යෙදුමෙන් කියවන්න

5. පඤ‍්චමවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

5. පස්වෙනි වර්ගය

විමුත‍්තිකථාවණ‍්ණනා

42. විමුත්ති කථා

ඉදානි විමුත‍්තිකථා නාම හොති. තත්‍ථ විපස‍්සනා, මග‍්ගො, ඵලං, පච‍්චවෙක‍්ඛණන‍්ති චතුන‍්නං ඤාණානං විමුත‍්තිඤාණන‍්ති නාමං. තෙසු විපස‍්සනාඤාණං නිච‍්චනිමිත‍්තාදීහි විමුත‍්තත‍්තා, තදඞ‍්ගවිමුත‍්තිභාවෙන වා විමුත‍්තත‍්තා විමුත‍්තිඤාණං. මග‍්ගො සමුච‍්ඡෙදවිමුත‍්ති, ඵලං පටිප‍්පස‍්සද‍්ධිවිමුත‍්ති, පච‍්චවෙක‍්ඛණඤාණං පන විමුත‍්තිං ජානාතීති විමුත‍්තිඤාණං. එවං චතුබ‍්බිධෙ විමුත‍්තිඤාණෙ නිප‍්පරියායෙන ඵලඤාණමෙව විමුත‍්ති. සෙසානි “විමුත‍්තානී”ති වා “අවිමුත‍්තානී”ති වා න වත‍්තබ‍්බානි. තස‍්මා “ඉදං නාම විමුත‍්තිඤාණං විමුත‍්ත”න‍්ති අවත්‍වා අවිසෙසෙනෙව “විමුත‍්තිඤාණං විමුත‍්ත”න‍්ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා පරවාදිස‍්ස. පුන යංකිඤ‍්චීති පුට‍්ඨො පච‍්චවෙක‍්ඛණාදීනි සන්‍ධාය පටික‍්ඛිපති. පටිපන‍්නස‍්සාති පුට‍්ඨො මග‍්ගඤාණස‍්ස අනාසවතං සන්‍ධාය පටිජානාති. යස‍්මා පන තං සොතාපන‍්නස‍්ස ඵලෙ ඨිතස‍්ස ඤාණං න හොති, තස‍්මා විමුත‍්තං නාම න හොතීති චොදනත්‍ථං පුන සකවාදී සොතාපන‍්නස‍්සාතිආදිමාහ. ඉමිනා උපායෙන සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො.

දැන් විමුක්ති කථා නම් වේ. එහි විදර්ශනා, මාර්ගය, ඵලය ප්‍රත්‍යවේක්‍ෂා යයි සතර ඤාණය විමුක්ති ඤාණ නම් වේ. ඒවායින් විපස්සනා ඤාණය නිත්‍ය මිත්‍රාදීන් විසින් මුදන ලද හෙයින් තරංග විමුක්තිභාවයෙන් හෝ මුදන ලද බැවින් විමුත්ති ඤාණ වේ. මාර්ගය සමුච්ඡෙද විමුක්ති වේ. ඵලය පටිප්පස්සද්ධි විමුක්ති වේ. ප්‍රත්‍යවේක්‍ෂා ඥාණය වනාහි විමුක්තිය දන්නේ යයි විමුක්ති ඤාණය වේ. මෙසේ සතරාකාර වූ විමුක්ති ඤාණයෙහි නිෂ්පරියායෙන් ඵල ඤාණයම විමුක්ති වේ. සෙසු විමුත්ත හෝ අවිමුත්ත හෝ නොකිව යුතුය. එහෙයින් මෙය නම් වූ විමුක්ති ඤාණය විමුත්ත යයි නොකියා අවිශේෂයෙන්ම විමුක්ති ඤාණය විමුක්තියයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. නැවත යං කිඤ්චි යයි විචාරන ලද්දේ මාර්ග ඤාණයේ අනාශ්‍රව බව සඳහා පිළිගනී. යම්හෙයකින් වනාහි සෝතාපන්නයාගේ ඵලයෙහි සිටි ඒ ඤාණය නොවේ. එහෙයින් විමුක්තිය නොවේ යයි චෝදනාව පිණිස නැවත සකවාදියා සොතාපන්නස්සා යනාදිය කීය. මේ උපායෙන් සියළු තැන අර්ථය දතයුතුය.

විමුත‍්තිකථාවණ‍්ණනා.

අසෙඛඤාණකථාවණ‍්ණනා

43. අසෙක්‍ඛ කථා

ඉදානි අසෙඛකථා නාම හොති. තත්‍ථ යස‍්මා ආනන්‍දත්‍ථෙරාදයො සෙඛා “උළාරො භගවා”තිආදිනා නයෙන අසෙඛෙ ජානන‍්ති, තස‍්මා “සෙඛස‍්ස අසෙඛඤාණං අත්‍ථී”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි උත‍්තරාපථකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. ජානාති පස‍්සතීති ඉදං අත‍්තනා අධිගතස‍්ස ජානනවසෙන වුත‍්තං. ගොත්‍රභුනොතිආදි හෙට‍්ඨිමාය භූමියං ඨිතස‍්ස උපරූපරිඤාණස‍්ස අභාවදස‍්සනත්‍ථං වුත‍්තං. නනු ආයස‍්මා ආනන්‍දො සෙඛො “උළාරො භගවා”ති ජානාතීති පරවාදී අසෙඛෙ භගවති පවත‍්තත‍්තා තං අසෙඛඤාණන‍්ති ඉච‍්ඡති, න පනෙතං අසෙඛං. තස‍්මා එවං පතිට‍්ඨාපිතාපි ලද‍්ධි අප‍්පතිට‍්ඨාපිතාව හොතීති.

දැන් අසෙක්‍ඛ කථා නම් වේ. එහි යම්හෙයකින් ආනන්ද ස්ථවිරාදීහු සේකයහ. ‘භාග්‍යවතුන් වහන්සේ උදාරය’ ආදි නයින් අසේක යයි දැනගනිති. නිසා සේකයන්ට අසේක ඤාණය ඇතැයි යම් අයගේ ලබ්ධිය, යම්සේ උත්තරාපථකයන්ගේ වැනි වේ. ඔවුන් සඳහා විචාරිම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ජානාති පස්සති යන මෙය තමා විසින් හදාළ දැනීම් වශයෙන් කියන ලදී. ගොත්‍රභූතො යනාදිය යටම භූමියේ සිටියහුට ඉහළ ඉහළ ඤාණයේ අභාවය දැක්වීම සඳහා කියන ලදී. නනු ආයස්මා ආනන්‍දො සෙක්‍ඛො උළාරො භගවාති ජානාති යයි පරවාදියා අශෛක්‍ෂයන් භාග්‍යවතුන් කෙරෙහි පැවතෙන බව යන එය අසේක ඤාණ යයි කැමති වේ. මෙය අසේක නොවේ. එසේ හෙයින් මෙසේ පිහිටි ලබ්ධිය නොපිහිටියා මෙනි.

අසෙඛඤාණකථාවණ‍්ණනා.

විපරීතකථාවණ‍්ණනා

44. විපරීත කථා

ඉදානි විපරීතකථා නාම හොති. තත්‍ථ “ය‍්වායං පථවීකසිණෙ පථවීසඤ‍්ඤී සමාපජ‍්ජති, තස‍්ස තං ඤාණං විපරීතඤාණ”න‍්ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං, තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. පථවිං නිස‍්සාය උප‍්පන‍්නනිමිත‍්තඤ‍්හි න පථවීයෙව, තත්‍ර චායං පථවීසඤ‍්ඤී. තස‍්මා විපරීතඤාණන‍්ති අයමෙතස‍්ස අධිප‍්පායො. තතො සකවාදී “ලක‍්ඛණපථවීපි සසම‍්භාරපථවීපි නිමිත‍්තපථවීපි පථවීදෙවතාපි සබ‍්බා පථවීයෙව, තාසු පථවීති ඤාණං විපරීතං න හොති. අනිච‍්චෙ නිච‍්චන‍්තිආදිවිපරියෙසො පන විපරීතඤාණං නාම. කිං තෙ ඉදං එතෙසු අඤ‍්ඤතර”න‍්ති චොදෙතුං අනිච‍්චෙ නිච‍්චන‍්තිආදිමාහ. ඉතරො විපල‍්ලාසලක‍්ඛණාභාවං සන්‍ධාය පටික‍්ඛිපති, පථවීනිමිත‍්තං සන්‍ධාය පටිජානාති.

දැන් විපරීත කථා වේ. එහි යමෙක් මේ පඨවි කසිනයෙහි පඨවි යන සංඥාවට පැමිණේ. ඔහුගේ ඒ ඤාණය විපරිත ඤාණයකියි යමෙකුගේ ලබ්ධියයි. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. පඨවිය නිසා උපන් නිමිත්තෙහි පඨවි නොමැත්තේමය. එහිද මේ පඨවි සංඥාව ඇතැයි යන විපරීත ඤාණය මෙය යනු ඔහුගේ අදහසයි. එයින් සකවාදියා ලක්‍ෂණ පඨවි, සසම්භාර පඨවි, නිමිත්ත පඨවි, පඨවි දෙවියෝ ද යන සියල්ල පඨවිමය. ඒවා කෙරෙහි පඨවි යන ඤාණය විපරීත ඤාණය නොවේ. අනිත්‍යයෙහි නිත්‍යයයි ආදි විපර්යාස වනාහි විපරීත ඤාණ නම් වේ. කිම ඔහුට මේවායින් එක්තරා එකකින් චෝදනා කිරීමට අනිච්චෙ නිච්චං යනාදිය කීය. පරවාදියා විපර්යාස ලක්‍ෂණ අභාවය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. පඨවි නිමිත්ත පිණිස පිළිගනී.

කුසලන‍්ති සෙක‍්ඛපුථුජ‍්ජනානං ඤාණං සන්‍ධාය වුත‍්තං. අත්‍ථි අරහතොති පඤ‍්හෙසුපි විපල‍්ලාසලක‍්ඛණාභාවෙන පටික‍්ඛිපති. පථවීනිමිත‍්තං සන්‍ධාය පටිජානාති. සබ‍්බෙව පථවීති සබ‍්බං තං පථවීකසිණං ලක‍්ඛණපථවීයෙව හොතීති පුච‍්ඡති. සකවාදී තථා අභාවතො පටික‍්ඛිපති. නනු පථවී අත්‍ථි, අත්‍ථි ච කොචි පථවිං පථවිතො සමාපජ‍්ජතීති පුච‍්ඡා සකවාදිස‍්ස . තස‍්සත්‍ථො – නනු නිමිත‍්තපථවී අත්‍ථි, අත්‍ථි ච කොචි තං පථවිං පථවිතොයෙව සමාපජ‍්ජති, න ආපතො වා තෙජතො වාති. පථවී අත්‍ථීතිආදි “යදි යං යථා අත්‍ථි, තං තථා සමාපජ‍්ජන‍්තස‍්ස ඤාණං විපරීතං හොති, නිබ‍්බානං අත්‍ථි, තම‍්පි සමාපජ‍්ජන‍්තස‍්ස සබ‍්බවිපරියෙසසමුග‍්ඝාතනං මග‍්ගඤාණම‍්පි තෙ විපරීතං හොතූ”ති දස‍්සනත්‍ථං වුත‍්තන‍්ති.

කුසලං යනු ශෛක්‍ෂ පෘථග්ජනයින්ගේ ඤාණය සඳහා කියන ලදී. අත්‍ථි අරහතො යන ප්‍රශ්නයෙහි විපර්යාස ලක්‍ෂණ අභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි. පඨවි නිමිත්ත සඳහා පිළිගනී. සබ්බෙව පඨවි හොති ඒ සියළු පඨවි කසිණය ලක්‍ෂණ පඨවියම වේදැයි විචාරයි. සකවාදියා එසේ නොවීමෙන් ප්‍රතික්‍ෂේප කරයි. නනු පඨවි අත්‍ථි අත්‍ථි ච කොචි පඨවිං පඨවිතො සමාපජ්ජති යන විචාරීම සකවාදියාටය. එහි අර්ථය: නිමිත්ත පඨවිය ඇත නේද? පඨවියෙන්ම කිසියම් පඨවියක් ඇත්තේද? සමවදී. වැගිරීමෙන් හෝ උෂ්ණයෙන් හෝ නොවේ. පඨවි අත්‍ථි යනාදිය ඉදින් යම්සේ යමක් ඇත්ද, එයද සමවදින්නාට සියළු විපර්යාස සමූලඝාතනය කරන මාර්ග ඤාණයද ඔබට විපරීතදැයි දැක්වීමට කියන ලදී.

විපරීතකථාවණ‍්ණනා.

නියාමකථාවණ‍්ණනා

45. නියාමක කථා

ඉදානි නියාමකථා නාම හොති. තත්‍ථ යො පුග‍්ගලො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිස‍්සති, තං “භබ‍්බො එස ධම‍්මං අභිසමෙතු”න‍්ති යස‍්මා භගවා ජානාති, තස‍්මා “අනියතස‍්ස පුථුජ‍්ජනස‍්සෙව සතො පුග‍්ගලස‍්ස නියාමගමනාය ඤාණං අත්‍ථී”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි එතරහි උත‍්තරාපථකානං; තෙ සන්‍ධාය අනියතස‍්සාති පුච‍්ඡා සකවාදිස‍්ස. තත්‍ථ නියාමගමනායාති නියාමො වුච‍්චති මග‍්ගො, මග‍්ගගමනාය මග‍්ගොක‍්කමනායාති අත්‍ථො. යං පනස‍්ස ඤාණං දිස‍්වා භගවා “භබ‍්බො අය”න‍්ති ජානාති, තං සන්‍ධාය පටිඤ‍්ඤා පරවාදිස‍්ස.

දැන් නියාමක කථා නම් වේ. එහි යම් පුද්ගලයෙක් නිවැරදි නියම පිළිවෙළින් බැසගන්නේය. එය සුදුසුය. මේ ධර්මය අවබෝධ කරගැනීමට නියම පිළිවෙළින් නොවූ පෘථග්ජනයාවම යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ දනීද එහෙයින් සිහි පුද්ගලයාව නියම පිළිවෙළින් ඤාණය ඇතැයි ඇතමෙකු මේ ලබ්ධිය දරයි. යම්සේ දැන් උත්තරාපථකයින්ගේ මෙනි. ඔවුන් සඳහා අනියතිස්සා යැයි විචාරීම සකවාදියාටය. එහි නියාමගමනාය යනු පිළිවෙළ මාර්ගය කියනු ලැබේ. මාර්ගගමනය සඳහා මාර්ගයට බැසගැනීම සඳහා යන අර්ථය වේ.

අථස‍්ස සකවාදී අයුත‍්තවාදිතං දීපෙතුං නියතස‍්සාති විපරීතානුයොගමාහ. තත්‍ථ පඨමපඤ‍්හෙ මග‍්ගෙන නියතස‍්ස අනියාමගමනාය ඤාණං නාම නත්‍ථීති පටික‍්ඛිපති. දුතියෙ නත්‍ථිභාවෙන පටිජානාති. තතියෙ අනියතස‍්ස නත්‍ථීති පුට‍්ඨත‍්තා ලද‍්ධිවිරොධෙන පටික‍්ඛිපති. පුන පඨමපඤ‍්හමෙව චතුත්‍ථං කත්‍වා නියතස‍්ස නියාමගමනාදිවසෙන තයො පඤ‍්හා කතා. තෙසු පඨමෙ යස‍්මා ආදිමග‍්ගෙන නියතස‍්ස පුන තදත්‍ථාය ඤාණං නත්‍ථි, තස‍්මා පටික‍්ඛිපති. දුතියෙ නත්‍ථිභාවෙනෙව පටිජානාති. තතියෙ ලද‍්ධිවිරොධෙනෙව පටික‍්ඛිපති. පුන පඨමපඤ‍්හං අට‍්ඨමං කත්‍වා අනියතස‍්ස අනියාමගමනාදිවසෙන තයො පඤ‍්හා කතා. තෙසං අත්‍ථො වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. පුන පඨමපඤ‍්හමෙව ද‍්වාදසමං කත්‍වා තංමූලකා අත්‍ථි නියාමොතිආදයො පඤ‍්හා කතා. තත්‍ථ යස‍්මා නියාමගමනාය ඤාණං නාම මග‍්ගඤාණමෙව හොති, තස‍්මා තං සන්‍ධාය අත්‍ථි නියාමොති වුත‍්තං. ඉතරො පන නියාමොති වුත‍්තෙ පටික‍්ඛිපති, ඤාණන‍්ති වුත‍්තෙ පටිජානාති. සතිපට‍්ඨානාදීසුපි එසෙව නයො. පච‍්චනීකං උත‍්තානත්‍ථමෙව. ගොත්‍රභුනොතිආදි යෙන යං අප‍්පත‍්තං, තස‍්ස තං නත්‍ථීති දස‍්සනත්‍ථං වුත‍්තං. භගවා ජානාතීති අත‍්තනො ඤාණබලෙන ජානාති, න තස‍්ස නියාමගමනඤාණසබ‍්භාවතො. තස‍්මා ඉමිනා කාරණෙන පතිට‍්ඨිතාපිස‍්ස ලද‍්ධි අප‍්පතිට‍්ඨිතායෙවාති.

ඔහුගේ යම් ඤාණයක් දැක බුදුහිමි මේතෙමේ සුදුසු යයි දැනගනී. ඒ සඳහා ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිති සකවාදියා අයුක්තිවාදයයි ඔහුට දැක්වීමට නියතස්සා යයි විපරීත අනුයෝගය කීය. එහි පළමු ප්‍රශ්නයෙහි නියත වූ පුද්ගලයාට අනියාගමනය පිණිස ඤාණයක් නම් නැතැයි ප්‍රතික්‍ෂේප කරයි. දෙවැන්නෙහි නැති බැවින් පිළිගනියි. තුන්වැන්නෙහි අනියතයාගේ නැත්දැයි විචාරන ලද්දේ ලබ්ධි විරෝධයෙන් ප්‍රතික්‍ෂේප කරයි. නැවත පළමු ප්‍රශ්නයට සතරවැන්න කොට නියතයේ නියාම ගමනාදි වශයෙන් ප්‍රශ්න තුනක් කරන ලදී. ඒවායින් පළමුවැන්නෙහි යම්හෙයකින් ආදී මගින් නියතයේ නැවත එම අරුත සඳහා ඤාණය නැත. එනිසා ප්‍රතික්‍ෂේප කරයි. දෙවැන්නෙහි නැති බැවින්ම පිළිගනී. තෙවැන්නෙහි ලබ්ධි විරෝධයෙන්ම ප්‍රතික්‍ෂේප කරයි. නැවත පළමු ප්‍රශ්නය අටවැනිකොට අනියතයේ අනියාගමන වශයෙන් ප්‍රශ්න තුනක් කරන ලදී. ඒවායේ අරුත් කියන ලද නයින්ම දතයුතුය. නැවත පළමු ප්‍රශ්නයම දොළොස්වැන්න කොට එය මූලිකව අත්‍ථි නියාමො යනාදි ප්‍රශ්න කරන ලදී. එහි යම්හෙයකින් නියාමගමන පිණිස ඤාණය නම් මාර්ග ඤාණයම වේ. එහෙයින් ඒ සඳහා අත්‍ථි නියාමො යයි කියන ලදී. අනිත් තැනැත්තා වනාහි නියත යයි කී කල්හි ප්‍රතික්‍ෂේප කරයි. ඤාණ යයි කී කල්හි පිළිගනී. සතිපට්ඨානාදියෙහි ද මෙම නයම වේ. ගොත්‍රභූනො යනාදිය යමකින් යමකට නො පැමිණියේද එහි එය නැතැයි දැක්වීම සඳහා කියන ලදී. භගවා ජානාති යයි තමාගේ ඤාණ බලයෙන් දනියි. උන්වහන්සේගේ නියාම ගමන ඤාණ ස්වභාවයෙන් නොවේ. එහෙයින් මෙම කාරණයෙන් පිහිටන ලද ඔහුගේ ලබ්ධිය නොපිහිටියේ වේමය.

නියාමකථාවණ‍්ණනා.

පටිසම‍්භිදාකථාවණ‍්ණනා

46. පටිසම්භිදා කථා

ඉදානි පටිසම‍්භිදාකථා නාම හොති. තත්‍ථ යෙසං “යංකිඤ‍්චි අරියානං ඤාණං, සබ‍්බං ලොකුත‍්තරමෙවා”ති ගහෙත්‍වා “සබ‍්බං ඤාණං පටිසම‍්භිදා”ති ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සම‍්මුතිඤාණපඤ‍්හෙසු පථවීකසිණසම‍්මුතියං සමාපත‍්තිඤාණං සන්‍ධාය පටික‍්ඛිපති, නිරුත‍්තිඤාණං සන්‍ධාය පටිජානාති. යෙ කෙචි සම‍්මුතින‍්ති පඤ‍්හෙ පුථුජ‍්ජනෙ සන්‍ධාය පටික‍්ඛිපති. චෙතොපරියායපඤ‍්හෙසු පුථුජ‍්ජනස‍්ස ඤාණං සන්‍ධාය පටික‍්ඛිපති, අරියස‍්ස ඤාණං සන්‍ධාය පටිජානාති. සබ‍්බා පඤ‍්ඤාතිපඤ‍්හෙසු කසිණසමාපත‍්තිපඤ‍්හං සන්‍ධාය පටික‍්ඛිපති, ලොකුත‍්තරං සන්‍ධාය පටිජානාති. පථවීකසිණසමාපත‍්තින‍්තිආදි “යා එතෙසු එත‍්තකෙසු ඨානෙසු පඤ‍්ඤා, කිං සබ‍්බා සා පටිසම‍්භිදා”ති පුච‍්ඡනත්‍ථං වුත‍්තං. තෙන හි සබ‍්බං ඤාණන‍්ති යස‍්මා සබ‍්බා ලොකුත‍්තරපඤ‍්ඤා පටිසම‍්භිදා , තස‍්මා සබ‍්බන‍්ති වචනං සාමඤ‍්ඤඵලෙන සද‍්ධිං පතිට‍්ඨාපෙතීති.

දැන් පටිසම්භිදා කථා නම් වේ. එහි යමෙකුගේ ආර්යයන්ගේ සියළු ඤාණම ලෝකෝත්තර යයි ගෙන සියළු ඤාණය ප්‍රතිසම්භිදාව යයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. සම්මුති ඤාණ ප්‍රශ්නවල පඨවි කසිණ සම්මුතිය සමාපත්ති ඤාණය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. නිරුක්ති ඤාණය සඳහා පිළිගනී. යෙ කෙචි සම්මුතිං යන ප්‍රශ්නයේ පෘථග්ජනයන් සඳහා ප්‍රතික්‍ෂේප කරයි. චෙතොපරිය (අනුන් සිත් දන්න නුවණ) සඳහා ප්‍රතික්‍ෂේප කරයි. ආර්යයාගේ ඤාණය සඳහා පිළිගනී. සබ්බා පඤ්ඤා යන ප්‍රශ්නවල කසිණ සමාපත්ති ප්‍රඥාව සඳහා ප්‍රතික්‍ෂේප කරයි. ලෝකෝත්තරය සඳහා පිළිගනී. පඨවි කසිණ සමාපත්තිං යනාදි මේවායේ මෙපමණක යම් ප්‍රඥාවක්, කිම ඒ සියල්ල පටිසම්භිදා දැයි විචාරීම සඳහා කියන ලදී. තෙන හි සබ්බං ඤාණං යම්හෙයකින් සියළු ලෝකෝත්තර ප්‍රඥාව ප්‍රතිසම්භිදා වේ. එහෙයින් සියල්ල යන වචනය ශ්‍රමණ ඵල සමග පිහිටුවයි.

පටිසම‍්භිදාකථාවණ‍්ණනා.

සම‍්මුතිඤාණකථාවණ‍්ණනා

47. සම්මුති ඤාණ කථා

ඉදානි සම‍්මුතිඤාණකථා නාම හොති. තත්‍ථ සම‍්මුතිසච‍්චං පරමත්‍ථසච‍්චන‍්ති ද‍්වෙ සච‍්චානි. යෙ පන එවං විභාගං අකත්‍වා සච‍්චන‍්ති වචනසාමඤ‍්ඤෙන සම‍්මුතිඤාණම‍්පි “සච‍්චාරම‍්මණමෙවා”ති වදන‍්ති, සෙය්‍යථාපි අන්‍ධකා; තෙ අයුත‍්තවාදිනොති තෙසං වාදවිසොධනත්‍ථං අයං කථා ආරද‍්ධා. තත්‍ථ න වත‍්තබ‍්බන‍්ති පුච‍්ඡා පරවාදිස‍්ස, පරමත්‍ථසච‍්චං සන්‍ධාය පටිඤ‍්ඤා සකවාදිස‍්ස. සම‍්මුතිසච‍්චම‍්හීති සම‍්මුතිං අනුපවිට‍්ඨෙ සච‍්චම‍්හි. පච‍්චත‍්තෙ වා භුම‍්මවචනං, සම‍්මුතිසච‍්චන‍්ති අත්‍ථො. සම‍්මුතිඤාණං සච‍්චාරම‍්මණඤ‍්ඤෙවාති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. තතො නං “යදි තං අවිසෙසෙන සච‍්චාරම‍්මණඤ‍්ඤෙව, තෙන ඤාණෙන දුක‍්ඛපරිඤ‍්ඤාදීනි කරෙය්‍යා”ති චොදෙතුං තෙන ඤාණෙනාතිආදිමාහ.

දැන් සම්මුති ඤාණ කථා නම් වේ. එහි සම්මුති පරමාර්ථ වශයෙන් සත්‍ය දෙකකි. යමෙක් වනාහි මෙසේ විභාග නොකොට සත්‍යය යන වචන සමානකමින් සම්මුති ඤාණය ද සත්‍ය අරමුණමයි කියති. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔව්හු අයුක්ති වාදීහු යයි ඔවුන්ගේ වාද විශෝධනය සඳහා මේ කථා ආරම්භ කරන ලදී. එහි න වත්තබ්බං යන විචාරීම සකවාදියාටය. පරමාර්ථ සත්‍ය සඳහා ප්‍රතිඥාව සකවාදියාටය. සම්මුති සච්චම්හි යයි සත්‍යයෙහි සම්මුතිය ඇතුළු වූ ප්‍රථමාවෙහි ආධාර විභක්තිය. සම්මුති සත්‍යය යන අර්ථයයි. සම්මුති ඤාණං සච්චාරම්මණඤ්ඤෙව යන විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ඉන්පසු ඉදින් ඔහු එය අවශේෂයෙන් සත්‍ය අරමුණම යයි ද ඒ ඤාණයෙන් දුක් අවබෝධ ආදිය කරන්නේ දැයි චෝදනා කිරීමට තෙන ඤාණෙන යනාදිය කීය.

සම‍්මුතිඤාණකථාවණ‍්ණනා.

චිත‍්තාරම‍්මණකථාවණ‍්ණනා

චිත්තාරම්මණ කථා

ඉදානි චිත‍්තාරම‍්මණකථා නාම හොති. තත්‍ථ චෙතොපරියායෙ ඤාණන‍්ති වචනමත‍්තමෙව ගහෙත්‍වා “තං ඤාණං චිත‍්තාරම‍්මණමෙවා”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි එතරහි අන්‍ධකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථස‍්ස “යො සරාගාදිවසෙන චිත‍්තං ජානාති, තස‍්ස රාගාදයොපි ආරම‍්මණා හොන‍්ති, තස‍්මා න වත‍්තබ‍්බං තං චිත‍්තාරම‍්මණඤ‍්ඤෙවා”ති චොදනත්‍ථං නනු අත්‍ථි කොචීතිආදි ආරද‍්ධං. ඵස‍්සාරම‍්මණෙති ඵස‍්සසඞ‍්ඛාතෙ ආරම‍්මණෙ. වෙදනාරම‍්මණෙතිආදීසුපි එසෙව නයො. පුන ඵස‍්සාරම‍්මණෙ ඤාණං න වත‍්තබ‍්බන‍්ති පුට‍්ඨො ඵස‍්සස‍්ස ඵුසනලක‍්ඛණං මනසිකරොතො ඵස‍්සොවාරම‍්මණං හොතීති පටිජානාති. කිං පනෙතං ඵස‍්සපරියායෙ ඤාණන‍්ති පුට‍්ඨො පන තාදිසස‍්ස සුත‍්තපදස‍්ස අභාවා පටික‍්ඛිපති. වෙදනාදීසුපි එසෙව නයො. ඉදානි යං නිස‍්සාය ලද‍්ධි, තදෙව දස‍්සෙත්‍වා ලද‍්ධිං පතිට‍්ඨාපෙතුං නනු චෙතොපරියායෙ ඤාණන‍්තිආදිමාහ. සා පනෙසා වචනමත‍්තාභිනිවෙසෙන පතිට‍්ඨාපිතාපි අප‍්පතිට‍්ඨාපිතාව හොතීති.

දැන් චිත්තාරම්මණ කථා නම් වේ. එහි චේතොපරියායෙහි ඤාණය යයි වචනය පමණක් ගෙන ඒ ඤාණය චිත්තාරම්මණම යයි යම් අයගේ ලබ්ධිය වේ. යම්සේ දැන් අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිති සරාගාදි වශයෙන් වූ ඔහුගේ සිත යමෙක් දැනගනී. ඔහුට රාගාදිය ද අරමුණු වේ. එනිසා නොකිව යුතුය. චිත්තාරම්මණ යයි එය චෝදනා කිරීමට නනු අත්‍ථි කොචි යනාදිය ඇරඹීය. ඵස්සාරම්මණෙ යනු ස්පර්ශ සංඛ්‍යාත අරමුණෙහි වෙදනා රම්මණෙ ආදියෙහි ද මේ නයම වේ. නැවත ඵස්සාරම්මණෙ ඤාණං න වත්තබ්බං යයි විචාරණ ලද්දේ ස්පර්ශයේ ස්පර්ශ ලක්‍ෂණය මෙනෙහි කරන්නාට ස්පර්ශ අරමුණ වේ යයි දැනගනී. මෙය කිම ඵස්ස පරියායෙ ඤාණං යයි විචාරණ ලද්දේ එබඳු වූ සූත්‍ර පදවල අභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි. වේදනාදියෙහි ද මෙම නයයි. දැන් යමක් නිසා ලබ්ධිය වේද එයම දක්වා ලබ්ධිය පිහිටුවීමට නනු චෙතො පරියාය ඤාණං යයි කීය. එය වනාහි වචන මාත්‍රයෙන් පමණක් පිහිටියේ ද නො පිහිටියේම වේ.

චිත‍්තාරම‍්මණකථාවණ‍්ණනා.

අනාගතඤාණකථාවණ‍්ණනා

48. අනාගත ඤාණ කථා

ඉදානි අනාගතඤාණකථා නාම හොති. තත්‍ථ අනාගතං නාම අන‍්තරම‍්පි අත්‍ථි, අනන‍්තරම‍්පි. තෙසු අනන‍්තරෙ එකන‍්තෙනෙව ඤාණං නත්‍ථි. යථා ච අනන‍්තරෙ, තථා එකවීථිඑකජවනපරියාපන‍්නෙපි. තත්‍ථ යෙ සබ‍්බස‍්මිම‍්පි අනාගතෙ ඤාණං ඉච‍්ඡන‍්ති, සෙය්‍යථාපි අන්‍ධකා; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “යං තෙ අනාගතෙ ඤාණං, කිං තෙන අනන‍්තරං අනාගතං මූලාදිවසෙන ජානාතී”ති චොදෙතුං අනාගතං මූලතොතිආදිමාහ. තත්‍ථ මූලතොතිආදීනි සබ‍්බානි කාරණවෙවචනානෙව. කාරණඤ‍්හි යං අත‍්තනො ඵලං කරොති, තං තත්‍ථ මූලයති පතිට‍්ඨාතීති මූලං. තතො ච තං හිනොති පවත‍්තයතීති හෙතු. තදෙව තං නිදෙති “හන්‍ද නං ගණ‍්හථා”ති. නිය්‍යාතෙති වියාති නිදානං. තතො තං සම‍්භවතීති සම‍්භවො. පභවතීති පභවො. තත්‍ථ ච තං සමුට‍්ඨාති, තං වා නං සමුට‍්ඨාපෙතීති සමුට‍්ඨානං. තදෙව නං ආහරතීති ආහාරො. තඤ‍්චස‍්ස අපරිච‍්චජිතබ‍්බට‍්ඨෙන ආරම‍්මණං. තදෙව චෙතං පටිච‍්ච එතීති පච‍්චයො. තතො නං සමුදෙතීති සමුදයොති වුච‍්චති. යස‍්මා පන අනන‍්තරං චිත‍්තං එතෙහාකාරෙහි න සක‍්කා ජානිතුං, තස‍්මා න හෙවන‍්ති පටික‍්ඛිපති. අනාගතං හෙතුපච‍්චයතන‍්ති යා අනන‍්තරානාගතෙ චිත‍්තෙ හෙතුපච‍්චයතා, තං ජානාති. යෙ තත්‍ථ ධම‍්මා හෙතුපච‍්චයා හොන‍්ති, තෙ ජානාතීති අත්‍ථො. සෙසපදෙසුපි එසෙව නයො. ගොත්‍රභුනොතිආදි යස‍්මිං අනාගතෙ ඤාණං න උප‍්පජ‍්ජති, තං සරූපතො දස‍්සෙතුං වුත‍්තං. පාටලිපුත‍්තස‍්සාති සුත‍්තං යස‍්මිං අනාගතෙ ඤාණං උප‍්පජ‍්ජති, තං දස‍්සෙතුං ආහටං. යස‍්මා පනෙතං න සබ‍්බස‍්මිං අනාගතෙ ඤාණස‍්ස සාධකං; තස‍්මා අනාහටමෙවාති.

දැන් අනාගත ඤාණ කථා නම් වේ. එහි අනාගත නම් අතර ද අතරක් නැතිවද ඇත. ඒවායින් අතරක් නැති තැන ඒකාන්තයෙන් අතරෙහි මෙන් ඤාණයක් නැත. එක් චිත්ත වීථියක ජවන අතරද එසේය. එහි ඇතමෙක් සියළු තන්හි අනාගත ඤාණයක් කැමති වෙති. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහුට ඔබගේ අනාගතයෙහි යම් ඤාණයක්, කිම එයින් අතරක් නැති අනාගතය මූලාදි වශයෙන් දන්නේදැයි චෝදනා කිරීමට අනාගතං මූලතො යනාදීය කීය. එහි මූලතො ආදි සියල්ල කරුණු යන්නට සමාන වචන වේ. කරුණුවලින් තමාගේ යම් ඵලයක් කරයිද එය එහි මුල්වෙයි. පිහිටයි යනු මූලයයි. එයින් ද එය හීනයයි පවත්වයි යනු හේතු වේ. එයින් එය තබයි. ඒයි එය ගන්න යයි ගෙන යනු ලබයි යනු නිදාන වේ. එයින් එය ආරම්භ වෙයි යනු සම්භව වේ. එයින්ම එය ගනියි යනු ආහාර වේ. එයින් එය උදාවෙයි යනු සමුදය වේ යයි කියනු ලැබේ. යම්හෙයින් අනන්තර සිත මේ ආකාරයෙන් දැනගැනීමට නොහැකිය. එහෙයින් න හෙචං යයි ප්‍රතික්‍ෂේප කරයි. අනාගතං හෙතුප්පච්චයං යයි අනන්තර අනාගත සිතෙහි යම් හේතු ප්‍රත්‍යතාවක් වේ නම් එය දනීද? එහි යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් වේ නම් එය දනීද යන අර්ථයයි. සෙසු පදවලද මෙම නයයි. ගොත්‍රභූනො යනාදිය යම්තැනක අනාගත ඤාණය ඇතිවේද එය ස්වරූප වශයෙන් දැක්වීමට කියන ලදී. පාටලී පුත්තස්ස යන සූත්‍රය යම්තැනක අනාගත ඤාණය පහළවේද එය දැක්වීමට ගෙනෙන ලදී. යම්හෙයකින් වනාහි මේ සියල්ල අනාගත ඤාණයට සාධක නොවේ. එනිසා නොගෙනෙන ලද්දේමය.

අනාගතඤාණකථාවණ‍්ණනා.

පටුප‍්පන‍්නඤාණකථාවණ‍්ණනා

49. පච්චුප්පන්න ඤාණකථා

ඉදානි පටුප‍්පන‍්නඤාණකථා නාම හොති. තත්‍ථ යෙසං “සබ‍්බසඞ‍්ඛාරෙසු අනිච‍්චතො දිට‍්ඨෙසු තම‍්පි ඤාණං අනිච‍්චතො දිට‍්ඨං හොතී”ති වචනං නිස‍්සාය “අවිසෙසෙන සබ‍්බස‍්මිං පච‍්චුප‍්පන‍්නෙ ඤාණං අත්‍ථී”ති ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං; තෙ සන්‍ධාය පටුප‍්පන‍්නෙති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “යදි අවිසෙසෙන පටුප‍්පන‍්නෙ ඤාණං අත්‍ථි, ඛණපච‍්චුප‍්පන‍්නෙපි තෙන භවිතබ‍්බං. එවං සන‍්තෙ ද‍්වින‍්නං ඤාණානං එකතො අභාවා තෙනෙව ඤාණෙන තං ජානිතබ‍්බං හොතී”ති චොදනත්‍ථං තෙනාති අනුයොගො සකවාදිස‍්ස. තත්‍ථ පඨමපඤ‍්හෙ තෙනෙව තං ජානිතුං න සක‍්කාති පටික‍්ඛෙපො ඉතරස‍්ස. දුතියපඤ‍්හෙ සන‍්තතිං සන්‍ධාය පටිඤ‍්ඤා තස‍්සෙව. පටිපාටිතො භඞ‍්ගං පස‍්සන‍්තො භඞ‍්ගානුපස‍්සනෙනෙව භඞ‍්ගානුපස‍්සනාඤාණං පස‍්සතීති අධිප‍්පායො. තෙන ඤාණෙන තං ඤාණං ජානාතීතිආදීසුපි එසෙව නයො. තෙන ඵස‍්සෙන තං ඵස‍්සන‍්තිආදීනිස‍්ස ලෙසොකාසනිවාරණත්‍ථං වුත‍්තානි . යං පනෙතෙන ලද‍්ධිපතිට‍්ඨාපනත්‍ථං නනු සබ‍්බසඞ‍්ඛාරෙතිආදි වුත‍්තං. තත්‍ථ නයතො තං ඤාණං දිට‍්ඨං හොති, න ආරම‍්මණතොති අධිප‍්පායෙන පටිඤ‍්ඤා සකවාදිස‍්ස. තස‍්මා එවං පතිට‍්ඨිතාපිස‍්ස ලද‍්ධි අප‍්පතිට‍්ඨිතාව හොති.

දැන් පච්චුප්පන්න ඤාණ කථා නම් වේ. එහි ඇතැම් අයගේ සියළු සංස්කාරවල අනිත්‍ය වශයෙන්, දෘෂ්ටිවල ඤාණය ද අනිත්‍ය වශයෙන් දක්නා ලදැයි වචනය නිසා අවිශේෂයෙන් වර්තමාන ඤාණය ඇතැයි ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ වැනි වේ. ඔවුන් සඳහා පච්චුප්පන්නෙ යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහු ඉදින් අවිශේෂයෙන් වර්තමාන ඤාණය ඇත. ක්‍ෂණ වර්තමානයෙහි ද එය විය යුතුය. මෙසේ ඇති කල්හි ඤාණ දෙකක් එකවිට නොවීමෙන් ඒ ඤාණයෙන්ම එය දතයුතු වේ යයි චෝදනා පිණිස තෙන යන අනුයෝගය සකවාදියාටය. පිළිවෙළින් විනාශය දකින්නේ භංගානුපස්සනාවෙන්ම භංගානුපස්සනා ඤාණය බලයි යන අදහස වේ. තෙන ඤාණෙන තං ඤාණං ජානාති යනාදියෙහි ද මෙම නයම වේ. තෙන ඵස්සෙන තං ඵස්සං යනාදිය ඔහුට පොඩි ඉඩක්වත් නොදීමට කියන ලදී. මෙයින් වනාහි යම් ලබ්ධි පිහිටුවීමක් සඳහා නනු සබ්බ සංඛාරෙ ආදිය කියන ලදී. එහි නය වශයෙන් ඒ ඤාණය දකින ලද්දේ වේ. අරමුණු අදහසින් යයි ප්‍රතිඥාව සකවාදියාට නොවේ. එහෙයින් මෙසේ ඔහුගේ පිහිටි ලබ්ධිය ද නොපිහිටන ලද්දේම වේ.

පටුප‍්පන‍්නඤාණකථාවණ‍්ණනා.

ඵලඤාණකථාවණ‍්ණනා

50. ඵලෙ ඤාණ කථා

ඉදානි ඵලෙ ඤාණකථා නාම හොති. තත්‍ථ “බුද‍්ධාපි සත‍්තානං අරියඵලප‍්පත‍්තියා ධම‍්මං දෙසෙන‍්ති සාවකාපි, ඉති ඉමිනා සාමඤ‍්ඤෙන බුද‍්ධානං විය සාවකානම‍්පි තෙන තෙන සත‍්තෙන පත‍්තබ‍්බෙ ඵලෙ ඤාණං අත්‍ථී”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං; තෙ සන්‍ධාය සාවකස‍්සාති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “යදි සාවකස‍්ස ඵලෙ ඤාණං අත්‍ථි, යථා බුද‍්ධා සමානෙපි සොතාපත‍්තිඵලෙ අත‍්තනො ඤාණබලෙන ‘අයං එකබීජී, අයං කොලංකොලො, අයං සත‍්තක‍්ඛත‍්තුපරමො’ති ඵලස‍්සකතං පඤ‍්ඤපෙන‍්ති, කිං තෙ එවං සාවකොපී”ති චොදෙතුං සාවකො ඵලස‍්ස කතං පඤ‍්ඤපෙතීති ආහ. ඉතරො පටික‍්ඛිපති.

දැන් ඵල ඤාණ කථා නම් වේ. එහි බුදුවරයෝ ද සත්ත්වයින්ගේ ආර්යඵල ප්‍රාප්තිය සඳහා දහම් දෙසති. ශ්‍රාවකයෝ ද එසේ දේශනා කරති. මෙසේ මේ සමානකමින් බුදුවරුන්ගේ මෙන් ශ්‍රාවකයන්ගේ ද ඒ ඒ සතුන් පැමිණවිය යුතු ඵලයෙහි ඤාණය ඇතැයි ඇතමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා සාවකස්ස යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහුට ඉදින් ශ්‍රාවකයාගේ ඵලයෙහි ඤාණය ඇතැයි, බුදුවරුන් මෙන් සමාන වේ නම්, සෝවාන් පලයෙහි, තමාගේ ඤාණ බලයෙන් මේ ඒකබීජිය, මේ කෝලංකෝලය, මේ සත්තක්‍ඛත්තුපරම යයි ඔහුගේ පලාවබෝධය පනවන්නාහ. කිම ඔබගේ ශ්‍රාවකාය ද යයි චෝදනා පිණිස සාවකො ඵලස්සකතං පඤ්ඤාපෙති යයි කීය. පරවාදියා ප්‍රතික්‍ෂේප කරයි.

අත්‍ථි සාවකස‍්ස ඵලපරොපරියත‍්තීතිආදි ඵලෙ ඤාණස‍්ස අත්‍ථිතාය පච‍්චයපුච‍්ඡනත්‍ථං වුත‍්තං. අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො – බුද‍්ධානං “ඉදං ඵලං පරං, ඉදං ඔපර”න‍්ති එවං ඵලානං උච‍්චාවචභාවජානනසඞ‍්ඛාතා ඵලෙ පරොපරියත‍්ති නාම අත්‍ථි. තථා ඉන්‍ද්‍රියපුග‍්ගලපරොපරියත‍්තියො, තාසං අත්‍ථිතාය තස‍්ස තස‍්ස පුග‍්ගලස‍්ස තෙසං තෙසං ඉන්‍ද්‍රියානං වසෙන තං තං ඵලං ජානන‍්ති, කිං තෙ සාවකස‍්සාපි එතා පරොපරියත‍්තියො අත්‍ථීති.

අත්‍ථි සාවකස්ස ඵලපරොපරියත්ති යනාදි ඵලයෙහි ඤාණය ඇති බව ප්‍රත්‍ය විචාරීම සඳහා කියන ලදී. මෙහි අදහස මෙසේය. බුදුවරුන්ගේ මේ ඵලය හීනය. මේ ඵලය පළමුවය. මෙසේ ඵලයන්ගේ උසස් පහත්භාවය දැනීම් සංඛ්‍යාත ඵලයෙහි පරොපරියත්ති නම් නුවණක් ඇත. එසේ ඉන්‍ද්‍රිය, පුග්ගල පරොපරියත්ති උන්වහන්සේලාට ඇති බැවින් ඒ ඒ පුද්ගලයන්ගේ ඒ ඒ ඉන්‍ද්‍රිය වශයෙන් ඒ ඒ ඵල දනිති. කිම ඔබගේ ශ්‍රාවකයාට ද මේ පරොපරියත්ති තිබේද?

අත්‍ථි සාවකස‍්ස ඛන්‍ධපඤ‍්ඤත‍්තීතිආදීනිපි “යදි තෙ සාවකස‍්ස බුද‍්ධානං විය ඵලෙ ඤාණං අත්‍ථි, ඉමා හි පිස‍්ස පඤ‍්ඤත‍්තීහි භවිතබ‍්බං. කිමස‍්ස තා අත්‍ථි, සක‍්කොති සො එතා පඤ‍්ඤත‍්තියො අත‍්තනො බලෙන ජානිතුං වා පඤ‍්ඤපෙතුං වා”ති චොදනත්‍ථං වුත‍්තානි. සාවකො ජිනොතිආදි “යදි සාවකස‍්ස බුද‍්ධානං විය ඵලෙ ඤාණං අත්‍ථි, එවං සන‍්තෙ ස‍්වෙව ජිනො”ති චොදනත්‍ථං වුත‍්තං. සාවකො අනුප‍්පන‍්නස‍්සාති පඤ‍්හෙපි අයමෙව නයො. අඤ‍්ඤාණීති පඤ‍්හෙ අවිජ‍්ජාසඞ‍්ඛාතස‍්ස අඤ‍්ඤාණස‍්ස විහතත‍්තා පටික‍්ඛිත‍්තො, න පනස‍්ස බුද‍්ධානං විය ඵලෙ ඤාණං අත්‍ථි. තස‍්මා අප‍්පතිට‍්ඨිතොව පරවාදීවාදොති.

අත්‍ථි සාවකස්ස ඛන්‍ධ පඤ්ඤත්ති යනාදිය ද ඉදින් ඔබේ ශ්‍රාවකයාට බුදුවරුන්ට මෙන් ඵලයෙහි ඤාණය ඇත්ද? මෙය ඔහුගේ පැමිණීම විය යුතුය. කිම උන්වහන්සේට මෙය තිබේද? මෙම පැණවීම් තමාගේ ඵලයෙන් දැනගැනීමට හෝ පැණවීමට ඔහුට/ ශ්‍රාවකයාට හැකිවේ යයි චෝදනා පිණිස කියන ලදී. සාවකො ජිනොති ආදිය ඉදින් ශ්‍රාවකයාට බුදුවරුන්ට මෙන් ඵලයෙහි ඤාණය ඇත. මෙසේ ඇති කල්හි හෙතෙමේ ම ජින වේයයි චෝදනා පිණිස කියන ලදී. සාවකො අනුප්පන්නස්ස යන ප්‍රශ්නයෙහි ද මෙම නයයි. අඤ්ඤාණී යන ප්‍රශ්නයෙහි අවිද්‍යා සංඛ්‍යාත අඤ්ඤාණයේ විනාශය නිසා ප්‍රතික්‍ෂේප කරයි. උන්වහන්සේට (ශ්‍රාවකයාට) බුදුවරුන්ට මෙන් ඵලයෙහි ඤාණය නැත. එහෙයින් පරවාදියාගේ වාදය නොපිහිටියේමය.

ඵලඤාණකථාවණ‍්ණනා.

පඤ‍්චමො වග‍්ගො.

පස්වෙනි වර්ගය නිමි.

මහාපණ‍්ණාසකො සමත‍්තො.

මහා පණ්ණාසකය නිමියෙය.