යෙදුමෙන් කියවන්න

ඉතොදින‍්නකථා

7. 6.

7. 6.

ඉතොදින‍්නකථා.

ඉතො දින්නකථා

[“ඉතො දින්නෙන යාපෙන්ති” යි වදාළ වචන නිසා මෙලොව දුන් චීවරාදි දැයින් මැ පරලොව ප්‍රෙතයෝ යැපෙති’ යි රාජගිරිකාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඉතොදින්නකථා’ එයි.]

1. ඉතො දින‍්නෙන තත්‍ථ යාපෙන‍්තී’ති.

1. ස. පු: මෙලොවින් දුන් දැයින් එලොව යැපෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ඉතො චීවරං දෙන‍්ති, තං චීවරං තත්‍ථ පරිභුඤ‍්ජන‍්තී”ති.

ස. අනු: මෙලොව සිවුරු දෙති, ඒ සිවුර එලොව පරිභෝග කෙරෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: ඉතො පිණ‍්ඩපාතං දෙන‍්ති -පෙ- ඉතො සෙනාසනං දෙන‍්ති -පෙ- ඉතො ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං දෙන‍්ති -පෙ- ඉතො ඛාදනීයං දෙන‍්ති -පෙ- ඉතො පානීයං දෙන‍්ති, තං පානීයං තත්‍ථ පරිභුඤ‍්ජන‍්තී’ති.

ස. අනු: මෙලොව පිඬුවා දෙති … මෙලොව සෙනසුන් දෙති … මෙලොව ගිලන්පස බෙහෙත් පිරිකර දෙති … මෙලොව ඛාද්‍ය දෙති … මෙලොව පැන් දෙති. ඒ පැන් එලොව පරිභෝග කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ඉතො දින‍්නෙන තත්‍ථ යාපෙන‍්තී’ති.

2. ස. පු: මෙලොව දුන් දැයින් එලොව යැපෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අඤ‍්ඤො අඤ‍්ඤස‍්ස කාරකො, පරකතං සුඛදුක‍්ඛං, අඤ‍්ඤො කරොති, අඤ‍්ඤො පටිසංවෙදෙතී’ති.

ස. අනු: අනෙකක්හට (විපාකකාරක කරුණු පිළිබඳ වැ) අනෙකෙක් කාරක වේ ද, සුඛදුඃඛ පරකෘත වේ ද? අන්‍යයෙක් කෙරේ ද, අන්‍යයෙක් විපාක විඳුනේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ප. පු: න වත‍්තබ‍්බං ඉතො දින‍්නෙන තත්‍ථ යාපෙන‍්ති’ති.

3. ප. පු: ‘මෙහි දුන් දැයින් එහි යැපෙති’ යනු නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු පෙතා අත‍්තනො අත්‍ථාය දානං දෙන‍්තං අනුමොදෙන‍්ති, චිත‍්තං පසාදෙන‍්ති, පීතිං උප‍්පාදෙන‍්ති, සොමනස‍්සං පටිලභන‍්තී’ති.

ප. අනු: ප්‍රෙතයෝ තමන් සඳහා දෙන දන අනුමෙවෙනි කරන්නාහු සිත පහදවන්නාහු ප්‍රීතිය උපදවන්නාහු සොම්නස් ලබන්නාහු නො වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි පෙතා අත‍්තනො අත්‍ථාය දානං දෙන‍්තං අනුමොදෙන‍්ති, චිත‍්තං පසාදෙන‍්ති, පීතිං උප‍්පාදෙන‍්ති, සොමනස‍්සං පටිලභන‍්ති,

අනු. ඨ: ඉදින් ප්‍රෙතයෝ තමන් සඳහා දෙන දන අනුමෙවෙනි කරන්නාහු (එයින්) සිත පහදවන්නාහු ප්‍රීතිය උපදවන්නාහු සොම්නස් ලබන්නාහු වෙත් නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ ‘ඉතො දින‍්නෙන තත්‍ථ යාපෙන‍්ති’ති.

අනු. පා: භවත, එකරුණින් ‘මෙහි දුන් දැයින් එයි යැපෙති’ යනු කියැයුතු මැ යැ.

4. ප. පු: න වත‍්තබ‍්බං ‘ඉතො දින‍්නෙන තත්‍ථ යාපෙන‍්තී’ති.

4. ප. පු: ‘මෙලොවින් දුන් දැයින් එලොව යැපෙති’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා:

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:

“උන‍්නමෙ උදකං වුට‍්ඨං යථා නින‍්නං පවත‍්තති එවමෙව ඉතො දින‍්නං පෙතානං උපකප‍්පති.

“උස්බිම්හි වට දිය යම් සේ නිම්නස්ථානයට ගලා සේ ද, එ පරිදි මැ මෙලොවින් දුන් දැය ප්‍රේතයනට එළවයි.

යථා වාරිවහා පූරා පරිපූරෙන‍්ති සාගරං එවමෙව ඉතො දින‍්නං පෙතානං උපකප‍්පති.

යම් සේ වතුරුගත් නදීහු සයුර පුරත් ද, එ පරිදි මැ මෙලොවින් දුන් දැය ප්‍රේතයනට එළවයි.

න හි තත්‍ථ කසී අත්‍ථී ගොරක‍්ඛෙත්‍ථ න විජ‍්ජති වණිජ‍්ජා තාදිසී නත්‍ථී හිරඤ‍්ඤෙන කයාකයං ඉතො දින‍්නෙන යාපෙන‍්ති පෙතා කාලකතාතහි”න‍්ති.

එහි කෘෂිකර්‍ම නැත් මැ යැ. ගෝරක්‍ෂා නො පැනෙයි. එබඳු වණික්කර්‍ම ද නැත. හිරණ්‍යයෙන් ගනුදෙනු ද නැති. කලුරිය කළ ප්‍රෙතයෝ මෙලොවින් දුන් දැයින් එලොව යැපෙති”යි

අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. නිග: තෙන හි ‘ඉතො දින‍්නෙන තත්‍ථ යාපෙන‍්තී’ති.

ප. නිග: එකරුණින් මෙලොවින් දුන් දැයින් එලොව යැපෙති.

5. ප. පු: න වත‍්තබ‍්බං ‘ඉතො දින‍්නෙන තත්‍ථ යාපෙන‍්තී’ති.

5. ප. පු: ‘මෙලොවින් දුන් දැයින් එලොව යැපෙති’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා “පඤ‍්චිමානි භික‍්ඛවෙ ඨානානි සම‍්පස‍්සන‍්තා මාතාපිතරො පුත‍්තං ඉච‍්ඡන‍්ති කුලෙ ජායමානං. කතමානි පඤ‍්ච: භතො වා නො භරිස‍්සති, කිච‍්චං වා නො කරිස‍්සති, කුලවංසො චිරං ඨස‍්සති, දායජ‍්ජං පටිපජ‍්ජිස‍්සති, අථවා පන පෙතානං කාලකතානං දක‍්ඛිණං අනුප‍්පදස‍්සති. ඉමානි ඛො භික‍්ඛවෙ පඤ‍්චඨානානි සම‍්පස‍්සන‍්තා මාතාපිතරො පුත‍්තං ඉච‍්ඡන‍්ති කුලෙ ජායමානන‍්ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නු: “මහණෙනි, මේ කරුණු පසක් දක්මින් මව්පියෝ කුලයෙහි උපදනා දරුවා කැමැති වෙති. කවර පසෙක යත්: පුස්නාලද එදරු අප ද පුස්නේ යැ, අපගේ කෘත්‍ය ද කරන්නේ යැ, කුලවංශය චිරකල් තබන්නේ යැ, දායාද පිළිපදනේ යැ, තව ද කලුරිය කළ ප්‍රේතයනට (අපට) දක්‍ෂිණා දෙන්නේ යි. මහණෙනි, මෙ කරුණු පස දක්මින් මව්පියෝ කුලෙහි උපදනා දරුවා කැමැති වෙති.

පඤ‍්චඨානානිසම‍්පස‍්සං පුත‍්තං ඉච‍්ඡන‍්ති පණ‍්ඩිතා භතො වා නො භරිස‍්සති කිච‍්චං වා නො කරිස‍්සති.

පණ්ඩිත වූ දෙමාපියෝ කරුණු පසක් දක්මින් පුතු කැමැති වෙති. කවර පසෙක යත්: පුස්නාලද පුත් අප ද පුස්නේ යැ. අප ගේ කිස ද කරන්නේ යැ.

කුලවංසො චිරං තිට‍්ඨෙ දායජ‍්ජං පටිපජ‍්ජිස‍්සති අථවා පන පෙතානං දක‍්ඛිණානුප‍්පදස‍්සති

කුලවංශය බොහෝ කල් සිටුනේ යැ, දායාද්‍යය පිළිපදනේ යැ. වැළිත් පරලෝ ගිය අපට දක්‍ෂිණාමය පුණ්‍යය දෙන්නේ යැ.

ඨානානෙතානි සම‍්පස‍්සං පුත‍්තං ඉච‍්ඡන‍්ති පණ‍්ඩිතා තස‍්මා සන‍්තො සප‍්පුරිසා කතඤ‍්ඤූ කතවෙදිනො

පණ්ඩිත වූ දෙමාපියෝ තෙල කරුණු දක්මින් පුතු (දරු) කැමැති වෙති. එහෙයින් කෘතඥ කෘතවේදී ශාන්ත සත්පුරුෂ පුත්‍රයෝ (දරුවෝ),

භරන‍්ති මාතාපිතරො පුබ‍්බෙකතතමනුස‍්සරං කරොන‍්ති තෙසං කිච‍්චානි යථා තං පුබ‍්බකාරිනං

පෙර දෙමාපියන් කළ උපකාර සිහි කරන්නාහු මාපියන් පුස්නාහ. යම් පරිදි පෙර උපකාර කළාවුනට ප්‍රත්‍යුපකාර කළයුතු වේ ද, එපරිදි ඔවුන්ගේ කිස කරන්නාහ.

ඔවාදකාරී භතපොසී කුලවංසං අහාපයං සද‍්ධො සීලෙන සම‍්පන‍්නො පුත‍්තො හොති පසංසියො’ති.

මවුපියන් ඔවා කරනසුලු යම් කෙනකුන් විසින් තමා පුස්නාලද ද, පෙරළා ඔවුන් පුස්නා සුලු කුලවංශය නො පිරිහෙළන සැදැහැති සිල්සපන් පුත් (දරු) ප්‍රශංසාර්‍හ වෙයි”.

අත්‍ථෙ’ව සුත‍්තන‍්තොති.

මෙසේ වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු:

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. නිග: තෙන හි ‘ඉතො දින‍්නෙන තත්‍ථ යාපෙන‍්තී’ති.

ප. නිග: එ කරුණින් මෙහි දුන් දැයින් එහි යැපෙති.

ඉතො දින‍්නකථා නිට‍්ඨිතා.

ඉතොදින්නකථා නිමි.