ලක්ඛණකථා
4. 7.
4. 7.
ලක්ඛණකථා
ලක්ඛණකථා
[“යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වේව ගතියො භවන්ති” යි වදාළ සුත්රප්රදේශ නුනුවණින් ගෙන මහා පුරුෂ ‘ලක්‍ෂණසමන්‍වාගත වූයේ බෝධිසත්ත්ව මැ වේ ය’යි ලබ්ධි ගත් විරුද්ධවාදී කෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට ලක්ඛණකථා එයි.]
1. ස. පු: ලක්ඛණසමන්නාගතො බොධිසත්තො’ති.
1. ස. පු: ලක්ෂණ සමන්වාගත වූයේ බෝධිසත්ත්ව වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පදෙසලක්ඛණෙහි සමන්නාගතො පදෙසබොධිසත්තො’ති.
ස. අනු: ප්‍රදේශ (සීමාසහිත) ලක්ෂණයෙන් සමන්වාගත වූයේ ප්රදේශබෝධිසත්ත්ව වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ලක්ඛණසමන්නාගතො බොධිසත්තො’ති.
2. ස. පු: ලක්‍ෂණසමන්‍වාගත වූයේ බෝධිසත්ත්ව වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තිභාගලක්ඛණෙහි සමන්නාගතො තිභාගබොධිසත්තො’ති.
ස. අනු: ත්‍රිභාග (තුන් කොටසක්) ලක්ෂණයෙන් සමන්වාගත වූයේ ත්රිභාගබෝධිසත්ත්ව වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: ලක්ඛණසමන්නාගතො බොධිසත්තො’ති.
3. ස. පු: ලක්‍ෂණසමන්‍වාගත වූයේ බෝධිසත්ත්ව වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපඩ්ඪලක්ඛණෙහි සමන්නාගතො උපඩ්ඪබොධිසත්තො’ති.
ස. අනු: අර්ධ (දෙකෙන් කොටසක්) ලක්ෂණයෙන් සමන්වාගත වූයේ අර්ධබොධිසත්ත්ව වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ලක්ඛණසමන්නාගතො බොධිසත්තො’ති.
4. ස. පු: ලක්‍ෂණසමන්‍වාගත වූයේ බෝධිසත්ත්ව වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්කවත්තිසත්තො ලක්ඛණසමන්නාගතො. චක්කවත්තිසත්තො බොධිසත්තො’ති.
ස. අනු: චක්‍රවර්තිසත්ත්‍වයා ද ලක්‍ෂණසමන්‍වාගත වෙයි. චක්‍රවර්ති සත්ත්වයා බෝධිසත්ත්ව වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ … (බෝසත් නො වන සක්විති ගෙන කළ ප්‍රතික්ෂේප යි.)
5. ස. පු: චක්කවත්තිසත්තො ලක්ඛණසමන්නාගතො. චක්කවත්තිසත්තො බොධිසත්තො’ති.
5. ස. පු: චක්‍රවර්තිසත්ත්‍වයා ලක්‍ෂණසමන්‍වාගත වෙයි. චක්‍රවර්තිසත්ත්‍වයා බෝධිසත්ත්ව වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ. (බෝසත් වන සක්විති ගෙන කළ ප්‍රතිඥා යි.)
ස. අනු: යාදිසො බොධිසත්තස්ස පුබ්බයොගො පුබ්බචරියා ධම්මක්ඛානං ධම්මදෙසනා, තාදිසො චක්කවත්තිසත්තස්ස පුබ්බයොගො පුබ්බචරියා ධම්මක්ඛානං ධම්මදෙසනා’ති.
ස. අනු: බෝසතුන්ගේ යම්බඳු පූර්වයෝගයෙක් පූර්වචර්ය්යායෙක් ධර්මාඛ්යානයෙක් ධර්මදේශනායෙක් ඇද්ද, චක්රවර්තිහුගේත් එබඳු පූර්වයෝගයෙක් පූර්වචර්ය්යායෙක් ධර්මාඛ්යානයෙක් ධර්මදේශනායෙක් වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: යථා බොධිසත්තස්ස ජායමානස්ස දෙවා පඨමං පටිගණ්හන්ති පච්ඡා මනුස්සා, එවමෙවං චක්කවත්තිසත්තස්ස ජායමානස්ස දෙවා පඨමං පටිගණ්හන්ති පච්ඡා මනුස්සා’ති.
ස. අනු: යම් පරිදි උපදනා බෝසතුන් දෙවියෝ පළමු කොට පිළිගනිත් ද, මිනිස්සු පසුව පිළිගනිත් ද, එපරිදි මැ උපදනා චක්‍රවර්තිසත්ත්‍වයා දෙවියෝ පළමු කොට පිළිගනිත් ද, මිනිස්සු පසුව පිළිගනිත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: යථා බොධිසත්තස්ස ජායමානස්ස චත්තාරො නං දෙවපුත්තා පටිග්ගහෙත්වා මාතු පුරතො ඨපෙන්ති ‘අත්තමනා දෙවි හොහි, මහෙසක්ඛො තව පුත්තො උප්පන්නො’ති, එවමෙවං චක්කවත්ති සත්තස්ස ජායමානස්ස චත්තාරො නං දෙවපුත්තා, පටිග්ගහෙත්වා මාතු පුරතො ඨපෙන්ති ‘අත්තමනා දෙවි හොහි මහෙසක්ඛො තව පුත්තො උප්පන්නො’ති.
6. ස. පු: යම් සේ උපදනා බෝසත් සතරවරම් දෙව්රජහු පිළිගෙන මව පෙරට තබත් ද, ‘දේවී සොම්නස්වා, තොපට මහානුභාව සම්පන්න පුතෙක් උපන’ යි කියත් ද, එසේ ම උපදනා චක්‍රවර්තිසත්ත්‍වයා සතරවරම් දෙව්රජහු පිළිගෙන මව පෙරට තබත් ද, ‘දේවී සොම්නස්වා, තොපට මහානුභාව සම්පන්න පුතෙක් උපන’ යි කියත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: යථා බොධිසත්තස්ස ජායමානස්ස ද්වෙ උදකධාරා අන්තලික්ඛා පාතුභවන්ති: එකා සීතස්ස එකා උණ්හස්ස, යෙන බොධිසත්තස්ස උදකකිච්චං කරොන්ති මාතු ච, එවමෙවං චක්කවත්තිස්ස ජායමානස්ස ද්වෙ උදකධාරා අන්තලික්ඛා පාතුභවන්ති: එකා සීතස්ස එකා උණ්හස්ස, යෙන චක්කවත්තිසත්තස්ස උදකකිච්චං කරොන්ති මාතු චාති.
ස. අනු: යම් පරිදි උපදනා බෝසත්හට බෝසතුන් හා මවට දියකිස කරන සිහිල් වූත් උෂ්ණ වූත් දෙදියදහරෙක් අහසින් වෙන වෙන පහළ වේ ද, එ පරිදි මැ උපදනා චක්රවර්තිසත්ත්වයාට සක්විතිදරු හා මවට දියකිස කරන සිහිල් වූත් උණු වූත් දෙදියදහරෙක් අහසින් වෙන වෙන පහළ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: යථා සම්පතිජාතො බොධිසත්තො සමෙහි පාදෙහි පතිට්ඨහිත්වා උත්තරෙන අභිමුඛො සත්තපදවීතිහාරෙන ගච්ඡති, සෙතම්හි ඡත්තෙ අනුධාරියමානෙ සබ්බා ච දිසා විලොකෙති, ආසභිඤ්ච වාචං භාසති: අග්ගොහමස්මි ලොකස්ස, ජෙට්ඨොහමස්මි ලොකස්ස, සොට්ඨොහමස්මි ලොකස්ස, අයමන්තිමාජාති, නත්ථී දානි පුනබ්භවො’ති, එවමෙවං සම්පතිජාතො චක්කවත්තිසත්තො සමෙහි පාදෙහි පතිට්ඨහිත්වා උත්තරෙන අභිමුඛො සත්තපදවීතිහාරෙන ගච්ඡති, සෙතම්හි ඡත්තෙ අනුධාරියමානෙ සබ්බා ච දිසා විලොකෙති, ආසභිඤ්ච වාචං භාසති. අග්ගොසහස්මි -පෙ- පුනබ්භවො’ති.
ස. අනු: යම් සේ උපන් කෙණෙහි බෝසත් සම්පාදයෙන් සිට උත්තරාභිමුඛ වැ සප්තපදව්‍යතීහාරයෙන් යේ ද, ශ්වේතච්ඡත්‍ර ධරත් මැ ඔබ මොබ හැමදික් බලා ද, ‘මම ලොවට අග්‍රයෙමි, මම ලොවට ජ්‍යේෂ්ඨයෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨයෙමි, මේ අන්තිමජාති යැ, දැන් පුනර්භවයෙක්, නැති’ යි සිංහනාද කෙරේ ද, එ පරිදි මැ එකෙණෙහි උපන් චක්‍රවර්තිසත්ත්‍වයා සම්පාදයෙන් සිට උත්තරාභිමුඛ වැ සප්තපදව්‍යතීහාරයෙන් යේ ද, සේසත් ධරත් මැ හැමදික් ඔබ මොබ බලා ද, ‘මම ලෝකයට අග්‍රයෙමි … පුනර්භවයෙක් නැති’යි සිංහනාදත් කෙරේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: යථා බොධිසත්තස්ස ජායමානස්ස මහතො ආලොකස්ස මහතො ඔභාසස්ස මහතො භූමිචාලස්ස පාතුභාවො හොති, එවමෙවං චක්කවත්තිස්ස ජායමානස්ස මහතො ආලොකස්ස මහතො ඔභාසස්ස මහතො භූමිචාලස්ස පාතුභාවො හොතී’ති.
ස. අනු: යම්සේ උපදනා බෝසත්හු පිළිබඳ වැ මහත් ආලෝකයක්හුගේ මහත් අවභාසයක්හුගේ මහත් භූමිචලනයක්හුගේ පහළ වීමෙක් ඇද්ද, එපරිදි මැ උපදනා චක්‍රවර්තිසත්ත්‍වයා පිළිබඳ වැ මහත් ආලෝකයක්හුගේ මහත් අවභාසයක්හුගේ මහත් භූමිචලනයක්හුගේ පහළ වීමෙක් වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: යථා බොධිසත්තස්ස පකතිකායො සමන්තා ව්යාමං ඔභාසති, එවමෙවං චක්කවත්තිසත්තස්ස පකතිකායො සමන්තා ව්යාමං ඔභාසතී’ති.
ස. අනු: යම් පරිදි බෝසත්හුගේ පියවි කය හාත්පස බඹයක් එළිය කෙරේ ද, එපරිදි මැ සක්විතිහුගේ පියවිකය හාත්පස බඹයක් එළිය කෙරේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: යථා බොධිසත්තො මහාසුපිනං පස්සති, එවමෙවං චක්කවත්තිසත්තො මහාසුපිනං පස්සතී’ති.
ස. අනු: යම් පරිදි බෝසත් මහාසුපින දක්නේ වේ ද, එපරිදි මැ සක්විතිසත් මහාසුපින දක්නේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ප. පු: න වත්තබ්බං ලක්ඛණසමන්නාගතො බොධිසත්තො’ති.
7. ප. පු: ලක්ෂණ සමන්වාගත වූයේ බෝධිසත්ත්ව වෙති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත්තං භගවතා “ද්වත්තිංසිමානි භික්ඛවෙ මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙ’ව ගතියො භවන්ති අනඤ්ඤා, සචෙ අගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්ති ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතන සමන්නාගතො. තස්සිමානි සත්තරතනානි භවන්ති. සෙය්යථීදං: චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායක රතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසති. සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවටච්ඡදො”ති අත්ථෙව සුත්තන්තො”ති.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාරනලද නො වේ ද? “මහණෙනි, මහාපුරුෂයාගේ මේ මහාපුරුෂලක්‍ෂණයෝ දෙතිසෙකි: යම් ලකුණකින් සමන්වාගත මහාපුරුෂයාහට ගතීහු දෙදෙනෙක් මුත් අන්යගතීහු නැද්ද, (එ බඳු මහපුරිස් ලකුණු ය.) ඉදින් ගිහිගෙහි වෙසේ නම් ධාර්මික වූ ධර්මරාජන් වූ සියුසයුරු දිනූ පරසතුරන් දිනූ දනවුයෙහි තහවුරු බවට පත් සත්රුවනින් යුත් සක්විති රජ වෙයි. මොහු ඔහුගේ සත්රුවන්හු වෙති: කෙසේ යැ යත්: චක්‍රරත්න යැ හස්තිරත්න යැ අශ්වරත්න යැ මණිරත්න යැ ස්ත්‍රීරත්න යැ ගෘහපතිරත්න යැ සත් වැනි පුත්‍රරත්න යි. ඔහුට ශූර වූ වීරාඞ්ගරූප වූ පරසෙන් මඩනට පොහොසත් දහසින් වැඩි පුත්හු වෙති. හේ සාගරපර්‍ය්‍යන්ත මේ පොළොව අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් ධර්මයෙන් මොනවට දිනා වෙසෙයි. ඉදින් ගිහිගෙන් නික්ම පැවිද්දට වදනේ නම් ලෝකයෙහි පෙරළු කෙලෙස්සියන් ඇති අර්හත් සම්‍යක්සම්බුද්ධ වෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: තෙන හි ලක්ඛණසමන්නාගතො බොධිසත්තො’ති.
අනු. පා: එකරුණින් ‘ලක්ෂණ සමන්වාගත වූයේ බෝධිසත්ත්ව’ වෙයි.
ලක්ඛණකථා නිට්ඨිතා.
ලක්ඛණකථා නිමි.