යෙදුමෙන් කියවන්න

7. සත‍්තමවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

7. සත්වන වර්ගය

සඞ‍්ගහිතකථාවණ‍්ණනා

59. සංගහිත කථා

ඉදානි සඞ‍්ගහිතකථා නාම හොති. තත්‍ථ යස‍්මා දාමාදීහි බලිබද‍්දාදයො විය කෙචි ධම‍්මා කෙහිචි ධම‍්මෙහි සඞ‍්ගහිතා නාම නත්‍ථි, තස‍්මා “නත්‍ථි කෙචි ධම‍්මා කෙහිචි ධම‍්මෙහි සඞ‍්ගහිතා, එවං සන‍්තෙ එකවිධෙන රූපසඞ‍්ගහොතිආදි නිරත්‍ථක”න‍්ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි රාජගිරිකානඤ‍්චෙව සිද‍්ධත්‍ථිකානඤ‍්ච; තෙ සන්‍ධාය අඤ‍්ඤෙනත්‍ථෙන සඞ‍්ගහභාවං දස‍්සෙතුං පුච‍්ඡා සකවාදිස‍්ස, අත‍්තනො ලද‍්ධිවසෙන පටිඤ‍්ඤා ඉතරස‍්ස. ඉදානි යෙනත්‍ථෙන සඞ‍්ගහො ලබ‍්භති, තං දස‍්සෙතුං නනු අත්‍ථි කෙචි ධම‍්මාතිආදි ආරද‍්ධං. තං සබ‍්බං හෙට‍්ඨා වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථමෙව. යා පනෙසා පරවාදිනා ලද‍්ධිපතිට‍්ඨාපනත්‍ථං යථා දාමෙන වාතිආදිකා උපමා ආහටා, සකවාදිනා තං අනභිනන්‍දිත්‍වා අප‍්පටික‍්කොසිත්‍වා “හඤ‍්චි දාමෙන වා”ති තස‍්ස ලද‍්ධි භින‍්නාති වෙදිතබ‍්බා. අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – යදි තෙ දාමාදීහි බලිබද‍්දාදයො සඞ‍්ගහිතා නාම, අත්‍ථි කෙචි ධම‍්මා කෙහිචි ධම‍්මෙහි සඞ‍්ගහිතාති.

දැන් සංගහිත කථා නම් වේ. එහි දාමාදියෙන් (දම්වැල් කඹ ආදිය) බලිවර්දයන් (ගොනුන්) මෙන් කිසියම් ධර්මවලින් කිසියම් ධර්මයක් සංගෘහීත නොවේ. එහෙයින් කිසියම් ධර්මවලින් සංගෘහිත කිසියම් ධර්මයක් නැත. මෙසේ ඇති කල්හි ‘එක් විධියකින් රූප සංග්‍රහය’ යනු නිරර්ථකයයි යමෙකුගේ ලබ්ධිය වේ. රාජගිරිකයන්ගේ සහ සිද්ධාර්ථිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා වෙනත් අර්ථයකින් සංග්‍රහභාවය දැක්වීමට විචාරීම සකවාදියාටය. තමාගේ ලබ්ධි වශයෙන් ප්‍රතිඥාව පරවාදියාටය. දැන් සංග්‍රහ ලබන අර්ථය දැක්වීමට නනු අත්‍ථි කෙචි ධම්මො යනාදිය අරඹන ලදී. ඒ සියල්ල යට කියන ලද නයින් නොගැඹුරු වේ. පරවාදියා විසින් ලබ්ධිය පිහිටුවීම සඳහා යථා දමෙන වා යනාදි උපමා ගෙනෙන ලදී. සකවාදියා විසින් ඊට අසතුටුව ප්‍රතික්‍ෂේප නොකොට හඤ්චි දාමෙන වා යයි ඔහුගේ ලබ්ධිය බිඳින ලදැයි දතයුතුය. මෙහි අර්ථය මෙසේය. ඉදින් ඔබගේ දාමාදියෙන් බලිවර්දයන් සංගෘහිත (දම්වැල් ආදියෙන් ගොනුන් බඳීනම්) වේ නම් කිසියම් ධර්මවලින් කිසියම් ධර්මයක් සංගෘහිත වේමය.

සඞ‍්ගහිතකථාවණ‍්ණනා.

සම‍්පයුත‍්තකථාවණ‍්ණනා

60. සම්පයුත්ත කථා

ඉදානි සම‍්පයුත‍්තකථා නාම හොති. තත්‍ථ යස‍්මා තිලම‍්හි තෙලං විය න වෙදනාදයො සඤ‍්ඤාදීසු අනුපවිට‍්ඨා, තස‍්මා “නත්‍ථි කෙචි ධම‍්මා කෙහිචි ධම‍්මෙහි සම‍්පයුත‍්තා, එවං සන‍්තෙ ඤාණසම‍්පයුත‍්තන‍්තිආදි නිරත්‍ථකං හොතී”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි රාජගිරිකසිද‍්ධත්‍ථිකානඤ‍්ඤෙව; තෙ සන්‍ධාය අඤ‍්ඤෙනෙවත්‍ථෙන සම‍්පයුත‍්තතං දස‍්සෙතුං පුච‍්ඡා සකවාදිස‍්ස, අත‍්තනො ලද‍්ධිවසෙන පටිඤ‍්ඤා ඉතරස‍්ස. සෙසමිධාපි හෙට‍්ඨා වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථමෙව. යො පනෙස පරවාදිනා “යථා තිලම‍්හි තෙල”න‍්තිආදිකො උපමාපඤ‍්හො ආහටො, සො යස‍්මා වෙදනාසඤ‍්ඤානං විය තිලතෙලානං ලක‍්ඛණතො නානත‍්තවවත්‍ථානං නත්‍ථි. සබ‍්බෙසුපි හි තිලඅට‍්ඨිතචෙසු තිලොති වොහාරමත‍්තං, තෙනෙව තිලං නිබ‍්බත‍්තෙත්‍වා ගහිතෙ පුරිමසණ‍්ඨානෙන තිලො නාම න පඤ‍්ඤායති, තස‍්මා අනාහටසදිසොව හොතීති.

දැන් සම්පයුත්ත කථා නම් වේ. එහි යම්හෙයකින් කලෙහි තෙල් මෙන් වේදනාදිය සංඥාදියෙහි ඇතුළත් වී නැත. එහෙයින් කිසි ධර්මයක් කිසියම් ධර්මවලින් යුක්ත වී නැත. මෙසේ පවතින විට, ඤාණ සම්පයුක්ත යනාදිය අරුත් සුන් වේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ රාජගිරික සිද්ධත්‍ථිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අනිත් අර්ථයකින්ම සම්ප්‍රයුක්තය දැක්වීමට විචාරීම සකවාදියාටය. තමාගේ ලබ්ධි වශයෙන් ප්‍රතිඥාව පරවාදියාටය. මෙහි සෙස්ස යට කියන ලද නයින් දතයුතුය. පරවාදියා විසින් තලෙහි තෙල් උපමා ප්‍රශ්නය ගෙනෙන ලදී. එය වේදනා සඤ්ඤා මෙන් තල තෙල් ලක්‍ෂණයෙන් වෙනස්ය. සමාන නැත. තෙල් වෙන්කළ පසු තල යයි දෙයක් නැත. එනිසා උපමාව නොගෙනෙන ලද මෙනි.

සම‍්පයුත‍්තකථාවණ‍්ණනා.

චෙතසිකකථාවණ‍්ණනා

61. චෛතසික කථා

ඉදානි චෙතසිකකථා නාම හොති. තත්‍ථ යස‍්මා ඵස‍්සිකාදයො නාම නත්‍ථි, තස‍්මා “චෙතසිකෙනාපි න භවිතබ‍්බං, ඉති නත්‍ථි චෙතසිකො ධම‍්මො”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි රාජගිරිකසිද‍්ධත්‍ථිකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සහජාතොති සම‍්පයුත‍්තසහජාතං සන්‍ධාය වුත‍්තං. ඵස‍්සිකාති තාදිසං වොහාරං අපස‍්සන‍්තස‍්ස පුච‍්ඡා පරවාදිස‍්ස. කිං වොහාරෙන, යථා චිත‍්තනිස‍්සිතකොති චෙතසිකො, එවං සොපි ඵස‍්සනිස‍්සිතත‍්තා ඵස‍්සිකොති වුත‍්තෙ දොසො නත්‍ථීති පටිඤ‍්ඤා සකවාදිස‍්ස. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

දැන් චෛතසික කථා නම් වේ. එහි යම්හෙයකින් ඵස්සිකාදිය නැත. එහෙයින් චෛතසිකයන් නොවිය හැකිය. මෙසේ චෛතසික ධර්ම නැතැයි යමෙකුගේ ලබ්ධියයි. යම්සේ රාජගිරික සිද්ධත්‍ථ ආදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. සහජාතො යනු සම්ප්‍රයුක්ත සහජාත සඳහා කියන ලදී. ඵස්සිකා යනු එබඳු ව්‍යවහාරයක් නොදක්නාහුගෙන් විචාරීම සකවාදියාටය. කුමන ව්‍යවහාරයකින්ද? යම්සේ සිත ඇසුරු කරන චෛතසිකය. එයද ස්පර්ශය නිශ්‍රිත වූ බැවින් ඵස්සික යයි කී කල්හි දොසක් නැතැයි ප්‍රතිඥාව පරවාදියාගේය. සෙස්ස පැහැදිලිය.

චෙතසිකකථාවණ‍්ණනා.

දානකථාවණ‍්ණනා

62. දාන කථා

ඉදානි දානකථා නාම හොති. තත්‍ථ දානං නාම තිවිධං – චාගචෙතනාපි, විරතිපි, දෙය්‍යධම‍්මොපි. “සද‍්ධා හිරියං කුසලඤ‍්ච දාන”න‍්ති (අ· නි· 8.30) ආගතට‍්ඨානෙ චාගචෙතනා දානං. “අභයං දෙතී”ති (අ· නි· 8.39) ආගතට‍්ඨානෙ විරති. “දානං දෙති අන‍්නං පාන”න‍්ති ආගතට‍්ඨානෙ දෙය්‍යධම‍්මො. තත්‍ථ චාගචෙතනා “දෙති වා දෙය්‍යධම‍්මං, දෙන‍්ති වා එතාය දෙය්‍යධම‍්ම”න‍්ති දානං. විරති අවඛණ‍්ඩනට‍්ඨෙන ලවනට‍්ඨෙන වා දානං. සා හි උප‍්පජ‍්ජමානා භයභෙරවාදිසඞ‍්ඛාතං දුස‍්සීල්‍යචෙතනං දාති ඛණ‍්ඩෙති ලුනාති වාති දානං. දෙය්‍යධම‍්මො දිය්‍යතීති දානං. එවමෙතං තිවිධම‍්පි අත්‍ථතො චෙතසිකො චෙව ධම‍්මො දෙය්‍යධම‍්මො චාති දුවිධං හොති. තත්‍ථ යෙසං “චෙතසිකොව ධම‍්මො දානං, න දෙය්‍යධම‍්මො”ති ලද‍්ධි, සෙය්‍යථාපි රාජගිරිකසිද‍්ධත්‍ථිකානං; තෙ සන්‍ධාය චෙතසිකොති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං දෙය්‍යධම‍්මවසෙන චොදෙතුං ලබ‍්භාති පුච‍්ඡා සකවාදිස‍්ස, අන‍්නාදීනි විය සො න සක‍්කා දාතුන‍්ති පටික‍්ඛෙපො ඉතරස‍්ස. පුන දළ‍්හං කත්‍වා පුට‍්ඨෙ “අභයං දෙතී”ති සුත‍්තවසෙන පටිඤ‍්ඤා තස‍්සෙව. ඵස‍්සපඤ‍්හාදීසු පන ඵස‍්සං දෙතීතිආදිවොහාරං අපස‍්සන‍්තො පටික‍්ඛිපතෙව.

දැන් දාන කථා නම් වේ. දාන නම් ත්‍යාග චේතනාව. විරතිය හා දෙය ධර්මය යයි ත්‍රිවිධය. ‘සද්ධා හිරියං කුසලඤ්ච දානං’ යයි ආ තැන ත්‍යාග චේතනාව දානයයි. ‘අභයං දෙති’ පැමිණි තැන විරතිය ද ‘දානං දෙති අන්නං පානං’ ආ තැන දේය ධර්මය ද දාන වේ. එහි ත්‍යාග චේතනාවෙන් දෙයි හෝ දේය ධර්ම වේ. මෙයින් දේ නුයි හෝ දේය ධර්මය දාන වේ. අවඛණ්ඩනාර්ථයෙන්, කැපීම් අර්ථයෙන් දාන වේ. එය උපදින්නේ භය භෙරව සංඛ්‍යාත දුස්සීල චේතනා කපයි සිඳියි යනු ද දාන වේ. දෙන ලද දේ දේනුයි ද දාන වේ. මෙසේ මෙය ත්‍රිවිධ අර්ථයෙන් ද, චෛතසික ධර්ම සහ මෙය ධර්ම යයි ත්‍රිවිධ අර්ථයෙන් ද, චෛතසික ධර්ම සහ දෙය ධර්ම යයි ද්විධ අර්ථයෙන් ද දාන වේ. එහි යමෙකුගේ චෛතසික ධර්මයම දානයයි දේය ධර්ම දාන නොවේ යයි ලබ්ධිය වේ. යම්සේ රාජගිරික සිද්ධත්‍ථිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා චෙතසිකො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිති එහුට දේය ධර්ම වශයෙන් චෝදනා කිරීමට ලබ්භා යයි විචාරීම සකවාදියාටය. ආහාරාදිය මෙන් එය දිය නොහැකි යයි ප්‍රතික්‍ෂේපය පරවාදියාටය. නැවත දැඩිකොට විචාරණ ලද්දේ අභයං දෙති යන සූත්‍රය වශයෙන් ප්‍රතිඥාව ඔහුටමය. ඵස්ස ප්‍රශ්නාදියෙහි වනාහි ඵස්සං දෙති යන ව්‍යවහාරය නොදක්නේ ප්‍රතික්‍ෂිප්තය.

අනිට‍්ඨඵලන‍්තිආදි අචෙතසිකස‍්ස ධම‍්මස‍්ස දානභාවදීපනත්‍ථං වුත‍්තං. න හි අචෙතසිකො අන‍්නාදිධම‍්මො ආයතිං විපාකං දෙති, ඉට‍්ඨඵලභාවනියමනත්‍ථං පනෙතං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. අයම‍්පි හෙත්‍ථ අධිප‍්පායො – යදි අචෙතසිකො අන‍්නාදිධම‍්මො දානං භවෙය්‍ය, හිතචිත‍්තෙන අනිට‍්ඨං අකන‍්තං භෙසජ‍්ජං දෙන‍්තස‍්ස නිම‍්බබීජාදීහි විය නිම‍්බාදයො අනිට‍්ඨමෙව ඵලං නිබ‍්බත‍්තෙය්‍ය. යස‍්මා පනෙත්‍ථ හිතඵරණචාගචෙතනා දානං, තස‍්මා අනිට‍්ඨෙපි දෙය්‍යධම‍්මෙ දානං ඉට‍්ඨඵලමෙව හොතීති.

අනිට්ඨඵලං ආදිය අචේසික ධර්මයන්ට දාන භාවය දැක්වීමට කියන ලදී. අචේසික වූ ආහාරාදි දානය අනාගතයේ විපාක නොදේ. ඉෂ්ටඵල භව නියමය මෙයින් කියන ලදී. මෙහි අදහස මෙසේය. ඉදින් අචේතසික වූ ආහාර දානයක් වන්නේ ද හීන සිතින් අනිෂ්ට වූ කාන්ත නොවූ මේ දෙන්නහුට කොසඹ බීජාදියෙන් මෙන් අනිෂ්ට වූ ම පල උපදවන්නේය. යම්හෙයකින් වනාහි මෙහි දියුණුව පැතිරවූ චාග චේතනාවෙන් දුන් දානය දේය ධර්ම අනිෂ්ඨ වුව ද ඉෂ්ට පලම වේ.

එවං පරවාදිනා චෙතසිකධම‍්මස‍්ස දානභාවෙ පතිට‍්ඨාපිතෙ සකවාදී ඉතරෙන පරියායෙන දෙය්‍යධම‍්මස‍්ස දානභාවං සාධෙතුං දානං ඉට‍්ඨඵලං වුත‍්තං භගවතාතිආදිමාහ. පරවාදී පන චීවරාදීනං ඉට‍්ඨවිපාකතං අපස‍්සන‍්තො පටික‍්ඛිපති. සුත‍්තසාධනං පරවාදීවාදෙපි යුජ‍්ජති සකවාදීවාදෙපි, න පන එකෙනත්‍ථෙන. දෙය්‍යධම‍්මො ඉට‍්ඨඵලොති ඉට‍්ඨඵලභාවමත‍්තමෙව පටික‍්ඛිත‍්තං. තස‍්මා තෙන හි න වත‍්තබ‍්බන‍්ති ඉට‍්ඨඵලභාවෙනෙව න වත‍්තබ‍්බතා යුජ‍්ජති . දාතබ‍්බට‍්ඨෙන පන දෙය්‍යධම‍්මො දානමෙව. දින‍්නඤ‍්හි දානානං සඞ‍්කරභාවමොචනත්‍ථමෙව අයං කථාති.

මෙසේ පරවාදියා විසින් චෛතසික ධර්ම වූ දාන භාවයෙහි පිහිටවූ කල්හි සකවාදියා අනිත් පරියායකින් දේය ධර්මයේ දානභාවය සාධනය කිරීමට දානං ඉට්ඨඵලං වුත්තං භගවතා යනාදිය කීය. පරවාදියා වනාහි චීවරාදියෙ ඉෂ්ට විපාක නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි. සූත්‍ර සාධනය පරවාදී වාදයේ ද සකවාදී වාදයේ ද යෙදේ. එක අර්ථයකින් නොවේ. දෙය්‍ය ධම්මො ඉට්ඨඵලො යයි ඉෂ්ටපල භාවය පමණක් ප්‍රතික්‍ෂේප කරන ලදී. එහෙයින් තෙනහි න චත්තබ්බං යයි මෙහි ඉෂ්ටඵල භාවයෙන්ම නොකිව යුතු බව සුදුසුය. දිය යුතු අර්ථයෙන් දේය ධර්මය ද දානයම වේ. දාන දෙකේම සංකර බව මිදවීම් අර්ථයෙන්ම මේ කථා වේ.

දානකථාවණ‍්ණනා.

පරිභොගමයපුඤ‍්ඤකථාවණ‍්ණනා

63. පරිභොගමය පුඤ්ඤ කථා

ඉදානි පරිභොගමයපුඤ‍්ඤකථා නාම හොති. තත්‍ථ “තෙසං දිවා ච රත‍්තො ච, සදා පුඤ‍්ඤං පවඩ‍්ඪතී”ති (සං· නි· 1.47) ච “යස‍්ස භික‍්ඛවෙ, භික‍්ඛු චීවරං පරිභුඤ‍්ජමානො”ති (අ· නි· 4.51) ච එවමාදීනි සුත‍්තානි අයොනිසො ගහෙත්‍වා යෙසං පරිභොගමයං නාම පුඤ‍්ඤං අත්‍ථී”ති ලද‍්ධි, සෙය්‍යථාපි රාජගිරිකසිද‍්ධත්‍ථිකසම‍්මිතියානං; තෙ සන්‍ධාය පරිභොගමයන‍්ති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “පුඤ‍්ඤං නාම ඵස‍්සාදයො කුසලා ධම‍්මා, න තතො පරං, තස‍්මා ඵස‍්සාදීහි තෙ වඩ‍්ඪිතබ‍්බ”න‍්ති චොදෙතුං පරිභොගමයො ඵස‍්සොතිආදි ආරද‍්ධං. තං සබ‍්බං ඉතරෙන තෙසං අවඩ‍්ඪනතො පටික‍්ඛිත‍්තං. ලතාවියාතිආදීනි “කිරියාය වා භාවනාය වා විනාපි යථා ලතාදීනි සයමෙව වඩ‍්ඪන‍්ති, කිං තෙ එවං වඩ‍්ඪන‍්තී”ති චොදනත්‍ථං වුත‍්තානි. තථා පනස‍්ස අවඩ‍්ඪනතො න හෙවාති පටික‍්ඛිත‍්තං.

දැන් පරිභෝගමය පුඤ්ඤකථා නම් වේ. එහි ‘තෙසං දිවා ච රත්තො ච සදා පුඤ්ඤං පවඩ්ඪති’ (ඔවුන් දිවා රෑ දෙකේම පින් වැඩේ) ද ‘යස්ස භික්‍ඛවෙ භික්‍ඛු චීවරං පරිභුඤ්ජමානො’ (මහණෙනි, යම් භික්‍ෂුවක් සිවුර පරිභෝග කරන්නේ) මේ ආදි සූත්‍ර නුනුවණින් ගෙන යමෙකුගේ පරිභෝගමය පින ඇතැයි ලබ්ධිය වේ. යම්සේ රාජගිරික සිද්ධත්‍ථික සම්මිතිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා පරිභොගමයං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහු පින් නම් ඵස්සාදි කුසල් දහම්ය. එයින් පසුව නැත. එහෙයින් ඵස්සාදිය ඔබ වැඩිය යුතුයයි චෝදනා කිරීමට පරිභොගමයො ඵස්සො යනාදිය අරඹන ලදී. ඒ සියල්ල ප්‍රතික්‍ෂේප කරන ලද්දේ පරවාදියා විසින් නොවඩන ලද බැවිනි. ලතා විය මේ ආදි ක්‍රියාවෙන් හෝ භාවනාවෙන් හෝ වෙන්ව වැල් ආදිය තමාම වැඩේ. කිම ඔබගේ මෙසේ වැඩේදැ’යි චෝදනා පිණිස කියන ලදී. එසේ නොවැඩෙන බැවින් න හෙවං යයි ප්‍රතික්‍ෂේප කරන ලදී.

න සමන‍්නාහරතීති පඤ‍්හෙ පටිග‍්ගාහකානං පරිභොගෙන පුරිමචෙතනා වඩ‍්ඪති, එවං තං හොති පුඤ‍්ඤන‍්ති ලද‍්ධිවසෙන පටිජානාති. තතො අනාවට‍්ටෙන‍්තස‍්සාතිආදීහි පුට‍්ඨො දායකස‍්ස චාගචෙතනං සන්‍ධාය පටික‍්ඛිපති. තත්‍ථ අනාවට‍්ටෙන‍්තස‍්සාති දානචෙතනාය පුරෙචාරිකෙන ආවජ‍්ජනෙන භවඞ‍්ගං අනාවට‍්ටෙන‍්තස‍්ස අපරිවට‍්ටෙන‍්තස‍්ස. අනාභොගස‍්සාති නිරාභොගස‍්ස. අසමන‍්නාහරන‍්තස‍්සාති න සමන‍්නාහරන‍්තස‍්ස. ආවජ‍්ජනඤ‍්හි භවඞ‍්ගං විච‍්ඡින්‍දිත්‍වා අත‍්තනො ගතමග‍්ගෙ උප‍්පජ‍්ජමානං දානචෙතනං සමන‍්නාහරති නාම. එවංකිච‍්චෙන ඉමිනා චිත‍්තෙන අසමන‍්නාහරන‍්තස‍්ස පුඤ‍්ඤං හොතීති පුච‍්ඡති. අමනසිකරොන‍්තස‍්සාති මනං අකරොන‍්තස‍්ස. ආවජ‍්ජනෙන හි තදනන‍්තරං උප‍්පජ‍්ජමානං මනං කරොති නාම. එවං අකරොන‍්තස‍්සාති අත්‍ථො. උපයොගවචනස‍්මිඤ‍්හි එතං භුම‍්මං. අචෙතයන‍්තස‍්සාති චෙතනං අනුප‍්පාදෙන‍්තස‍්ස. අපත්‍ථෙන‍්තස‍්සාති පත්‍ථනාසඞ‍්ඛාතං කුසලච‍්ඡන්‍දං අකරොන‍්තස‍්ස. අප‍්පණිදහන‍්තස‍්සාති දානචෙතනාවසෙන චිත‍්තං අට‍්ඨපෙන‍්තස‍්සාති අත්‍ථො. නනු ආවට‍්ටෙන‍්තස‍්සාති වාරෙ ආභොගස‍්සාති ආභොගවතො. අථ වා ආභොගා අස‍්ස, ආභොගස‍්ස වා අනන‍්තරං තං පුඤ‍්ඤං හොතීති අත්‍ථො.

න සමන්නාහරති යන ප්‍රශ්නයෙහි ප්‍රතිග්‍රාහකයන්ගේ පරිභෝගයෙන් පළමු චේතනාව වැඩේ. මෙසේ එය පින වේ යයි ලබ්ධි වශයෙන් පිළිගනී. ඉන්පසු අනොවට්ටන්තස්ස ආදියෙන් විචාරණ ලද්දේ දායකයාගේ ත්‍යාග චේතනාව සඳහා ප්‍රතික්‍ෂේප කරයි. එහි අනාවට්ටන්තස්ස යනු දාන චේතනාවෙන් පෙර හැසිරෙන ආවර්ජනයෙන් භවාංගය නොවැටුණ. අනාභොගස්ස නිරාභෝගියාගේ. අසමන්නාහරන්තස්ස සමන්නාහර නොවූ (සිත එක අරමුණක නැති). ආවර්ජනයෙහි භවංගය සිඳ තමාගේ මාර්ගයෙහි උපදින දාන චේතනාව සිත එකඟ කරයි. සිතේ මේ කෘත්‍යයෙන් සිත එකඟ නොවූවහුට පින් වේදැයි විචාරයි. අමනසිකරොන්තස්ස මෙනෙහි නොකරන්නහුගේ. ආවර්ජනයෙන් අනතුරුව උපදින්නේ මෙනෙහි කිරීම නම් වේ. මෙසේ කරන්නහුගේ යන අර්ථයයි. කරණ වචනයෙහි මෙය ආධාරයි. අචෙතනස්ස චේතනා නූපදවන්නහුගේ. අපත්‍ථෙන්තස්ස ප්‍රාර්ථනා සංඛ්‍යාත ක-සල කැමැත්ත නොකරන්නහුගේ. අප්පණිදහන්තස්ස දාන චේතනා වශයෙන් සිත නො පිහිටුවන්නාගේ යන අර්ථය වේ. නනු ආවට්ටෙන්තස්ස වාරයෙහි. ආභොගස්ස සිතා බලන්නාගේ. එසේ නැතහොත් ආභොගය මොහුටය. ආභෝගය හෝ අනතුරුව එය පින් වේ යනු අර්ථය වේ.

ද‍්වින‍්නං ඵස‍්සානන‍්තිආදීසුපි එකක‍්ඛණෙ දායකස‍්ස ද‍්වින‍්නං ඵස‍්සාදීනං අභාවා පටික‍්ඛිපති, දායකස‍්ස ච පරිභුඤ‍්ජන‍්තස‍්ස චාති උභින‍්නං ඵස‍්සාදයො සන්‍ධාය පටිජානාති. අපිචස‍්ස පඤ‍්චන‍්නං විඤ‍්ඤාණානං සමොධානං හොතීති ලද‍්ධි, තස‍්සාපි වසෙන පටිජානාති. අථ නං සකවාදී පරියායස‍්ස ද‍්වාරංපිදහිත්‍වා උජුවිපච‍්චනීකවසෙන චොදෙතුං කුසලාදිපඤ‍්හං පුච‍්ඡති. තත්‍රාපි කුසලාකුසලානං එකස‍්සෙකක‍්ඛණෙ සම‍්පයොගාභාවං සන්‍ධාය පටික‍්ඛිපති. පරිභොගමයං පන චිත‍්තවිප‍්පයුත‍්තං උප‍්පජ‍්ජතීති ලද‍්ධියා පටිජානාති. අථ නං සකවාදී සුත‍්තෙන නිග‍්ගණ‍්හාති.

ද්වින්නං ඵස්සානං යනාදියෙහි ද එකවිට දායකයාගේ ඵස්ස දෙකක අභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි. දායකයාගේ ද පරිභෝග කරන්නාගේ දැයි දෙදෙනාගේ ඵස්සාදිය සඳහා පිළිගනී. තවද ඔවුන්ගේ පංච විඤ්ඤාණයන්ගේ එකතුවීම ඇතැයි ලබ්ධිය වේ. ඒ අනුව ද පිළිගනී. ඉන් ඔහුගෙන සකවාදියා ප්‍රශ්නයක් අසයි. එහිද කුසල අකුසලයන්ගේ එකවිට එක්කාසුවීමක් නොමැති හෙයින් ප්‍රතික්‍ෂේප කරයි. පරිභෝගමය සිත විප්‍රයුක්තව උපදීය යන ලබ්ධියෙන් පිළිගනී. ඉක්බිති ඔහුට සකවාදියා සූත්‍රයෙන් නිග්‍රහ කරයි.

සුත‍්තසාධනෙ ආරාමරොපකාදීනං අනුස‍්සරණපටිසඞ‍්ඛරණාදිවසෙන අන‍්තරන‍්තරා උප‍්පජ‍්ජමානං පුඤ‍්ඤං සන්‍ධාය සදා පුඤ‍්ඤං පවඩ‍්ඪතීති වුත‍්තං. අප‍්පමාණො තස‍්ස පුඤ‍්ඤාභිසන්‍දොති ඉදං අප‍්පමාණවිහාරිනො දින‍්නපච‍්චයත‍්තා ච “එවරූපො මෙ චීවරං පරිභුඤ‍්ජතී”ති අනුමොදනවසෙන ච වුත‍්තං. තං සො පරිභොගමයන‍්ති සල‍්ලක‍්ඛෙති. යස‍්මා පන පටිග‍්ගාහකෙන පටිග‍්ගහෙත්‍වා අපරිභුත‍්තෙපි දෙය්‍යධම‍්මෙ පුඤ‍්ඤං හොතියෙව, තස‍්මා සකවාදීවාදොව බලවා, තත්‍ථ පටිග‍්ගාහකෙන පටිග‍්ගහිතෙති අත්‍ථො දට‍්ඨබ‍්බො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

සූත්‍ර සාධනයෙහි ආරාම රෝපකාදීන්ගේ අනුස්සරණ ප්‍රතිසංස්කරණාදියෙන් අතරතුර උපදින පින සඳහා යදා පුඤ්ඤං පවඩ්ඪති කියන ලදී. අප්පමාණෙ තස්ස පුඤ්ඤාභිසන්‍දො යන මෙය අප්‍රමාදව වාසය කරන්නහුට දෙන ලද ප්‍රත්‍යය බැවින් මෙබඳු වූ මාගේ සිවුර පරිභෝග කෙරේනුයි අනුමෝදනා වශයෙන් ද කියන ලදී. හේ එය පරිභෝගමය යයි සලකයි. යම්හෙයකින් ප්‍රතිග්‍රාහකයකු විසින් පිළිගෙන පරිභෝග නොකරන ලද දේය ධර්මයෙහි ද පින වේමය. එහෙයින් සකවාදි වාදයම බලවත් වේ. එහි පටිග්ගාහකෙ පටිග්ගහිතෙ යන පදයේ ප්‍රතිග්‍රාහකයකු විසින් පිළිගන්නා ලදැයි අර්ථය දතයුතුය. සෙස්ස පැහැදිලිය.

පරිභොගමයපුඤ‍්ඤකථාවණ‍්ණනා.

ඉතොදින‍්නකථාවණ‍්ණනා

64. ඉතොදින්න කථා

ඉදානි ඉතො දින‍්නකථා නාම හොති. තත්‍ථ යෙසං “ඉතො දින‍්නෙන යාපෙන‍්ති, පෙතා කාලඞ‍්කතා තහි”න‍්ති (පෙ· ව· 19) වචනං නිස‍්සාය “යං ඉතො චීවරාදි දින‍්නං තෙනෙව යාපෙන‍්තී”ති ලද‍්ධි, සෙය්‍යථාපි රාජගිරිකසිද‍්ධත්‍ථිකානං; තෙ සන්‍ධාය ඉතො දින‍්නෙනාති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස . පුන චීවරාදිවසෙන අනුයුත‍්තො පටික‍්ඛිපති. අඤ‍්ඤො අඤ‍්ඤස‍්ස කාරකොති අඤ‍්ඤස‍්ස විපාකදායකානං කම‍්මානං අඤ‍්ඤො කාරකො, න අත‍්තනාව අත‍්තනො කම‍්මං කරොතීති වුත‍්තං හොති. එවං පුට‍්ඨො පන ඉතරො සුත‍්තවිරොධභයෙන පටික‍්ඛිපති. දානං දෙන‍්තන‍්ති දානං දදමානං දිස‍්වාති අත්‍ථො. තත්‍ථ යස‍්මා අත‍්තනො අනුමොදිතත‍්තා ච තෙසං තත්‍ථ භොගා උප‍්පජ‍්ජන‍්ති, තස‍්මාස‍්ස ඉමිනා කාරණෙන ලද‍්ධිං පතිට‍්ඨපෙන‍්තස‍්සාපි අප‍්පතිට‍්ඨිතාව හොති. න හි තෙ ඉතො දින‍්නෙනෙව වත්‍ථුනා යාපෙන‍්ති. සෙසෙසුපි සුත‍්තසාධනෙසු එසෙව නයොති.

දැන් ඉතොදින්න කථා නම් වේ. එහි යමෙකුගේ ‘ඉතො දින්නෙන යාපෙන්ති පෙතා කාලකතා තහිං’ වචන නිසා මෙයින් යම් චීවරාදියක් දෙන ලද ද එයින්ම යැපෙති යන ලබ්ධිය යම්සේ රාජගිරික සිදධත්‍ථිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා ඉතො දින්නෙන යන විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. නැවත චීවරාදි වශයෙන් අනුයුක්ත වූයේ ප්‍රතික්‍ෂේප කරයි. අඤ්ඤො අඤ්ඤස්ස කාරකො අන්‍යයන්ට විපාක දෙන කර්මවල කාරකයා අනිකෙකි. තමාම තමාගේ කර්මය නොකරයි. යනු කියන ලද්දේ වේ. මෙසේ විචාරණ ලද්දේ පරවාදියා සූත්‍ර විරෝධ භයෙන් ප්‍රතික්‍ෂේප කරයි. දානං දෙනතන්ති දානය දෙන්නේ දැක යන අර්ථය වේ. එහි යම්සේ තමාගේ අනුමෝදන්වීම නිසා එහි භෝග උපදී. එහෙයින් මේ කාරණයෙන් ඔහුගේ ලබ්ධිය පිහිටවූයේ ද නොපිහිටියේම වේ. ඔහු මෙයින් දෙන වස්තුවෙන් නො යැපෙති. සෙසු සූත්‍ර සාධනවල ද මෙම නයම වේ.

ඉතො දින‍්නකථාවණ‍්ණනා.

පථවීකම‍්මවිපාකොතිකථාවණ‍්ණනා

65. පඨවි කම්මවිපාක කථා

ඉදානි පථවී කම‍්මවිපාකොතිකථා නාම හොති. තත්‍ථ යස‍්මා “අත්‍ථි ඉස‍්සරියසංවත‍්තනියං කම‍්මං, ආධිපච‍්චසංවත‍්තනියං කම‍්ම”න‍්ති එත්‍ථ ඉස‍්සරානං භාවො ඉස‍්සරියං නාම , අධිපතීනඤ‍්ච භාවො ආධිපච‍්චං නාම, පථවිස‍්සරියආධිපච‍්චසංවත‍්තනිකඤ‍්ච කම‍්මං අත්‍ථීති වුත‍්තං. තස‍්මා යෙසං “පථවී කම‍්මවිපාකො”ති ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං; තෙ සන්‍ධාය පථවීති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සුඛවෙදනීයාතිආදි කම‍්මවිපාකසභාවදස‍්සනවසෙන වුත‍්තං. “ඵස‍්සො හොතී”තිආදිනා නයෙන නිද‍්දිට‍්ඨෙසු විපාකෙසු ඵස‍්සො සුඛවෙදනීයාදිභෙදො හොති. සො ච සඤ‍්ඤාදයො ච සුඛවෙදනාදීහි සම‍්පයුත‍්තා, වෙදනාදයො සඤ‍්ඤාදීහි, සබ‍්බෙපි සාරම‍්මණා, අත්‍ථි ච නෙසං පුරෙචාරිකආවට‍්ටනාදිසඞ‍්ඛාතං ආවජ‍්ජනං, කම‍්මපච‍්චයභූතා චෙතනා, යො තත්‍ථ ඉට‍්ඨවිපාකො, තස‍්ස පත්‍ථනා, පණිධානවසෙන පවත‍්තා මූලතණ‍්හා, කිං තෙ එවරූපා පථවීති පුච‍්ඡති. ඉතරො පටික‍්ඛිපති. පටිලොමපුච‍්ඡාදීනි උත‍්තානත්‍ථානෙව.

දැන් පඨවි කම්ම විපාක කථා නම් වේ. එහි යම්සේ ‘අත්‍ථි ඉස්සරිය සංවත්තනියං කම්මං ආධිපච්ච සංවත්තනියං කම්ම’ යයි මෙහි ඉසුරුමතුන්ගේ සම්පත්, අධිපතීන්ගේ අධිපති බව නමි. පෘථිවි ඓශ්චර්ය, ආධිපත්‍ය පමුණුවන කර්මය ඇතැයි කියන ලදී. එහෙයින් ඇතමෙකුගේ පඨවිය කර්ම විපාකයකැයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයගේ මෙනි. ඔවුන් සඳහා පඨවී යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව ඉතිරි අයටය. සසුඛවෙදනීයා යනාදි කර්මවිපාක ස්වභාව දර්ශන වශයෙන් කියන ලදී. ඵස්සො හොති යනාදී නයින් නිර්දිෂ්ට විපාකවල ස්පර්ශය සැප වේදනාදි ප්‍රභේද වේ. එයද සංඥාදිය ද සැප වේදනාවලින් යුක්ත වූ වේදනාදිය සංඥාදියෙන් සියළු අරමුණු සහිත වේ. ඒවායේ පෙර හැසිරුණු ආවට්ටනාදි සංඛ්‍යාත ආවර්ජනා ද ඇත. චේතනා කර්ම ප්‍රත්‍ය වේ. යමක් එහි ඉෂ්ට විපාක වේ. ඔහුගේ ප්‍රාර්ථනා ප්‍රණිධාන වශයෙන් පවතින මූල තෘෂ්ණාවය. ඔබගේ මෙබඳු වූ පඨවියදැයි අසයි. පරවාදියා ප්‍රතික්‍ෂේප කරයි. ප්‍රතිලෝම විචාරීම් පැහැදිලිය.

කම‍්මවිපාකො පරෙසං සාධාරණොති පඤ‍්හෙ ඵස‍්සාදයො සන්‍ධාය පටික‍්ඛිපති, කම‍්මසමුට‍්ඨානං රූපඤ‍්ච පථවීආදීනංයෙව ච සාධාරණභාවං සන්‍ධාය පටිජානාති. අසාධාරණමඤ‍්ඤෙසන‍්ති සුත‍්තං පරසමයතො ආහරිත්‍වා දස‍්සිතං. සබ‍්බෙ සත‍්තා පථවිං පරිභුඤ‍්ජන‍්තීති පඤ‍්හෙ පථවිං අනිස‍්සිතෙ සන්‍ධාය පටික‍්ඛිපති, නිස‍්සිතෙ සන්‍ධාය පටිජානාති. පථවිං අපරිභුඤ‍්ජිත්‍වා පරිනිබ‍්බායන‍්තීති පඤ‍්හෙ ආරුප‍්පෙ පරිනිබ‍්බායන‍්තානං වසෙන පටිජානාති. කම‍්මවිපාකං අඛෙපෙත්‍වාති ඉදං පරසමයවසෙන වුත‍්තං. කම‍්මවිපාකඤ‍්හි ඛෙපෙත්‍වාව පරිනිබ‍්බායන‍්තීති තෙසං ලද‍්ධි. සකසමයෙ පන කතොකාසස‍්ස කම‍්මස‍්ස උප‍්පන‍්නං විපාකං අඛෙපෙත්‍වා පරිනිබ‍්බානං නත්‍ථි. තෙසඤ‍්ච ලද‍්ධියා පථවී සාධාරණවිපාකත‍්තා උප‍්පන‍්නවිපාකොයෙව හොති. තං විපාකභාවෙන ඨිතං අඛෙපෙත්‍වා පරිනිබ‍්බානං න යුජ‍්ජතීති චොදෙතුං වට‍්ටති. ඉතරො ලද‍්ධිවසෙන පටික‍්ඛිපති. චක‍්කවත‍්තිසත‍්තස‍්ස කම‍්මවිපාකන‍්ති පඤ‍්හෙ අසාධාරණං ඵස‍්සාදිං සන්‍ධාය පටික‍්ඛිපති, සාධාරණං සන්‍ධාය පටිජානාති. පථවීසමුද‍්දසූරියචන්‍දිමාදයො හි සබ‍්බෙසං සාධාරණකම‍්මවිපාකොති තෙසං ලද‍්ධි.

කම්ම විපාකො පරෙසං සාධාරණො යන ප්‍රශ්නයෙහි ස්පර්ශාදිය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. කර්මයෙන් හටගත් රූපයද පෘථිවි ආදීන්ගේ ද සාධාරණභාවය නිසා පිළිගනී. අසාධාරණ මඤ්ඤෙසං යන සූත්‍රය පරසමයෙන් ගෙන දක්වන ලදී. සබ්බෙ සත්තා පඨවි පරිභුඤ්ජති යන ප්‍රශ්නයෙහි පෘථිවිය ආශ්‍රිත නිසා ප්‍රතික්‍ෂේප කරයි. නිශ්‍රිතය සඳහා පිළිගනී. පඨවිං පරිභුඤ්ජිත්‍වා පරිනිබ්බායති යන ප්‍රශ්නයෙහි ආරුප්පයෙහි පිරිනිවෙන්නවුන්ගේ වශයෙන් පිළිගනී. කම්ම විපාකං අඛෙපෙත්‍වා මෙය පරසමය වශයෙන් කියන ලදී. කර්ම විපාක ගෙවා දමාම පිරිනිවන් පාන්නේය යනු ඔවුන්ගේ ලබ්ධියයි. ස්ව සමයෙන් වනාහි කරන ලද කර්මයෙන් උපන් විපාක නොගෙවා පිරිනිවුමක් නැත. ඔවුන්ගේ ලබ්ධියෙන් පඨවි සාධාරණ විපාක බැවින් උපන් විපාකයක්ම වේ. ඒ විපාකබවෙන් සිට එය නොගෙවා පිරිනිවීම අයුතු යයි චෝදනා කිරීමට වටි. පරවාදියා ලබ්ධි වශයෙන් ප්‍රතික්‍ෂේප කරයි. චක්කවත්ති සත්තස්ස කම්ම විපාකං යන ප්‍රශ්නයෙහි අසාධාරණ ඵස්සාදිය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සාධාරණය සඳහා පිළිගනී. පඨවි සමුද්ද සුරිය චන්‍දිමා (පොළව, මුහුද, හිරු, සඳු) ආදිය සාධාරණ කර්ම විපාකයයි ඔවුන්ගේ ලබ්ධියයි.

ඉස‍්සරියසංවත‍්තනියන‍්ති එත්‍ථ ඉස‍්සරියං නාම බහුධනතා. ආධිපච‍්චං නාම සෙසජනෙ අත‍්තනො වසෙ වත‍්තෙත්‍වා තෙහි ගරුකාතබ‍්බට‍්ඨෙන අධිපතිභාවො. තත්‍ථ කම‍්මං පටිලාභවසෙන තංසංවත‍්තනිකං නාම හොති, න ජනකවසෙන. තස‍්මා විපාකභාවෙ අසාධකමෙතන‍්ති.

ඉස්සරිය සංවත්තනියං මෙහි ඉස්සරිය නම් බොහෝ ධනය ඇති බවයි. ආධිපච්ච යනු සෙසු ජනයින් තමාගේ වසයෙහි තබා ඔවුන් විසින් ගරු කළයුතු ස්ථානයෙහි අධිපතිබව වේ. එහි කර්ම ප්‍රතිලාභ වශයෙන් එය පැමිණවීම නම් වේ. ඉපදවීම් වශයෙන් නොවේ. එහෙයින් විපාක අභාවයෙහි මෙය අසාධක වේ.

පථවී කම‍්මවිපාකොතිකථාවණ‍්ණනා.

ජරාමරණං විපාකොතිකථාවණ‍්ණනා

66. ජරාමරණ විපාක කථා

ඉදානි ජරාමරණං විපාකොතිකථා නාම හොති. තත්‍ථ යෙසං “අත්‍ථි දුබ‍්බණ‍්ණසංවත‍්තනියං කම‍්මං අප‍්පායුකසංවත‍්තනියං කම‍්ම”න‍්ති එත්‍ථ දුබ‍්බණ‍්ණතා නාම ජරා. අප‍්පායුකතා නාම මරණං. තංසංවත‍්තනියඤ‍්ච කම‍්මං අත්‍ථි. තස‍්මා ජරාමරණං විපාකොති ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. පටිලොමපඤ‍්හෙ අනාරම‍්මණන‍්ති රූපධම‍්මානං තාව අනාරම‍්මණමෙව, අරූපානං පන ජරාමරණං සම‍්පයොගලක‍්ඛණාභාවා අනාරම‍්මණමෙව.

දැන් ජරාමරණ විපාක කථා වේ. එහි යමෙකුගේ ‘අත්‍ථි දුබ්බණ්ණ සංවත්තනියං කම්මං අප්පායුක සංවත්තනියං කම්මං’ යයි මෙහි දුබ්බණ්ණාතා නම් ජරාය. අප්පායුකතා නම් මරණයයි. එය පමුණුවන කර්මද වේ. එහෙයින් ජරාමරණ යනු විපාකයකැයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ප්‍රතිලෝම ප්‍රශ්නයෙහි අනාරම්මණං යනු රූප ධර්මයන්ගේ අනාරම්මණ ම වේ. අරූපයන්ගේ වනාහි ජරා මරණ සම්ප්‍රයෝග ලක්‍ෂණ අභාවය අනාරම්මණ ම වේ.

අකුසලානං ධම‍්මානං ජරාමරණං අකුසලානං ධම‍්මානං විපාකොති පඤ‍්හෙ ජරාමරණෙන නාම අනිට‍්ඨවිපාකෙන භවිතබ‍්බන‍්ති ලද‍්ධියා පටිජානාති. තෙනෙව කාරණෙන කුසලානං ධම‍්මානං ජරාමරණස‍්ස කුසලවිපාකතං පටික‍්ඛිපති. පරතො චස‍්ස අකුසලවිපාකතඤ‍්ඤෙව පටිජානාති.

අකුසලානං ධම්මානං ජරාමරණං අකුසලානං ධම්මානං විපාකො යන ප්‍රශ්නයෙහි ජරා මරණයෙන් නම් අනිෂ්ට විපාකයෙන් විය යුතුයයි ලබ්ධියෙන් පිළිගනී. එම කරුණින්ම කුසල ධර්මයන්ගේ ජරාමරණයේ කුසල විපාක බව ප්‍රතික්‍ෂේප කරයි. ඔහුගේ අකුසල විපාක බවම පිළිගනී.

කුසලානඤ‍්ච අකුසලානඤ‍්චාති පුච‍්ඡාවසෙන එකතො කතං, එකක‍්ඛණෙ පන තං නත්‍ථි. අබ්‍යාකතානං අවිපාකානං ජරාමරණං විපාකොති වත‍්තබ‍්බතාය පරියායො නත්‍ථි, තස‍්මා අබ්‍යාකතවසෙන පුච‍්ඡා න කතා.

කුසලානඤ්ච අකුසලානඤ්ච මෙසේ විචාරීම් වශයෙන් එකතු කරන ලදී. ඒ ක්‍ෂණයෙහි එය නැත. අව්‍යාකෘත අවිපාකවල ජරාමරණ විපාකයයි කිවයුතු පරියායක් නැත. එහෙයින් අව්‍යකත්ත වශයෙන් ප්‍රශ්න නො අසන ලදී.

දුබ‍්බණ‍්ණසංවත‍්තනියන‍්ති එත්‍ථ දුබ‍්බණ‍්ණියං නාම අපරිසුද‍්ධවණ‍්ණතා. අප‍්පායුකතා නාම ආයුනො චිරං පවත‍්තිතුං අසමත්‍ථතා. තත්‍ථ අකුසලකම‍්මං කම‍්මසමුට‍්ඨානස‍්ස දුබ‍්බණ‍්ණරූපස‍්ස කම‍්මපච‍්චයො හොති, අසදිසත‍්තා පනස‍්ස තංවිපාකො න හොති. උතුසමුට‍්ඨානාදිනො පන තංපටිලාභවසෙන ආයුනො ච උපච‍්ඡෙදකවසෙන පච‍්චයො හොති. එවමෙතං පරියායෙන තංසංවත‍්තනිකං නාම හොති, න විපාකඵස‍්සාදීනං විය ජනකවසෙන, තස‍්මා විපාකභාවෙ අසාධකං. සෙසමෙත්‍ථ හෙට‍්ඨා වුත‍්තසදිසමෙවාති.

දුබ්බණ්ණා සංවත්තනියං යන මෙහි දුබ්බණ්ණ නම් අපිරිසිදු වර්ණතාවය. අප්පායුකතා නම් ආයුෂය කලක් පැවතීමට අසමර්ථ බවයි. එහි අකුසල කර්මය කර්මයෙන් නිපන් දුර්වර්ණ රූපයට කර්ම ප්‍රත්‍යය වේ. අසමාන බැවින් එය විපාක නොවේ. සෘතුවෙන් හටගත් ආදි භේදයෙන් එය ප්‍රතිලාභ වශයෙන් ආයුෂය ද උපච්ඡෙද වශයෙන් ප්‍රත්‍ය වේ. මෙසේ මෙය පරියාය වශයෙන් එය පැමිණවීම නම් වේ. ඵස්සාදීන්ගේ මෙන් ජනක වශයෙන් විපාක නැත. එහෙයින් විපාක භවයෙහි සාධක නැත. මෙහි සෙස්ස යට කියන ලද්ද හා සමානය.

ජරාමරණං විපාකොතිකථාවණ‍්ණනා.

අරියධම‍්මවිපාකකථාවණ‍්ණනා

67. අරිය ධම්ම විපාක කථා

ඉදානි අරියධම‍්මවිපාකකථා නාම හොති. තත්‍ථ යෙසං කිලෙසප‍්පහානමත‍්තමෙව සාමඤ‍්ඤඵලං, න චිත‍්තචෙතසිකා ධම‍්මාති ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං; තෙ සන්‍ධාය නත්‍ථි අරියධම‍්මවිපාකොති පුච‍්ඡා සකවාදිස‍්ස. තත්‍ථ අරියධම‍්මවිපාකොති මග‍්ගසඞ‍්ඛාතස‍්ස අරියධම‍්මස‍්ස විපාකො. කිලෙසක‍්ඛයමත‍්තං අරියඵලන‍්ති ලද‍්ධියා පටිඤ‍්ඤා ඉතරස‍්ස. සාමඤ‍්ඤන‍්ති සමණභාවො, මග‍්ගස‍්සෙතං නාමං. “සාමඤ‍්ඤඤ‍්ච වො, භික‍්ඛවෙ, දෙසෙස‍්සාමි සාමඤ‍්ඤඵලඤ‍්චා”ති හි වුත‍්තං. බ්‍රහ‍්මඤ‍්ඤෙපි එසෙව නයො.

දැන් අරියධම්ම විපාක කථා නම් වේ. එහි යමෙකුගේ ශ්‍රමණඵලය කෙළෙස් නැතිකිරීම සඳහා පමණය. චිත්ත චෛතසික ධර්ම සඳහා නොවේ යයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අරියධම්ම විපාකො යයි විචාරීම සකවාදියාටය. එහි අරියධම්ම විපාකො යයි විචාරීම සකවාදියාටය. එහි අරියධම්ම විපාකො යනු මාර්ග සංඛ්‍යාත ආර්ය ධර්මයේ විපාකය කෙලෙස් ක්‍ෂය කිරීමම පමණක් වූ ආර්ය ඵලය යයි ලබ්ධියෙන් ප්‍රතිඥාව පරවාදියාටය. සාමඤ්ඤං ශ්‍රමණභාවයයි. මෙය මාර්ගයට නමකි. ‘මහණෙනි, ඔබට සාමඤ්ඤය ද, සාමඤ්ඤ ඵලය ද දෙසමි.’ යයි කියන ලදී. බ්‍රහ්මඤ්ඤයෙහි ද මෙම නයයි.

සොතාපත‍්තිඵලං න විපාකොතිආදීසු සොතාපත‍්තිමග‍්ගාදීනං අපචයගාමිතං සන්‍ධාය අරියඵලානං නවිපාකභාවං පටිජානාති, දානඵලාදීනං පටික‍්ඛිපති . සො හි ආචයගාමිත‍්තිකස‍්ස එවං අත්‍ථං ධාරෙති – විපාකසඞ‍්ඛාතං ආචයං ගච‍්ඡන‍්ති, තං වා ආචිනන‍්තා ගච‍්ඡන‍්තීති ආචයගාමිනො, විපාකං අපචිනන‍්තා ගච‍්ඡන‍්තීති අපචයගාමිනොති. තස‍්මා එවං පටිජානාති ච පටික‍්ඛිපති ච.

සොතාපත්ති ඵලං න විපාකො යනාදියෙහි සෝවාන් මාර්ගාදියේ අපචයගාමී බව සඳහා ආර්ය ඵලවල අවිපාක බව පිළිගනී. දානපලාදිය ප්‍රතික්‍ෂේප කරයි. එය ආචයගාමින්ගේ අර්ථය මෙසේ දරයි :- විපාක සංඛ්‍යාත ආචය යයි, රැස්කළ බැවින් එය හෝ යයි යනු ආචයගාමිනො වේ. විපාකය විනාශ කරමින් යයි යනු අපචය ගාමිනො වේ. එහෙයින් මෙසේ පිළිගැනීම ද ප්‍රතික්‍ෂේප ද වේ.

කාමාවචරං කුසලං සවිපාකං ආචයගාමීතිආදිකා පුච‍්ඡා පරවාදිස‍්ස, පටිඤ‍්ඤා ච පටික‍්ඛෙපො ච සකවාදිස‍්ස. ලොකියඤ‍්හි කුසලං විපාකචුතිපටිසන්‍ධියො චෙව වට‍්ටඤ‍්ච ආචිනන‍්තං ගච‍්ඡතීති ආචයගාමි. ලොකුත‍්තරකුසලං චුතිපටිසන්‍ධියො චෙව වට‍්ටඤ‍්ච අපචිනන‍්තං ගච‍්ඡතීති අපචයගාමි. එවමෙතං සවිපාකමෙව හොති, න අපචයගාමිවචනමත‍්තෙන අවිපාකං. ඉමමත්‍ථං සන්‍ධායෙත්‍ථ සකවාදිනො පටිඤ‍්ඤා ච පටික‍්ඛෙපො ච වෙදිතබ‍්බාති.

කාමාවචරං කුසලං සවිපාකං ආචයගාමී යනාදිය විචාරීම පරවාදියාය. ප්‍රතිඥාව ද ප්‍රතික්‍ෂේපය ද සකවාදියාගේය. ලෞකික කුසලවිපාක චුති පටිසන්ධිය ද සසර ද රැස්කරමින් යන්නේනුයි ආචයගාමී වේ. ලෝකෝත්තර කුසලය චුති පටිසන්ධිය ද සසරද විනාශ කරමින් යන්නේය යනු අපචයගාමී වේ. මෙසේ මෙය විපාක සහිත වේ. අපචයගාමී වචනයෙන් පමණක් අවිපාක නොවේ. මෙහි මේ අර්ථය සකදාගාමි ප්‍රතිඥාව ද ප්‍රතික්‍ෂේපය ද දතයුතුය.

අරියධම‍්මවිපාකකථාවණ‍්ණනා.

විපාකො විපාකධම‍්මධම‍්මොතිකථාවණ‍්ණනා

68. විපාක ස්වභාව ධර්ම කථා

ඉදානි විපාකො විපාකධම‍්මධම‍්මොතිකථා නාම හොති. තත්‍ථ යස‍්මා විපාකො විපාකස‍්ස අඤ‍්ඤමඤ‍්ඤාදිපච‍්චයවසෙන පච‍්චයො හොති, තස‍්මා විපාකොපි විපාකධම‍්මධම‍්මොති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. තස‍්ස විපාකොති තස‍්ස විපාකධම‍්මධම‍්මස‍්ස විපාකස‍්ස යො විපාකො, සොපි තෙ විපාකධම‍්මධම‍්මො හොතීති පුච‍්ඡති. ඉතරො ආයතිං විපාකදානාභාවං සන්‍ධාය පටික‍්ඛිපති. දුතියං පුට‍්ඨො තප‍්පච‍්චයාපි අඤ‍්ඤස‍්ස විපාකස‍්ස උප‍්පත‍්තිං සන්‍ධාය පටිජානාති. එවං සන‍්තෙ පනස‍්ස කුසලාකුසලස‍්ස විය තස‍්සාපි විපාකස‍්ස විපාකො, තස‍්සාපි විපාකොති වට‍්ටානුපච‍්ඡෙදො ආපජ‍්ජතීති පුට‍්ඨො සමයවිරොධභයෙන පටික‍්ඛිපති.

දැන් විපාක විපාක කථා නම් වේ. එහි යමෙකුගේ විපාකය අඤ්ඤමඤ්ඤාදි ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ. එහෙයින් විපාකය ද විපාකධම්ම ධම්ම යයි යමෙකුන්ගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. තස්ස විපාකො යනු ඔහුගේ විපාක ස්වභාව ධර්මයාගේ විපාකයේ යම් විපාකයක්. එයද ඒ විපාක ස්වභාව ධර්මය වේ යයි විචාරයි. පරවාදියා අනාගත විපාක දෙන බව සඳහා ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ ඒ ප්‍රත්‍යය ද අනිත් විපාකයක නිපැත්ම සඳහා පිළිගනී. මෙසේ පවතින විට, කුසල අකුසලයන්ගේ මෙන් ඒ විපාකයේ ද විපාක වේ. ඒ විපාකයේ ද සසර සිඳ නො දැමීමට පැමිණේදැයි විචාරණ ලද්දේ සමය විරෝධ බියෙන් ප්‍රතික්‍ෂේප කරයි.

විපාකොති වාතිආදිම‍්හි වචනසාධනෙ පන යදි විපාකස‍්ස විපාකධම‍්මධම‍්මෙන එකත්‍ථතා භවෙය්‍ය, කුසලාකුසලබ්‍යාකතානං එකත්‍ථතං ආපජ‍්ජෙය්‍යාති පටික‍්ඛිපති. විපාකො ච විපාකධම‍්මධම‍්මො චාති එත්‍ථ අයං අධිප‍්පායො – සො හි චතූසු විපාකක‍්ඛන්‍ධෙසු එකෙකං අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයාදීසු පච‍්චයට‍්ඨෙන විපාකධම‍්මධම‍්මතං පච‍්චයුප‍්පන‍්නට‍්ඨෙන ච විපාකං මඤ‍්ඤමානො “විපාකො විපාකධම‍්මධම‍්මො”ති පුට‍්ඨො ආමන‍්තාති පටිජානාති. අථ නං සකවාදී “යස‍්මා තයා එකක‍්ඛණෙ චතූසු ඛන්‍ධෙසු විපාකො විපාකධම‍්මධම‍්මොපි අනුඤ‍්ඤාතො, තස‍්මා තෙසං සහගතාදිභාවො ආපජ‍්ජතී”ති චොදෙතුං එවමාහ. ඉතරො කුසලාකුසලසඞ‍්ඛාතං විපාකධම‍්මධම‍්මං සන්‍ධාය පටික‍්ඛිපති. තඤ‍්ඤෙව අකුසලන‍්ති යදි තෙ විපාකො විපාකධම‍්මධම‍්මො, යො අකුසලවිපාකො, සො අකුසලං ආපජ‍්ජති. කස‍්මා? විපාකධම‍්මධම‍්මෙන එකත‍්තා. තඤ‍්ඤෙව කුසලන‍්තිආදීසුපි එසෙව නයො.

විපාකො වා යනාදියෙහි වචනවල ඉදින් විපාකයේ විපාක ස්වභාව ධර්මයෙන් එක් අරුතක් බව වන්නේය. කුසල අකුසල අව්‍යාකෘත එක් අරුත් බවට පැමිණෙන්නේය යන්න ප්‍රතික්‍ෂේප කරයි. විපාකොච විපාක ධම්මධම්මොච යන මෙහි අදහස මෙසේය. එය සිවු විපාක ස්කන්‍ධවල එක එකක් අඤ්ඤ මඤ්ඤ ප්‍රත්‍යවල ප්‍රත්‍යය අර්ථයෙන් විපාක ස්වභාව ධර්මය වර්තමාන අර්ථයෙන් ද විපාකය සිතන්නේ විපාකය විපාක ස්වභාව ධර්ම යයි විචාරණ ලද්දේ ආමන්තා යයි පිළිගනී. ඉක්බිති ඔහු සකවාදියා යම්හෙයකින් ඔබ විසින් ඒකක්‍ෂණයෙහි ස්කන්‍ධ සතරෙහි විපාකය ද විපාක ස්වභාව ධර්මය ද අනුදන්නා ලදී. එහෙයින් ඒවායේ සහගත ආදි බවට පැමිණේ යයි චෝදනා කිරීමට මෙසේ කීය. පරවාදියා කුසලාකුසල සංඛ්‍යාත විපාක ස්වභාව ධර්මය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. තඤ්ඤෙව අකුසලං යයි ඉදින් ඒ විපාක ස්වභාව ධර්මය යම් අකුසල් විපාකයක් නම් එය අකුසල් වේ. කුමක් හෙයින්ද? විපාක ස්වභාව ධර්මයන් එක්කළ බැවිනි. තඤ්ඤෙව කුසලං යනාදියෙහි ද මෙම නයම වේ.

අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයාති ඉදං සහජාතානං පච‍්චයමත‍්තවසෙන වුත‍්තං, තස‍්මා අසාධකං. මහාභූතානම‍්පි ච අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයතා වුත‍්තා, න ච තානි විපාකානි, න ච විපාකධම‍්මධම‍්මානීති.

අඤ්ඤමඤ්ඤ පච්චයා යන මෙය සහජාතයන්ගේ ප්‍රත්‍යය මාත්‍ර වශයෙන් කියන ලදී. ඒවායේ විපාක නැත. විපාක ස්වභාව ධර්ම ද නැත.

විපාකො විපාකධම‍්මධම‍්මොතිකථාවණ‍්ණනා.

සත‍්තමො වග‍්ගො.