යෙදුමෙන් කියවන්න

පටිච‍්චසමුප‍්පාදකථා

6. 2.

6. 2.

පටිච‍්චසමුප‍්පාදකථා.

පටිච්චසමුප්පාදකථා

[“උප්පාදා වා තථාගතානං -පෙ- ඨිතා’ ව සා ධාතු, ධම්මට්ඨිතතා, ධම්මනියාමතා” යි වදාළහෙයින් ‘ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වෙති’ යි පූර්‍වශෛලියයන් හා මහීශාසකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට පටිච්චසමුප්පාදකථා එයි.]

1. ස. පු: පටිච‍්චසමුප‍්පාදො අසඞ‍්ඛතො’ති.

1. ස. පු: ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නිබ‍්බානං තාණං ලෙණං සරණං පරායනං අච‍්චුතං අමතන‍්ති.

ස. අනු: නිර්‍වාණය, ත්‍රාණ ලෙණ, සරණ, පරායණ, අච්‍යුත අමෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: පටිච‍්චසමුප‍්පාදො සඞ‍්ඛතො නිබ‍්බානං අසඞ‍්ඛතන‍්ති.

2. ස. පු: (තොප මතයෙහි) ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වෙයි. නිවන අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වෙ අසඞ‍්ඛතානී’ති.

ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: ද‍්වෙ අසඞ‍්ඛතානී’ති.

3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වෙ තාණානි ද‍්වෙ ලෙණානි ද‍්වෙ සරණානි ද‍්වෙ පරායනානි ද‍්වෙ අච‍්චුතානි ද‍්වෙ අමතානි ද‍්වෙ නිබ‍්බානාතී’ති.

ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් ලෙණයෝ දෙදෙනෙක් සරණයෝ දෙදෙනෙක්, පරායණයෝ දෙදෙනෙක් අච්‍යුතයෝ දෙදෙනෙක් අමෘතයෝ දෙදෙනෙක් නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: ද‍්වෙ නිබ‍්බානානී’ති.

4. ස. පු: නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී ද‍්වින‍්නං නිබ‍්බානානං උච‍්චනීචතා හීනප‍්පණීතතා උක‍්කංසාවකංසො සීමා වා භෙදො වා රාජී වා අන‍්තරිකා වා’ති.

ස. අනු: උභයනිර්‍වාණයන්ගේ උච්චනීචතායෙක් හීනප්‍රණීතතායෙක් උත්කර්‍ෂාවකර්‍ෂයෙක් හෝ සීමායෙක් හෝ භෙදයෙක් හෝ රාජියෙක් හෝ අන්තරිකායෙක් හෝ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: පටිච‍්චසමුප‍්පාදො අසඞ‍්ඛතො’ති.

5. ස. පු: ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අවිජ‍්ජා අසඞ‍්ඛතා’ති.

ස. අනු: අවිද්‍යාව අසංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: අවිජ‍්ජා සඞ‍්ඛතා’ති.

6. ස. පු: අවිද්‍යා සංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පටිච‍්චසමුප‍්පාදො සඞ‍්ඛතො’ති.

ස. අනු: ප්‍රතීත්‍යසමුත්පාද සංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: පටිච‍්චසමුප‍්පාදො අසඞ‍්ඛතො’ති.

7. ස. පු: ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා අසඞ‍්ඛතා’ති.

ස. අනු: අවිද්‍යාප්‍රත්‍යයෙන් වන සංස්කාරයෝ අසංස්කෘත වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා සඞ‍්ඛතා’ති.

8. ස. පු: අවිද්‍යාප්‍රත්‍යයෙන් වන සංස්කාරයෝ සංස්කෘත වෙද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පටිච‍්චසමුප‍්පාදො සඞ‍්ඛතො’ති.

ස. අනු: ප්‍රතීත්‍යසමුත්පාදය සංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: පටිච‍්චසමුප‍්පාදො අසඞ‍්ඛතො’ති.

9. ස. පු: ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං අසඞ‍්ඛතන‍්ති.

ස. අනු: සංස්කාරප්‍රත්‍යයෙන් වන විඥානය අසංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ස. පු: සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛතන්’ති.

10. ස. පු: සංස්කාරප්‍රත්‍යයෙන් වන විඥානය සංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පටිච‍්චසමුප‍්පාදො සඞ‍්ඛතො’ති.

ස. අනු: ප්‍රතීත්‍යසමුත්පාදය සංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

11. ස. පු: පටිච‍්චසමුප‍්පාදො අසඞ‍්ඛතො’ති.

11. ස. පු: ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං අසඞ‍්ඛතන‍්ති.

ස. අනු: විඥානප්‍රත්‍යයෙන් වන නාමරූප අසංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

12. ස. පු: විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං සඞ‍්ඛතන‍්ති.

12. ස. පු: විඥානප්‍රත්‍යයෙන් වන නාමරූප සංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පටිච‍්චසමුප‍්පාදො සඞ‍්ඛතො’ති.

ස. අනු: ප්‍රතීත්‍යසමුත්පාදය සංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

13. ස. පු: පටිච‍්චසමුප‍්පාදො අසඞ‍්ඛතො’ති.

13. ස. පු: ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටි: එසේ යැ.

ස. අනු: ජාතිපච‍්චයා ජරාමරණං අසඞ‍්ඛතන‍්ති.

ස. අනු: ජාතිප්‍රත්‍යයෙන් වන ජරාමරණ අසංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

14. ස. පු: ජාතිපච‍්චයා ජරාමරණං සඞ‍්ඛතන‍්ති.

14. ස. පු: ජාතිප්‍රත්‍යයෙන් වන ජරාමරණ සංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පටිච‍්චසමුප‍්පාදො සඞ‍්ඛතො’ති.

ස. අනු: ප්‍රතීත්‍යසමුත්පාදය සංස්කෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

15. ස. පු: න වත‍්තබ‍්බං: පටිච‍්චසමුප‍්පාදො අසඞ‍්ඛතො’ති.

15. ප. පු: ‘ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වෙති’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා: “ජාතිපච‍්චයා භික‍්ඛවෙ ජරාමරණං උප‍්පාදා වා තථාගතානං අනුප‍්පාදා වා තථාගතානං ඨිතා’ව සා ධාතු ධම‍්මට‍්ඨිතතා ධම‍්මනියාමතා ඉදපච‍්චයතා. තං තථාගතො අභිසම‍්බුජ‍්ඣති, අභිසමෙති. අභිසම‍්බුජ‍්ඣිත්‍වා අභිසමෙත්‍වා ආචික‍්ඛති දෙසෙති පඤ‍්ඤපෙති පට‍්ඨපෙති විවරති විභජති උත‍්තානීකරොති ‘පස‍්සථා’ති චාහ. ජාතිපච‍්චයා භික‍්ඛවෙ ජරාමරණං භවපච‍්චයා භික‍්ඛවෙ ජාති -පෙ- අවිජ‍්ජාපච‍්චයා භික‍්ඛවෙ සඞ‍්ඛාරා උප‍්පාදා වා තථාගතානං අනුප‍්පාදා වා තථාගතානං ඨිතා’ව සා ධාතු -පෙ- ‘පස‍්සථා’ති චාහ. අවිජ‍්ජාපච‍්චයා භික‍්ඛවෙ සඞ‍්ඛාරා ඉති ඛො භික‍්ඛවෙ යා තත්‍ර තථතා අවිතථතා අනඤ‍්ඤථතා ඉදපච‍්චයතා, අයං වුච‍්චති භික‍්ඛවෙ පටිච‍්චසමුප‍්පාදො”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. තථාගතයන් වහන්සේගේ උත්පාදයෙන් වේවයි ඔබගේ අනුත්පාදයෙන් වේවයි (ජරාමරණධර්‍මයනට කාරණාර්‍ත්‍ථයෙන්) ධර්‍මස්ථිතතා වූ, (ජරාමරණධර්‍මයනට කාරණාර්‍ත්‍ථයෙන් මැ) ධර්‍මනියාමතා වූ, ධර්‍මස්ථිති, ධර්‍මනියාම වශයෙන් මේ ජරාමරණාදිධර්‍මයනට ප්‍රත්‍යාර්‍ත්‍ථයෙන් ඉදම්ප්‍රත්‍යතා (ප්‍රත්‍යයවන ස්වභාව) වූ ඒ ධාතු තොමෝ සිටියා (පවතී) මැ යැ. තථාගතයන් වහන්සේ එය මොනොවට අවබෝධ කරනසේක. අභිසම කරනසේක. මොනොවට අවබෝධ කොට අභිසම කොට කියනසේක, දෙසනසේක, දන්වනසේක, පිහිටුවනසේක, විවරණ කරනසේක, බෙදනසේක, හෙළි කරනසේක, ‘බලව’යිදු බණනසේක: මහණෙනි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මහණෙනි, භවප්‍රත්‍යයෙන් ජාති වෙයි කියා යි. මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. තථාගතයන් වහන්සේගේ උත්පාදයෙන් වේවයි ඔබගේ අනුත්පාදයෙන් වේවයි ඒ ධර්‍මධාතු සිටියා මැ යැ … ‘බලව’යිදු බණනසේක: ‘මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරය වෙති’ යි කියා යි. මහණෙනි, මෙසේ එහිලා යම් තථතායෙක් (ස්වභායෙක්) අවිතථතායෙක් (නොසිස් බවෙක්) අනන්‍යථාභාවයෙක් (නොවෙනස් බවෙක්), ඉදම්ප්‍රත්‍යතායෙක් ඇද්ද? මහණෙනි, මේ ප්‍රතීත්‍යසමුත්පාද යැයි කියනු ලැබේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. නිග: තෙන හි පටිච‍්චසමුප‍්පාදො අසඞ‍්ඛතො’ති.

ප. නිග: එකරුණින් ප්‍රතීත්‍යසමුත්පාදය අසංස්කෘත වෙයි.

16. ස. පු: “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”ති යා තත්‍ථ ධම‍්මට‍්ඨිතතා ධම‍්මනියාමතා අසඞ‍්ඛතා. නිබ‍්බානං අසඞ‍්ඛතන‍්ති.

16. ස. පු: ‘අවිජ්ජාපච්වයා සඞ්ඛාරා’ යන එහි සංස්කාරධර්‍මයනට කාරණාර්‍ත්‍ථයෙන් ධර්‍මස්ථිතතාවූ, සංස්කාරධර්‍මයනට කාරණාර්‍ත්‍ථයෙන් (ඇති කල්හි මැ සම්භවය වන) ධර්‍මනියාමතා වූ යම් අවිද්‍යායෙක් ඇද්ද, ඕ (තොපමතයෙහි) අසංස්කෘත යැ. නිර්‍වාණයත් අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වෙ අසඞ‍්ඛතානී’ති.

ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

17. ස. පු: ද‍්වෙ අසඞ‍්ඛතානී’ති.

17. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වෙ තාණානි -පෙ- අන‍්තරිකා වා’ති.

ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් හෝ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

18. ස. පු: ‘අවිජ‍්ජා පච‍්චයා සඞ‍්ඛාරා’ති යා තත්‍ථ ධම‍්මට‍්ඨිතතා ධම‍්මනියාමතා අසඞ‍්ඛතා. සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණන‍්ති යා තත්‍ථ ධම‍්මට‍්ඨිතතා ධම‍්මනියාමතා අසඞ‍්ඛතා. නිබ‍්බානං අසඞ‍්ඛතන‍්ති.

18. ස. පු: ‘අවිජ්ජාපච්වයා සඞ්ඛාරා’ (අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර වෙති), යන එහි ධර්‍මස්ථිතතා ධර්‍මනියාමතා වූ යම් අවිද්‍යාවක් ඇද්ද, ඕ (තොප මතයෙහි) අසංස්කෘත යැ. ‘සඞ්ඛාරපච්වයා විඤ්ඤාණං’ යන ධර්‍මස්ථිතතා ධර්‍මනියාමතා වූ යම් සංස්කාරධාතුවක් ඇද්ද, ඕ (තොප මතයෙහි) අසංස්කෘත යැ. නිර්‍වාණයත් අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: තීණි අසඞ‍්ඛතානී’ති.

ස. අනු: අසංස්කෘතයෝ තුන් දෙනෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

19. ස. පු: තීණි අසඞ‍්ඛතානී’ති.

19. ස. පු: අසංස්කෘතයෝ තුන් දෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: තීණි තාණානි -පෙ- අන‍්තරිකා වා’ති.

ස. අනු: ත්‍රාණයෝ තුන් දෙනෙක් … අන්තරිකාවෝ තුන් දෙනෙක් හෝ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

20. ස. පු: ‘අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා’ති යා තත්‍ථ ධම‍්මට‍්ඨිතතා ධම‍්මනියාමතා අසඞ‍්ඛතා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණන‍්ති’ යා තත්‍ථ ධම‍්මට‍්ඨිතතා ධම‍්මනියාමතා අසඞ‍්ඛතා -පෙ- ‘ජාතිපච‍්චයා ජරාමරණ’න‍්ති යා තත්‍ථ ධම‍්මට‍්ඨිතතා ධම‍්මනියාමතා අසඞ‍්ඛතා. නිබ‍්බානං අසඞ‍්ඛන‍්ති.

20. ස. පු: ‘අවිජ්ජාපච්වයා සඞ්ඛාරා’ යන එහි ධර්‍මස්ථිතතා ධර්‍මනියාමතා වූ යම් අවිද්‍යාවක් ඇද්ද, ඕ අසංස්කෘත යැ. ‘සඞ්ඛාරපච්වයා විඤ්ඤාණං’ යන එහි ධර්‍මස්ථිතතා ධර්‍මනියාමතා වූ යම් සංස්කාරධාතුවක් ඇද්ද, ඔ ද අසංස්කෘත යැ … ‘ජාතිපච්චයා ජරාමරණං’ යන එහි ධර්‍මස්ථිතතා ධර්‍මනියාමතා වූ යම් ජාතියක් ඇද්ද උයිත් අසංස්කෘත යැ. නිවනත් අසංස්කෘත වේ ද?

ප. පටි: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වාදස අසඞ‍්ඛතානී’ති.

ස. අනු: අසංස්කෘතයෝ දොළොස් දෙනෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

21. ස. පු: ද‍්වාදස අසඞ‍්ඛතානී’ති.

21. ස. පු: අසංස්කෘතයෝ දොළොස් දෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වෙ තාණානි -පෙ- ද‍්වාදසලෙණානි -පෙ- ද‍්වාදස අන‍්තරිකා වා’ති.

ස. අනු: ත්‍රාණයෝ දොළොස් දෙනෙක් … ලෙණයෝ දොළොස් දෙනෙක් … අන්තරිකාවෝ දොළොස් දෙනෙක් හෝ යි?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

පටිච‍්චසමුප‍්පාදකථා නිට‍්ඨිතා.

ප්‍රතීත්‍යසමුත්පාදකථා නිමි.