6. ඡට්ඨවග්ගො අට්ඨකථා
6. සයවන වර්ගය
නියාමකථාවණ්ණනා
51. නියාම කථා
ඉදානි නියාමකථා නාම හොති. තත්ථ නියාමොති “භබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්ත”න්ති (පු· ප· 13) වචනතො අරියමග්ගො වුච්චති. යස්මා පන තස්මිං උප්පජ්ජිත්වා නිරුද්ධෙපි පුග්ගලො අනියතො නාම න හොති, තස්මා “සො නියාමො නිච්චට්ඨෙන අසඞ්ඛතො”ති යෙසං ලද්ධි, සෙය්යථාපි අන්ධකානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. තතො “යදි සො අසඞ්ඛතො, එවරූපෙන තෙන භවිතබ්බ”න්ති දීපෙන්තො නිබ්බානන්තිආදිමාහ. සංසන්දනපුච්ඡා උත්තානත්ථායෙව.
දැන් නියාම කථා නම් වේ. එහි නියාම යනු ‘සුදුසු’ කුසල ධර්මයන්හි සුදුසු බවට පැමිණීමට සමත් යන වචනයෙන් ආර්ය මාර්ගය කියයි. යම්හෙයකින් ඉපදී නිරුද්ධ වූ කල්හි ද පුද්ගලයෙක් අනියත නම් නොවේ. එහෙයින් හෙතෙමේ නියම වේ. නිති අරුතින් අසංඛත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ වැනි වේ. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. එයින් ඉදින් හෝ අසංඛත වේ නම් මෙබඳු ස්වරූපයෙන් ඔහු විය යුතු යයි දක්වන්නේ නිබ්බානං යනාදිය කීය. සංසන්දන විමසීම නොගැඹුරුය.
අත්ථි කෙචීතිආදි නියාමස්ස සඞ්ඛතභාවදීපනත්ථං වුත්තං. මග්ගො අසඞ්ඛතොතිපඤ්හෙ තස්ස උප්පාදනිරොධභාවතො පටික්ඛිපතීති. නියාමො සඞ්ඛතොතිපඤ්හෙ නිරුද්ධෙපි මග්ගෙ නියාමස්ස අත්ථිතං සන්ධාය පටික්ඛිපති. සොතාපත්තිනියාමොතිආදිපඤ්හෙසුපි අනුලොමතො ච පටිලොමතො ච ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො. පඤ්ච අසඞ්ඛතානීති පුට්ඨො පඤ්චන්නං අසඞ්ඛතානං ආගතට්ඨානං අපස්සන්තො පටික්ඛිපති. දුතියං පුට්ඨො චතුන්නං සම්මත්තනියාමානං නියාමවචනතො නිබ්බානස්ස ච අසඞ්ඛතභාවතො පටිජානාති. මිච්ඡත්තනියාමපඤ්හො නියාමවචනමත්තෙන අසඞ්ඛතතාය අයුත්තභාවදීපනත්ථං වුත්තොති.
අත්ථි කොවී යනාදිය නියාමයේ සංඛතභාවය දැක්වීමට කියන ලදී. මග්ගො අසංඛතො යන ප්‍රශ්නයෙහි ඔහුගේ ඉපදීම් නිරුද්ධවීම් භාවයෙන් ප්‍රතික්ෂේප කරයි. නියාමො සංඛතො යන ප්‍රශ්නයෙහි මාර්ගය නිරුද්ධ වූයේද නියාමයේ ඇතිව සඳහා ප්‍රතික්ෂේප කරයි. සොතාපත්ති නියාමො යනාදී ප්‍රශ්නවලද අනුලෝම වශයෙන් ද ප්‍රතිලෝම වශයෙන් ද මෙම නයින්ම අර්ථය දතයුතුය. පඤ්ච අසංඛතාති යයි විචාරණ ලද්දේ පංච අසංඛතයන්ගේ පැමිණි ස්ථානයක් නොදක්නේ ප්‍රතික්ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ සතර සම්මත නියමයන්ගේ නියාම වචනයෙන් නිවණේ ද අසංඛත භාවයෙන් පිළිගනී. මිච්ඡත්ත නියාම ප්රශ්නය නියාම වචන මාත්‍රයෙන් අසංඛත බවේ අයුතු බව දැක්වීම සඳහා කියන ලදී.
නියාමකථාවණ්ණනා.
පටිච්චසමුප්පාදකථාවණ්ණනා
52. පටිච්ච සමුප්පාද කථා
ඉදානි පටිච්චසමුප්පාදකථා නාම හොති. තත්ථ යෙසං නිදානවග්ගෙ “උප්පාදා වා තථාගතානං අනුප්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා”තිආදිවචනතො (සං· නි· 2.20) “පටිච්චසමුප්පාදො අසඞ්ඛතො”ති ලද්ධි, සෙය්යථාපි පුබ්බසෙලියානඤ්ච මහිසාසකානඤ්ච; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස.
දැන් පටිච්ච සමුප්පාද කථා නම් වේ. එහි යමෙකුගේ නිදාන වර්ගයෙහි ‘තථාගතයන්ගේ ඉපදීම හෝ තථාගතයන්ගේ නො ඉපදීම හෝ ඒ ධාතු සිටියේම ධර්මය ස්ථිත යයි ආදි වචනයෙන් පටිච්ච සමුප්පාදය අසංඛත යයි ලබ්ධිය වේ. යම්සේ පුබ්බ සේලියන්ගේ සහ මහිංසාසකයන්ගේ වැනි වේ. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය.
අවිජ්ජා අසඞ්ඛතාති ආදයො පඤ්හා අවිජ්ජාදීනංයෙව පටිච්චසමුප්පාදභාවදස්සනත්ථං වුත්තා. යෙන පනත්ථෙන තත්ථ එකෙකං අඞ්ගං “පටිච්චසමුප්පාදො”ති වුච්චති, සො පටිච්චසමුප්පාදවිභඞ්ගෙ වුත්තොයෙව.
අවිජ්ජා සංඛතා යනාදි ප්‍රශ්න අවිජ්ජා ආදියේම පටිච්ච සමුප්පාද බව දැක්වීම සඳහා කියන ලදී. යම්කෙනෙකුන් විසින් වනාහි මෙයින් එහි එක එක අංගය පටිච්ච සමුප්පාද යයි කියනු ලැබේ. එය පටිච්ච සමුප්පාද විභංගයෙහි කියන ලද්දේමය.
අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති යා තත්ථ ධම්මට්ඨිතතාතිආදි යෙන සුත්තෙන ලද්ධි පතිට්ඨාපිතා, තස්සෙව අත්ථදස්සනෙන ලද්ධිභින්දනත්ථං වුත්තං. අයඤ්හෙත්ථ අත්ථො – යා අයං හෙට්ඨා “ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා”ති වුත්තා න සා අඤ්ඤත්ර අවිජ්ජාදීහි විසුං එකා අත්ථි. අවිජ්ජාදීනං පන පච්චයානංයෙවෙතං නාමං. උප්පන්නෙපි හි තථාගතෙ අනුප්පන්නෙපි අවිජ්ජාතො සඞ්ඛාරා සම්භවන්ති, සඞ්ඛාරාදීහි ච විඤ්ඤාණාදීනි, තස්මා “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා”ති යා එතස්මිං පදෙ සඞ්ඛාරධම්මානං කාරණට්ඨෙන ඨිතතාති ධම්මට්ඨිතතා. තෙසංයෙව ච ධම්මානං කාරණට්ඨෙනෙව නියාමතාති ධම්මනියාමතාති අවිජ්ජා වුච්චති. සා ච අසඞ්ඛතා, නිබ්බානඤ්ච අසඞ්ඛතන්ති පුච්ඡති. පරවාදී ලද්ධිවසෙන පටිජානිත්වා පුන ද්වෙ අසඞ්ඛතානීති පුට්ඨො සුත්තාභාවෙන පටික්ඛිපිත්වා ලද්ධිවසෙනෙව පටිජානාති. සෙසපදෙසුපි එසෙව නයො. හෙට්ඨා වුත්තසදිසං පන තත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බන්ති.
අවිජ්ජා පච්චයා සංඛාරාති යා තත්ථ ධම්මට්ඨිත්තා යනාදි යම් සූත්‍රයකින් ලබ්ධිය පිහිටියේය. එහිම අර්ථය දැක්වීමෙන් ලබ්ධිය බිඳීම සඳහා කියන ලදී. එහි අර්ථය මෙසේය. මෙය යට ඨිතාව සා ධාතු ධම්මට්ඨිත්තා ධම්ම නියාමතා යයි කියන ලදී. අවිජ්ජාදියෙන් වෙන්ව එකක් නැත. අවිජ්ජාදිය වනාහි ප්රත්යවලටම නමකි. තථාගතයන් වහන්සේ උපන්නත් නූපන්නත් අවිද්‍යාවෙන් සංස්කාර ඇතිවේ. සංස්කාරාදියෙන් විඤ්ඤාණාදිය සම්භව වේ. එහෙයින් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර යයි මේ පදයෙහි සංස්කාර ධර්මවල හේතුවෙන් ස්ථිත වූයේ යයි ධම්මට්ඨිත්තා වේ. ඒ ධර්මවලම හේතුවෙන් නියාම බව යයි ධම්ම නියාම බව අවිජ්ජා යයි කියනු ලැබේ. එයද අසංඛතය. නිවණ ද අසංඛත යයි විචාරයි. පරවාදියා ලබ්ධි වශයෙන් පිළිගෙන නැවත ද්වෙ අසංඛතානි යයි විචාරණ ලද්දේ සූත්‍ර අභාවයෙන් ප්‍රතික්ෂේප කොට ලබ්ධි වශයෙන්ම පිළිගනී. සෙසු පදවල ද මෙම නයමය. යට කියන ලද්දට සමානව මෙහි කියන ලද නයින්ම දැනගත යුතුය.
පටිච්චසමුප්පාදකථාවණ්ණනා.
සච්චකථාවණ්ණනා
53. සච්ච කථා
ඉදානි සච්චකථා නාම හොති. තත්ථ යෙසං “චත්තාරිමානි, භික්ඛවෙ, තථානි අවිතථානී”ති (සං· නි· 5.1090) සුත්තං නිස්සාය “චත්තාරි සච්චානි නිච්චානි අසඞ්ඛතානී”ති ලද්ධි, සෙය්යථාපි පුබ්බසෙලියානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අයඤ්හිස්ස අධිප්පායො – දුක්ඛසමුදයමග්ගෙසු වත්ථුසච්චං සඞ්ඛතං, ලක්ඛණසච්චං අසඞ්ඛතං. නිරොධෙ වත්ථුසච්චං නාම නත්ථි අසඞ්ඛතමෙව තන්ති. තස්මා ආමන්තාති ආහ. තං පනස්ස ලද්ධිමත්තමෙව. සො හි දුක්ඛං වත්ථුසච්චං ඉච්ඡති, තථා සමුදයං මග්ගඤ්ච. යානි පන නෙසං බාධනපභවනිය්යානිකලක්ඛණානි, තානි ලක්ඛණසච්චං නාමාති, න ච බාධනලක්ඛණාදීහි අඤ්ඤානි දුක්ඛාදීනි නාම අත්ථීති. තාණානීතිආදීසු අධිප්පායො වුත්තනයෙනෙව වෙදිතබ්බො.
දැන් සත්‍ය කථා නම් වේ. එහි යමෙකුගේ ‘මහණෙනි, මේ සතර තථය, අවිතථය’යි සූත්‍රය නිසා සතර සත්‍ය අසංඛත යයි ලබ්ධියක් වේ. යම්සේ පුබ්බේසේලියන්ගේ වැනි වේ. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. එහි අදහස මෙසේය. දුක්ඛ සමුදය මාර්ගවල වස්තු සත්‍යය සංඛතය. ලක්ෂණ සත්‍යය අසංඛතය. නිරෝධයෙහි වස්තු සත්‍යයක් නැත. එය අසංඛතමය. එහෙයින් ආමත්තා යයි කීය. එය වනාහි ලබ්ධි මාත්‍රයකි. හේ දුක් වස්තු සත්‍යය කැමති වේ. සමුදය මාර්ග දෙකද එසේය. මේවායේ යම් බාධා, ප්‍රභව, නෛර්යානික ලක්ෂණ ලක්ෂණ සත්‍යය නම් වේ. බාධන ලක්ෂණාදියෙන් වෙනත් දුක්ඛාදි නාම නැත. තාණානි යනාදියෙහි අදහස කියන ලද නයින්ම දතයුතුය. දුක්ඛ සච්චං යන ප්‍රශ්නයෙහි ලබ්ධි වශයෙන් ලක්ෂණ සඳහා පිළිගනී.
දුක්ඛසච්චන්ති පඤ්හෙ ලද්ධිවසෙන ලක්ඛණං සන්ධාය පටිජානාති. දුක්ඛන්ති පඤ්හෙ වත්ථුං සන්ධාය පටික්ඛිපති. ඉතො පරං සුද්ධිකපඤ්හා ච සංසන්දනපඤ්හා ච සබ්බෙ පාළිඅනුසාරෙනෙව වෙදිතබ්බා. අවසානෙ ලද්ධිපතිට්ඨාපනත්ථං ආහටසුත්තං අත්ථස්ස මිච්ඡා ගහිතත්තා අනාහටසදිසමෙවාති.
දුක්ඛං යන ප්‍රශ්නයෙහි වස්තු සඳහා ප්‍රතික්ෂේප කරයි. මෙයින් පසු ශද්ධික ප්‍රශ්න ද සංසන්දන ප්‍රශ්නද සියල්ල පෙළ අනුසාරයෙන්ම දතයුතුය. ලබ්ධිය පිහිටුවීමට ගෙනෙන ලද සූත්‍රය අවසානයේ අර්ථයේ වැරදි ගැනීම නිසා නොගෙනෙන ලද්දක් මෙනි.
සච්චකථාවණ්ණනා.
සච්ච කථා වර්ණනාව නිමි.
ආරුප්පකථාවණ්ණනා
54. ආරුප්ප කථා
ඉදානි ආරුප්පකථා නාම හොති. තත්ථ යෙසං “චත්තාරො ආරුප්පා ආනෙඤ්ජා”ති වචනං නිස්සාය “සබ්බෙපි තෙ ධම්මා අසඞ්ඛතා”ති ලද්ධි, තෙ සන්ධාය ආකාසානඤ්චායතනන්ති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති. සාධකසුත්තම්පි අත්ථං අජානිත්වා ආහටත්තා අනාහටසදිසමෙවාති.
දැන් ආරුප්ප කථා නම් වේ. එහි යමෙකුගේ ‘සතර ආරුප්ප ආනෙඤ්ජ’ යයි වචනය නිසා ඒ සියළු ධර්ම අසංඛත යයි ලබ්ධි වේ. ඔවුන් සඳහා ආකාසානඤ්චායතනං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනිකාටය. මෙහි සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේය. සාධක සූත්‍රය ද අරුත් නො දැන ගෙනෙන ලද බැවින් නොගෙනෙන ලද්දට සමාන වේමය.
ආරුප්පකථාවණ්ණනා.
ආරුප්ප කථා වර්ණනාව නිමි.
නිරොධසමාපත්තිකථාවණ්ණනා
55. නිරෝධ සමාපත්ති කථා
ඉදානි නිරොධසමාපත්තිකථා නාම හොති. තත්ථ නිරොධසමාපත්තීති චතුන්නං ඛන්ධානං අප්පවත්ති. යස්මා පන සා කරියමානා කරියති, සමාපජ්ජියමානා සමාපජ්ජියති, තස්මා නිප්ඵන්නාති වුච්චති. සඞ්ඛතාසඞ්ඛතලක්ඛණානං පන අභාවෙන න වත්තබ්බා “සඞ්ඛතාති වා අසඞ්ඛතා”ති වා. තත්ථ යෙසං “යස්මා සඞ්ඛතා න හොති, තස්මා අසඞ්ඛතා”ති ලද්ධි, සෙය්යථාපි අන්ධකානඤ්චෙව උත්තරාපථකානඤ්ච; තෙ සන්ධාය නිරොධසමාපත්තීති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. උප්පාදෙන්තීතිආදි සමාපජ්ජනපටිලාභවසෙනෙව වුත්තං. යථා පන රූපාදයො අසඞ්ඛතධම්මෙ උප්පාදෙන්ති; න තථා තං කෙචි උප්පාදෙන්ති නාම. නිරොධා වොදානං වුට්ඨානන්ති ඵලසමාපත්ති වෙදිතබ්බා. අසඞ්ඛතා පන තං නත්ථියෙව, තස්මා පටික්ඛිපති. තෙන හීති යස්මා සඞ්ඛතා න හොති, තස්මා අසඞ්ඛතාති ලද්ධි. ඉදං පන අසඞ්ඛතභාවෙ කාරණං න හොතීති වුත්තම්පි අවුත්තසදිසමෙවාති.
දැන් නිරෝධ සමාපත්ති කථා නම් වේ. එහි නිරෝධ සමාපත්ති යනු ස්කන්ධ සතරේ නො පැවැත්මය. යම්හෙයකින් වනාහි එය කරනු ලබන්නේ කරයි. සමවදිනු ලබන්නේ සමවදියි. එහෙයින් නිෂ්පන්න යයි කියනු ලැබේ. සංඛත අසංඛත ලක්ෂණවල අභාවයෙන් සංඛත යයි හෝ අසංඛත යයි හෝ නොකිව යුතුය. එහි යමෙකුගේ යම් සංඛතයක් නොවේ. එහෙයින් අසංඛත යයි ලබ්ධිය වේ. අන්ධකයන්ගේ සහ උත්තරාපථයන්ගේ වැනි වේ. ඔවුන් සඳහා නිරොධ සමාපත්ති යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව ඉතිරි අයටය. උප්පාදෙන්ති යනාදි සමවදින ප්රතිලාභ වශයෙන්ම කියන ලදී. යම්සේ වනාහි රූපාදිය සංඛත ධර්ම උපදවයි. එසේ එය වෙන කිසිවෙක් නූපදවයි. නිරොධා වොදානං වුට්ඨානං යයි ඵල සමාපත්ති දතයුතුය. අසංඛතවල එය නැත්තේමය. එනිසා ප්‍රතික්ෂේප කරයි. තෙනහී යයි යම්හෙයකින් සංඛත නොවේ. එහෙයින් අසංඛත යයි ලබ්ධි වේ. මෙය වනාහි අසංඛත භාවයෙහි හේතු නොවේ යයි කියන ලද නමුත් නොකියන ලද්දට සමාන විය.
නිරොධසමාපත්තිකථාවණ්ණනා.
ආකාසකථාවණ්ණනා
56. ආකාස කථා
ඉදානි ආකාසකථා නාම හොති. තත්ථ තිවිධො ආකාසො – පරිච්ඡෙදාකාසො , කසිණුග්ඝාටිමාකාසො, අජටාකාසො. “තුච්ඡාකාසො”තිපි තස්සෙව නාමං. තෙසු පරිච්ඡෙදාකාසො සඞ්ඛතො, ඉතරෙ ද්වෙ පඤ්ඤත්තිමත්තා. යෙසං පන “දුවිධොපි යස්මා සඞ්ඛතො න හොති, තස්මා අසඞ්ඛතො”ති ලද්ධි, සෙය්යථාපි උත්තරාපථකානං මහිසාසකානඤ්ච; තෙ සන්ධාය ආකාසොති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
දැන් ආකාස කථා නම් වේ. එහි පරිච්ඡෙද, වසයෙන් ආකාස තුනක් දක්වයි. පරිච්ඡේදාකාස, කසිණුග්ඝාටි ආකාස, අජටාකාශ, යනුවෙන් හිස් අවකාස යනු ඊටම නමකි. ඒවායින් පරිච්ඡේද ආකාසය සංඛතය. ඉතිරි දෙක පැණවුම් මාත්‍රයකි. ඒ දෙකේම සංඛත නැති නිසා අසංඛත යයි ලබ්ධි වේ. උත්තරාපථයන්ගේ සහ මහිංසාසකයන්ගේ මෙනි. ඔවුන් සඳහා ආකාසො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. මෙහි සෙස්ස පැහැදිලිය.
ආකාසකථාවණ්ණනා.
ආකාසො සනිදස්සනොතිකථාවණ්ණනා
57. ආකාස සනිදස්සන කථා
ඉදානි ආකාසො සනිදස්සනොතිකථා නාම හොති. තත්ථ යෙසං තාළච්ඡිද්දාදීසු ඤාණප්පවත්තිං නිස්සාය “සබ්බොපි අජටාකාසො සනිදස්සනො”ති ලද්ධි, සෙය්යථාපි අන්ධකානං ; තෙ සන්ධාය ආකාසො සනිදස්සනොති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං “යදි සනිදස්සනො, එවංවිධො භවෙය්යා”ති චොදනත්ථං රූපන්තිආදි වුත්තං. චක්ඛුඤ්ච පටිච්චාතිපඤ්හෙසු එවරූපස්ස සුත්තස්ස අභාවෙන පටික්ඛිපිත්වා තුලන්තරිකාදීනං උපලද්ධිං නිස්සාය පටිජානාති. ද්වින්නං රුක්ඛානං අන්තරන්ති එත්ථ රුක්ඛරූපං චක්ඛුනා දිස්වා අන්තරෙ රූපාභාවතො ආකාසන්ති මනොද්වාරවිඤ්ඤාණං උප්පජ්ජති, න චක්ඛුවිඤ්ඤාණං. සෙසෙසුපි එසෙව නයො. තස්මා අසාධකමෙතන්ති.
දැන් ආකාස සනිදස්සන කථා නම් වේ. එහි යමෙකුගේ කෙසි සිදුරුවල ඤාණය පැවතීම නිසා සියළු අජටාකාසය සනිදස්සන යයි ලබ්ධි වේ. අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා ආකාසො සනිදස්සනො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහු ඉදින් සනිදර්ශන වේද? මේ ආකාරයට වන්නේ යයි චෝදනාව පිණිස රූපං යනාදිය කියන ලදී. චක්ඛුඤ්ච පටිච්ඡ යන ප්රශ්නවල මෙබඳු වූ සූත්‍රයක අභාවයෙන් ප්‍රතික්ෂේප කොට සමාන කිරීම් ආදියේ අවබෝධය නිසා පිළිගනී. ද්වින්නං රුක්ඛානං අන්තරං යයි මෙහි ගසේ රූපය ඇසින් දැක අතරෙහි රූප අභාවයෙන් ආකාසයයි මනෝද්වාර විඤ්ඤාණය උපදී. චක්ඛු විඤ්ඤාණය නොවේ. සෙස්සෙහි ද මෙම නයයි. එනිසා මෙය සාධක නොවේ.
ආකාසො සනිදස්සනොතිකථාවණ්ණනා.
පථවීධාතුසනිදස්සනාතිආදිකථාවණ්ණනා
58. පඨවි ධාතු කථා
ඉදානි පථවීධාතු සනිදස්සනාතිආදිකථා නාම හොති. තත්ථ යෙසං පාසාණඋදකජාලරුක්ඛචලනානඤ්චෙව පඤ්චින්ද්රියපතිට්ඨොකාසානඤ්ච වණ්ණායතනං කායවිඤ්ඤත්තිකාලෙ හත්ථපාදාදිරූපඤ්ච දිස්වා “පථවීධාතුආදයො සනිදස්සනා”ති ලද්ධි, සෙය්යථාපි අන්ධකානං; තෙ සන්ධාය සබ්බකථාසු ආදිපුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසං සබ්බත්ථ පාළිඅනුසාරෙන චෙව හෙට්ඨා වුත්තනයෙන ච වෙදිතබ්බන්ති. පථවීධාතු සනිදස්සනාති ආදිං කත්වා කායකම්මං සනිදස්සනන්ති පරියොසානකථා නිට්ඨිතා.
දැන් පඨවි ධාතු සනිදස්සන යනාදි කථා නම් වේ. එහි යමෙකුගේ පහණ, දියරැලි, ගස් චලනය ද පසිඳුරන් පිහිටි ආකාසය ද වර්ණ ආයතනයද කාය විඥප්ති කාලයෙහි අත් පා ආදි රූප දැක පඨවි ධාතු ආදිය සනිදර්ශන යයි ලබ්ධි වේ. අන්ධකයන්ගේ වැනි වේ. ඔවුන් සඳහා සියළු කථාවල මුලින් විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. සෙසු සියළු තැන පෙළ අනුසාරයෙන් ද යට කියන ලද නයින් ද දතයුතුය. පඨවි ධාතු සනිදර්ශනය ආදිකොට කාය කර්මය සන්දර්ශනය අවසාන කථා වේ.
ඡට්ඨො වග්ගො.