යෙදුමෙන් කියවන්න

නිරොධසමාපත‍්තිකථා

6. 5.

6. 5.

නිරොධසමාපත‍්තිකථා.

නිරෝධසමාපත්තිකථා

[‘නිරෝධසමාපත්ති’ යනු සතර අරූපස්කන්‍ධයන්ගේ අප්‍රවෘත්ති යි. ඒ අප්‍රවෘත්ති කරනු ලබන හෙයින් සමවදනා ලබන හෙයින් ‘නිෂ්පන්න’ යයි කියනු ලැබේ. සංස්කෘතාසංස්කෘත ලක්‍ෂණ නැතියෙන් ඒ ‘සංස්කෘත’ යයි හෝ ‘අසංස්කෘත’ යයි හෝ නො කියයුතු වෙයි. එහි සංස්කෘත ලක්‍ෂණ නැතියෙන් ‘අසංස්කෘත’ යයි අන්‍ධකයන් උත්තරාපථකයන් සෙයින් ලබ්ධිගත්තවුන්ගේ වාද බිඳුනට නිරෝධසමාපත්තිකථා එයි.]

1. ස. පු: නිරොධසමාපත‍්ති අසඞ‍්ඛතා’ති.

1. ස. පු: නිරෝධසමාපත්ති අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නිබ‍්බානං තාණං ලෙණං සරණං පරායනං අච‍්චුතං අමතන‍්ති.

ස. අනු: නිර්‍වාණය ත්‍රාණ, ලෙණ, සරණ, පරායණ, අච්‍යුත, අමෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: නිරොධසමාපත‍්ති අසඞ‍්ඛතා. නිබ‍්බානං අසඞ‍්ඛතන‍්ති.

2. ස. පු: නිරෝධසමාපත්ති අසංස්කෘත වෙයි. නිර්‍වාණය අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වෙ අසඞ‍්ඛතානී’ති.

ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: ද‍්වෙ අසඞ‍්ඛතානී’ති.

3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වෙ තාණානි -පෙ- අන‍්තරිකා වා’ති.

ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් හෝ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: නිරොධසමාපත‍්ති අසඞ‍්ඛතා’ති.

4. ස. පු: නිරෝධසමාපත්ති අසංස්කෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී කෙචි නිරොධං සමාපජ‍්ජන‍්ති පටිලභන‍්ති උප‍්පාදෙන‍්ති සමුප‍්පාදෙන‍්ති උට‍්ඨපෙන‍්ති සමුට‍්ඨපෙන‍්ති නිබ‍්බත‍්තෙන‍්ති අභිනිබ‍්බත‍්තෙන‍්ති ජනෙන‍්ති සඤ‍්ජනෙන‍්තී’ති.

ස. අනු: නිරෝධයට සමවදනා, එය ප්‍රතිලාභ කරන උපදවන, මොනොවට උපදවන, උත්‍ථාපන කරන, සමුත්‍ථාපන කරන, නිපදවන වෙසෙසින් නිපදවන, දනවන, මොනොවට දනවන කිසි කෙනෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී කෙචි අසඞ‍්ඛතං සමාපජ‍්ජන‍්ති පටිලභන‍්ති උප‍්පාදෙන‍්ති සමුප‍්පාදෙන‍්ති උට‍්ඨපෙන‍්ති සමුට‍්ඨපෙන‍්ති නිබ‍්බත‍්තෙන‍්ති අභිනිබ‍්බත‍්තෙන‍්ති ජනෙන‍්ති සඤ‍්ජනෙන‍්තී’ති.

ස. අනු: අසංස්කෘතයට සමවදනා, එය ප්‍රතිලාභ කරන, උපදවන, මොනොවට උපදවන, උත්‍ථාපන කරන, සමුත්‍ථාපන කරන නිපදවන, වෙසෙසින් නිපදවන, දනවන මොනොවට දනවන කිසි කෙනෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: නිරොධා වොදානං වුට‍්ඨානං පඤ‍්ඤායතී’ති.

5. ස. පු: නිරෝධයෙන් ව්‍යවදානයෙක් ව්‍යුත්‍ථානයෙක් පැනේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අසඞ‍්ඛතා වොදානං වුට‍්ඨානං පඤ‍්ඤායතී’ති.

ස. අනු: අසංස්කෘතයෙන් ව්‍යවදානයෙක් ව්‍යුත්‍ථානයෙක් පැනේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: නිරොධං සමාපජ‍්ජන‍්තස‍්ස පඨමං නිරුජ‍්ඣති වචීසඞ‍්ඛාරො තතො කායසඞ‍්ඛාරො තතො චිත‍්තසඞ‍්ඛාරො’ති.

6. ස. පු: නිරෝධසමවත් සමවදනාහට පළමු කොට වාක් සංස්කාර (විතර්‍ක - විචාර) නිරුද්ධ වේ ද, ඉක්බිති කායසංස්කාර (ආශ්වාස - ප්‍රශ්වාස) ඉක්බිති චිත්තසංස්කාර (සංඥා - වේදනා) නිරුද්ධ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අසඞ‍්ඛතං සමාපජ‍්ජන‍්තස‍්ස පඨමං නිරුජ‍්ඣති වචීසඞ‍්ඛාරො තතො කායසඞ‍්ඛාරො තතො චිත‍්තසඞ‍්ඛාරො’ති.

ස. අනු: අසංස්කෘතයට සමවදනාහට වාක්සංස්කාර පළමු කොට නිරුද්ධ වේ ද, ඉක්බිති කායසංස්කාර, ඉක්බිති චිත්තසංස්කාර නිරුද්ධ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: නිරොධා වුට‍්ඨහන‍්තස‍්ස පඨමං උප‍්පජ‍්ජති චිත‍්තසඞ‍්ඛාරො තතො කායසඞ‍්ඛාරො තතො වචීසඞ‍්ඛාරො’ති.

7. ස. පු: නිරෝධයෙන් නැඟෙනුවහට පළමු කොට චිත්තසංස්කාර උපදනේ වේ ද, ඉක්බිති කායසංස්කාර, ඉක්බිති වාක්සංස්කාර උපදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අසඞ‍්ඛතා වුට‍්ඨහන‍්තස‍්ස පඨමං උප‍්පජ‍්ජති චිත‍්තසඞ‍්ඛාරො තතො කායසඞ‍්ඛාරො තතො වචීසඞ‍්ඛාරො’ති.

ස. අනු: අසංස්කෘතයෙන් නැඟෙනුවහට පළමු කොට චිත්තසංස්කාර උපදනේ වේ ද, ඉක්බිති කායසංස්කාර, ඉක්බිති වාක්සංස්කාර උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: නිරොධා වුට‍්ඨිතං තයො ඵස‍්සා ඵුසන‍්ති සුඤ‍්ඤතො ඵස‍්සො අනිමිත‍්තො ඵස‍්සො අප‍්පණිහිතො ඵස‍්සො’ති.

8. ස. පු: නිරෝධයෙන් නැඟීසිටියහු ශූන්‍යතස්පර්‍ශය, අනිමිත්තස්පර්‍ශය, අප්‍රණිහිතස්පර්‍ශය, යන තුන් ස්පර්‍ශයෝ ස්පර්‍ශ කෙරෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අසඞ‍්ඛතා වුට‍්ඨිතං තයො ඵස‍්සා ඵුසන‍්ති සුඤ‍්ඤතො ඵස‍්සො අනිමිත‍්තො ඵස‍්සො අප‍්පණිහිතො ඵස‍්සො’ති.

ස. අනු: අසංස්කෘතයෙන් නැඟීසිටියහු ශූන්‍යතස්පර්‍ශය, අනිමිත්තස්පර්‍ශය අප්‍රණිහිතස්පර්‍ශය යන තුන් ස්පර්‍ශයෝ ස්පර්‍ශ කෙරෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: නිරොධා වුට‍්ඨිතස‍්ස විවෙකනින‍්නං චිත‍්තං හොති විවෙකපොණං විවෙකපබ‍්භාරන‍්ති.

9. ස. පු: නිරෝධයෙන් නැඟීසිටියහුට විවෙක (නිර්‍වාණ) යට අවනත වූ, විවේකයට නැමුණු, විවේකයට බර වූ සිත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අසඞ‍්ඛතා වුට‍්ඨිතස‍්ස විවෙකනින‍්නං චිත‍්තං හොති විවෙකපොණං විවෙකපබ‍්භාරන‍්ති.

ස. අනු: අසංස්කෘතයෙන් නැඟීසිටියහුට විවෙකනිම්න, විවේකප්‍රවණ, විවේකප්‍රාග්හාර සිත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ප. පු: න වත‍්තබ‍්බං ‘නිරොධසමාපත‍්ති අසඞ‍්ඛතා’ති.

10. ප. පු: ‘නිරෝධසමාපත්ති අසංස්කෘතයහ’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: සඞ‍්ඛතා’ති.

ප. අනු: සංස්කෘත වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

ප. නිග: තෙන හි නිරොධසමාපත‍්ති අසඞ‍්ඛතා’ති.

ප. නිග: එකරුණින් නිරෝධසමාපත්ති අසංස්කෘත වේ.

නිරොධසමාපත‍්තිකථා නිට‍්ඨිතා.

නිරෝධසමාපත්තිකථා නිමි.