නියාමොක්කන්තිකථා
4. 8.
4. 8.
නියාමොක්කන්තිකථා
නියාමොක්කන්තිකථා
[‘නියාම’ යනුදු ‘බ්‍රහ්මචරිය’ යනුදු ආර්ය්යමාර්ගයට නමි. බෝධිසත්ත්වයනට පාරමී ඥානය මිස නියාමයෙක් නැත. ඉදින් ඇත් නම් බෝසත් සෝවන් සව්වෙක් වෙයි. තෙල එසේ නො වෙයි. එසේ වතුදු ජෝතිපාල මාණවකයාගේ පැවිද්ද ගෙන ‘අප මහසත් කසුප් බුදුන් දවස එසස්නෙහි බැසගත් නියාම ඇතියේ පිරූ බඹසර ඇතියේ වී’ යයි ලබ්ධි ගත් වාදී කෙනෙක් ඇත. අන්ධක නිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට නියාමොක්කන්තිකථා එයි.]
1. ස. පු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
1. ස. පු: බෝසත් කසුප් බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ පිරූ බ්‍රම්සරවස් ඇතියේ වී ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ. (ලබ්ධියෙහි සිට කළ ප්‍රතිඥා යි.)
ස. අනු: බොධිසත්තො කස්සපස්ස භගවතො සාවකො’ති.
ස. අනු: බෝසත් කසුප් බුදුන්ගේ සව්වෙක් වී ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: බොධිසත්තො කස්සපස්ස භගවතො සාවකො’ති.
2. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සව්වෙක් වී ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සාවකො හුත්වා බුද්ධො හොතී’ති.
ස. අනු: සවු වැ සිට බුදු වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ … (බෝසත්හුගේ පශ්චිමභවය සඳහා කළ ප්‍රතික්ෂේප යි.)
3. ස. පු: සාවකො හුත්වා බුද්ධො හොතී’ති.
3. ස. පු: සවු වැ සිට බුදු වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ. (ජෝතිපාල කාලය සඳහා කළ ප්‍රතිඥා යි.)
ස. අනු: අනුස්සවියො’ති.
ස. අනු: අනුශ්‍රවයෙන් (ශ්‍රාවක වශයෙන්) ප්‍රතිවේධ කළ ධර්ම ඇතියේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ … (පශ්චිමභවය සඳහා ප්‍රතික්ෂේප යි.)
4. ස. පු: අනුස්සවියො’ති.
4. ස. පු: අනුශ්‍රවයෙන් ප්‍රතිවේධ කළ ධර්ම ඇතියේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ. (ජෝතිපාල කාලයෙහි අනුශ්‍රව සඳහා කළ පිළින යි.)
ස. අනු: නනු භගවා සයම්භූති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ ස්වයම්භූ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි සයම්භූ,
අනු. ඨ: ඉදින් ස්වයම්භූ වෙත් නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අනුස්සවියො’ති.
අනු. පා: අනුශ්‍රවික යැ යනු නො කියැයුතු මැ යැ.
5. ස. පු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
5. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරූ බඹසරවස් ඇතියේ වී ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භගවතා බොධියා මූලෙ තීණෙව සාමඤ්ඤඵලානි අභිසම්බුද්ධානී’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් බෝධිමූලයෙහි (විදුරසුන්හි දී) ත්‍රිවිධ ශ්‍රාමණ්‍යඵලයෝ මැ ප්‍රතිවේධ කරන ලද්දාහු වෙත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නනු භගවතා බොධියා මූලෙ චත්තාරි සාමඤ්ඤඵලානි අභිසම්බුද්ධානී’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් බෝධිමූලයෙහි දී සතර ශ්‍රාමණ්‍යඵලයෝ අවබෝධ කරන ලද්දාහු නො ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි භගවතා බොධියා මූලෙ චත්තාරි සාමඤ්ඤඵලානි අභිසම්බුද්ධානි,
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් බෝධිමූලයෙහි දී සතර ශ්‍රාමණ්‍යඵලයෝ අවබෝධ කරන ලද්දාහු වෙත් නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
අනු. පා: භවත, ‘බෝසත් කසුප් බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරූ බඹසරවස් ඇතියේ වී’ යයි නො කියැයුතු මැ යැ …
6. ස. පු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
6. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරූ බඹසරවස් ඇතියේ වී ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: බොධිසත්තො දුක්කරකාරිකං අකාසී’ති.
ස. අනු: බෝසත් දුෂ්කරක්‍රියා කෙළේ වී ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දස්සනසම්පන්නො පුග්ගලො දුක්කරකාරිකං කරෙය්යා’ති.
ස. අනු: දර්‍ශනසම්පන්න පුද්ගල දුෂ්කරක්‍රියා කෙරේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: බොධිසත්තො අපරන්තපං අකාසි, අඤ්ඤං සත්ථාරං උද්දිසී’ති
7. ස. පු: බෝසත් පරපරිතාපනානුයෝග නො කෙළේ අන් ශාස්තෘවක්හු උදෙසා විසී ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ. (ආලාර – රාමපුත්‍රයන් සඳහා පිළින යි.)
ස. අනු: දස්සනසම්පන්නො පුග්ගලො අඤ්ඤං සත්ථාරං උද්දිසෙය්යා’ති.
ස. අනු: දර්‍ශනසම්පන්න පුද්ගල අන් ශාස්තෘවක්හු උදෙසා වසන්නට නිසි වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: ආයස්මා ආනන්දො භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො. ආයස්මා ආනන්දො භගවතො සාවකො’ති.
8. ස. පු: ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අප බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇත්තාහු සැරු බඹසරවස් ඇත්තාහු වෙති. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ අප බුදුන්ගේ ශ්‍රාවක වෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො. බොධිසත්තො කස්සපස්ස භගවතො සාවකො’ති.
ස. අනු: (තොප මතයෙහි) බෝසත් කසුප් බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසර ඇතියේ වී. බෝසත් කසුප් බුදුන්ගේ ශ්‍රාවකයෙක් වී ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: චිත්තො ගහපති, හත්ථකො ආළවකො භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො. චිත්තො ගහපති, හත්ථකො අළවකො භගවතො සාවකො’ති.
9. ස. පු: චිත්ත ගැහැවි, හත්ථක ආළවක යන මොහු අප බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇත්තාහු පිරූ බ්‍රහ්මචර්‍ය්‍ය ඇත්තාහු වෙති. චිත්ත ගැහැවි හත්ථක ආළවක යන මොහු අප බුදුන්ගේ ශ්‍රාවක වෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො. බොධිසත්තො කස්සපස්ස භගවතො සාවකො’ති.
ස. අනු: (තොප මතයෙහි) බෝසත් කසුප් බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ පිරූ බ්‍රහ්මචර්‍ය්‍ය ඇතියේ වී. බෝසත් කසුප් බුදුන්ගේ ශ්‍රාවක වී ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො න ච කස්සපස්ස භගවතො සාවකො’ති.
10. ස. පු: (තොප මතයෙහි) බෝසත් කසුප් බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ භාවිත බ්‍රහ්මචර්‍ය්‍ය ඇතියේ වී. (එහෙත්) කසුප් බුදුන්ගේ සව්වෙක් නො ද වී යැ?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආයස්මා ආනන්දො භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො න ච භගවතො සාවකො’ති.
ස. අනු: ආයුෂ්මත් ආනන්දස්ථවිරයන් වහන්සේ අප බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇත්තාහු පිරූ බ්‍රහ්මචර්‍ය්‍ය ඇත්තාහු වෙති. (එහෙත්) අප බුදුන්ගේ සව් නො ද වෙත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ.
11. ස. පු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො, න ච කස්සපස්ස භගවතො සාවකො’ති.
11. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ විය. එහෙත් කසුප් බුදුන්ගේ ශ්‍රාවකයෙක් නොවන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චිත්තො ගහපති හත්ථකො ආළවකො භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො, න ච භගවතො සාවකො’ති.
ස. අනු: චිත්ත ගැහැවි, හත්ථකආළවක අප බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ පිරූ බඹසරවස් ඇතියේ විය. එහෙත් අප බුදුන්ගේ ශ්‍රාවකයෙක් නො වන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො න ච කස්සපස්ස භගවතො සාවකො’ති.
12. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ විය. එහෙත් කසුප් බුදුන්ගේ ශ්‍රාවකයෙක් නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සාවකො ජාතිං වීතිවත්තො අසාවකො හොතී’ති.
ස. අනු: ශ්‍රාවක (යම් ජාතියෙක ආර්‍ය්‍යශ්‍රාවක වූයේ ඒ) ජාතිය ඉක්ම ගියේ (අන්‍ය ජාතියෙක දී) අශ්රාවක වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ප. පු: න වත්තබ්බං බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
13. ප. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ වී යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත්තං භගවතා “කස්සපෙ අහං ආනන්ද භගවති බ්රහ්මචරියං අචරිං ආයතිං සම්බොධියා”ති. අත්ථෙව සුත්තන්තො’ති.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “ආනන්දය, මම මතු සම්‍යක්සම්බෝධිය පිණිස කසුප්බුදුන් කෙරෙහි බඹසරවස් සැරීමි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: තෙන හි වත්තබ්බං බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
අනු. පා: එකරුණින් “බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ වී” යයි කියැයුතු යැ.
14. ස. පු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
14. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ වී ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු:
“සබ්බාභිභූ සබ්බවිදූහමස්මි සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තො සබ්බං ජහො තණ්හක්ඛයෙ විමුත්තො සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්යං.
“මම සියල්ල මැඩ සිටියෙම් සියල්ල දතුයෙම් වෙමි. සර්වධර්මයෙහි අනපලිප්තයෙමි. හැම කෙලෙස් හළෙමි. නිවන් නිමිති කොට විමුක්තයෙමි. තමා මැ ස්වයම්භූඥානයෙන් මැනැවින් දැනගෙන ආචාර්ය්ය භාවයෙන් කවරකු උදෙසම් ද?
න මෙ ආචරියො අත්ථී සදිසො මෙ න විජ්ජති සදෙවකස්මිං ලොකස්මිං නත්ථී මෙ පටිපුග්ගලො.
මට ඇදුරෙක් නැත. මට සදෘශයෙක් නැත. සදේවක ලෝකයෙහි මට ප්‍රති (සමාන) පුද්ගලයෙක් නැත.
අහං හි අරහා ලොකෙ අහං සත්ථා අනුත්තරො එකො’ම්හි සම්මාසම්බුද්ධො සීතිභූතොස්මි නිබ්බුතො ධම්මචක්කං පවත්තෙතුං ගච්ඡාමි කාසිනං පුරං අන්ධභූතස්මිං ලොකස්මිං ආහඤ්ඡං අමතදුන්දුභින්ති
මම වනාහි ලෝකයෙහි රහත්මි. මම අනුත්තර ශාස්තෘයෙමි. කේවල සම්‍යක්සම්බුද්ධයෙමි. කෙලෙස් ගිනි නිවීමෙන් ශීතලීභූත වූයෙම් නිවුණේ වෙමි. දම්සක් පවත්වනුවට කසීපුර යෙමි. අන්ධභූතලෝකයෙහි අමෘත දුන්දුභිය ගසමි.
යථා ඛො ත්වං ආවුසො පටිජානාසි, අරහසි අනන්තජිනො’ති.
ඇවැත්නි, යම් පරිදි තෙපි පිළින කරවු ද, අනන්තජින වන්නට නිසියාව. (උපකවචනයි.)
මා දිසා වෙ ජිනා හොන්ති යෙ පත්තා ආසවක්ඛයං, ජිතා මෙ පාපකා ධම්මා තස්මාහං උපකා ජිනො”ති
යම් කෙනෙක් ආස්රවක්ෂයට පැමිණියාහු වෙත් නම් ඒකාන්තයෙන් ඒ මා වැන්නෝ ජින වෙති. උපකයෙනි, මා විසින් පාපක අකුශලධර්‍මයෝ දිනනලදහ. එයින් මම ජින වෙමි” යි
අත්ථෙව සුත්තන්තො’ති.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: තෙන හි න වත්තබ්බං: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
අනු. පා: එකරුණින් ‘බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ වී’ යයි නො කියැයුතු යැ.
15. ස. පු: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
15. ස. පු: බෝසත් කසුප්බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ වී ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු භගවා -”ඉදං දුක්ඛං අරියසච්චන්ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්යන්ති මෙ භික්ඛවෙ -පෙ- පරිඤ්ඤාතන්ති මෙ භික්ඛවෙ -පෙ- ආලොකො උදපාදි. ඉදං දුක්ඛසමුදයො අරියසච්චන්ති මෙ භික්ඛවෙ -පෙ- තං ඛො පනිදං දුක්ඛසමුදයො අරියසච්චං පහාතබ්බන්ති මෙ භික්ඛවෙ -පෙ- පහීනන්ති මෙ භික්ඛවෙ -පෙ- ඉදං දුක්ඛනිරොධො අරියසච්චන්ති මෙ භික්ඛවෙ -පෙ- තං ඛො පනිදං දුක්ඛනිරොධො අරියසච්චං සච්ඡිකාතබ්බන්ති මෙ භික්ඛවෙ -පෙ- සච්ඡිකතන්ති මෙ භික්ඛවෙ -පෙ- ඉදං දුක්ඛනිරොධගාමිනීපටිපදා අරියසච්චන්ති මෙ භික්ඛවෙ -පෙ- තං ඛො පනිදං දුක්ඛනිරොධගාමිනීපටිපදාඅරියසච්චං භාවෙතබ්බන්ති මෙ භික්ඛවෙ -පෙ- භාවිතන්ති මෙ භික්ඛවෙ -පෙ- ආලොකො උදපාදී”ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ වදාළාහු නො: “මහණෙනි: ‘මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය යැ’ යි පෙර අනුශ්රැත නො වූ දහම්හි මට චක්ෂුස පහළ විය, ඥානය පහළ විය, ප්‍රඥා පහළ විය, විද්‍යා පහළ විය, ආලොකය පහළ විය. මහණෙනි, ‘ඒ දුඃඛාර්‍ය්‍යසත්‍ය පරිඥේය යැ’ යි මට … මහණෙනි, ‘ඒ දුඃඛාර්‍ය්‍යසත්‍ය පරිඥාත යැ’ යි මට … ආලොකය පහළ විය. මහණෙනි, ‘මේ දුඃඛසමුදය ආර්‍ය්‍යසත්‍ය යැ’ යි … මහණෙනි, ‘මේ දුඃඛසමුදය ආර්‍ය්‍යසත්‍යය ප්‍රහාතව්‍ය යැ’ යි මට … මහණෙනි, ‘දුඃඛසමුදය ආර්‍ය්‍යසත්‍යය ප්‍රහීණ යැ’ යි මට … මහණෙනි, ‘මේ දුඃඛනිරෝධ ආර්‍ය්‍යසත්‍ය යැ’ යි මට … මහණෙනි, ‘මේ දුඃඛනිරෝධ ආර්‍ය්‍යසත්‍යය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ’ යි මට … මහණෙනි, දුඃඛනිරෝධ ආර්‍ය්‍යසත්‍ය සාක්‍ෂාත්කෘත යැ’ යි මට … මහණෙනි, ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය යැ’ යි මට … මහණෙනි, ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය භාවිතව්‍ය යැ’ යි මට … මහණෙනි, ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යය භාවිත යැ’ යි මට ... ආලොකය පහළ වී” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැනු?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: තෙන හි න වත්තබ්බං: බොධිසත්තො කස්සපස්ස භගවතො පාවචනෙ ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො’ති.
අනු. පා: එකරුණින් ‘බෝසත් කසුප්බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසරවස් ඇතියේ වී’ යයි නො කියැයුතු යැ.
නියාමොක්කන්තිකථා නිට්ඨිතා.
නියාමොක්කන්තිකථා නිමි.