සඤ්ඤොජනප්පහාන කථා
4. 10.
4. 10.
සඤ්ඤොජනප්පහාන කථා.
සඤ්ඤොජනප්පහානකථා
[‘නිෂ්පර්‍ය්‍යාය වශයෙන් මැ සර්වසංයෝජන ප්රහාණය අර්‍හත්ත්‍වය වෙති’ යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට සංයොජනප්පහාන කථා එයි.]
1. ස. පු: සබ්බසඤ්ඤොජනානං පහානං අරහත්තන්තී.
1. ස. පු: සර්වසංයෝජනයන්ගේ ප්රහාණය අර්‍හත්ත්‍වය වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහත්තමග්ගෙන සබ්බෙ සඤ්ඤොජනා පහියන්තී’ති.
ස. පු: රහත්මඟින් හැම සංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: අරහත්තමග්ගෙන සබ්බෙ සඤ්ඤොජනා පහීයන්ති’ති.
2. ස. පු: රහත්මඟින් හැම සංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ. (රහත්මඟින් අප්‍රහීණ සංයොජනයක් නැතියෙන් කළ ප්‍රතිඥා යි.)
ස. අනු: අරහත්තමග්ගෙන සක්කායදිට්ඨිං විචිකිච්ඡං සීලබ්බතපරාමාසං පජහතීති.
ස. අනු: රහත්මඟින් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස දුරු කෙරේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ … (ප්රථමමාර්ගයෙන් ප්රහීණභාවය ගෙන කළ ප්‍රතික්ෂේප යි.)
3. ස. පු: අරහත්තමග්ගෙන සක්කායදිට්ඨිං විචිකිච්ඡා සීලබ්බතපරාමාසං පජහතීති.
3. ස. පු: රහත්මඟින් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස දුරු කෙරේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ. (චතුර්ත්ථමාර්ගයෙන් අනවශේෂප්‍රහාණය සඳහා කළ ප්‍රතිඥා යි.)
ස. අනු: නනු තිණ්ණං සඤ්ඤොජනානං පහානං සොතාපත්තිඵලං වුත්තං භගවතා’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ත්‍රිවිධ සංයෝජනයන්ගේ ප්රහාණය ශ්‍රෝතාපත්තිඵල යැ’යි වදාරන ලද්දේ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි තිණ්ණං සඤ්ඤොජනානං පහානං සොතාපත්තිඵලං වුත්තං භගවතා,
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ත්‍රිවිධ සංයෝජනයන්ගේ ප්රහාණය ශ්‍රෝතාපත්තිඵල යැ’යි වදාරන ලද්දේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අරහත්තමග්ගෙන සබ්බෙ සඤ්ඤොජනා පහීයන්තී’ති.
අනු. පා: භවත, ‘රහත්මඟින් සියලු සංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙති’ යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: අරහත්තමග්ගෙන සබ්බෙ සඤ්ඤොජනා පහීයන්තීති.
4. ස. පු: රහත්මඟින් සියලු සංයෝජනයන්ගේ ප්‍රහීණ කරනු ලැබෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහත්තමග්ගෙන ඔළාරිකං කාමරාගං ඔළාරිකං ව්යාපාදං පජහතීති.
ස. අනු: රහත්මඟින් ඕළාරිකකාමරාග ඔළාරිකව්‍යාපාද දුරු කෙරේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: අරහත්තමග්ගෙන ඔළාරිකං කාමරාගං ඔළාරිකං ව්යාපාදං පජහතීති.
5. ස. පු: රහත්මඟින් ඕළාරිකකාමරාග ඔළාරිකව්‍යාපාද දුරු කෙරේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු කාමරාගව්යාපාදානං තනුභාවං සකදාගාමිඵලං වුත්තං භගවතා’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ තනුභාවය සකෘදාගාමිඵල යැ’ යි වදාරන ලද්දේ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි කාමරාගව්යාපාදානං තනුභාවං සකදාගාමිඵලං වුත්තං භගවතා,
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ තනුභාවය සකෘදාගාමිඵල යැ’ යි වදාරන ලද්දේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අරහත්තමග්ගෙන සබ්බෙ සඤ්ඤොජනා පහීයන්තී’ති.
අනු. පා: භවත, ‘රහත්මඟින් සර්වසංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙති’ යි නො කියැයුතු මැ යැ.
6. ස. පු: අරහත්තමග්ගෙන සබ්බෙ සඤ්ඤොජනා පහීයන්තීති.
6. ස. පු: රහත්මඟින් සර්වසංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහත්තමග්ගෙන අණුසහගතං කාමරාගං අණුසහගතං ව්යාපාදං පජහතී’ති.
ස. අනු: රහත්මඟින් අණුසහගතකාමරාගය අණුසහගතව්යාපාදය දුරු කෙරේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අරහත්තමග්ගෙන අණුසහගතං කාමරාගං අණුසහගතං ව්යාපාදං පජහතී’ති.
7. ස. පු: රහත්මඟින් අණුසහගතකාමරාගය අණුසහගතව්යාපාදය දුරු කෙරේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු කාමරාගව්යාපාදානං අනවසෙසප්පහානං අනාගාමිඵලං වුත්තං භගවතා’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ අනවශේෂප්‍රහාණය අනාගාමිඵලය යැ’ යි වදාරන ලද්දේ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි කාමරාගව්යාපාදානං අනවසෙසප්පහානං අනාගාමිඵලං වුත්තං භගවතා,
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ අනවශේෂප්‍රහාණය අනාගාමිඵලය යැ’ යි වදාරන ලද්දේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අරහත්තමග්ගෙන සබ්බෙ සඤ්ඤොජනා පහීයන්තී”ති.
අනු. පා: භවත, ‘රහත්මඟින් සර්වසංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙති’ යි නො කියැයුතු මැ යැ.
8. ස. පු: අරහත්තමග්ගෙන සබ්බෙ සංයොජනා පහීයන්තී’ති. .
8. ස. පු: රහත්මඟින් සර්වසංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු රූපරාගඅරූපරාගමානඋද්ධච්චඅවිජ්ජාය අනවසෙසප්පහානං අරහත්තං වුත්තං භගවතා’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යන මොවුන්ගේ අනවශේෂප්‍රහාණය අර්හත්ත්ව යැ’ යි වදාරන ලද්දේ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු: ඨ: හඤ්චි රූපරාගඅරූපරාගමානඋද්ධච්චඅවිජ්ජාය අනවසෙසප්පහානං අරහත්තං වුත්තං භගවතා,
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යන මොවුන්ගේ අනවශේෂප්‍රහාණය අර්හත්ත්ව යැ’ යි වදාරන ලද්දේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අරහත්තමග්ගෙන සබ්බෙ සඤ්ඤොජනා පහීයන්තී”ති.
අනු. පා: භවත, ‘රහත්මඟින් සර්වසංයෝජනයෝ ප්‍රහීණ කරනු ලැබෙති’ යි නො කියැයුතු මැ යැ.
9. ස. පු: න වත්තබ්බං සබ්බසංයොජනානං පහානං අරහත්තන්ති.
9. ප. පු: ‘සර්වසංයෝජනයන්ගේ ප්රහාණය අර්හත්ත්ව යැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු අරහතො සබ්බෙ සඤ්ඤොජනා පහීනා’ති.
ප. අනු: රහත්හට සර්වසංයෝජනයෝ ප්‍රහීණ වූවාහු නො වෙද් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු: ඨ: හඤ්චි අරහතො සබ්බෙ සඤ්ඤොජනා පහීනා,
අනු. ඨ: ඉදින් රහත්හට සර්වසංයෝජනයෝ ප්‍රහීණ වෙත් නම්,
අනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “සබ්බසඤ්ඤොජනානං පහානං අරහත්ත”න්ති.
අනු. පා: භවත, එකරුණින් ‘සර්වසංයෝජනයන්ගේ ප්රහාණය අර්හත්ත්ව යැ’ යි කියැයුතු මැ යැ.
සඤ්ඤොජනප්පහානකථා නිට්ඨිතා.
සඤ්ඤොජනප්පහානකථා නිමි.
චතුත්ථො වග්ගො නිට්ඨිතො.
සතරවැනි වර්ගය නිමි.
තස්ස උද්දානං:
එහි උද්දානය:
ගිහිස්ස අරහා, සහ උපපත්තියා අරහා, අරහතො සබ්බෙ ධම්මා අනාසවා. අරහා චතූහි ඵලෙහි සමන්නාගතො, එවමෙවං ජහි උපෙක්ඛාහි, බොධියා බුද්ධො, ලක්ඛණ සමන්නාගතො බොධිසත්තො, ඔක්කන්තනියාමො චරිතබ්රහ්මචරියො, පටිපන්නකො ඵලෙන සමන්නාගතො, සබ්බසඤ්ඤොජනානං පහානං අරහත්තන්ති.
ගිහිස්ස අරහාතිකථා යැ උපපත්තිකථා යැ අනාසවකථා යැ සමන්නාගතකථා යැ උපෙක්ඛාසමන්නාගතකථා යැ බෝධියාබුද්ධෝතිකථා යැ ලක්ඛණකථා යැ නියාමොක්කන්තිකථා යැ අපරාපි සමන්නාගතකථා යැ සඤ්ඤොජනප්පහානකථා යැ යි චතුර්ත්ථවර්ගයෙහි කථා දසයෙකි.