යෙදුමෙන් කියවන්න

අසඤ‍්ඤකථා

3. 11.

3. 11.

අසඤ‍්ඤකථා.

අසඤ්ඤකථා

[‘අසංඥසත්ත්‍වයනට ද, ච්‍යුතිප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි සංඥායෙක් ඇති යි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධකනිකායවාසීන් සෙයිනි. උන් සඳහා අසංඥකථා එයි.]

1. ස. පු: අසඤ‍්ඤසත‍්තෙසු සඤ‍්ඤා අත්‍ථි’ති.

1. ස. පු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සඤ‍්ඤාභවො සඤ‍්ඤාගති සඤ‍්ඤාසත‍්තාවාසො සඤ‍්ඤාසංසාරො සඤ‍්ඤායොනි සඤ‍්ඤත‍්තභාවපටිලාභොති.

ස. අනු: සංඥාභවයෙක් සංඥාගතියෙක් සංඥාසත්ත්‍වාවාසයෙක් සංඥාසංසාරයෙක් සංඥායෝනියෙක් සංඥාත්මභාවප්‍රතිලාභයෙක් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: නනු අසඤ‍්ඤාභවො අසඤ‍්ඤාගති අසඤ‍්ඤාසත‍්තාවාසො අසඤ‍්ඤාසංසාරො අසඤ‍්ඤයොනි අසඤ‍්ඤත‍්තභාවපටිලාභොති,

ස. අනු: අසංඥභවයෙක් අසංඥගතියෙක් අසංඥසත්ත්‍වාවාසයෙක් අසංඥසංසාරයෙක් අසංඥයෝනියෙක් අසංඥාත්මභාවප්‍රතිලාභයෙක් නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අසඤ‍්ඤභාවො අසඤ‍්ඤගති අසඤ‍්ඤසත‍්තාවාසො අසඤ‍්ඤසංසාරො අසඤ‍්ඤයොනි අසඤ‍්ඤත‍්තභාවපටිලාභො,

අනු. ඨ: ඉදින් අසංඥභවයෙක් අසංඥගතියෙක් අසංඥසත්ත්‍වාවාසයෙක් අසංඥසංසාරයෙක් අසංඥයෝනියෙක් අසංඥාත්මභාවප්‍රතිලාභයෙක් ඇත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘අසඤ‍්ඤසත‍්තෙසු සඤ‍්ඤා අත්‍ථි’ති.

අනු. පා: භවත,’අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇති’යි නො කියැයුතු මැ යැ.

2. ස. පු: අසඤ‍්ඤසත‍්තෙසු සඤ‍්ඤා අත්‍ථි’ති.

2. ස. පු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පඤ‍්චවොකාරභවො ගති සත‍්තාවාසො සංසාරො යොනි අත‍්තභාවපටිලාභොති.

ස. අනු: පඤ්චවෝකාරභවය ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: නනු එකවොකාරභවො ගති සත‍්තාවාසො සංසාරො යොනි අත‍්තභාවපටිලාභොති.

ස. අනු: එකවෝකාරභවය ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි එකවොකාරභවො ගති සත‍්තාවාසො සංසාරො යොනි අත‍්තභාවපටිලාභො,

අනු. ඨ: ඉදින් එකවෝකාරභවය ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභ වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘අසඤ‍්ඤසත‍්තෙසු සඤ‍්ඤා අත්‍ථි’ති.

අනු. පා: භවත, ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇති’යි නො කියැයුතු මැ යැ.

3. ස. පු: අසඤ‍්ඤසත‍්තෙසු සඤ‍්ඤා අත්‍ථි’ති.

3. ස. පු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥායෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: තාය සඤ‍්ඤාය සඤ‍්ඤාකරණීයං කරොතීති.

ස. අනු: ඒ සංඥායෙන් සන්කරණී කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: මනුස‍්සෙසු සඤ‍්ඤා අත්‍ථි, සො ච සඤ‍්ඤාභවො සඤ‍්ඤාගති සඤ‍්ඤාසත‍්තාවාසො සඤ‍්ඤාසංසාරො සඤ‍්ඤායොනි සඤ‍්ඤත‍්තභාවපටිලාභොති.

4. ස. පු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥාභව වේ ද? සංඥාගති, සංඥාසත්ත්‍වාවාස, සංඥාසංසාර, සංඥායෝනි, සංඥාආත්මභාවප්‍රතිලාභ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අසඤ‍්ඤසත‍්තෙසු සඤ‍්ඤා අත්‍ථි, සො ච සඤ‍්ඤාභවො සඤ‍්ඤාගති සඤ‍්ඤාසත‍්තාවාසො සඤ‍්ඤාසංසාරො සඤ‍්ඤායොනි සඤ‍්ඤත‍්තභාවපටිලාභොති.

ස. අනු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥාභවත් වේ ද? සංඥාගති, සංඥාසත්ත්‍වාවාස, සංඥාසංසාර, සංඥායෝනි, සංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: මනුස‍්සෙසු සඤ‍්ඤා අත්‍ථි, සො ච පඤ‍්චවොකාරභවො ගති සත‍්තාවාසො සංසාරො යොනි අත‍්තභාවපටිලාභොති.

5. ස. පු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ පඤ්චවෝකාරභවත් වේ ද? ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අසඤ‍්ඤසත‍්තෙසු සඤ‍්ඤා අත්‍ථි, සො ච පඤ‍්චවොකාරභවො ගති සත‍්තාවාසො සංසාරො යොනි අත‍්තභාවපටිලාභොති.

ස. අනු: (තොප මතයෙහි) අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ පඤ්චවෝකාරභවත් වේ ද? ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: මනුස‍්සෙසු සඤ‍්ඤා අත්‍ථි, තාය සඤ‍්ඤාය සඤ‍්ඤාකරණීයං කරොතීති.

6. ස. පු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥායෙන් සන්කරණී කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අසඤ‍්ඤසත‍්තෙසු සඤ‍්ඤා අත්‍ථි, තාය සඤ‍්ඤාය සඤ‍්ඤාකරණීයං කරොතීති.

ස. අනු: (තොප මතයෙහි) අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥායෙන් සන්කරණී කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: අසඤ‍්ඤසත‍්තෙසු සඤ‍්ඤා අත්‍ථි, සො ච අසඤ‍්ඤභවො අසඤ‍්ඤගති අසඤ‍්ඤසත‍්තාවාසො අසඤ‍්ඤසංසාරො අසඤ‍්ඤයොනි අසඤ‍්ඤත‍්තභාවපටිලාභොති.

7. ස. පු: (තොප මතයෙහි) අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ අසංඥභවත් වේ ද? අසංඥගති, අසංඥසත්ත්‍වාවාස, අසංඥසංසාර, අසංඥයෝනි, අසංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මනුස‍්සෙසු සඤ‍්ඤා අත්‍ථි, සො ච අසඤ‍්ඤභවො අසඤ‍්ඤගති -පෙ- අසඤ‍්ඤත‍්තභාවපටිලාභොති.

ස. අනු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ අසංඥභවත් වේ ද? අසංඥගති, … අසංඥාත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: අසඤ‍්ඤසත‍්තෙසු සඤ‍්ඤා අත්‍ථි, සො ච එකවොකාරභවො ගති සත‍්තාවාසො සංසාරො යොනි අත‍්තභාවපටිලාභො’ති.

8. ස. පු: (තොප මතයෙහි) අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ ඒකවෝකාරභවත් වේ ද? ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, ආත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මනුස‍්සෙසු සඤ‍්ඤා අත්‍ථි, සො ච එකවොකාරභවො ගති -පෙ- අත‍්තභාවපටිලාභොති.

ස. අනු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ ඒකවෝකාරභවත් වේ ද? ගති … ආත්මභාවප්‍රතිලාභත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: අසඤ‍්ඤසත‍්තෙසු සඤ‍්ඤා අත්‍ථි, න ච තාය සඤ‍්ඤාය සඤ‍්ඤාකරණීයං කරොතීති.

9. ස. පු: (තොප මතයෙහි) අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥායෙන් සන්කරණී නො කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මනුස‍්සෙසු සඤ‍්ඤා අත්‍ථි, න ච තාය සඤ‍්ඤාය සඤ‍්ඤාකරණීයං කරොතීති.

ස. අනු: මනුෂ්‍යයන් කෙරෙහි සංඥා ඇත. ඒ සංඥායෙන් සන්කරණී නො කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ප. පු: න වත‍්තබ‍්බං ‘අසඤ‍්ඤසත‍්තෙසු සඤ‍්ඤා අත්‍ථි’ති.

10. ප. පු: ‘අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇති’යි නො කියැයුතු ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා “සන‍්ති භික‍්ඛවෙ, අසඤ‍්ඤසත‍්තා නාම දෙවා, සඤ‍්ඤුප‍්පාදා ච පන තෙ දෙවා තම‍්හා කායා චවන‍්ති”ති අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි, අසංඥසත්ත්‍ව නම් දෙවි කෙනෙක් ඇත. සංඥෝත්පාදයෙන් ඒ දෙවියෝ ඒ දෙවකායයෙන් සැව යෙති”යි වදාරන ලද්දේ නො වේ ද? සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. නිග: තෙන හි අසඤ‍්ඤසත‍්තෙසු සඤ‍්ඤා අත්‍ථීති.

ප. නිග: එ කරුණින් අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇත.

11. ස. පු: අසඤ‍්ඤසත‍්තෙසු සඤ‍්ඤා අත්‍ථීති.

11. ස. පු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥා ඇද්ද?

ප. වි: කඤ‍්චි කාලෙ අත්‍ථි, කඤ‍්චි කාලෙ නත්‍ථීති.

ප. වි: කිසි කලෙක ඇත. කිසි කලෙක නැත.

ස. අනු: කඤ‍්චි කාලෙ සඤ‍්ඤසත‍්තා කඤ‍්චි කාලෙ අසඤ‍්ඤසත‍්තා, කඤ‍්චි කාලෙ සඤ‍්ඤාභවො. කඤ‍්චි කාලෙ අසඤ‍්ඤභවො, කඤ‍්චි කාලෙ පඤ‍්චවොකාරභවො කඤ‍්චි කාලෙ එකවොකාරභවොති.

ස. අනු: කිසි කලෙක සංඥසත්ත්‍වයෝ කිසි කලෙක අසංඥසත්ත්‍ව වෙත් ද, කිසි කලෙක සංඥාභවය කිසි කලෙක අසංඥභව වේ ද, කිසි කලෙක පඤ්චවෝකාරභවය කිසි කලෙක ඒකවෝකාරභව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

12. ස. පු: අසඤ‍්ඤසත‍්තෙසු සඤ‍්ඤා කඤ‍්චි කාලෙ අත්‍ථි, කඤ‍්චි කාලෙ නත්‍ථීති.

12. ස. පු: අසංඥසත්ත්‍වයන් කෙරෙහි සංඥාව කිසි කලෙක ඇද්ද, කිසි කලෙක නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කං කාලං අත්‍ථි, කං කාලං නත්‍ථීති.

ස. අනු: කවර කලෙක ඇද්ද, කවර කලෙක නැද්ද?

ප. වි: චුතිකාලෙ උපපත‍්තිකාලෙ අත්‍ථි, ඨිතිකාලෙ නත්‍ථීති.

ප. වි: ච්‍යුතිකාලයෙහිත් උපපාතකාලයෙහිත් ඇත. ස්ථිතිකාලයෙහි නැත.

ස. අනු: චුතිකාලෙ උපපත‍්තිකාලෙ සඤ‍්ඤසත‍්තා. ඨිතිකාලෙ අසඤ‍්ඤසත‍්තා. චුතිකාලෙ උපපත‍්තිකාලෙ සඤ‍්ඤාභවො ඨිතිකාලෙ අසඤ‍්ඤභවො, චුතිකාලෙ උපපත‍්තිකාලෙ පඤ‍්ච වොකාරභවො, ඨිතිකාලෙ එකවොකාරභවොති.

ස. අනු: ච්‍යුතිකාලයෙහිත් උපපාතකාලයෙහිත් සංඥසත්ත්‍වයෝ ස්ථිතිකාලයෙහි අසංඥසත්ත්‍ව වෙත් ද, ච්‍යුතිකාලයෙහිත් උපපාතකාලයෙහිත් සංඥාභවය ස්ථිතිකාලයෙහි අසංඥභව වේ ද, ච්‍යුතිකාලයෙහිත් උපපාතකාලයෙහිත් පඤ්චවෝකාරභවය ස්ථිතිකාලයෙහි ඒකවෝකාරභව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

අසඤ‍්ඤකථා නිට‍්ඨිතා.

අසඤ්ඤකථා නිමි.