යෙදුමෙන් කියවන්න

විපරීතකථා

5. 3.

5. 3.

විපරීතකථා.

විපරීතකථා

[‘පඨවීකසිණයෙහි පඨවීසංඥා ඇති වැ සමවන්නවුන්ගේ ඥානය විපරීතඥානයෙකැ’ යි අන්‍ධනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට විපරීතකථා එයි.]

1. ස. පු: පඨවීකසිණ සමාපත‍්තිං සමාපන‍්නස‍්ස විපරීතෙ ඤාණන‍්ති.

1. ස. පු: පඨවීකසිණ සමවත් සමවන් පුද්ගලයාගේ විපරීතඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ. (පෘථිවිය නිසා උපන් නිමිත්ත පෘථිවිය මැ නො වෙයි. එහිදු මෙතෙම පෘථිවිසංඥා ඇත්තෙක. එයින් විපරීතඥාන ඇත යනු ප්‍රතිවාදියාගේ අධිප්‍රාය යි.)

ස. අනු: අනිච‍්චෙ නිච‍්චන‍්ති විපරියෙසො’ති.

ස. අනු: අනිත්‍යයෙහි නිත්‍යය යනු විපර්‍ය්‍යාස වේ ද? (ලක්‍ෂණ පෘථිවිය ද සසම්භාරපෘථිවිය ද නිමිත්තපෘථිවිය ද, පෘථිවීදේවතා දැ යි හැම පෘථිවී නම් වෙයි. එහි ‘පෘථිවී’ යයි උපන් ඥානය විපරීත නො වෙයි. ‘අනිත්‍යයෙහි නිත්‍ය’ යයි ආදීන් උපන් විපර්‍ය්‍යාසය විපරීතඥාන නමි. කිම? තොපගේ මේ ඥානය මෙයින් අන්‍යතරයෙක් ද හො යි චෝදනා නගන්නට කළ අනුයෝග යි.)

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ … (විපර්‍ය්‍යාසලක්‍ෂණ නැතියෙන් ප්‍රතික්‍ෂේප කෙරෙයි.)

ස. අනු: දුක‍්ඛෙ සුඛන‍්ති -පෙ- අනත‍්තනි අත‍්තා’ති -පෙ- අසුභෙ සුභන‍්ති විපරියෙසො’ති.

ස. අනු: දුඃඛයෙහි ‘සුඛ’ යයි … අනාත්මයෙහි ‘ආත්ම’ යයි ... අශුභයෙහි ‘ශුභ’ යයි ගන්නේ විපර්‍ය්‍යාස වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ….

2. ස. පු: පඨවීකසිණසමාපත‍්තිං සමාපන‍්නස‍්ස විපරීතෙ ඤාණන‍්ති.

2. ස. පු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ. (පඨවීනිමිත්ත සඳහා පිළින යි.)

ස. අනු: අකුසලන‍්ති.

ස. අනු: අකුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: නනු කුසලන‍්ති.

ස. අනු: කුසල් නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි කුසලං,

අනු. ඨ: ඉදින් කුසල් වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: පඨවීකසිණසමාපත‍්තිං සමාපන‍්නස‍්ස විපරීතෙ ඤාණන‍්ති.

අනු. පා: භවත, ‘පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන ඇති’ යි නො කියැයුතු මැ යැ.

3. ස. පු: අනිච‍්චෙ නිච‍්චන‍්ති විපරියෙසො. සො ච අකුසලො’ති.

3. ස. පු: අනිත්‍යයෙහි නිත්‍යය යනු විපර්‍ය්‍යාස වේ නම්, එ ද අකුසල් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පඨවීකසිණසමාපත‍්තිං සමාපන‍්නස‍්ස විපරීතෙ ඤාණං, තං ච අකුසලන‍්ති.

ස. අනු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ නම්, එ ද අකුසල් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. පු: දුක‍්ඛෙ සුඛන‍්ති -පෙ- අනත‍්තනි අත‍්තා’ති -පෙ- අසුභෙ සුභන‍්ති විපරියෙසො, සො ච අකුසලො’ති.

ස. පු: දුඃඛයෙහි ‘සුඛ’ යයි … අනාත්මයෙහි ‘ආත්ම’ යයි … අශුභයෙහි ‘ශුභ’ යයි ගන්නේ විපර්‍ය්‍යාස වේ නම්, එ ද අකුසල් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පඨවීකසිණසමාපත‍්තිං සමාපන‍්නස‍්ස විපරීතෙ ඤාණං, තඤ‍්ච අකුසලන‍්ති.

ස. අනු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ නම්, එ ද අකුසල් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: පඨවීකසිණසමාපත‍්තිං සමාපන‍්නස‍්ස විපරීතෙ ඤාණං, තං ච අකුසලන‍්ති.

4. ස. පු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ නම්, එ ද අකුසල් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අනිච‍්චෙ නිච‍්චන‍්ති විපරියෙසො, සො ච කුසලො’ති.

ස. අනු: අනිත්‍යයෙහි නිත්‍යය යනු විපර්‍ය්‍යාස වේ නම්, එ ද කුසල් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: පඨවීකසිණසමාපත‍්තිං සමාපන‍්නස‍්ස විපරීතෙ ඤාණං, තඤ‍්ච අකුසලන‍්ති.

5. ස. පු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ නම්, එ ද අකුසල් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: දුක‍්ඛෙ සුඛන‍්ති -පෙ- අනත‍්තනි අත‍්තා’ති -පෙ- අසුභෙ සුභන‍්ති විපරියෙසො, සො ච කුසලො’ති.

ස. අනු: දුඃඛයෙහි ‘සුඛ’ යයි … අනාත්මයෙහි ‘ආත්ම’ යයි … අශුභයෙහි ‘ශුභ’ යයි ගන්නේ විපර්‍ය්‍යාස වේ නම්, එ ද අකුසල් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: පඨවීකසිණසමාපත‍්තිං සමාපන‍්නස‍්ස විපරීතෙ ඤාණන‍්ති.

6. ස. පු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අරහා පඨවීකසිණසමාපත‍්තිං සමාපජ‍්ජෙය්‍යා’ති.

ස. අනු: රහත් පඨවීකසිණ සමවත් සමවදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අරහා පඨවීකසිණසමාපත‍්තිං සමාපජ‍්ජෙය්‍ය,

අනු. ඨ: ඉදින් රහත් පඨවීකසිණ සමවත් සමවදනේ වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘පඨවීකසිණසමාපත‍්තිං සමාපන‍්නස‍්ස විපරීතෙ ඤාණන‍්ති’.

අනු. පා: භවත, ‘පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ’ යයි නො කියැයුතු මැ යැ.

7. ස. පු: පඨවීකසිණසමාපත‍්තිං සමාපන‍්නස‍්ස විපරීතෙ ඤාණං, අරහා පඨවීකසිණසමාපත‍්තිං සමාපජ‍්ජෙය්‍යා’ති.

7. ස. පු: ‘පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන ඇත’ යනු තොප මත යි. රහත් පඨවීකසිණ සමවත් සමවදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී අරහතො විපරියෙසො’ති.

ස. අනු: රහත්හට විපර්‍ය්‍යාස ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: අත්‍ථී අරහතො විපරියෙසො’ති.

8. ස. පු: රහත්හට විපර්‍ය්‍යාස ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ. (පෘථිවීනිමිත්ත සඳහා පිළින යි.)

ස. අනු: අත්‍ථී අරහතො සඤ‍්ඤාවිපරියෙසො, චිත‍්තවිපරියෙසො, දිට‍්ඨිවිපරියෙසො’ති.

ස. අනු: රහත්හට සංඥාවිපර්‍ය්‍යාස චිත්තවිපර්‍ය්‍යාස දෘෂ්ටිවිපර්‍ය්‍යාස ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: නත්‍ථී අරහතො සඤ‍්ඤාවිපරියෙසො, චිත‍්තවිපරියෙසො, දිට‍්ඨිවිපරියෙසො’ති.

9. ස. පු: රහත්හට සංඥාවිපර්‍ය්‍යාස චිත්තවිපර්‍ය්‍යාස දෘෂ්ටිවිපර්‍ය්‍යාස ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි නත්‍ථි අරහතො සඤ‍්ඤාවිපරියෙසො, චිත‍්තවිපරියෙසො, දිට‍්ඨිවිපරියෙසො,

අනු. ඨ: ඉදින් රහත්හට සංඥාවිපර්‍ය්‍යාස චිත්තවිපර්‍ය්‍යාස දෘෂ්ටිවිපර්‍ය්‍යාස නැත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අත්‍ථී අරහතො විපරියෙසො”ති.

අනු. පා: භවත, ‘රහත්හට විපර්‍ය්‍යාස ඇති’යි නො කියැයුතු මැ යැ.

10. ප. පු: න වත‍්තබ‍්බං ‘පඨවීකසිණසමාපත‍්තිං සමාපන‍්නස‍්ස විපරීතෙ ඤාණ’න‍්ති.

10. ප. පු: ‘පඨවීකසිණ සමවත් සමවන්නහුට විපරීතඥාන ඇති’ යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: පඨවීකසිණසමාපත‍්තිං සමාපජ‍්ජන‍්තස‍්ස සබ‍්බෙ’ව පඨවී’ති.

ප. අනු: පඨවීකසිණ සමවත් සමවන්නහුට හැම ම පොළෝ වේ ද? (එ හැම පඨවීකසිණ ලක්‍ෂණපෘථිවිය මැ වේ දැ’ යි අසයි.)

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

ප. නිග: තෙන හි පඨවීකසිණසමාපත‍්තිං සමාපන‍්නස‍්ස විපරීතෙ ඤාණන‍්ති.

ප. නිග: එකරුණින් පඨවීකසිණ සමවත් සමවන්නහුට විපරීතඥාන ඇත.

11. ස. පු: පඨවීකසිණසමාපත‍්තිං සමාපන‍්නස‍්ස විපරීතෙ ඤාණන‍්ති.

11. ස. පු: පඨවීකසිණ සමවත් සමවන්නහුට විපරීතඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු පඨවී අත්‍ථී, අත්‍ථී ච කොචි පඨවිං පඨවිතෙසමාපජ‍්ජතී’ති

ස. අනු: පොළොව ඇත්තේ නො වේ ද? පඨවිය පඨවීභාවයෙන් සමවදනා යමෙකුත් ඇත්තේ නො වේ ද? (නිමිත්තපෘථිවී ඇත්තේ නො වේ ද? පෘථිවිය පෘථිවිභාවයෙන් මැ වත් මුත් ආපෝභාවයෙන් තෙජොභාවයෙන් සම නො වදනා යමෙකුත් ඇත්තේ නො වේ ද? යනු අර්‍ත්‍ථ යි.)

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි පඨවී අත්‍ථී, අත්‍ථී ච කොචි පඨවිං පඨවිතො සමාපජ‍්ජති,

අනු. ඨ: ඉදින් පෘථිවී ඇත් නම් පෘථිවිය පෘථවීභාවයෙන් සමවදනා යමෙකුත් ඇත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “පඨවීකසිණා සමාපත‍්තිං සමාපන‍්නස‍්ස විපරීතෙ ඤාණන‍්ති.”

අනු. පා: භවත, ‘පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.

12. ස. පු: පඨවී අත්‍ථී, පඨවිං පඨවිතො සමාපජ‍්ජන‍්තස‍්ස විපරීතං හොතී”ති.

12. ස. පු: පෘථිවිය ඇත, පෘථිවිය පෘථවීභාවයෙන් සමවදනහුට විපරීත ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නිබ‍්බානං අත්‍ථී, නිබ‍්බානං නිබ‍්බානතො සමාපජ‍්ජන‍්තස‍්ස විපරීතං හොතී’ති.

ස. අනු: නිවන් ඇත, නිවන නිවන් විසින් සමවදනහුට විපරීත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. නිග: තෙන හි න වත‍්තබ‍්බං “පඨවීකසිණසමාපත‍්තිං සමාපන‍්නස‍්ස විපරීතෙ ඤාණන‍්ති.”

ස. නිග: එකරුණින් ‘පඨවීකසිණ සමවත් සමවන්නහුට විපරීතඥාන ඇති’යි නො කියැයුතු මැ යැ.

විපරීතකථා නිට‍්ඨිතා.

විපරීතකථා නිමි.