යෙදුමෙන් කියවන්න

අසෙඛඤාණකථා

5. 2.

5. 2.

අසෙඛඤාණකථා

අසෙඛඤාණකථා

[යම් හෙයෙකින් ආනන්‍දස්ථවිරාදි ශෛක්‍ෂයෝ ‘භාග්‍යවතුන් වහන්සේ උදාරයහ’ යි ආදීන් අශෛක්‍ෂයන් දනිත් ද, එහෙයින් ‘ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇතැ’යි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට අසේඛඥාණකථා එයි.]

1. ස. පු: සෙඛස‍්ස අසෙඛඤාණං අත්‍ථී’ති.

1. ස. පු: ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සෙඛො අසෙඛං ධම‍්මං ජානාති, පස‍්සති, දිට‍්ඨං විදිතං සච‍්ඡිකතං උපසම‍්පජ‍්ජ විහරති, කායෙන ඵුසිත්‍වා විහරතී’ති.

ස. අනු: ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය දනී ද, දකී ද, දක්නාලද කොට දන්නාලද කොට සාක්‍ෂාත් කරනලද කොට උපයා වාස කෙරේ ද, නාමකයින් අරමුණු කොට වාස කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: නනු සෙඛො අසෙඛං ධම‍්මං න ජානාති, න පස‍්සති, අදිට‍්ඨං අවිදිතං අසච‍්ඡිකතං න උපසම‍්පජ‍්ජ විහරති, න කායෙන ඵුසිත්‍වා විහරතී’ති.

ස. අනු: ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය නො දන්නේ නො දක්නේ නො දක්නාලද්ද, නො දන්නාලද්ද, සාක්‍ෂාත් නො කරනලද්ද උපයා වාස නො කෙරේ නො? නාමකයින් අරමුණු කොට වාස නො කෙරේ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි සෙඛො අසෙඛං ධම‍්මං න ජානාති, න පස‍්සති, අදිට‍්ඨං අවිදිතං අසච‍්ඡිකතං න උපසම‍්පජ‍්ජ විහරති, න කායෙන ඵුසිත්‍වා න විහරති,

අනු. ඨ: ඉදින් ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය නො දනී නම්, නො දකී නම්, නො දක්නාලද්ද, නො දන්නාලද්ද, සාක්‍ෂාත් නො කරනලද්ද උපයා වාස නො කෙරේ නම්, නාමකයින් අරමුණු කොට වාස නො කෙරේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘සෙඛස‍්ස අසෙඛං ඤාණං අත්‍ථී’ති.

අනු. පා: භවත, ‘ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇතැ’ යි නො කියැයුතු මැ යැ.

2. ස. පු: අසෙඛස‍්ස අසෙඛං ඤාණං අත්‍ථී, අසෙඛො අසෙඛං ධම‍්මං ජානාති, පස‍්සති, දිට‍්ඨං විදිතං සච‍්ඡිකතං උපසම‍්පජ‍්ජ විහරති, කායෙන ඵුසිත්‍වා විහරතී’ති.

2. ස. පු: අශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥානය ඇද්ද, අශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය දනී ද, දකී ද, දෘෂ්ට කොට විදිත කොට සාක්‍ෂාත්කෘත කොට උපයා වාස කෙරේ ද, නාමකයින් අරමුණු කොට වාස කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සෙඛස‍්ස අසෙඛං ඤාණං අත්‍ථී, සෙඛො අසෙඛං ධම‍්මං ජානාති, පස‍්සති, දිට‍්ඨං විදිතං සච‍්ඡිකතං උපසම‍්පජ‍්ජ විහරති, කායෙන ඵුසිත්‍වා විහරතී’ති.

ස. අනු: ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥානය ඇද්ද, ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය දනී ද, දකී ද, දක්නාලද කොට දන්නාලද කොට සාක්‍ෂාත්කෘත කොට උපයා වාස කෙරේ ද, නාමකයින් පැහැස වාස කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: සෙඛස‍්ස අසෙඛං ඤාණං අත්‍ථී, සෙඛො අසෙඛං ධම‍්මං න ජානාති, න පස‍්සති, අදිට‍්ඨං අවිදිතං අසච‍්ඡිකතං න උපසම‍්පජ‍්ජ විහරති, න කායෙන ඵුසිත්‍වා විහරතී’ති.

3. ස. පු: ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇද්ද, ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය නො දනී ද, නො දකී ද, නො දක්නා ලද, නො දන්නාලද, සාක්‍ෂාත් නො කරනලද ඒ ධර්‍මය උපයා වාස නො කෙරේ ද, නාමකයින් අරමුණු කොට වාස නො කෙරේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අසෙඛස‍්ස අසෙඛං ඤාණං අත්‍ථී, අසෙඛො අසෙඛං ධම‍්මං න ජානාති, න පස‍්සති, අදිට‍්ඨං අවිදිතං අසච‍්ඡිකතං න උපසම‍්පජ‍්ජ විහරති, න කායෙන ඵුසිත්‍වා විහරතී’ති.

ස. අනු: අශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇද්ද, අශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය නො දනී ද, නො දකී ද, නො දක්නාලද, නො දන්නාලද, අසාක්‍ෂාත්කෘත ඒ ධර්‍මය උපයා වාස නො කෙරේ ද, නාමකයින් ස්පර්‍ශ කොට වාස නො කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: සෙඛස‍්ස අසෙඛං ඤාණං අත්‍ථී’ති.

4. ස. පු: ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ගොත්‍රභුනො පුග‍්ගලස‍්ස සොතාපත‍්තිමග‍්ගෙ ඤාණං අත්‍ථී’ති.

ස. අනු: ගෝත්‍රභූ පුද්ගලහට ශ්‍රෝතාපත්තිමාර්‍ගයෙහි ඥානය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස සොතාපත‍්තිඵලෙ ඤාණං අත්‍ථී’ති.

ස. අනු: ශ්‍රෝතාපත්තිඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන් පුද්ගලයාහට ශ්‍රොතාපත්තිඵලයෙහි ඥානය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: සකදාගාමිඵලසච‍්ඡිකිරියාය -පෙ- අනාගාමිඵලසච‍්ඡිකිරියාය -පෙ- අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස අරහත‍්තෙ ඤාණං අත්‍ථී’ති.

ස. අනු: සෙදගැමිඵල පසක් කිරීමට පිළිපන් … අනගැමිඵල පසක් කිරීමට පිළිපන් … රහත්ඵල පසක් කිරීමට පිළිපන් පුද්ගලයාහට රහත්ඵලයෙහි ඥානය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ප. පු: න වත‍්තබ‍්බං සෙඛස‍්ස අසෙඛං ඤාණං අත්‍ථී”ති.

5. ප. පු: ‘ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇතැ’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු අයස‍්මා ආනන්‍දො සෙඛො “භගවා උළාරො”ති ජානාති. “සාරිපුත‍්තො ථෙරො, මහා මොග‍්ගල‍්ලානො ථෙරො උළාරො”ති ජානාතී’ති.

ප. අනු: ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශෛක්‍ෂ වූවාහු ‘භාග්‍යවතුන් වහන්සේ උදාරයහ’ යි දන්නාහු නො වේ ද? ශාරීපුත්‍ර තෙරණුවෝ, මහමුගලන් තෙරණුවෝ උදාරයහ’ යි දන්නාහු නො වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි ආයස‍්මා අනන්‍දො සෙඛො “භගවා උළාරො”ති ජානාති. “සාරිපුත‍්තො ථෙරො, මහාමොග‍්ගල‍්ලානො ථෙරො උළාරො”ති ජානාති,

අනු. ඨ: ඉදින් ආයුෂ්මත් අනඳතෙරණුවෝ ශෛක්‍ෂ වූවාහු ‘භාග්‍යවතුන් වහන්සේ උදාරයහ’ යි දනිත් නම්, සැරියුත් තෙරණුවෝ, මහමුගලන් තෙරණුවෝ උදාරයහ’ යි දනිත් නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ ‘සෙඛස‍්ස අසෙඛං ඤාණං අත්‍ථී’ති.

අනු. පා: භවත, එකරුණින් ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥානය ඇතැ’ යි කියැයුතු මැ යැ.

අසෙඛඤාණකථා නිට‍්ඨිතා.

අසෙඛඤාණකථා නිමි.