තිතාය විමුච‍්චමානං, කිං එවං විප‍්පකතරාගාදිතාය රජ‍්ජමානාදීනිපි අත්‍ථී”ති චොදනත්‍ථං පුන අත්‍ථි චිත‍්තන‍්තිආදි ආරද‍්ධං. පරවාදිනාපි තථාරූපං චිත‍්තං අපස‍්සන‍්තෙන සබ‍්බං පටික‍්ඛිත‍්තං. අථ නං සකවාදී “ද‍්වෙයෙව කොටියො, තතියා නත්‍ථී”ති අනුබොධෙන‍්තො නනු රත‍්තඤ‍්චෙව අරත‍්තඤ‍්චාතිආදිමාහ. තස‍්සත්‍ථො – නනු භද්‍රමුඛ, රාගසම‍්පයුත‍්තං චිත‍්තං රත‍්තං විප‍්පයුත‍්තං අරත‍්තන‍්ති ද‍්වෙව කොටියො, රජ‍්ජමානං නාම තතියා කොටි නත්‍ථීති? දුට‍්ඨාදීසුපි එසෙව නයො. අථ නං ආමන‍්තාති පටිජානිත්‍වා ඨිතං. විමුත‍්තිපක‍්ඛෙපි ද‍්වෙයෙව කොටියො දස‍්සෙතුං හඤ‍්චි රත‍්තඤ‍්චෙවාතිආදිමාහ. තස‍්සත්‍ථො – යදි එතා ද‍්වෙ කොටියො සම‍්පටිච‍්ඡසි, අවිමුත‍්තඤ‍්චෙව විමුත‍්තඤ‍්චා ති ඉමාපි සම‍්පටිච‍්ඡ. කිලෙසසම‍්පයුත‍්තඤ‍්හි චිත‍්තං අවිමුත‍්තං, විප‍්පයුත‍්තං විමුත‍්තං. විමුච‍්චමානං නාමාති පරමත්‍ථතො තතියා කොටි නත්‍ථීති.

දැන් යම්සේ ඔබගේ අඩාළව පවතින විමුක්තිය විමුච්චමාන වේද? මෙසේ අඩාළව පවතින රාගාදියෙන් ඇලීම් ආදිය ද ඇතැයි චෝදනාව පිණිස නැවත අත්‍ථි චිත්තං යනාදිය අරඹන ලදී. පරවාදියා විසින්ද එබඳු සිතක් නොදක්නේ සියල්ල ප්‍රතික්‍ෂේප කරන ලදී. ඉක්බිති ඔහුට සකවාදියා කෙළවරවල් දෙකක තුනක් නැතැයි අවබෝධ කරවන්නේ තනු රත්තඤ්චෙව අරහත්තඤ්ච යනාදිය කීය. එහි අර්ථය සොඳුරු තැනැත්ත, රාග සම්ප්‍රයුක්ත සිත රත් වූයේ නොවේද? රාග විප්‍රයුක්ත සිත රත් නොවූයේ නොවේද යන කෙළවර දෙක නොවේද? රජස්මාන යයි තුන්වන කෙළවරක් නැත. දුට්ඨාදියෙහි ද මෙම නයයි. ඉක්බිති ඔහු ආමන්තා යයි පිළිගෙන සිටී. විමුක්ති පක්‍ෂයෙහි ද කෙළවර දෙකක්ම දැක්වීමට හඤ්චි රත්තඤ්චෙව යනාදිය කීය. එහි අර්ථය ඉදින් මේ කෙළවර දෙක පිළිගන්නෙහිද? අධිමුක්තිය මෙන්ම විමුක්තියද මෙයින්ම පිළිගන්න. විමුච්චමාන නම් පරමාර්ථ වශයෙන් තුන්වන කෙළවරක් නැත.

විමුච‍්චමානකථාවණ‍්ණනා.

අට‍්ඨමකකථාවණ‍්ණනා

24. අට්ඨමක කථා

ඉදානි අට‍්ඨමකකථා නාම හොති. තත්‍ථ යෙසං අනුලොමගොත්‍රභුමග‍්ගක‍්ඛණෙ කිලෙසානං සමුදාචාරාභාවතො අට‍්ඨමකස‍්ස සොතාපත‍්තිමග‍්ගට‍්ඨපුග‍්ගලස‍්ස ද‍්වෙ පරියුට‍්ඨානා පහීනාති ලද‍්ධි, සෙය්‍යථාපි එතරහි අන්‍ධකානඤ‍්චෙව සම‍්මිතියානඤ‍්ච; තෙසං අඤ‍්ඤතරං සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, මග‍්ගක‍්ඛණතො පට‍්ඨාය දිට‍්ඨියා අනුප‍්පත‍්තිං සන්‍ධාය පටිඤ‍්ඤා ඉතරස‍්ස. තතො යස‍්මා දිට‍්ඨි නාමෙසා සොතාපන‍්නස‍්සෙව පහීනා, න මග‍්ගට‍්ඨස‍්ස, තස‍්මා අට‍්ඨමකො පුග‍්ගලො සොතාපන‍්නොති අනුයොගො සකවාදිස‍්ස. විචිකිච‍්ඡාපඤ‍්හෙපි එසෙව නයො. අනුසයපඤ‍්හෙ පරියුට‍්ඨානතො අඤ‍්ඤො අනුසයොති තෙසං ලද‍්ධි, තස‍්මා “න හෙව”න‍්ති පටික‍්ඛිත‍්තං.

දැන් අට්ඨමක කථා නම් වේ. එහි යමෙකුගේ අනුලෝම ගෝත්‍රභූ මාර්ග ක්‍ෂණයෙහි කෙලෙසුන්ගේ හැසිරීම් නැති හෙයින් අෂ්ටමක සෝතාපත්ති මාර්ගස්ථ පුද්ගලයාගේ පරියුට්ඨාන (කෙලෙස් නැගිටීම්) දෙකක් ප්‍රහීන වූයේ යයි ලබ්ධිය යම්සේ දැන අන්ධකයන්ගේ සහ සම්මිතියන්ගේ මෙනි. ඔවුන්ගේ එක්තරා එකක්හු සඳහා විචාරය සකවාදියාටය. මාර්ගක්‍ෂණයේ සිට දෘෂ්ටිය නොඉපදීම සඳහා ප්‍රතිඥාව පරවාදියාටය. එයින් යම්හෙයකින් දෘෂ්ටි නම් මෙය සෝතාපන්නයාගේ ප්‍රහීනය. මාර්ගස්ථයාගේ නොවේ. එහෙයින් අට්ඨමකො පුග්ගලො සොතාපන්නො යන අනුයෝගය සකවාදියාගේය. විචිකිච්ඡා ප්‍රශ්නයෙහිද මෙම නයම වේ. අනුසය ප්‍රශ්නයෙහි පරියුට්ඨානයෙන් අන්‍ය වූවක් අනුසය යයි ඔවුන්ගේ ලබ්ධිය වේ. එහෙයින් න හෙවං යයි ප්‍රතික්‍ෂේප කරන ලදී.

සීලබ‍්බතපරාමාසපඤ‍්හෙපි සීලබ‍්බතපරාමාසපරියුට‍්ඨානන‍්ති වොහාරං න පස‍්සති, තස‍්මා පටික‍්ඛිපති. පරියුට‍්ඨානමෙවස‍්ස පහීනන‍්ති ලද‍්ධි.

සීලබ්බත පරාමාස ප්‍රශ්නයෙහි ද සීලබ්බත පරාමාස පරියුට්ඨානං යයි ව්‍යවහාරයක් නොපෙනේ. එහෙයින් ප්‍රතික්‍ෂේප කරයි. ඔහුගේ පරියුට්ඨානයම ප්‍රහීන වී යයි ලබ්ධිය වේ.

මග‍්ගො භාවිතොති පඤ‍්හෙ තස‍්මිං ඛණෙ භාවෙති, න භාවිතො. තස‍්මා පටික‍්ඛිපති. අමග‍්ගෙනාතිආදිඅනුයොගෙ පඨමමග‍්ගෙනෙව පහීනභාවං සන්‍ධාය පටික‍්ඛිපති. යදි හි අමග‍්ගෙන පහීයෙථ, ගොත්‍රභුපුග‍්ගලාදීනම‍්පි පහීයෙථාති ආපජ‍්ජනතො. උප‍්පජ‍්ජිස‍්සතීති පුච‍්ඡා පරවාදිස‍්ස, විස‍්සජ‍්ජනං සකවාදිස‍්ස. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

මග්ගො භාවිතො යන ප්‍රශ්නයෙහි ඒ ක්‍ෂණයෙහි වඩයි. භාවිත නොකරන ලදී. එනිසා ප්‍රතික්‍ෂේප කරයි. අමග්ගෙන යනාදි අනුයෝගය පළමු මාර්ගයෙන්ම ප්‍රහානභාවය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. ඉදින් අමාර්ගයෙන් ප්‍රහීන කරව්ද, ගෝත්‍රභූ පුද්ගලාදීන්ගේ ද ප්‍රහීන බවට පැමිණි හෙයින් උප්පජ්ජස්සති යයි විචාරය සකවාදියාගේය. විසඳීම සකවාදියාටය. සෙසු සියළු ප්‍රකටය.

අට‍්ඨමකකථාවණ‍්ණනා.

අට‍්ඨමකස‍්ස ඉන්‍ද්‍රියකථාවණ‍්ණනා

25. අට්ඨමකයේ ඉන්‍ද්‍රිය කථා

ඉදානි අට‍්ඨමකස‍්ස ඉන්‍ද්‍රියකථා නාම හොති. තත්‍ථ යෙසං “අට‍්ඨමකො මග‍්ගක‍්ඛණෙ ඉන්‍ද්‍රියානි පටිලභති නාම, නො චස‍්ස පටිලද‍්ධානි හොන‍්තී”ති ලද‍්ධි, සෙය්‍යථාපි එතරහි අන්‍ධකානං; තෙ සන්‍ධාය නත්‍ථි සද‍්ධින්‍ද්‍රියන‍්ති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. නත්‍ථි සද‍්ධාති පුට‍්ඨො පන සද‍්ධින්‍ද්‍රියතො සද‍්ධාය නානත‍්තං සල‍්ලක‍්ඛෙත්‍වා පටික‍්ඛිපති. සෙසෙසුපි එසෙව නයො. යථා පන යස‍්ස අත්‍ථි මනො, තස‍්ස මනින්‍ද්‍රියම‍්පි අත්‍ථි; එවං යස‍්ස සද‍්ධාදයො අත්‍ථි, තස‍්ස අත්‍ථි සද‍්ධින්‍ද්‍රියාදීනිපීති දීපනත්‍ථං අත්‍ථි මනො අත්‍ථි මනින්‍ද්‍රියන‍්තිආදි ආරද‍්ධං. තං සබ‍්බං උත‍්තානත්‍ථමෙව සද‍්ධිං සුත‍්තසාධනෙනාති.

දැන් අෂ්ටමකයේ ඉන්‍ද්‍රිය කථා නම් වේ. එහි යමෙකුගේ අෂ්ටමක පුද්ගලයා මාර්ග ක්‍ෂණයෙහි ඉන්‍ද්‍රිය ලබයි. ඔහුට ලැබුණා නොවේ යන ලබ්ධිය, යම්සේ දැන් අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා නත්‍ථි සද්ධින්‍ද්‍රියං යයි ඇසීම සකවාදියාගේය. ප්‍රතිඥාව පරවාදියාගේය. නත්‍ථි සද්ධා යයි අසන ලද්දේ සද්ධා ඉන්‍ද්‍රියෙන් ශ්‍රද්ධාවේ නානත්වය සලකා ප්‍රතික්‍ෂේප කරයි. සෙස්සෙහි ද මෙම නයයි. යම්සේ වනාහි යමෙකුට මනස ඇත. ඔහුට මනින්‍ද්‍රිය ද ඇත. මෙසේ යමෙකුට ශ්‍රද්ධාදිය ඇත්ද ඔහුට ශ්‍රද්ධා ඉන්‍ද්‍රියාදිය ද ඇතැයි දැක්වීම සඳහා අත්‍ථි මනො අත්‍ථි මනින්‍ද්‍රියං යනාදිය අරඹන ලදී. සූත්‍ර සාධනයද සමග ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇති වේ.

අට‍්ඨමකස‍්ස ඉන්‍ද්‍රියකථාවණ‍්ණනා.

දිබ‍්බචක‍්ඛුකථාවණ‍්ණනා

26. දිබ්බචක්‍ඛු කථා

ඉදානි දිබ‍්බචක‍්ඛුකථා නාම හොති. තත්‍ථ යෙසං චතුත්‍ථජ‍්ඣානධම‍්මූපත්‍ථද‍්ධං මංසචක‍්ඛුමෙව දිබ‍්බචක‍්ඛු නාම හොතීති ලද‍්ධි, සෙය්‍යථාපි එතරහි අන්‍ධකානඤ‍්චෙව සම‍්මිතියානඤ‍්ච; තෙ සන්‍ධාය මංසචක‍්ඛුන‍්ති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස.

දැන් දිබ්බචක්‍ඛු කථා නම් වේ. එහි යමෙකුගේ සතරවැනි ධ්‍යාන දහම උපස්ථම්භය ලැබූ මාංශ චක්‍ෂුසයම දිව්‍ය චක්‍ෂුස වේ යයි ලබ්ධිය යම්සේ දැන අන්ධකයින්ගේ මෙන්ම සම්මිතියන්ගේ වැනි වේ. ඔවුන් සඳහා මංස චක්‍ඛුං යයි ඇසීම සකවාදියාටය. ප්‍රතිඥාව අනිකාමය.

පුන “මංසචක‍්ඛු දිබ‍්බචක‍්ඛු, දිබ‍්බචක‍්ඛු මංසචක‍්ඛූ”ති පුට‍්ඨො තං මත‍්තමෙව තං න හොතීති පටික‍්ඛිපති. යාදිසන‍්තිආදිපුච‍්ඡාසුපි උභින‍්නං එකසභාවාභාවෙනෙව පටික‍්ඛිපති.

නැවත මංස චක්‍ඛු දිබ්බ චක්‍ඛු දිබ්බ චක්‍ඛු මංසචක්‍ඛු යයි අසන ලද්දේ එපමණකින්ම එය නොවේ යයි ප්‍රතික්‍ෂේප කරයි. යා දිසං යනාදි විචාරවල ද දෙකම ඒක ස්වභාවය අභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි.

විසයොතිආදීසු උභින‍්නම‍්පි රූපායතනමෙව විසයො. මංසචක‍්ඛු පන ආපාථගතමෙව පස‍්සති. ඉතරං අනාපාථගතං තිරොපබ‍්බතාදිගතම‍්පි. දිබ‍්බචක‍්ඛුස‍්ස ච අතිසුඛුමම‍්පි රූපං ගොචරො, න තාදිසං ඉතරස‍්සාති එවමෙතෙසං ආනුභාවගොචරා අසදිසා.

විසයො යනාදියෙහි රූපායතන දෙකම විසය වේ. මාස චක්‍ෂුව වනාහි ආපාතගත වූයේම දකියි. දිව්‍ය චක්‍ෂුව ආපාතගත නොවූ පර්වතාදියෙන් හරස් වූද අති සූක්‍ෂම රූපද ගෝචර වේ. මාංස චක්‍ෂුවට මෙබඳු ශක්තියක් නැත.

උපාදිණ‍්ණං හුත්‍වා අනුපාදිණ‍්ණං හොතීති පුට‍්ඨො යස‍්මා මංසචක‍්ඛු උපාදිණ‍්ණං, දිබ‍්බචක‍්ඛු අනුපාදිණ‍්ණං, න ච මංසචක‍්ඛුමෙව දිබ‍්බචක‍්ඛූති ඉච‍්ඡති, තස‍්මා පටික‍්ඛිපති. දුතියං පුට‍්ඨො යස‍්මා “මංසචක‍්ඛුස‍්ස උප‍්පාදො, මග‍්ගො දිබ‍්බස‍්ස චක‍්ඛුනො”ති වචනං නිස‍්සාය මංසචක‍්ඛුපච‍්චයා දිබ‍්බචක‍්ඛු උප‍්පජ‍්ජති, තඤ‍්ච රූපාවචරිකානං චතුන‍්නං මහාභූතානං පසාදොති ඉච‍්ඡති, තස‍්මා පටිජානාති. කාමාවචරං හුත්‍වාති පුට‍්ඨොපි යස‍්මා න මංසචක‍්ඛුමෙව දිබ‍්බචක‍්ඛූති ඉච‍්ඡති, තස‍්මා පටික‍්ඛිපති. දුතියං පුට‍්ඨො රූපාවචරජ‍්ඣානපච‍්චයෙන උප‍්පන‍්නත‍්තා රූපාවචරං නාම ජාතන‍්ති පටිජානාති.

උපාදින්නං හුත්‍වා අනුපාදින්නං හොති යයි විචාරණ ලද්දේ යම්හෙයකින් මාංස චක්‍ෂුව උපාදින්න වේද? දිව්‍ය චක්‍ෂුව අනුපාදින්න වේ. මාංස චක්‍ෂුව මෙන් දිව්‍ය චක්‍ෂුව කැමති නොවේ. එනිසා ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව අසන ලද්දේ ‘යම්හෙයකින් මාංස චක්‍ෂුවේ ඉපදීමේ මාර්ගය දිව්‍ය චක්‍ෂුවගේය’ යන වචන නිසා මාංස චක්‍ෂුවේ ඉපදීමේ මාර්ගය දිව්‍ය චක්‍ෂුවගේය.’ යන වචන නිසා මාංස චක්‍ඛු නිසා දිබ්බචක්‍ඛු උපදී. එයද රූපාවචරයන් හේ සතර මහා භූතයේ ප්‍රසාදය කැමති වේ. එනිසා පිළිගනී. කාමාවචරං හුත්‍වා යයි අසන ලද්දේ ද යම්සේ මාංස චක්‍ෂුවම දිවැස සේ කැමති නොවේ. එනිසා ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ රූපාවචර ධ්‍යාන ප්‍රත්‍යයෙන් උපන් බැවින් රූපාවචර නම් හටගත්තේ යයි පිළිගනී.

රූපාවචරං හුත්‍වා අරූපාවචරන‍්ති පුට‍්ඨොපි තතො පරං භාවනාය අරූපාවචරක‍්ඛණෙ රූපාවචරචිත‍්තස‍්ස අභාවා පටික‍්ඛිපති. දුතියං පුට‍්ඨො අරූපාවචරිකානං චතුන‍්නං මහාභූතානං පසාදො හුත්‍වා උප‍්පජ‍්ජතීති ලද‍්ධියා පටිජානාති. අපරියාපන‍්නභාවං පනස‍්ස න ඉච‍්ඡති, තස‍්මා පටික‍්ඛිපතියෙව.

රූපාවචරං හුත්‍වා අරූපාවචරං යයි අසන ලද්දේ ඉන්පසුව භාවනාවෙන් අරූපාවචර ක්‍ෂණයෙහි රූපාවචර සිතේ අභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි දෙවනුව අසන ලද්දේ අරූපාවචරයන්ගේ සතර මහාභූත ප්‍රසාද වී උපදී යයි ලබ්ධියෙන් පිළිගනී. ඇතුළත් නොවන බව වනාහි නොකැමති වේ. එනිසා ප්‍රතික්‍ෂේප කෙරේමය.

දිබ‍්බචක‍්ඛුං ධම‍්මුපත්‍ථද‍්ධන‍්ති කාමාවචරධම‍්මෙන උපත්‍ථම‍්භිතං හුත්‍වා. පුන ධම‍්මුපත්‍ථද‍්ධන‍්ති ලොකුත‍්තරධම‍්මෙන උපත්‍ථද‍්ධං. ද‍්වෙව චක‍්ඛූනීති පුට‍්ඨො කිඤ‍්චාපි දිබ‍්බචක‍්ඛුනො ධම‍්මුපත්‍ථද‍්ධස‍්ස පඤ‍්ඤාචක‍්ඛුභාවං න ඉච‍්ඡති, පඤ‍්ඤාචක‍්ඛුස‍්ස පන අත්‍ථිතාය පටික‍්ඛිපති. පුන පුට‍්ඨො මංසචක‍්ඛු ධම‍්මුපත්‍ථද‍්ධං දිබ‍්බචක‍්ඛු හොතීති ලද‍්ධිවසෙන පටිජානාති. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

දිබ්බචක්‍ඛුං ධම්මූපත්‍ථද්ධං යන කාමාවචර ධර්මයෙන් උපස්ථම්භ වී නැවත ධම්මූපත්‍ථද්ධං ලෝකෝත්තර ධර්මයෙන් උපස්ථම්භ වී. ද්වෙ ච ච චක්‍ඛූති යයි අසන ලද්දේ කිසියම් දිව්‍ය චක්‍ෂුසකට ලෝකෝත්තර ධර්මයෙන් උපස්ථම්භ වූයේ ප්‍රඥා චක්‍ෂුභාවය අකැමති වේ. ප්‍රඥා චක්‍ෂුවේ ඇති බැවින් ප්‍රතික්‍ෂේප කරයි. නැවත අසන ලද්දේ මාංස චක්‍ෂුව ලෝකෝත්තර ධර්මයෙන් උපස්ථම්භ වූයේ දිවැස වේ යයි ලබ්ධියෙන් පිළිගනී. මෙහි සෙසු අර්ථ පැහැදිලිය.

දිබ‍්බචක‍්ඛුකථාවණ‍්ණනා.

දිබ‍්බසොතකථාවණ‍්ණනා

27. දිබ්බසොත කථා

ඉදානි දිබ‍්බසොතකථා නාම හොති. තත්‍ථ එකංයෙව සොතන‍්ති පුට‍්ඨො ද‍්වින‍්නං අත්‍ථිතාය පටික‍්ඛිපති. පුන පුට‍්ඨො යස‍්මා තදෙව ධම‍්මුපත්‍ථද‍්ධං දිබ‍්බසොතං නාම හොති, තස‍්මා පටිජානාති. සෙසං හෙට‍්ඨා වුත‍්තනයමෙවාති.

දැන් දිබ්බසොත කථා නම් වේ. එහි එකංයෙව සොතං යයි අසන ලද්දේ දෙකක් ඇති බැවින් ප්‍රතික්‍ෂේප කරයි. නැවත අසන ලද්දේ යම්හෙයකින් එයම ලෝකෝත්තර ධර්මයෙන් උපස්ථම්භ වූයේ දිවැස වේ යයි ලබ්ධි වශයෙන් පිළිගනී. සෙස්ස යට කියන ලද නයෙන්ම වේ.

දිබ‍්බසොතකථාවණ‍්ණනා.

යථාකම‍්මූපගතඤාණකථාවණ‍්ණනා

28. යථාකම්මූපන ඤාණකථා

ඉදානි යථාකම‍්මූපගතඤාණකථා නාම හොති. තත්‍ථ යෙසං “ඉති දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන…පෙ… යථාකම‍්මූපගෙ සත‍්තෙ පජානාතී”ති (දී· නි· 1.246; පටි· ම· 1.106) සුත‍්තං අයොනිසො ගහෙත්‍වා යථාකම‍්මූපගතඤාණමෙව දිබ‍්බචක‍්ඛුන‍්ති ලද‍්ධි, තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. පුන යථාකම‍්මූපගතඤ‍්ච මනසි කරොතීති පුට‍්ඨො එකචිත‍්තස‍්ස ආරම‍්මණද‍්වයාභාවා පටික‍්ඛිපති. දුතියං පුට‍්ඨො නානාචිත‍්තවසෙන පටිජානාති. පුන ලෙසොකාසං අදත්‍වා ද‍්වින‍්නං ඵස‍්සානන‍්ති පුට‍්ඨො පටික‍්ඛිපති. ඉති යථා ඉමිනා යථාකම‍්මූපගතපදෙන, එවමෙව ඉමෙ වත භොන‍්තො , සත‍්තාතිආදිපදෙහිපි සද‍්ධිං යොජනාසු අත්‍ථො වෙදිතබ‍්බො.

දැන් යථාකම්මූපග ඤාණකථා නම් වේ. එහි යමෙකුගේ ‘ඉති දිබ්බෙන චක්‍ඛුනා විසුද්ධෙන.......යථාකම්මූපනෙ සත්තෙ පජානාති’ මෙසේ පිරිසිදු දිවැසින්......කර්මානුරූපය පැමිණි සතුන් දනයි. සූත්‍රය වැරදියට ගෙන කර්මානුරූපව පැමිණි ඤාණයම දිවැස යයි ලබ්ධිය, ඔවුන් සඳහා ඇසීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. නැවත යථාකම්මූපගතඤ්ච මනසිකරොති යයි අසන ලද්දේ එක් සිතක අරමුණු දෙකක් නැති බැවින් ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව අසන ලද්දේ නා නා සිත් වශයෙන් පිළිගනී. නැවත ලේසයකට හෝ අවසර නොදී ද්වින්නං ඵස්සානං යයි අසන ලද්දේ ප්‍රතික්‍ෂේප කරයි. මෙසේ මේ කම්වූ පරිදි පදයෙන් එසේම ඉමෙ වත භොන්තො සත්තා යනාදි පදය සමග යෝජනාවල අර්ථය දතයුතුය.

ආයස‍්මා සාරිපුත‍්තො යථාකම‍්මූපගතං ඤාණං ජානාතීති ඉදං සකවාදී යස‍්මා ථෙරො අප‍්පිච‍්ඡතාය අභිඤ‍්ඤාඤාණානි න වළඤ‍්ජෙතීති එකච‍්චෙ න ජානන‍්ති, තානි පනස‍්ස නෙව අත්‍ථීති මඤ‍්ඤන‍්ති, තස‍්මා තං “දිබ‍්බචක‍්ඛුනො අලාභී ථෙරො”ති මඤ‍්ඤමානං පුච‍්ඡති. තෙනෙව කාරණෙන “අත්‍ථායස‍්මතො සාරිපුත‍්තස‍්ස දිබ‍්බචක‍්ඛූ”ති පරතො පුට‍්ඨො පටික‍්ඛිපති. දුතියං පුට‍්ඨො යංකිඤ‍්චි සාවකෙන පත‍්තබ‍්බං, සබ‍්බං තං ථෙරෙන අනුප‍්පත‍්තන‍්ති පටිජානාති. ඉදානිස‍්ස වික‍්ඛෙපං කරොන‍්තො සකවාදී නනු ආයස‍්මා සාරිපුත‍්තොතිආදිමාහ. ඉමඤ‍්හි ගාථං ථෙරො වළඤ‍්ජනපණිධියා එව අභාවෙන ආහ, න අභිඤ‍්ඤාඤාණස‍්ස අභාවෙන. පරවාදී පන අභාවෙනෙවාති අත්‍ථං සල‍්ලක‍්ඛෙති. තස‍්මා තස‍්ස ලද‍්ධියා ථෙරස‍්ස යථාකම‍්මූපගතඤාණමෙව අත්‍ථි, නො දිබ‍්බචක‍්ඛු. තෙන වුත‍්තං “තෙන හි න වත‍්තබ‍්බං යථාකම‍්මූපගතඤාණං දිබ‍්බචක‍්ඛූ”ති.

ආයස්මා සාරිපුත්තො යථාකම්මූපගතං ඤාණං ජානාති යන මෙය සකවාදියා යම්හෙයකින් ස්ථවිරයන් වහන්සේ අපිස් බැවින් අභිඥාවන් භාවිත නොකරත් යයි ඇතමෙක් නොදනිති. ඒවා වනාහි නැතැයි සිතති. එහෙයින් ඒ දිවැස නොලැබූ ස්ථවිරයෝ යයි සිතමින් විචාරති. ඒ කාරණයෙන්ම අත්‍ථායස්මතො සාරිපුත්තෙස්ස දිබ්බචක්‍ඛු යයි අන්‍යයෙක් අසන ලද්දේ ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව අසන ලද්දේ යම්කිසි ශ්‍රාවකයකු විසින් පැමිණිය යුතු සියළු තැනම ස්ථවිරයන් විසින් නො පැමිණ ඇතැයි පිළිගනී. දැන් එය අවුල් කරන්නේ සකවාදියා නනු ආයස්මා සාරිපුත්තො යනාදිය කීය. මේ ගාථාව ස්ථවිරයන් වහන්සේ භාවිත කිරීමේ අදහසක් නැති හෙයින් කීහ. අභිඥානයේ අභාවයෙන් නොවේ. පරවාදියා වනාහි අභාවයෙන්ම යයි අර්ථය සලකයි. දිවැස ගැන නොවේ. එහෙයින් කියන ලදී. තෙනහි න වත්තබ්බං යථා කම්මූපගතඤාණං දිබ්බචක්‍ඛූති.

යථාකම‍්මූපගතඤාණකථාවණ‍්ණනා.

සංවරකථාවණ‍්ණනා

29. සංවර කථා

ඉදානි සංවරකථා නාම හොති. තත්‍ථ යෙසං තාවතිංසෙ දෙවෙ උපාදාය තතුත‍්තරි දෙවෙසු යස‍්මා තෙ පඤ‍්ච වෙරානි න සමාචරන‍්ති, තස‍්මා සංවරො අත්‍ථීති ලද‍්ධි, තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, වෙරසමුදාචාරං අපස‍්සතො පටිඤ‍්ඤා ඉතරස‍්ස. තතො යස‍්මා සංවරො නාම සංවරිතබ‍්බෙ අසංවරෙ සති හොති, තස‍්මා අසංවරපුච‍්ඡා සකවාදිස‍්ස, දෙවෙසු පාණාතිපාතාදීනං අභාවෙන පටික‍්ඛෙපො ඉතරස‍්ස.

දැන් සංවර කථා නම් වේ. එහි යමෙකුගේ තව්තිසා දෙවියන් ගෙන ඉන් උපරි දෙවිවරු පස්පවෙහි නො හැසිරෙති. එහෙයින් සංවරය ඇතැයි ලබ්ධිය වේ. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. වෛර හැසිරීම නොදක්නා නිසා ප්‍රතිඥාව අනෙකාටය. එයින් සංවරය නම් අසංවරයක් ඇති කල්හි හැසිරිය යුත්තෙහි හැසිරීමය. එහෙයින් අසංවරය විචාරිම සකවාදියාටය. දෙවියන් කෙරෙහි පාණාතිපාතාදියේ අභාවයෙන් ප්‍රතික්‍ෂේපය අනෙකාටය.

අත්‍ථි මනුස‍්සෙසූතිආදි සංවරෙ සති අසංවරස‍්ස අසංවරෙ ච සති සංවරස‍්ස පවත‍්තිදස‍්සනත්‍ථං වුත‍්තං.

අත්‍ථි මනුස්සෙසු යනාදි සංවරය ඇති කල්හි අසංවරයේ අසංවරය ද ඇති කල්හි සංවරයේ ස්වභාවය දැක්වීමට කියන ලදී.

පාණාතිපාතා වෙරමණීති ආදිපඤ‍්හෙසු පාණාතිපාතාදීනං අසමාචරණවසෙන පටිඤ‍්ඤා, පාණාතිපාතාදීනං නත්‍ථිතාය පටික‍්ඛෙපො වෙදිතබ‍්බො. පටිලොමපඤ‍්හා උත‍්තානත්‍ථායෙව.

පාණාතිපාතා වෙරමණී යනාදි ප්‍රශ්නවල ප්‍රාණඝාතාදියේ නොහැසිරීම් වශයෙන් ප්‍රතිඥාව වේ. ප්‍රාණඝාතාදිය නැති බැවින් ප්‍රතික්‍ෂේපය දතයුතුය. ප්‍රතිලෝම ප්‍රශ්න ප්‍රකටය.

අවසානෙ නත්‍ථි දෙවෙසු සංවරොතිපඤ‍්හෙ පාණාතිපාතාදීනි කත්‍වා පුන තතො සංවරාභාවං සන්‍ධාය පටිඤ‍්ඤා සකවාදිස‍්ස. තතො ඡලවසෙන යදි සංවරො නත්‍ථි, සබ‍්බෙ දෙවා පාණාතිපාතිනොතිආදිපුච‍්ඡා පරවාදිස‍්ස. දෙවානං වෙරසමුදාචාරස‍්ස අභාවෙන පටික‍්ඛෙපො සකවාදිස‍්ස. නහෙවන‍්ති වචනමත‍්තං ගහෙත්‍වා ලද‍්ධිපතිට‍්ඨාපනං පරවාදිස‍්ස. එවං පතිට‍්ඨිතා පන ලද‍්ධි අප‍්පතිට‍්ඨිතාව හොතීති.

නත්‍ථි දෙවෙසු සංවරෙ යන ප්‍රශ්නයෙහි ප්‍රාණඝාතාදිය කොට නැවත එයින් සංවරභාවය සඳහා ප්‍රතිඥාව සකවාදියාටය. එයින් ඡල වශයෙන් යදි සංවරො නත්‍ථි සබ්බෙ දෙවා පාණාතිපාතො යයි විචාරීම පරවාදියාගේය. දෙවියන්ගේ වෛර හැසිරීමක් නැති බැවින් ප්‍රතික්‍ෂේපය සකවාදියාගේය. න හෙවං යයි වචන මාත්‍රය ගෙන ලබ්ධිය පිහිටුවීම පරවාදියාගේය. මෙසේ පිහිටුවන ලද ලබ්ධිය නොපිහිටවූවා වේ.

සංවරකථාවණ‍්ණනා.

අසඤ‍්ඤකථාවණ‍්ණනා

30. අසඤ්ඤ කථා

ඉදානි අසඤ‍්ඤකථා නාම හොති. තත්‍ථ යෙසං “සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණ”න‍්ති වචනතො විනා විඤ‍්ඤාණෙන පටිසන්‍ධි නාම නත්‍ථි. “සඤ‍්ඤුප‍්පාදා ච පන තෙ දෙවා තම‍්හා කායා චවන‍්තී”ති වචනතො අසඤ‍්ඤසත‍්තානම‍්පි චුතිපටිසන්‍ධික‍්ඛණෙ සඤ‍්ඤා අත්‍ථීති ලද‍්ධි, සෙය්‍යථාපි එතරහි අන්‍ධකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. තතො නං සකවාදී “කිං තෙ තං ඨානං සඤ‍්ඤාභවො”තිආදීහි චොදෙතුං සඤ‍්ඤාභවො සඤ‍්ඤාගතීතිආදිමාහ. තං සබ‍්බං තතො පරඤ‍්ච පාළිනයෙනෙව වෙදිතබ‍්බන‍්ති.

දැන් අසඤ්ඤ කථා නම් වේ. එහි යමෙකුගේ ‘සංඛාර පච්චයා විඤ්ඤාණං’ යන වචනය හැර විඤ්ඤාණයෙන් ප්‍රතිසන්ධියක් නම් නැත. ‘සඤ්ඤුප්පාදාච පන තෙ දෙවා කම්හා කායා වචන්ති’ යන වචනයෙන් අසංඥ සත්ත්වයින්ට ද චුති පටිසන්ධි ක්‍ෂණයෙහි සංඥාව ඇතැයි ලබ්ධිය වේ. දැන් යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට සකවාදියා කිම ඔබේ ඒ ස්ථානය සඤ්ඤභාවය දැයි ආදියෙන් චෝදනා කිරීමට සඤ්ඤා භවො සඤ්ඤාගතී යනාදිය කීය. ඒ සියල්ල ඉන්පසුවද පෙළ ඇසුරෙන්ම දතයුතුය.

අසඤ‍්ඤකථාවණ‍්ණනා.

නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනකථාවණ‍්ණනා

31. නෙවසඤ්ඤා නාසඤ්ඤායතන කථා

ඉදානි නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනකථා නාම හොති. තත්‍ථ යෙසං “නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතන”න‍්ති වචනතො න වත‍්තබ‍්බං “තස‍්මිං භවෙ සඤ‍්ඤා අත්‍ථී”ති ලද‍්ධි, සෙය්‍යථාපි එතරහි අන්‍ධකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සෙසමෙත්‍ථ සබ‍්බං පාළිනයෙනෙව වෙදිතබ‍්බන‍්ති.

දැන් නෙවසඤ්ඤානාසඤ්ඤා කථා නම් වේ. එහි යමෙකුගේ ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනං’ වචනයෙන් නොකිව යුතුය. ඒ භවයෙහි සංඥාව ඇතැයි ලබ්ධිය වේ. අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙසු සියල්ල පෙළ නයින්ම දතයුතුය.

නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනකථාවණ‍්ණනා.

තතියො වග‍්ගො.

තුන්වැනි වර්ගය නිමියේය.