නියාමකථා
6. 1.
6. 1.
නියාමකථා.
නියාමකථා
[‘නියාමගමනය පිණිස අනියතපෘථග්ජනයාට ඥානය ඇති’ යි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට නියාමකථා එයි.]
1. ස. පු: නියාමො අසඞ‍්ඛතො’ති.
1. ස. පු: නියාමය ‘අසඞ්ඛත’ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිබ‍්බානං තාණං ලෙණං සරණං පරායනං අච‍්චුතං අමතන‍්ති.
ස. අනු: නිර්‍වාණය, ත්‍රාණ, ලෙණ, සරණ, පරායණ, අච්‍යුත, අමෘත වේ ද? (මෙලෙස නියාමයත් අසංස්කෘත වේ දැ’ යි සේ යි.)
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: නියාමො අසඞ‍්ඛතො, නිබ‍්බානං අසඞ‍්ඛතන‍්ති.
2. ස. පු: (තොප මතයෙහි) නියාමය අසංස්කෘත යැ. නිර්‍වාණය අසංස්කෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ද‍්වෙ අසඞ‍්ඛතානී’ති.
ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: ද‍්වෙ අසඞ‍්ඛතානී’ති.
3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ද‍්වෙ තාණානි, ද‍්වෙ ලෙණානි, ද‍්වෙ සරණානි, ද‍්වෙ පරායනානි, ද‍්වෙ අච‍්චුතානි, ද‍්වෙ අමතානි, ද‍්වෙ නිබ‍්බානානී’ති.
ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක්, ලෙණයෝ දෙදෙනෙක්, සරණයෝ දෙදෙනෙක්, පරායණයෝ දෙදෙනෙක්, අච්‍යුතයෝ දෙදෙනෙක්, අමෘතයෝ දෙදෙනෙක්, නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ද‍්වෙ නිබ‍්බානානී’ති.
4. ස. පු: නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථී ද‍්වින‍්නං නිබ‍්බානානං උච‍්චනීචතා හීනප‍්පණිත‍්තා උක‍්කංසාවකංසො සීමා වා භෙදො වා රාජි වා අන‍්තරිකා වා’ති.
ස. අනු: උභය නිර්‍වාණයන්ගේ උච්චනීචතායෙක් හීනප්‍රණීතතායෙක් උත්කර්‍ෂාවකයෙක් හෝ සීමායෙක් හෝ භෙදයෙක් හෝ රාජියෙක් හෝ අන්තරිකායෙක් හෝ ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: නියාමො අසඞ‍්ඛතො’ති.
5. ස. පු: නියාමය අසංස්කෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථී කෙචි නියාමං ඔක‍්කමන‍්ති, පටිලභන‍්ති, උප‍්පාදෙන‍්ති, සමුප‍්පාදෙන‍්ති, උට‍්ඨාපෙන‍්ති, සමුට‍්ඨාපෙන‍්ති, නිබ‍්බත‍්තෙන‍්ති, අභිනිබ‍්බත‍්තෙන‍්ති, ජනෙන‍්ති, සඤ‍්ජෙනෙන‍්තී’ති.
ස. අනු: නියාමයට බැසගන්නා, එය පිළිලබන, උපදවන, මොනොවට උපදවන, නංවන, මොනොවට නංවවන, නිපදවන, සකසා නිපදවන, දනවන, සකසාදනවන යමෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථී කෙචි අසඞ‍්ඛතං ඔක‍්කමන‍්ති පටිලභන‍්ති උප‍්පාදෙන‍්ති සමුප‍්පාදෙන‍්ති උට‍්ඨාපෙන‍්ති සමුට‍්ඨාපෙන‍්ති නිබ‍්බත‍්තෙන‍්ති අභිනිබ‍්බත‍්තෙන‍්ති ජනෙන‍්ති සඤ‍්ජෙනෙන‍්තී’ති.
ස. අනු: අසංස්කෘතයට බැසගන්නා, එය පිළිලබන, උපදවන, මොනොවට උපදවන, නංවන, මොනොවට නංවවන, නිපදවන, සකසා නිපදවන, දනවන, සකසා දනවන යමෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: නියාමො අසඞ‍්ඛතො’ති.
6. ස. පු: නියාමය අසංස්කෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මග‍්ගො අසඞ‍්ඛතො’ති.
ස. අනු: මාර්‍ගය අසංස්කෘත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ … (උත්පාදනිරෝධභාවයෙන් ප්‍රතික්‍ෂේප කෙරේ.)
7. ස. පු: මග‍්ගො සඞ‍්ඛතො’ති.
7. ස. පු: මාර්‍ගය සංස්කෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නියාමො සඞ‍්ඛතො’ති.
ස. අනු: නියාමය සංස්කෘත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: සොතාපත‍්තිනියාමො අසඞ‍්ඛතො’ති.
8. ස. පු: සෝවත්නියාමය අසංස්කෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සොතාපත‍්තිමග‍්ගො අසඞ‍්ඛතොති,
ස. අනු: සෝවත්මග අසංස්කෘත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සොතාපත‍්තිමග‍්ගො සඞ‍්ඛතො’ති.
9. ස. පු: සොවත්මඟ සංස්කෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සොතාපත‍්තිනියාමො සඞ‍්ඛතො’ති.
ස. අනු: සෝවත්නියාමය සංස්කෘත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: සකදාගාමී නියාමො -පෙ- අනාගාමී නියාමො -පෙ- අරහත‍්ත නියාමො අසඞ‍්ඛතො’ති.
10. ස. පු: සෙදගැමි නියාමය … අනගැමි නියාමය … රහත් නියාමය අසංස්කෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහත‍්තමග‍්ගො අසඞ‍්ඛතො’ති.
ස. අනු: රහත්මඟ අසංස්කෘත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: අරහත‍්තමග‍්ගො සඞ‍්ඛතො’ති.
11. ස. පු: රහත්මඟ සංස්කෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහත‍්තනියාමො සඞ‍්ඛතො’ති.
ස. අනු: රහත්නියාමය සංස්කෘත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: සොතාපත‍්තිනියාමො අසඞ‍්ඛතො -පෙ- අරහත‍්තනියාමො අසඞ‍්ඛතො. නිබ‍්බානං අසඞ‍්ඛතන‍්ති.
12. ස. පු: සෝවත් නියාමය අසංස්කෘත යැ … රහත්නියාමය අසංස්කෘත යැ. නිවන අසංස්කෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඤ‍්ච අසඞ‍්ඛතානී’ති.
ස. අනු: අසංස්කෘතයෝ පස්දෙනෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: පඤ‍්ච අසඞ‍්ඛතානී’ති.
13. ස. පු: අසංස්කෘතයෝ පස්දෙනෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටි: එසේ යැ. (චතුර්විධ සම්‍යක්ත්‍වනියාමයන් පිළිබඳ ‘නියාමවචන’ ඇතියෙනුදු නිවන අසංස්කෘත බැවිනුදු කළ පිළින යි.)
ස. අනු: පඤ‍්ච තාණානි -පෙ- අන‍්තරිකා වා’ති.
ස. අනු: ත්‍රාණයෝ පස් දෙනෙක් … අන්තරිකාවෝ පස් දෙනෙක් හෝ ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: නියාමො අසඞ‍්ඛතො’ති.
14. ස. පු: නියාමය අසංස්කෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මිච‍්ඡත‍්තනියාමො අසඞ‍්ඛතො’ති.
ස. අනු: මිච්ඡත්තනියාමය අසංස්කෘත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: මිච‍්ඡත‍්තනියාමො අසඞ‍්ඛතො’ති.
15. ස. පු: මිච්ඡත්තනියාමය අසංස්කෘත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මත‍්තනියාමො සඞ‍්ඛතො’ති.
ස. අනු: සම්මත්තනියාමය සංස්කෘත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ප. පු: න වත‍්තබ‍්බං ‘නියාමො අසඞ‍්ඛතො’ති.
16. ප. පු: ‘නියාමය අසංස්කෘත වේ යැ’ යි නො කියැයුතු ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පු: එසේ යැ.
ස. අනු: නියාමෙ උප‍්පජ‍්ජ නිරුද‍්ධෙ අනියතෙ හොතී’ති.
ප. අනු: නියාමය ඉපද නිරුද්ධ වූ කලැ අනියත වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. නිග: තෙන හි නියාමො අසඞ‍්ඛතො’ති.
ප. නිග: එකරුණින් නියාමය අසංස්කෘත වෙයි.
ප. අනු: මිච‍්ඡත‍්තනියාමෙ උප‍්පජ‍්ජ නිරුද‍්ධෙ අනියතො හොතී’ති.
ප. අනු: මිච්ඡත්තනියාමය ඉපැද නිරුද්ධ වූ කල අනියත වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. නිග: තෙන හි ‘මිච‍්ඡත‍්තනියාමො අසඞ‍්ඛතො’ති.
ප. නිග: එකරුණින් මිච්ඡත්තනියාමය අසංස්කෘත වෙයි.
නියාමකථා නිට‍්ඨිතා.
නියාමකථා නිමි.