යෙදුමෙන් කියවන්න

අට‍්ඨමකස‍්ස ඉන්‍ද්‍රියකථා

3. 6.

3. 6.

අට‍්ඨමකස‍්ස ඉන්‍ද්‍රියකථා.

අට්ඨමක ඉන්‍ද්‍රියකථා

[‘අෂ්ටමක පුද්ගල තෙමේ මාර්‍ගක්‍ෂණයෙහි දී ශ්‍රද්ධා ආදි ඉඳුරන් ලබන්නේ නම් වෙයි. ඔහු විසින් තත්ක්‍ෂණයෙහි ඉඳුරෝ ප්‍රතිලබ්ධ වූවාහු නොවෙති’යි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධක නිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට අෂ්ටමක ඉන්‍ද්‍රියකථා එයි.]

1. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථි සද‍්ධින්‍ද්‍රියන‍්ති.

1. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. : අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථි සද‍්ධාති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධා නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ … (ශ්‍රද්ධේන්‍ද්‍රිය කෙරෙන් ශ්‍රද්ධායෙහි නානාත්‍වය සලකා කළ ප්‍රතික්‍ෂේප යි.)

2. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථි විරියින්‍ද්‍රියං -පෙ- නත්‍ථි සතින්‍ද්‍රියං -පෙ- නත්‍ථි සමාධින්‍ද්‍රියං -පෙ- නත්‍ථි පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.

2. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට වීර්‍ය්‍යෙන්‍ද්‍රිය නැද්ද … ස්මෘතීන්‍ද්‍රිය නැද්ද … සමාධීන්‍ද්‍රිය නැද්ද … ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. : අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථි පඤ‍්ඤාති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාට ප්‍රඥා නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි සද‍්ධාති.

3. ස. පු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධා ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. : අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි සද‍්ධින්‍ද්‍රියන‍්ති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි විරියං -පෙ- අත්‍ථි සති -පෙ- අත්‍ථි සමාධි -පෙ- අත්‍ථි පඤ‍්ඤාති.

4. ස. පු: අෂ්ටමක පුද්ගලයාට වීර්‍ය්‍යය ඇද්ද … ස්මෘතිය ඇද්ද … සමාධි ඇද්ද … ප්‍රඥා ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. : අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාට ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි මනො, අත්‍ථි මනින්‍ද්‍රියන‍්ති.

5. ස. පු: අෂ්ටමක පුද්ගලයාට මනස ඇද්ද, මනින්‍ද්‍රිය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. : අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි සද‍්ධා, අත්‍ථි සද‍්ධින්‍ද්‍රියන‍්ති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධා ඇද්ද ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි මනො, අත්‍ථි මනින්‍ද්‍රියන‍්ති.

6. ස. පු: අෂ්ටමක පුද්ගලයාට මනස ඇද්ද, මනින්‍ද්‍රිය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. : අට‍්ඨමකස‍්ස අත්‍ථි පඤ‍්ඤා, අත්‍ථි පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාට ප්‍රඥා ඇද්ද, ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි සොමනස‍්සං, අත්‍ථි සොමනස‍්සින්‍ද්‍රියං, අත්‍ථි ජීවිතං, අත්‍ථි ජීවිතින්‍ද්‍රියන‍්ති.

7. ස. පු: අෂ්ටමක පුද්ගලයාට සෞමනස්‍ය ඇද්ද? සෞමනස්‍යෙන්‍ද්‍රිය ඇද්ද, ජීවිත ඇද්ද, ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. : අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි සද‍්ධා, අත්‍ථි සද‍්ධින්‍ද්‍රියන‍්ති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධා ඇද්ද, ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි ජීවිතං, අත්‍ථි ජීවිතින්‍ද්‍රියන‍්ති.

8. ස. පු: අෂ්ටමක පුද්ගලයාට ජීවිත ඇද්ද, ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. : අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි පඤ‍්ඤා, අත්‍ථි පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාට ප්‍රඥා ඇද්ද, ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි සද‍්ධා, නත්‍ථි සද‍්ධින්‍ද්‍රියන‍්ති.

9. ස. පු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධා ඇද්ද, ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. : අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි මනො, නත්‍ථි මනින්‍ද්‍රියන‍්ති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාට මනස ඇද්ද, මනින්‍ද්‍රිය නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි සද‍්ධා නත්‍ථි සද‍්ධින්‍ද්‍රියන‍්ති.

10. ස. පු: අෂ්ටමක පුද්ගලයාට ශ්‍රද්ධා ඇද්ද, ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. : අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි සොමනස‍්සං, නත්‍ථි සොමනස‍්සින්‍ද්‍රියං -පෙ- අත්‍ථි ජීවිතං, නත්‍ථි ජීවිතින්‍ද්‍රියන‍්ති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාට සෞමනස්‍ය ඇද්ද, සෞමනස්‍යෙන්‍ද්‍රිය නැද්ද, … ජීවිත ඇද්ද, ජීවිතේන්‍ද්‍රිය නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

11. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි පඤ‍්ඤා, නත්‍ථි පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.

11. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥා ඇද්ද, ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. : අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි මනො නත්‍ථි මනින්‍ද්‍රියං -පෙ- අත්‍ථි සොමනස‍්සං, නත්‍ථි සොමනස‍්සින්‍ද්‍රියං -පෙ- අත්‍ථි ජීවිතං, නත්‍ථි ජීවිතින්‍ද්‍රියන‍්ති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාට මනස ඇද්ද, මනින්‍ද්‍රිය නැද්ද, … සෞමනස්‍ය ඇද්ද, සෞමනස්‍යෙන්‍ද්‍රිය නැද්ද … ජීවිත ඇද්ද, ජීවිතේන්‍ද්‍රිය නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

12. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථි සද‍්ධින්‍ද්‍රියන‍්ති.

12. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. : අට‍්ඨමකො පුග‍්ගලො අස‍්සද‍්ධොති.

ස. අනු: අෂ්ටමක පුද්ගල සැදැහැ නැත්තේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

13. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථි විරියින්‍ද්‍රියන‍්ති

13. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට වීර්‍ය්‍යෙන්‍ද්‍රිය නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. : අට‍්ඨමකො පුග‍්ගලො කුසීතො හීනවිරියොති.

ස. අනු: අෂ්ටමක පුද්ගල කුසීත වූයේ හීනවීර්‍ය්‍ය වූයේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

14. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථි සතින්‍ද්‍රියන‍්ති.

14. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ස්මෘතීන්‍ද්‍රිය නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. : අට‍්ඨමකො පුග‍්ගලො මුට‍්ඨිස‍්සති අසම‍්පජානොති.

ස. අනු: අෂ්ටමක පුද්ගල මුෂිතස්මෘති වූයේ සමප්‍රඥාන නැත්තේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

15. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථි සමාධින්‍ද්‍රියන‍්ති.

15. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට සමාධීන්‍ද්‍රිය නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. : අට‍්ඨමකො පුග‍්ගලො අසමාහිතො විබ‍්භන‍්තචිත‍්තොති.

ස. අනු: අෂ්ටමක පුද්ගල සමාහිත නො වූයේ විභ්‍රාන්තචිත්ත ඇතියේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

16. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථි පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.

16. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. : අට‍්ඨමකො පුග‍්ගලො දුප‍්පඤ‍්ඤො එලමූගොති.

ස. අනු: අෂ්ටමක පුද්ගල දුෂ්ප්‍රාඥ වූයේ කෙළතොලු වූයේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

17. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි සද‍්ධා, සා ච සද‍්ධා නිය්‍යානිකාති.

17. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත. ඒ ශ්‍රද්ධා ද නෛර්‍ය්‍යාණික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි සද‍්ධා, සා ච සද‍්ධා නිය්‍යානිකා.

අනු. ඨ: ඉදින් අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත් නම්, ඒ ශ්‍රද්ධාත් නෛර්‍ය්‍යාණික වූ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: ‘අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථි සද‍්ධින්‍ද්‍රිය’න‍්ති.

අනු. පා: භවත ‘අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධේන්‍ද්‍රිය නැති’යි නො කියැයුතු මැ යැ.

18. ස. පු: අට‍්ඨකමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි විරියං, තඤ‍්ච විරියං නිය්‍යානිකං -පෙ- අත්‍ථි සති, සා ච සති නිය්‍යානිකා -පෙ- අත්‍ථි සමාධි, සො ච සමාධි නිය්‍යානිකො -පෙ- අත්‍ථි පඤ‍්ඤා, සා ච පඤ‍්ඤා නිය්‍යානිකාති.

18. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට වීර්‍ය්‍යය ඇත. ඒ වීර්‍ය්‍යයත් නෛර්‍ය්‍යාණික වේ ද … ස්මෘති ඇත, ඒ ස්මෘතියත් නෛර්‍ය්‍යාණික වේ ද … සමාධි ඇත, ඒ සමාධියත් නෛර්‍ය්‍යාණික වේ ද … ප්‍රඥා ඇත, ඒ ප්‍රඥාත් නෛර්‍ය්‍යාණික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි පඤ‍්ඤා, සා ච පඤ‍්ඤා නිය්‍යානිකා,

අනු. ඨ: ඉදින් අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥා ඇත් නම්, ඒ ප්‍රඥාවත් නෛර්‍ය්‍යාණික වූ නම්,

අනූ. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථි පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.

අනු. පා: භවත ‘අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥේන්‍ද්‍රිය නැති’යි නො කියැයුතු මැ යැ.

19. ස. පු: සකදාගාමීඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි සද‍්ධා, අත්‍ථි සද‍්ධින්‍ද්‍රියන‍්ති.

19. ස. පු: සකෘදාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස ප්‍රතිපන්න පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත. ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. : අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි සද‍්ධා, අත්‍ථි සද‍්ධින්‍ද්‍රියන‍්ති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත. ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

20. ස. පු: සකදාගාමීඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි පඤ‍්ඤා, අත්‍ථි පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.

20. ස. පු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල්හට ප්‍රඥා ඇත. ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. : අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි පඤ‍්ඤා, අත්‍ථි පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥා ඇත. ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

21. ස. පු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස -පෙ- අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි සද‍්ධා, අත්‍ථි සද‍්ධින්‍ද්‍රියං -පෙ- අත්‍ථි පඤ‍්ඤා, අත්‍ථි පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.

21. ස. පු: අනාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කරන්නට ප්‍රතිපන්න පුද්ගලයාහට … අර්‍හත්ත්‍වය ප්‍රත්‍යක්‍ෂ කරන්නට පිළිපන් පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත. ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද ... ප්‍රඥා ඇත. ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු. : අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි පඤ‍්ඤා, අත්‍ථි පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.

ස. අනු: අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥා ඇත. ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

22. ස. පු. : අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි සද‍්ධා, නත්‍ථි සද‍්ධින්‍ද්‍රියන‍්ති.

22. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත, ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. පු: සකදාගාමීඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි සද‍්ධා, නත්‍ථි සද‍්ධින්‍ද්‍රියන‍්ති.

ස. අනු: සකෘදාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කරන්නට පිළිපන් පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත, ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

23. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි පඤ‍්ඤා, නත්‍ථි පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.

23. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ප්‍රඥා ඇත, ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි පඤ‍්ඤා, නත්‍ථි පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.

ස. අනු: සකෘදාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන් පුද්ගලයාහට ප්‍රඥා ඇත, ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

24. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි සද‍්ධා, නත්‍ථි සද‍්ධින්‍ද්‍රියං -පෙ- අත්‍ථි පඤ‍්ඤා, නත්‍ථි පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.

24. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට ශ්‍රද්ධා ඇත, ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද … ප්‍රඥා ඇත, ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස -පෙ- අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි පඤ‍්ඤා, නත්‍ථි පඤ‍්ඤින්‍ද්‍රියන‍්ති.

ස. අනු: අනාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කරන්නට ප්‍රතිපන්න පුද්ගලයාහට … අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂ කරන්නට ප්‍රතිපන්න පුද්ගලයාහට ප්‍රඥා ඇත, ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

25. ස. පු: අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස නත්‍ථි පඤ‍්චින්‍ද්‍රියානී’ති.

25. ස. පු: අෂ්ටමක පුද්ගලයාහට පඤ්චේන්‍ද්‍රියයෝ නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා: “පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං. ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්චින්‍ද්‍රියානි. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමත‍්තා අරහා හොති. තතො මුදුතරෙහි අරහත‍්තඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො හොති, තතො මුදුතරෙහි අනාගාමී හොති, තතො මුදුතරෙහි අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො හොති, තතො මුදුතරෙහි සකදාගාමී හොති, තතො මුදුතරෙහි සකදාගාමීඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො හොති, තතො මුදුතරෙහි සොතාපන‍්නො හොති, තතො මුදුතරෙහි සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො හොති. යස‍්ස ඛො භික‍්ඛවෙ, ඉමානි පඤ‍්චින්‍ද්‍රියානි සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං නත්‍ථි, තමහං බාහිරො පුථුජ‍්ජනපක‍්ඛෙ ඨිතොති වදාමී”ති

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො? “මහණෙනි, මේ පඤ්චේන්‍ද්‍රිය කෙනෙක් වෙති. කවර පඤ්චේන්‍ද්‍රිය කෙනෙක යත්: ශ්‍රද්ධේන්‍ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ ස්මෘතීන්‍ද්‍රිය යැ සමාධීන්‍ද්‍රිය යැ ප්‍රඥේන්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පඤ්චේන්‍ද්‍රියයෝ යි. මහණෙනි, මේ පඤ්චේන්‍ද්‍රියයන්ගේ සමතායෙන් අර්‍හත් වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට අර්‍හත්ත්‍වඵල ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට අනාගාමී වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට අනාගාමීඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන්නේ වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට සකෘදාගාමී වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට සකෘදාගාමීඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන්නේ වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට සෝවන් වෙයි. එයින් මෘදුතර ඉඳුරන් කරණ කොට සෝතාපත්තිඵල ප්‍රත්‍යක්‍ෂ කරන්නට පිළිපන්නේ වෙයි. මහණෙනි, යමක්හට මේ පඤ්චේන්‍ද්‍රියයෝ සර්‍වාභාවයෙන් සර්‍වාකාරයෙන් නැද්ද, මම ඔහු බාහිර වූ පෘථග්ජන පක්‍ෂයෙහි සිටියෙකැයි කියමි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අට‍්ඨමකො පුග‍්ගලො බාහිරො පුථුජ‍්ජනපක‍්ඛෙ ඨිතොති.

ස. අනු: අෂ්ටමක පුද්ගල බාහිර වූයේ පෘථග්ජන පක්‍ෂයෙහි සිටියේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. ආ: තෙන හි අට‍්ඨමකස‍්ස පුග‍්ගලස‍්ස අත්‍ථි පඤ‍්චින්‍ද්‍රියානීති.

ස. ආ: එකරුණින් අෂ්ටමක පුද්ගලයාහට පඤ්චේන්‍ද්‍රියයෝ ඇත.

අට‍්ඨමකස‍්ස ඉන්‍ද්‍රියකථා නිට‍්ඨිතා.

අෂ්ටමක ඉන්‍ද්‍රියකථා නිමි.