4. චතුත්ථවග්ගො අට්ඨකථා
4. සතරවන වර්ගය
ගිහිස්ස අරහාතිකථාවණ්ණනා
32. ගිහිස්ස අරහාති කථා
ඉදානි ගිහිස්ස අරහාති කථා නාම හොති. තත්ථ යෙසං යසකුලපුත්තාදීනං ගිහිබ්යඤ්ජනෙ ඨිතානං අරහත්තප්පත්තිං දිස්වා “ගිහි අස්ස අරහා”ති ලද්ධි, සෙය්යථාපි එතරහි උත්තරාපථකානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස. තත්ථ ගිහිස්සාති යො ගිහිසංයොජනසම්පයුත්තතාය ගිහි, සො අරහං අස්සාති අත්ථො. පරවාදී පන අධිප්පායං අසල්ලක්ඛෙත්වා ගිහිබ්යඤ්ජනමත්තමෙව පස්සන්තො පටිජානාති. ඉදානිස්ස “ගිහි නාම ගිහිසංයොජනෙන හොති, න බ්යඤ්ජනමත්තෙන. යථාහ භගවා –
දැන් ගිහියාගේ රහත් යන කථා නම් වේ. එහි යමෙකුගේ යසකුල පුත් ආදි ගිහි ස්වරූපයෙන් සිටි අයගේ රහත්බවට පැමිණීම දැක ගිහියා රහත් වෙතියි ලබ්ධි වේ. යම්සේ උත්තරපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. එහි ගිහිස්ස යයි යමෙක් ගිහි සංයෝජනාවලින් සමන්විතවම රහත්වේය යන අර්ථය වේ. පරවාදියා අදහස නොසලකා ගිහි රූප මාත්‍රයම දකින්නේ පිළිගනී. මෙහි ගිහි නම් ගිහි සංයෝජනයෙන් වේ. ස්වරූප මාත්‍රයෙන් නොවේ. එයින් භාග්‍යවතුන් වහන්සේ කීහ.
‘අලඞ්කතො චෙපි සමං චරෙය්ය, සන්තො දන්තො නියතො බ්‍රහ්මචාරී; සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, සො බ්රාහ්මණො සො සමණො ස භික්ඛූ’”ති. (ධ· ප· 142);
නියත බඹවිහරණ - සන්සුන් දැමුණු ලකරින් වචන මෙත හැමටම - බමුණු සමණ ද බිකු වෙත්
ඉමං නයං දස්සෙතුං අත්ථි අරහතොතිආදි ආරද්ධං. තං සබ්බං උත්තානත්ථමෙවාති.
මේ නය දැක්වීමට අත්ථි අරහතො යනාදිය ඇරඹීය. ඒ සියල්ල පැහැදිලිය.
ගිහිස්ස අරහාතිකථාවණ්ණනා.
උපපත්තිකථාවණ්ණනා
33. උප්පත්ති කථා
ඉදානි උපපත්තිකථා නාම හොති. තත්ථ යෙසං “ඔපපාතිකො හොති තත්ථපරිනිබ්බායී”තිවචනානි (පු· ප· 35-40) අයොනිසො ගහෙත්වා සුද්ධාවාසෙසු උපපත්තියා අරහාති ලද්ධි, “යෙසං වා උපහච්චපරිනිබ්බායී”ති පදං පරිවත්තිත්වා “උපපජ්ජපරිනිබ්බායී”ති පරියාපුණන්තානං සහ උපපත්තියා අරහා හොතීති ලද්ධි, සෙය්යථාපි එතරහි උත්තරාපථකානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. තත්ථ යස්මා උපපත්තිචිත්තං නාම ලොකියං, තෙන සොතාපන්නාදයොපි න හොන්ති, පගෙව අරහා. තස්මාස්ස ඉමං නයං දස්සෙතුං සහ උපපත්තියා සොතාපන්නොතිආදි ආරද්ධං.
දැන් උප්පත්ති කථා නම් වේ. යමෙකුගේ ‘ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායි’ යනාදි වචන අනුවණින් ගෙන සුද්ධාවාසවල උපත රහත් යයි ලබ්ධි වේ. යමෙකුගේ ‘උපහච්ච පරිනිබ්බායි’ පදය පෙරළා ‘උපපජ්ජ පරිනිබ්බායි’ ගණන් ගැනීමත් සමග උපතින් රහත්වෙතියි ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. එහි යම්සේ උත්පත්ති සිත ලෞකිකය. එහෙයින් සෝවාන් ආදිහුද නොවෙති. රහතුන් කොහෙත්ම නැත. එහෙයින් මේ නය දැක්වීමට සහ උප්පත්තියා සොතාපන්නො යනාදිය ඇරඹීය.
සාරිපුත්තොතිආදි ඉමෙසු මහාථෙරෙසු කො එකොපි සහ උපපත්තියා අරහා නාමාති චොදනත්ථං වුත්තං.
සාරිපුත්තො යනාදි මහ තෙරවරුන්ගෙන් එක්කෙනෙකුන්වත් උපතින් රහත් වූයේ දැයි චෝදනා පිණිස කියන ලදී.
උපපත්තෙසියෙනාති පටිසන්ධිචිත්තෙන. තඤ්හි උපපත්තිං එසති ගවෙසති, තස්මා උපපත්තෙසියන්ති වුච්චති. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
උප්පත්තෙසියෙන යනු ප්රතිසන්ධි සිතින්. ඒ උපත සොයයි. ගවේෂණය කරයි යයි එහෙයින් උප්පත්තෙසියං යයි කියනු ලැබේ. මෙහි සෙස්ස පැහැදිලිය.
උපපත්තිකථාවණ්ණනා.
අනාසවකථාවණ්ණනා
34. අනාසව කථා
ඉදානි අනාසවකථා නාම හොති. තත්ථ යෙ ධම්මා අනාසවස්ස අරහතො, සබ්බෙ තෙ අනාසවාති යෙසං ලද්ධි, සෙය්යථාපි එතරහි උත්තරාපථකානං; තෙ සන්ධාය අරහතොති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං අනාසවා නාම මග්ගාදයො, කිං තස්ස තෙයෙව උප්පජ්ජන්තීති චොදනත්ථං මග්ගො ඵලන්තිආදි ආරද්ධං. චක්ඛු අනාසවන්ති පුට්ඨො තස්ස සාසවත්තා පටික්ඛිපති. දුතියං පුට්ඨො අනාසවස්සෙතන්ති පටිජානාති.
දැන් අනාසව කථා නම් වේ. එහි අනාශ්‍රව රහතුන්ගේ සියළු දහම් අනාශ්‍රව යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයින්ගේ මෙන් වේ. ඔවුන් සඳහා අරහතො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට අනාශ්‍රව නම් මාර්ගාදියයි. කිම ඔබගේ ඒවාම උපදීදැයි චෝදනා පිණිස මග්ගො ඵලං යයි අරඹන ලදී. චක්ඛුං අනාසවං ඇස අනුශ්රවදැයි විචාරණ ලද්දේ එය ආශ්‍රව සහිත බැවින් ප්‍රතික්ෂේප කරයි. දෙවනුව විචාළේ එය අනාශ්‍රව යයි පිළිගනී.
චීවරපඤ්හෙ එකොව ධම්මො අනාසවො සාසවො ච හොතීති ලක්ඛණවිරොධභයා පටික්ඛිපති. දුතියං පුට්ඨො අනාසවස්ස හුත්වා සාසවස්ස හොතීති පටිජානාති. තඤ්ඤෙව අනාසවන්ති පඤ්හාද්වයෙපි එසෙව නයො. සකවාදී පන තඤ්ඤෙවාති අනුඤ්ඤාතත්තා “මග්ගො අනාසවො හුත්වා”තිආදීහි චොදෙති. ඉමිනා උපායෙන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බොති.
සිවුරු ප්‍රශ්නයෙහි එකම දහමක් අනාශ්‍රව යයිද ආශ්‍රව යයිද වේ යයි ලක්ෂණ විරෝධ බියෙන් ප්‍රතික්ෂේප කරයි. දෙවනුව විචාළේ අනාශ්‍රව වී ආශ්‍රව වේ යයි පිළිගනී. තඤ්ඤෙව අනාසවං යන ප්‍රශ්න දෙකෙහි මෙම නයම වේ. සකවාදියා වනාහි තඤ්ඤෙවා යයි අනුමත බැවින් මග්ගො අනාසවො හුත්වා යනාදියෙන් චෝදනා කරයි. මේ උපායෙන් සියළු අර්ථ දතයුතුය.
අනාසවකථාවණ්ණනා.
සමන්නාගතකථාවණ්ණනා
35. සමන්නාගත කථා
ඉදානි සමන්නාගතකථා නාම හොති. තත්ථ ද්වෙ සමන්නාගමා පච්චුප්පන්නක්ඛණෙ සමඞ්ගීභාවසමන්නාගමො ච රූපාවචරාදීසු අඤ්ඤතරභූමිප්පත්තිතො පටිලාභසමන්නාගමො ච. සො යාව අධිගතවිසෙසා න පරිහායති, තාවදෙව ලබ්භති. යෙසං පන ඨපෙත්වා ඉමෙ ද්වෙ සමන්නාගමෙ අඤ්ඤො උපපත්තිධම්මවසෙන එකො සමන්නාගමො නාම හොතීති ලද්ධි, සෙය්යථාපි එතරහි උත්තරාපථකානං, තෙසං පත්තිධම්මො නාම කොචි නත්ථීති අනුබොධනත්ථං අරහා චතූහි ඵලෙහි සමන්නාගතොති පුච්ඡා සකවාදිස්ස, පත්තිං සන්ධාය පටිඤ්ඤා ඉතරස්ස. අථස්ස “යදි තෙ අරහා චතූහි ඛන්ධෙහි විය චතූහි ඵලෙහි සමන්නාගතො, එවං සන්තෙ යෙ චතූසු ඵලෙසු චත්තාරො ඵස්සාදයො, තෙහි තෙ අරහතො සමන්නාගතතා පාපුණාතී”ති චොදනත්ථං අරහා චතූහි ඵස්සෙහීතිආදි ආරද්ධං. තං සබ්බං පරවාදිනා එකක්ඛණෙ චතුන්නං ඵස්සාදීනං අභාවා පටික්ඛිත්තං. අනාගාමිපඤ්හාදීසුපි එසෙව නයො.
දැන් සමන්නාගත කථා නම් වේ. එහි වර්තමාන ක්ෂණයෙහි සමංගීභාව සමත්වාගමය රූපාවචරාදියෙහි කිසියම් උපතකින් ප්රතිලාභ සමන්වාගම යයි සමත්වාගම දෙකකි. හේ අවබෝධය ලබනතුරු නො පිරිහේ. මේ සමත්වාගම දෙක හැර අන්‍ය වූ උත්පත්ති ධර්ම වශයෙන් එන සමත්වාගමයක් ඇතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන්ගේ පැමිණි දහම් යයි කිසිවක් නැතැයි අනුබෝධය සඳහා අරහා චතුහි එලෙහි සමන්නාගතො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඔබගේ රහතුන් ස්කන්ධ සතරෙහි මෙන් සතරපලයෙන් යුක්තය. මෙසේ ඇති කල්හි සතර පලයෙහි යම් ස්පර්ශාදිය ඒ රහතුන් එයින් යුක්ත බවට පැමිණෙතැයි චෝදනා පිණිස අරහා චතූහි ඵස්සෙහි යනාදිය අරඹන ලදී. ඒක ක්ෂණයෙහි සතර ඵස්සාදීන්ගේ අභාවයෙන් ඒ සියල්ල පරවාදියා විසින් ප්‍රතික්ෂේප කරන ලදී. අනාගාමී ප්‍රශ්නවලද මෙම නයම වේ.
සොතාපත්තිඵලං වීතිවත්තොති න පඨමජ්ඣානං විය දුතියජ්ඣානලාභී; පුන අනුප්පත්තියා පන වීතිවත්තොති පුච්ඡති. සොතාපත්තිමග්ගන්තිආදි යං වීතිවත්තො, තෙනස්ස පුන අසමන්නාගමං දස්සෙතුං ආරද්ධං.
සොතාපත්ති ඵලං වීතිවත්තො ප්‍රථම ධ්‍යානය මෙන් නොව ද්විතීය ධ්‍යානලාභියා නැවත ඉකුත් වේදැයි අසයි. සොතාපත්ති මග්ගං යනාදිය යමක් ඉක්මවන්නේ එයින් නැවත යුක්තදැයි දැක්වීමට අරඹන ලදී.
තෙහි ච අපරිහීනොති පඤ්හෙ යස්මා යථා පච්චනීකසමුදාචාරෙන ලොකියජ්ඣානධම්මා පරිහායන්ති, න එවං ලොකුත්තරා. මග්ගෙන හි යෙ කිලෙසා පහීයන්ති, ඵලෙන ච පටිප්පස්සම්භන්ති, තෙ තථා පහීනාව තථා පටිප්පස්සද්ධායෙව ච හොන්ති, තස්මා සකවාදිනා ආමන්තාති පටිඤ්ඤාතං. ස්වායමත්ථො පරතො “අරහතා චත්තාරො මග්ගා පටිලද්ධා”තිආදීසු පකාසිතොයෙව. සෙසං උත්තානත්ථමෙවාති.
තෙහිච අපරිහීනො යන ප්‍රශ්නයෙහි යම්හෙයකින් විරුද්ධ හැසිරීමකින් ලෞකික ධ්‍යාන පිරිහේ. ලෝකෝත්තරය එසේ නොවේ. මාර්ගයෙන් කෙලෙස් ප්‍රහීන වේ. ඵලයෙන් සන්සිඳේ. ඒවා එසේ ප්‍රහීන ද සන්සිඳීම ද වේ. එහෙයින් සකවාදිසා එසේ යයි ප්‍රතිඥාතය. අරහතා චත්තාරො මග්ගා පටිලද්ධා ආදියෙහි ප්‍රකාශ විය. සෙස්ස පැහැදිලිය.
සමන්නාගතකථාවණ්ණනා.
උපෙක්ඛාසමන්නාගතකථාවණ්ණනා
36. උපෙක්ඛා සමන්නාගත කථා
අරහා ඡහි උපෙක්ඛාහීති කථායපි ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො. අරහා හි ඡසු ද්වාරෙසු උපෙක්ඛානං උප්පත්තිභබ්බතාය තාහි සමන්නාගතොති වුච්චති, න එකක්ඛණෙ සබ්බාසං උප්පත්තිභාවෙනාති.
අරහා ඡහි උපෙක්ඛාහි යන කථාවද මේ නයින්ම දතයුතු. රහතන් වහන්සේ දොරවල සයෙහි උපේක්ෂාවල උපතින් සුදුසු නිසා ඒවායින් යුක්තයයි කියනු ලැබේ. උත්පත්ති භාවයෙන් සියල්ල එකක්ෂණයෙහි නොවේ. සෙස්ස පැහැදිලිය.
උපෙක්ඛාසමන්නාගතකථාවණ්ණනා.
බොධියාබුද්ධොතිකථාවණ්ණනා
37. බොධියා බුද්ධොති කථා
ඉදානි බොධියා බුද්ධොතිකථා නාම හොති. තත්ථ බොධීති චතුමග්ගඤාණස්සාපි සබ්බඤ්ඤුතඤ්ඤාණස්සාපි අධිවචනං. තස්මා යෙසං යථා ඔදාතෙන වණ්ණෙන ඔදාතො, සාමෙන වණ්ණෙන සාමො, එවං බොධියා බුද්ධොති ලද්ධි, සෙය්යථාපි එතරහි උත්තරාපථකානංයෙව; තෙ සන්ධාය පුච්ඡා ච අනුයොගො ච සකවාදිස්ස, පටිඤ්ඤා ච පටික්ඛෙපො ච ඉතරස්ස.
දැන් බෝධිය බුද්ධ යයි කථා නම් වේ. එහි බෝධි යනු සතර මාර්ග ඤාණයට ද සර්වඥතා ඤාණයට ද පර්යාය නමකි. යම්සේ සුදු වර්ණයෙන් සුදුය. කළු වර්ණයෙන් කළුය. එහෙයින් මෙසේ බෝධිය බුද්ධ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීමද අනුයෝගය ද සකවාදියාගේය. ප්‍රතිඥාවද ප්රතික්ෂේපයද අනෙකාගේය.
අතීතායාති පඤ්හෙ තස්මිං ඛණෙ අභාවතො පටික්ඛිපති. දුතියං පුට්ඨො පටිලාභං සන්ධාය පටිජානාති. පුන කිච්චවසෙන පුට්ඨො කිච්චාභාවතො පටික්ඛිපති. දුතියං පුට්ඨො යං තෙන තාය කරණීයං කතං, තත්ථ සම්මොහාභාවං පටිජානාති. ලෙසොකාසං පන අදත්වා දුක්ඛං පරිජානාතීතිආදිනා නයෙන පුට්ඨො තස්ස කිච්චස්ස අභාවා පටික්ඛිපති.
අතීතායා පනයෙහි ඒ කෂණයෙහි අභාවයෙන් ප්‍රතික්ෂේප කරයි. දෙවනුව විචාළේ ප්‍රතිලාභය සඳහා පිළිගනී. නැවත කෘත්‍ය වශයෙන් විචාළේ කෘත්‍යභාවයෙන් ප්‍රතික්ෂේප කරයි. දෙවනුව විචාළේ එහෙයින් එයින් යම් කළයුතු දෙයක් කරන ලදී. එහි මුළාබව පිළිගනී. සුළු ඉඩක්වත් නොදී දුක්ඛං පටිජානාති ආදි නයින් විචාළේ ඒ කෘත්‍යයේ අභාවයෙන් ප්‍රතික්ෂේප කරයි.
අනාගතපඤ්හෙ තස්මිං ඛණෙ මග්ගඤාණස්ස අභාවා පටික්ඛිපති. දුතියං පුට්ඨො “අගමා රාජගහං බුද්ධො”ති (සු· නි· 410) අනාගතාය බොධියා බුද්ධභාවං මඤ්ඤමානො පටිජානාති. බොධිකරණීයං කරොතීති පුට්ඨො තස්මිං ඛණෙ කිච්චාභාවෙන පටික්ඛිපති. දුතියං පුට්ඨො යදි න කරෙය්ය, බුද්ධොති න වුච්චෙය්ය. යස්මා අවස්සං කරිස්සති, තස්මා කරොතියෙව නාමාති පටිජානාති. පුන ලෙසොකාසං අදත්වා පුට්ඨො පටික්ඛිපති. පච්චුප්පන්නපඤ්හො සද්ධිං සංසන්දනාය උත්තානත්ථොව.
දෙවනුව විචාළේ ‘ගියෝ රැස්ගහ බුදුහු’ යයි අනාගතයෙහි බෝධියේ බුදුබව සිතන්නේ පිළිගනී. බොධි කරණීයං කරොති යයි විචාළේ ඒ ක්ෂණයෙහි කෘත්යතාවයෙන් ප්‍රතික්ෂේප කරයි. දෙවනුව විචාළේ ඉදින් නො කරන්නේ නම් බුද්ධ යයි නො කියනු ලබන්නේය. යම්සේ අවශ්‍ය දේ කරන්නේය. එහෙයින් කෙරේ යයි පිළිගනී. නැවත සුළු ඉඩක්වත් නොදී විචාරණ ලද්දේ ප්‍රතික්ෂේප කරයි. වර්තමාන ප්රශ්නය සැසඳීම සමග පැහැදිලි අර්ථ වේ.
තිස්සො බොධියො එකතො කත්වා පුට්ඨො සබ්බඤ්ඤුතඤ්ඤාණං සන්ධාය තීහිපි බුද්ධොති වත්තබ්බභාවතො පටිජානාති. පුන තීහිති පුට්ඨො සබ්බාසං එකක්ඛණෙ අභාවා පටික්ඛිපති. දුතියං පුට්ඨො අතීතානාගතපච්චුප්පන්නස්ස සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස වසෙන පටිජානාති. පුන ලෙසොකාසං අදත්වා සතතං සමිතන්ති පුට්ඨො පටික්ඛිපති.
තුන්බෝධිය එකක් කොට විචාරණ ලද්දේ සර්වඥතා ඤාණය සඳහා තුනම බුද්ධ යයි කිවයුතු බැවින් පිළිගනී. නැවත තුනෙන්ම විචාරණ ලද්දේ සියල්ලම ඒක ක්ෂණයෙහි නොවීමෙන් ප්‍රතික්ෂේප කරයි. දෙවනුව විචාළේ අතීත අනාගත වර්තමාන සර්වඥතා ඤාණය වශයෙන් පිළිගනී. නැවත සුළු අවකාශයක්වත් නොදී සත්තං සමිතං යයි විචාරන ලද්දේ ප්‍රතික්ෂේප කරයි.
න බත්තබ්බං බොධියාති පුච්ඡා පරවාදිස්ස, බොධියා අභාවක්ඛණෙ අබුද්ධභාවාපත්තිතො පටිඤ්ඤා සකවාදිස්ස. නනු බොධිපටිලාභාති පඤ්හෙ පන යස්මිං සන්තානෙ බොධිසඞ්ඛාතං මග්ගඤාණං උප්පන්නං, තත්ථ බුද්ධොති සම්මුතිසබ්භාවතො පටිඤ්ඤා තස්සෙව. තස්ස අධිප්පායං අජානිත්වා හඤ්චීති ලද්ධිට්ඨපනා පරවාදිස්ස. ඉදානිස්ස අසල්ලක්ඛණං පාකටං කාතුං බොධිපටිලාභා බුද්ධොති බොධියා බුද්ධොති පුච්ඡා සකවාදිස්ස. තස්සත්ථො – “කිං තෙ යස්මා බොධිපටිලාභා බුද්ධො, තස්මා බොධියා බුද්ධො”ති. ඉතරො “බොධිපටිලාභො නාම බොධියා උප්පජ්ජිත්වා නිරුද්ධායපි සන්තානෙ උප්පන්නභාවොයෙව. බොධි නාම මග්ගක්ඛණෙ ඤාණ”න්ති ඉමං විභාගං අසල්ලක්ඛෙන්තොව පුන පටිජානාති. තතො සකවාදිනා බොධිපටිලාභා බොධීති පුට්ඨො වචනොකාසං අලභන්තො පටික්ඛිපතීති.
න වත්තබ්බං බොධියා යයි විචාරීම පරවාදියාටය. දැන් ඔහුගේ නොසැලකීම ප්‍රකට කිරීමට තත්ර බොධිපටිලාභා යන ප්‍රශ්නයෙහි යමෙකුගේ සිතෙහි බෝධි සංඛ්‍යාත මාර්ග ඤාණය ඉපදෙනවිට බුද්ධ යන සම්මති ස්වභාවයෙන් පිළිගැනීම වේ. ඔහුගේ අදහස නොදැන හඤ්චි යයි ලබ්ධිය තැබීම පරවාදියාගේය. දැන් ඔහුගේ නොසැලකීම ප්‍රකට කිරීමට බොධිපටිලාභා බුද්ධොති බොධියා බුද්ධොති විචාරීම සකවාදියාටය. එහි අර්ථය : කිම ඔබගේ යම්හෙයකින් බෝධි ප්‍රතිලාභය බුද්ධ වේ. එහෙයින් බෝධිය බුද්ධ වේද? පරවාදියා බෝධි ප්‍රතිලාභය (සත්‍යාවබෝධය) නම් බෝධියෙන් ඉපිද නිරුද්ධ වේ. සන්තානයෙහි (සිතෙහි) උපන්බවට වේ. බෝධි නම් මාර්ග ක්ෂණයෙහි ඤාණයයි. මේ විභාගය නොසලකන්නේ නැවත පිළිගනී. එයින් සකවාදියා විසින් බොධිපටිලාභා බොධි යයි විචාළේ වචනයට අවකාශයක් නොලබන්නේ ප්‍රතික්ෂේප කරයි.
බොධියාබුද්ධොතිකථාවණ්ණනා.
ඉති ඉමා තිස්සොපි කථා උත්තරාපථකානංයෙව.
මෙසේ මේ කථා තුනම උත්තරාපථකයන්ගේය.
ලක්ඛණකථාවණ්ණනා
38. ලක්ඛණ කථා
ඉදානි ලක්ඛණකථා නාම හොති. තත්ථ “යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්තී”ති (දී· නි· 1.258) ඉමං සුත්තං අයොනිසො ගහෙත්වා ලක්ඛණසමන්නාගතො බොධිසත්තොව හොතීති යෙසං ලද්ධි, සෙය්යථාපි එතරහි උත්තරාපථකානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස.
දැන් ලක්ෂණ කථා නම් වේ. එහි යමකින් සමන්නාගත වූ මහා පුරුෂයකුගේ ගති දෙකක් වේ. මේ සූත්‍රය වැරදියට ගෙන ලක්ෂණවලින් යුක්ත වූයේ බෝධිසත්ත්වයන් වහන්සේම යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ දැන් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා ඇසීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය.
චක්කවත්තිසත්තොති පඤ්හෙසු යස්මා චක්කවත්තී සත්තොපි ච බොධිසත්තොපි, තස්මා අබොධිසත්තං සන්ධාය පටික්ඛිපති. බොධිසත්තං සන්ධාය පටිජානාති.
චක්කවත්ති සත්තො යයි ප්රශ්නවල යම්හෙයකින් චක්‍රවර්ති සත්ත්වයා බෝධි සත්ත්වයා ද ඇත. අබෝධි සත්ත්වයාද ඇත. එනිසා අබෝධි සත්ත්වයා සඳහා ප්‍රතික්ෂේප කරයි. බෝධිසත්ත්වයා සඳහා පිළිගනී.
ද්වත්තිංසිමානීතිසුත්තං බොධිසත්තමෙව සන්ධාය වුත්තං. සො හි පච්ඡිමෙ භවෙ බුද්ධො හොති, ඉතරෙසු චක්කවත්තී, තස්මා ආභතම්පි අනාභතසදිසමෙවාති.
ද්වත්තිංසිමානි යන සූත්‍රය බෝධිසත්ත්වයා සඳහාම කියන ලදී. හෙතෙමේ ද පශ්චිම භවයෙහි බුදු වේ. ඉතිරි අය කෙරෙහි සක්විති වේ. එහෙයින් ගෙනෙන ලද්ද ද නොගෙනෙන ලද්ද ද සමාන වේමය.
ලක්ඛණකථාවණ්ණනා.
නියාමොක්කන්තිකථාවණ්ණනා
39. නියාමොක්කන්ති කථා
ඉදානි නියාමොක්කන්තිකථා නාම හොති. තත්ථ යෙසං ඝටිකාරසුත්තෙ ජොතිපාලස්ස පබ්බජ්ජං සන්ධාය “බොධිසත්තො කස්සපභගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො”ති ලද්ධි, සෙය්යථාපි එතරහි අන්ධකානං; තෙ සන්ධාය බොධිසත්තොති පුච්ඡා සකවාදිස්ස, ලද්ධියං ඨත්වා පටිඤ්ඤා ඉතරස්ස. තතො යස්මා නියාමොති වා බ්රහ්මචරියන්ති වා අරියමග්ගස්ස නාමං, බොධිසත්තානඤ්ච ඨපෙත්වා පාරමීපූරණං අඤ්ඤා නියාමොක්කන්ති නාම නත්ථි. යදි භවෙය්ය, බොධිසත්තො සොතාපන්නො සාවකො භවෙය්ය. න චෙතමෙවං. කෙවලඤ්හි නං බුද්ධා අත්තනො ඤාණබලෙ ඨත්වා – “අයං බුද්ධො භවිස්සතී”ති බ්යාකරොන්ති, තස්මා පුන බොධිසත්තොති අනුයොගො සකවාදිස්ස. පච්ඡිමභවං සන්ධාය පටික්ඛෙපො ඉතරස්ස. දුතියපඤ්හෙ ජොතිපාලකාලං සන්ධාය පටිඤ්ඤා තස්සෙව. සාවකො හුත්වාතිආදීසුපි එසෙව නයො. අනුස්සවියොති අනුස්සවෙන පටිවිද්ධධම්මො. පච්ඡිමභවං සන්ධාය පටික්ඛිපිත්වා ජොතිපාලකාලෙ අනුස්සවං සන්ධාය පටිජානාති.
දැන් නියාමොක්කන්ති කථා නම් වේ. එහි යමෙකුගේ ඝටීකාර සූත්‍රයෙහි ජෝතිපාලගේ පැවිද්ද සඳහා බෝධිසත්ත්වයා කාශ්‍යප භගවත්හුගේ ධර්මයෙහි බැසගත් නියමය හැසුරුණු බඹසර යයි ලබ්ධිය, යම්සේ දැන් අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා බොධිසත්තො යයි ඇසීම සකවාදියාගේය. ලබ්ධියෙහි සිට ප්‍රතිඥාව පරවාදියාගේය. එයින් යමකින් නියමය හෝ බ්‍රහ්මචර්යාව හෝ ආර්ය මාර්ගයට නමකි. බෝධිසත්ත්වයන්ට පාරමී ඤාණය හැර බැසගැනීමට වෙනත් නියමයක් නම් නැත. ඉදින් වන්නේ නම්, බෝසතාණෝ සෝවාන් ශ්‍රාවකයෙක් වන්නේය. එසේ නොවේ නම් හුදෙක් බුදුවරු ඔහුට තමාගේ ඤාණ බලයෙහි සිට මේ තෙමේ බුදුවන්නේ යයි ප්‍රකාශ කරති. එහෙයින් නැවත බොධිසත්තො යයි අනුයෝගය සකවාදියාටය. පශ්චිම භවය සඳහා ප්රතික්ෂේපය පරවාදියාටය. දෙවන ප්‍රශ්නයෙහි ජෝතිපාල කාලය සඳහා ප්‍රතිඥාව ඔහුටමය. සාවකො හුත්වා යනාදියෙහිද මෙම නයම වේ. අනුස්සවිකො යනු අනුස්සායෙන් (පරම්පරාවේ ඇසීමෙන්) ප්‍රතිවේධ කළ ධර්මය. පශ්චිම භවය සඳහා ප්‍රතික්ෂේප ජෝතිපාල කාලයෙහි අනුස්සය සඳහා පිළිගනී.
අඤ්ඤං සත්ථාරන්තිආළාරඤ්ච රාමපුත්තඤ්ච සන්ධාය වුත්තං. ආයස්මා ආනන්දොතිආදි “ඔක්කන්තනියාමාව සාවකා හොන්ති, න ඉතරෙ ඔක්කන්තනියාමා එවරූපා හොන්තී”ති දස්සෙතුං වුත්තං.
අඤ්ඤං සත්ථාරං යනු ආළාර ද රාමසුත්ත ද සඳහා කියන ලදී. ආයස්මා ආනන්දො යනාදි බැසගැනීමේ නියමයෙන් ශ්‍රාවකයෝ වෙති. සෙසු අය බැසගැනීමේ නියමයෙන් මෙබඳු රූප නොවේ යයි දැක්වීමට කියන ලදී.
සාවකො ජාතිං වීතිවත්තොති යාය ජාතියා සාවකො, තං වීතිවත්තො අඤ්ඤස්මිං භවෙ අසාවකො හොතීති පුච්ඡති. ඉතරො සොතාපන්නාදීනං සොතාපන්නාදිසාවකභාවතො පටික්ඛිපති. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
සාවකො ජාතිං වීතිවත්තො යන යම් ජාතියකින් ශ්රාවකයා එය ඉකුත් කළ වෙනත් භවයක අන්‍ය භවයක ශ්‍රාවකයෙක් නොවේදැයි විචාරයි. පරවාදියා සෝවාන් ආදීන්ගේ සෝවාන් ආදි ශ්‍රාවක භවයෙන් ප්‍රතික්ෂේප කරයි. මෙහි සෙස්ස පැහැදිලිය.
නියාමොක්කන්තිකථාවණ්ණනා.
අපරාපි සමන්නාගතකථාවණ්ණනා
40. අපරාපි සමන්නාගත කථා
ඉදානි අපරාපි සමන්නාගතකථා නාම හොති. තත්ථ යෙසං “චතුත්ථමග්ගට්ඨො පුග්ගලො පත්තිධම්මවසෙන තීහි ඵලෙහි සමන්නාගතො”ති ලද්ධි, සෙය්යථාපි එතරහි අන්ධකානං ; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසමෙත්ථ හෙට්ඨා චතූහි ඵලෙහි සමන්නාගතකථායං වුත්තනයෙනෙව වෙදිතබ්බන්ති.
දැන් තවද සමන්නාගත කථා නම් වේ. එහි යමෙකුගේ සතරවැනි මාර්ගස්ථ පුද්ගලයා පැමිණි දහම් වශයෙන් ඵල තුනෙන් යුක්ත යයි ලබ්ධිය වේ. යම්සේ දැන් අන්ධකයින්ගේ මෙහි ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. මෙහි සෙස්ස යට සතර පලයෙන් යුක්ත කථාවෙන් කියන ලද නයින්ම දතයුතුය.
අපරාපි සමන්නාගතකථාවණ්ණනා.
සබ්බසංයොජනප්පහානකථාවණ්ණනා
41. සංයෝජන පහාන කථා
ඉදානි සංයොජනප්පහානකථා නාම හොති. තත්ථ යෙසං “නිප්පරියායෙනෙව සබ්බසංයොජනප්පහානං අරහත්ත”න්ති ලද්ධි, සෙය්යථාපි එතරහි අන්ධකානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. පුන සබ්බෙ සංයොජනාති පුට්ඨො හෙට්ඨා වුත්තමග්ගත්තයෙන පහීනෙ සන්ධාය පටික්ඛිපති. දුතියං පුට්ඨො තෙන මග්ගෙන අප්පහීනස්ස අභාවා පටිජානාති. සක්කායදිට්ඨිආදීසුපි පඨමමග්ගෙන පහීනභාවං සන්ධාය පටික්ඛිපති, චතුත්ථමග්ගෙන අනවසෙසප්පහානං සන්ධාය පටිජානාති. එසෙව නයො සබ්බත්ථාති.
දැන් සංයෝජන පහාන කථා වේ. එහි යමෙකුගේ නිෂ්පරියායෙන් සියළු සංයෝජන ප්‍රහානය රහත් යයි ලබ්ධි වේ. යම්සේ දැන් අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනිකාටය. නැවත සබ්බෙ සංයොජනා යයි විචාරණ ලද්ද යට කියන ලද නයින් ප්රහීනය සඳහා ප්‍රතික්ෂේප කරයි. සිව්වන මගින් අනවශේෂ ප්‍රහානය සඳහා පිළිගනී. සියළු තැන මෙම නය වේ.
සබ්බසංයොජනප්පහානකථාවණ්ණනා.
චතුත්ථො වග්ගො.
සතරවන වර්ගය නිමි.