යෙදුමෙන් කියවන්න

ආකාසො සනිදස‍්සනොති කථා

6. 7.

6. 7.

ආකාසො සනිදස‍්සනොති කථා

ආකාසසනිදස්සනකථා

[කෙසිසිදුරු ආදියෙහි ඥානප්‍රවෘත්තිය නිසා හැම අජටාකාසය සනිදර්‍ශන වෙතී - ඇසට පෙණෙති’යි අන්‍ධකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ආකාසසනිදස්සනකථා එයි.]

1. ස. පු: ආකාසො සනිදස‍්සනො’ති.

1. ස. පු: ආකාශය සනිදර්‍ශන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: රූපං රූපායතනං රූපධාතු නීලං පීතකං ලොහිතකං ඔදාතකං චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යං චක‍්ඛුස‍්මිං පටිහඤ‍්ඤති චක‍්ඛුස‍්ස ආපාථං ආගච‍්ඡතී’ති.

ස. අනු: (ආකාශය) රූප, රූපායතන, රූපධාතු, නීල, පීත, ලෝහිත, අවදාත, චක්‍ෂුර්විඥේය වේ ද, චක්‍ෂුස්හි ගැටේ ද, චක්‍ෂුස්හුගේ හමුවට එන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: ආකාසො සනිදස‍්සනො’ති.

2. ස. පු: ආකාශය සනිදර්‍ශන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච ආකාසඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති.

ස. අනු: චක්‍ෂුසත් ආකාශයත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. පු: චක‍්ඛුඤ‍්ච පටිච‍්ච ආකාසඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති.

ස. පු: ඇසත් අහසත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච ආකාසඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති” අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: ‘ඇසත් අහසත් නිසා චක්‍ෂුර්විඥානය උපදී’ යයි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?

ප. පටි: නත්‍ථී.

ප. පටි: නැත.

ස. අනු: “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති” අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: “ඇසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදී” යයි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: ‘හඤ‍්චි චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති’ අත්‍ථෙ’ව සුත‍්තන‍්තො,

අනු. ඨ: ඉදින්, ‘ඇසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදී’ යයි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ. චක‍්ඛුඤ‍්ච පටිච‍්ච ආකාසඤ‍්ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති.

අනු. පා: භවත, ‘ඇසත් අහසත් නිසා චක්‍ෂුර්විඥානය උපදි’ යයි නො කියැයුතු මැ යැ.

3. ස. පු: න වත‍්තබ‍්බං ‘ආකාසො සනිදස‍්සනො’ති.

3. ප. පු: ආකාශය සනිදර්‍ශන වෙති’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු පස‍්සති ද‍්වින‍්නං රුක‍්ඛානං අන‍්තරං ද‍්වින‍්නං ථම‍්භානං අන‍්තරං තාළච‍්ඡිද‍්දං වාතපානච‍්ඡිද‍්දන‍්ති.

ප. අනු: වෘක්‍ෂයන් දෙදෙනකුන්ගේ අන්තරය, ස්තම්භයන් දෙදෙනකුන්ගේ අන්තරය, කෙසිසිද්, වාකවුළුසිද් දක්නේ නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි පස‍්සති ද‍්වින‍්නං රුක‍්ඛානං අන‍්තරං ද‍්වින‍්නං ථම‍්භානං අන‍්තරං තාළච‍්ඡිද‍්දං වාතපානච‍්ඡිද‍්දං,

අනු. ඨ: ඉදින්, දෙරුක් අතුරු, දෙටැම් අතුරු, කෙසිසිද් වාකවුළුසිද් දක්නේ නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: ආකාසො සනිදස‍්සනො’ති.

අනු. පා: එකරුණින් භවත ‘ආකාශය සනිදර්‍ශන වෙති’ යි කියැයුතු මැ යැ.

ආකාසො සනිදස‍්සනොතිකථා නිට‍්ඨිතා.

ආකාසසනිදස්සනකථා නිමි.