යෙදුමෙන් කියවන්න

විමුත‍්තිකථා

5. 1.

5. 1.

විමුත‍්තිකථා

විමුත්තිකථා

[විදර්‍ශනා යැ මාර්‍ග යැ ඵල යැ ප්‍රත්‍යවේක්‍ෂණ යැ යි චතුර්විධ ඥානයනට ‘විමුත්තිඥාන’ යනු නමෙකි. එහි විදර්‍ශනාඥානය නිත්‍ය නිමිත්තාදීන් විමුක්ත හෙයින් හෝ තදඞ්ගවිමුක්තිභාවයෙන් විමුක්ත හෙයින් හෝ විමුක්තිඥා නම් වෙයි. මාර්‍ගය සමුච්ඡේදවිමුක්ති නම් වෙයි. ඵලය ප්‍රතිප්‍රශ්‍රබ්ධි විමුක්ති නම් වෙයි. ප්‍රත්‍යවේක්‍ෂණඥානය වනාහි විමුක්තිය දනී ය යන හේතුවින් විමුක්තිඥාන වෙයි. මෙසේ චතුර්විධ විමුක්තිඥානයෙහි නිෂ්පර්‍ය්‍යායයෙන් ඵලඥානය මැ විමුක්ති නමු. සෙසු ඥානයෝ ‘විමුක්තයහ’ යි හෝ ‘අවිමුක්තයහ’ යි හෝ නො කියැයුතු වෙති. මේ විමුක්තිඥානය විමුක්ත යයි නො කියා නිර්විශේෂයෙන් ‘විමුක්තිඥානය විමුක්ත යැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට විමුක්තිකථා එයි.]

1. ස. පු: විමුත‍්තිඤාණං විමුත‍්තන‍්ති.

1. ස. පු: විමුක්තිඥානය විමුක්ත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යං කිඤ‍්චි විමුත‍්තිඤාණං සබ‍්බං තං විමුත‍්තන‍්ති.

ස. අනු: යම් කිසි විමුක්තිඥානයෙක් ඇද්ද, එහැම විමුක්ත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: විමුත‍්තිඤාණං විමුත‍්තන‍්ති.

2. ස. පු: විමුක්තිඥානය විමුක්ත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පච‍්චවෙක‍්ඛණඤාණං විමුත‍්තන‍්ති.

ස. අනු: ප්‍රත්‍යවේක්‍ෂණඥානය විමුක්ත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: විමුත‍්තිඤාණං විමුත‍්තන‍්ති.

3. ස. පු: විමුක්තිඥානය විමුක්ත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ගොත්‍රභුනො පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තන‍්ති.

ස. අනු: ගෝත්‍රභූපුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තන‍්ති.

4. ස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල්හට විමුක්තිඥානය විමුක්ත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සොතාපන‍්නස‍්ස ඤාණං සොතාපත‍්තිඵලං පත‍්තස‍්ස පටිලද‍්ධස‍්ස අධිගතස‍්ස සච‍්ඡිකතස‍්ස ඤාණන‍්ති.

ස. අනු: ශ්‍රොතාපන්නයාගේ ඥානය ශ්‍රෝතාපත්තිඵලයට පැමිණියහුගේ ප්‍රතිලබ්ධයාගේ අධිගතයාගේ සාක්‍ෂාත්කෘතයාගේ ඥාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තන‍්ති.

5. ස. පු: සකෘදාගාමිඵලය පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සකදාගාමිස‍්ස ඤාණං සකදාගාමිඵලං පත‍්තස‍්ස පටිලද‍්ධස‍්ස අධිගතස‍්ස සච‍්ඡිකතස‍්ස ඤාණන‍්ති.

ස. අනු: සකෘදාගාමිහුගේ ඥානය සකෘදාගාමිඵලප්‍රාප්තයාගේ ප්‍රතිලබ්ධයාගේ අධිගතයාගේ සාක්‍ෂාත්කෘතයාගේ ඥාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තන‍්ති.

6. ස. පු: අනගැමිඵලය පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අනාගාමිස‍්ස ඤාණං අනාගාමිඵලං පත‍්තස‍්ස පටිලද‍්ධස‍්ස අධිගතස‍්ස සච‍්ඡිකතස‍්ස ඤාණන‍්ති.

ස. අනු: අනගැමිහුගේ ඥානය අනගැමිඵලයට පැමිණි, ප්‍රතිලබ්ධ, අධිගත, පසක් කළහුගේ ඥාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තන‍්ති.

7. ස. පු: රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අරහතො ඤාණං අරහත‍්තං පත‍්තස‍්ස පටිලද‍්ධස‍්ස අධිගතස‍්ස සච‍්ඡිකතස‍්ස ඤාණන‍්ති.

ස. අනු: රහත්හුගේ ඥානය රහත් බවට පැමිණියහුගේ රහත්බව පිළිලැබු, අධිගත, පසක් කළහුගේ ඥානය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: සොතාපත‍්තිඵලසමඞ‍්ගිස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තන‍්ති.

8. ස. පු: සෝවත්ඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තන‍්ති.

ස. අනු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: සකදාගාමිඵලසමඞ‍්ගිස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තන‍්ති.

9. ස. පු: සෙදගැමිඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තන‍්ති.

ස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ස. පු: අනාගාමිඵලසමඞ‍්ගිස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තන‍්ති.

10. ස. පු: අනගැමිඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තන‍්ති.

ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

11. ස. පු: අරහත‍්තඵලසමඞ‍්ගිස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තන‍්ති.

11. ස. පු: රහත්ඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තන‍්ති.

ස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

12. ස. පු: සොතාපත‍්තිඵලසමඞ‍්ගිස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තං, තං ච ඵලං පත‍්තස‍්ස ඤාණන‍්ති.

12. ස. පු: සෝවත්ඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තං, තං ච ඵලං පත‍්තස‍්ස ඤාණන‍්ති.

ස. අනු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

13. ස. පු: සකදාගාමිඵලසමඞ‍්ගිස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තං, තං ච ඵලං පත‍්තස‍්ස ඤාණන‍්ති.

13. ස. පු: සෙදගැමිඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තං, තං ච ඵලං පත‍්තස‍්ස ඤාණන‍්ති,

ස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

14. ස. පු: අනාගාමිඵලසමඞ‍්ගිස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තං, තං ච ඵලං පත‍්තස‍්ස ඤාණන‍්ති.

14. ස. පු: අනගැමිඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තං, තං ච ඵලං පත‍්තස‍්ස ඤාණන‍්ති.

ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

15. ස. පු: අරහත‍්තඵලසමඞ‍්ගිස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තං, තං ච ඵලං පත‍්තස‍්ස ඤාණන‍්ති.

15. ස. පු: රහත්ඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස විමුත‍්තිඤාණං විමුත‍්තං, තං ච ඵලං පත‍්තස‍්ස ඤාණන‍්ති,

ස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

විමුත‍්තිකථා නිට‍්ඨිතා.

විමුක්තිකථා නිමි.