විමුච්චමානකථා
3. 4.
3. 4.
විමුච්චමානකථා
විමුච්චමානකථා
[විෂ්කම්භණ විමුක්තීන් විමුක්ත වූ චිත්තය මාර්ගක්ෂණයෙහි දි සමුච්ඡේදවිමුක්තීන් විමුච්‍යමාන නම් වෙති’යි ගත් ලබ්ධි බිඳුනට විමුච්යමානකථා එයි.]
1. ස. පු: විමුත්තං විමුච්චමානන්ති.
1. ස. පු: විමුක්ත වූ චිත්තය (මාර්ගක්ෂණයෙහි දී) විමුච්‍යමාන වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකදෙසං විමුත්තං එකදෙසං අවිමුත්තන්ති.
ස. අනු: එකදෙශයක් විමුක්ත වේ ද, එකදෙශයක් අවිමුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: එකදෙසං විමුත්තං, එකදෙසං අවිමුත්තන්ති.
2. ස. පු: එකදෙශයක් විමුක්ත වේ ද, එකදෙශයක් අවිමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකදෙසං සොතාපන්නො, එකදෙසං න සොතාපන්නො, එකදෙසං සොතාපත්තිඵලප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං සත්තක්ඛත්තුපරමො කොලංකොලො එකබීජී, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො, එකදෙසං අරියකන්තෙහි සීලෙහි න සමන්නාගතොති.
ස. අනු: එකදෙශයක් සෝවන් වූයේ එකදෙශයක් සෝවන් නො වූයේ එකදෙශයක් සෝතාපත්තිඵලප්රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයා වාස කෙරේ ද, නාමකයින් ස්පර්ශ කොට වාස කෙරේ ද, එකදෙශයක් නාමකයින් ස්පර්ශ නො කොට වාස කෙරේ ද, සත්තක්ඛත්තුපරම වූයේ කොලංකොල වූයේ ඒකබීජී වූයේ, බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්වාගත වූයේ, ධර්මය කෙරෙහි … සඞ්ඝයා කෙරෙහි … ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්වාගත වූයේ, එකදෙශයක් ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්වාගත නො වූයේ වාස කෙරේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: එකදෙසං විමුත්තං, එකදෙසං අවිමුත්තන්ති.
3. ස. පු: එකදෙශයක් විමුක්ත වූයේ එකදෙශයක් අවිමුක්ත වූයේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකදෙසං සකදාගාමී, එකදෙසං න සකදාගාමී, එකදෙසං සකදාගාමිඵලප්පත්තො, පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්වා විහරතීති.
ස. අනු: එකදෙශයක් සකෘදාගාමී වූයේ එකදෙශයක් සකෘදාගාමී නො වූයේ එකදෙශයක් සකෘදාගාමී ඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයා වාස කෙරේ ද, නාමකයින් ස්පර්ශ කොට වාස කෙරේ ද, එකදෙශයක් නාමකයින් ස්පර්ශ නො කොට වාස කෙරේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: එකදෙසං විමුත්තං, එකදෙසං අවිමුත්තන්ති.
4. ස. පු: එකදෙශයක් විමුක්ත වේ ද, එකදෙශයක් අවිමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකදෙසං අනාගාමී, එකදෙසං න අනාගාමී, එකදෙසං අනාගාමිඵලප්පත්තො, පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං අන්තරාපරිනිබ්බායී, උපහච්ච පරිනිබ්බායී, අසඞ්ඛාරපරිනිබ්බායී, සසඞ්ඛාරපරිනිබ්බායී, උද්ධංසොතො අකනිට්ඨගාමී, එකදෙසං න උද්ධංසොතො අකනිට්ඨගාමී’ති.
ස. අනු: එකදෙශයක් අනාගාමී වූයේ එකදෙශයක් අනාගාමී නො වූයේ එකදෙශයක් අනාගාමී ඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයා වාස කෙරේ ද, නාමකයින් ස්පර්ශ කොට වාස කෙරේ ද, එකදෙශයක් නාමකයින් ස්පර්ශ නො කොට වාස කෙරේ ද, එකදෙශයක් අන්තරාපරිනිබ්බායී වූයේ උපහච්චපරිනිබ්බායී වූයේ අසඞ්ඛාරපරිනිබ්බායී වූයේ සසඞ්ඛාරපරිනිබ්බායී වූයේ උද්ධංසෝතඅකනිට්ඨගාමී වූයේ වේ ද, එකදෙශයක් උද්ධංසෝතඅකනිට්ඨගාමී නො වූයේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: එකදෙසං විමුත්තං, එකදෙසං අවිමුත්තන්ති.
5. ස. පු: එකදෙශයක් විමුක්ත වේ ද, එකදෙශයක් අවිමුක්ත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: එකදෙසං අරහා, එකදෙසං න අරහා, එකදෙසං අරහත්තප්පත්තො, පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- එකදෙසං සච්ඡිකාතබ්බා සච්ඡිකතං, එකදෙසං සච්ඡිකාතබ්බං න සච්ඡිකතන්ති.
ස. අනු: එකදෙශයක් අර්හත් වූයේ එකදෙශයක් අර්හත් නො වූයේ එකදෙශයක් අර්‍හත්ඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වූයේ අධිගත වූයේ සාක්‍ෂාත්කෘත වූයේ උපයා වාස කෙරේ ද, නාමකයින් ස්පර්ශ කොට වාස කෙරේ ද, එකදෙශයක් නාමකයින් ස්පර්ශ නො කොට වාස කෙරේ ද, එකදෙශයක් වීතරාග වූයේ වීතදෝස වූයේ වීතමෝහ වූයේ … එකදෙශයක් සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත වූයේ එකදෙශයක් සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත නො වූයේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු. විමුත්තං විමුච්චමානන්ති.
6. ස. පු: විමුක්තචිත්තය විමුච්‍යමාන වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උප්පාදක්ඛණෙ විමුත්තං, භවඞ්ගක්ඛණෙ විමුත්තන්ති.
ස. අනු: උත්පාදක්‍ෂණයෙහි විමුක්ත වූයේ භවාඞ්ගක්ෂණයෙහි විමුක්ත වූයේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ප. පු: න වත්තබ්බං විමුත්තං විමුච්චමාන’න්ති.
7. ප. පු: ‘විමුක්තචිත්තය විමුච්‍යමාන වෙති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත්තං භගවතා “තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවා’පි චිත්තං විමුච්චති, භවාසවා’පි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති”තිa අත්ථෙව සුත්තන්තොති.
ප. අනු: “මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රව කෙරෙනුදු මිදෙයි, සිත භවාස්‍රව කෙරෙනුදු මිදෙයි, සිත අවිද්‍යාස්‍රව කෙරෙනුදු මිදේ” යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටි: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ආ: තෙන හි විමුත්තං විමුච්චමානන්ති.
අනු. ආ: එකරුණින් ‘විමුක්තචිත්තය විමුච්‍යමාන වෙයි.
8. ස. පු: විමුත්තං විමුච්චමානන්ති.
8. ස. පු: විමුක්තචිත්තය විමුච්‍යමාන වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා “සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙතී”ති අත්ථෙව සුත්තන්තොති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ මැ නො? “හේ මෙසේ සමාහිත සිත – පරිශුද්ධ වත් මැ පර්‍ය්‍යවදාත වත් මැ අනඞ්ගණ වත් මැ විගතෝපක්ලේශ වත් මැ මෘදු වත් මැ කර්මණ්ය වත් මැ ස්ථිත වත් මැ නිශ්චලප්‍රාප්ත වත් මැ ආස්රවක්ෂයඥානය පිණිස සිත නතු කෙරෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ආ: තෙන හි න වත්තබ්බං ‘විමුත්තං විමුච්චමානන්ති’.
අනු. ආ: එකරුණින් ‘විමුක්තචිත්තය විමුච්‍යමාන වෙති’ යි නො කියැයුතු යැ.
9. ස. පු: අත්ථි චිත්තං විමුච්චමානන්ති.
9. ස. පු: විමුච්‍යමාන චිත්තයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථි චිත්තං රජ්ජමානං දුස්සමානං මුය්හමානං කිලිස්සමානන්ති.
ස. අනු: රජ්යමාන දූෂ්‍යමාන මුහ්යමාන ක්ලිශ්යමාන චිත්තයෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නනු රත්තඤ්චෙව අරත්තඤ්ච දුට්ඨඤ්චෙව අදුට්ඨඤ්ච මූළ්හඤ්චෙව අමූළ්හඤ්ච ඡින්නඤ්චෙව අච්ඡින්නඤ්ච භින්නඤ්චෙව අභින්නඤ්ච කතඤ්චෙව අකතඤ්චාති.
ස. අනු: රක්ත වූයේ මැ අරක්ත වූයේ ත්, දුෂ්ට වූයේ මැ අදුෂ්ට වූයේත්, මූඪ වූයේ මැ අමූඪ වූයේත්, ඡින්න වූයේ මැ අච්ඡින්න වූයේත්, භින්න වූයේ මැ අභින්න වූයේත්, කෘත වූයේ මැ අකෘත වූයේත් නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි රත්තඤ්චෙව අරත්තඤ්ච දුට්ඨඤ්චෙව අදුට්ඨඤ්ච මූළ්හඤ්චෙව අමූළ්හඤ්ච ඡින්නඤ්චෙව අච්ඡින්නඤ්ච භින්නඤ්චෙව අභින්නඤ්ච කතඤ්චෙව අකතඤ්ච,
අනු. ඨ: ඉදින් රක්ත වූයේ මැ අරක්ත වූයේත් දුෂ්ට වූයේ මැ අදුෂ්ට වූයේත් මූඪ වූයේ මැ අමූඪ වූයේත් ඡින්න වූයේ මැ අච්ඡින්න වූයේත් භින්න වූයේ මැ අභින්න වූයේත් කෘත වූයේ මැ අකෘත වූයේත් වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අත්ථි චිත්තං විමුච්චමානන්ති’.
අනු. පා: භවත, ‘විමුච්යමානචිත්තයෙක් ඇති’ යි නො කියැයුතු මැ යැ.
විමුච්චමානකථා නිට්ඨිතා.
විමුච්යමානකථා නිමි.