ඵලඤාණකථා
5. 10.
5. 10.
ඵලඤාණකථා.
ඵලඤාණකථා
[බුදුවරුත් සත්ත්වයන්ගේ ආර්ය්යඵලප්රාප්තිය පිණිස දහම් දෙසති. ශ්‍රාවකයෝත් සත්ත්වයන්ගේ ආර්ය්යඵලප්රාප්තිය පිණිස දහම් දෙසති. මේ සාමාන්‍යයෙන් බුදුවරයන්ට සෙයින් මැ ‘ශ්‍රාවකයනට ද ඒ ඒ සත්ත්වයන් විසින් පැමිණිය යුතු ඵලයෙහි ඥානය ඇතැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත් වාදීන්ගේ වාද බිඳුනට ඵලඤාණකථා එයි.]
1. ස. පු: සාවකස්ස ඵලෙ ඤාණං අත්ථී’ති.
1. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සාවකො ඵලස්ස කතං පඤ්ඤාපෙතී’ති.
ස. අනු: ශ්රාවකයා ඵලකෘත්ය පනවා ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: සාවකස්ස ඵලෙ ඤාණං අත්ථී’ති.
2. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී සාවකස්ස ඵලපරොපරියත්ති ඉන්ද්රියපරොපරියත්ති පුග්ගලපරොපරියත්තී’ති.
ස. අනු: ශ්‍රාවකහට ඵලපරාවරතා ඉන්ද්රියපරාවරතා පුද්ගලපරාවරතා ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: සාවකස්ස ඵලෙ ඤාණං අත්ථී’ති.
3. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී සාවකස්ස ඛන්ධපඤ්ඤත්ති ආයතනපඤ්ඤත්ති ධාතුපඤ්ඤත්ති සච්චපඤ්ඤත්ති ඉන්ද්රියපඤ්ඤත්ති පුග්ගලපඤ්ඤත්තී’ති.
ස. අනු: ශ්‍රාවකහට ස්කන්ධප්රඥප්ති ආයතනප්රඥප්ති ධාතුප්රඥප්ති, සත්යප්රඥප්ති, ඉන්ද්රියප්රඥප්ති, පුද්ගලප්‍රඥප්ති ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: සාවකස්ස ඵලෙ ඤාණං අත්ථී’ති.
4. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සාවකො ජිනො සත්ථා සම්මාසම්බුද්ධො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී ධම්මසාමී ධම්මපටිසරණො’ති.
ස. අනු: ශ්රාවකයා ජින වේ ද, ශාස්තෘ, සම්‍යක්සම්බුද්ධ, සර්වඥ සර්වදර්ශී, ධර්මස්වාමී, ධර්‍මප්‍රතිසරණ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: සාවකස්ස ඵලෙ ඤාණං අත්ථී’ති.
5. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සාවකො අනුප්පන්නස්ස ධම්මස්ස උප්පාදෙතා අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදො’ති.
ස. අනු: ශ්රාවකයා නූපන් දහම් උපදවනුයේ වේ ද, නූපන් මාර්ගය උපදවනුයේ වේ ද, ප්‍රකාශ නො කළ මාර්ගය ප්‍රකාශ කරනුයේ වේ ද, මාර්ගඥ, මාර්ගවිත්, මාර්ගකෝවිද වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ප. පු: න වත්තබ්බං ‘සාවකස්ස ඵලෙ ඤාණං අත්ථී’ති.
6. ප. පු: ‘ශ්‍රාවකයාහට ඵලඥාන ඇතැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: සාවකො අඤ්ඤාණී’ති.
ප. අනු: ශ්‍රාවක අඥාන වේ ද?
ස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ … (අවිද්‍යා සඞ්ඛ්‍යාත අඥාන නැසූ බැවින් ප්රතික්ෂිප්ත යි.)
ප. නිග: තෙන හි සාවකස්ස ඵලෙ ඤාණං අත්ථී’ති.
ප. නිග: එ කරුණින් ශ්‍රාවකහට ඵලඥාන ඇති.
ඵලඤාණකථා නිට්ඨිතා.
ඵලඥානකථා නිමි.
පඤ්චමො වග්ගො නිට්ඨිතො.
පස් වැනි වර්ගය නිමියේ යි.
මහාපණ්ණාසකො.
මහාපණ්ණාසක යි.
තස්ස උද්දානං:
එහි උද්දානය:
විමුත්තිඤාණං විමුත්තං, සෙඛස්ස අසෙඛං ඤාණං, විපරීතෙ ඤාණං, අනියතස්ස නියාමගමනාය අත්ථී ඤාණං, සබ්බං ඤාණං පටිසම්භිදා, සම්මුති ඤාණං, චෙතො පරියායෙ ඤාණං, අනාගතෙ ඤාණං, පච්චුප්පන්නෙ ඤාණං සාවකඵලෙ ඤාණන්ති.
විමුත්තිකථා යැ අසෙඛඤාණකථා යැ විපරීතකථා යැ නියාමකථා යැ පටිසම්භිදාකථා යැ සම්මුතිඤාණකථා යැ චිත්තාරම්මණකථා යැ අනාගතඤාණකථා යැ පච්චුප්පන්නඤාණකථා යැ ඵලඤානකථා යැ යි පඤ්චමවර්ගයෙහි කථා දසයෙකි.