පඨවී කම‍්මවිපාකොතිකථා
7. 7.
7. 7.
පඨවී කම‍්මවිපාකොතිකථා.
පඨවීකම්මවිපාකොති කථා
[‘පෘථිවිය කර්‍මවිපාකයකැ’ අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පඨවී කම්මවිපාකො’ ති කථා එයි.]
1. ස. පු: පඨවී කම්මවිපාකො’ති.
1. ස. පු: පෘථිවිය කර්‍මවිපාක වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සුඛවෙදනියා, දුක‍්ඛවෙදනියා, අදුක‍්ඛමසුඛවෙදනියා, සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා, අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, ඵස‍්සෙන සම‍්පයුත‍්තා, වෙදනාය සම‍්පයුත‍්තා, සඤ‍්ඤාය සම‍්පයුත‍්තා, චෙතනාය සම‍්පයුත‍්තා, චිත‍්තෙන සම‍්පයුත‍්තා, සාරම‍්මණා, අත්‍ථී තාය ආවට‍්ටනා ආභොගො සමන‍්නාහාරො මනසිකාරො චෙතනා පත්‍ථනා පණිධී’ති.
ස. අනු: (පෘථිවිය) සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, උපේක්‍ෂාවේදනාවට නිසි වේ ද, සුඛවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, දුඃඛවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, උපේක්‍ෂා වේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, ස්පර්‍ශයෙන් සම්ප්‍රයුක්ත වේ ද, වේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, සංඥායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චේතනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චිත්තයෙන් සම්ප්‍රයුක්ත වේ ද, සාරම්මණ වේ ද, එයට පුරේචාරික ආවර්‍තන සඞ්ඛ්‍යාත ආවර්‍ජනා ඇද්ද, ආභෝග ඇද්ද, සමන්‍වාහාර ඇද්ද, මනසිකාර ඇද්ද, කර්‍මප්‍රත්‍යයභුත චේතනා ඇද්ද, ඉෂ්ටවිපාක ප්‍රාර්‍ත්‍ථනා ඇද්ද, ප්‍රණිධි වශයෙන් පැවැති මූලතෘෂ්ණා ඇද්ද, (කිම, තොප ගත් පෘථිවිය මෙ බඳු වේ ද?)
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නනු න සුඛවෙදනියා, න දුක‍්ඛවෙදනියා, න අදුක‍්ඛමසුඛවෙදනියා, න සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, න දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා, න අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, න ඵස‍්සෙන සම‍්පයුත‍්තා, න වෙදනාය සම‍්පයුත‍්තා, න සඤ‍්ඤාය සම‍්පයුත‍්තා, න චෙතනාය සම‍්පයුත‍්තා, න චිත‍්තෙන සම‍්පයුත‍්තා, අනාරම‍්මණා, නත්‍ථී තාය අවට‍්ටනා ආභොගො සමන‍්නාහාරො මනසිකාරො චෙතනා පත්‍ථනා පණිධී’ති.
ස. අනු: සුඛවේදනීය නො වනු වේ ද, දුක්ඛවෙදනිය නො වනු වේ ද, උපේක්‍ෂාවේදනාවට නිසි නො වනු වේ ද, සුඛවේදනායෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, දුඃඛවේදනායෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, උපේක්‍ෂාවේදනායෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, ස්පර්‍ශයෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, වේදනායෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, සංඥායෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, චේතනායෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද, චිත්තයෙන් සම්ප්‍රයුක්ත නො වනු වේ ද,අනාරම්මණ නො වේ ද, එයට ආවර්‍තනායෙක් ආභෝගයෙක් සමන්‍වාහාරයෙක් මනසිකාරයෙක් නැත්තේ වේ ද, චේතනායෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් ප්‍රණිධියෙක් නැත්තේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි න සුඛවෙදනියා න දුක‍්ඛවෙදනියා -පෙ- අනාරම‍්මණා, නත්‍ථී තාය ආවට‍්ටනා -පෙ- පණිධී,
අනු. ඨ: ඉදින් සුඛවේදනාවට නිසි නොවේ නම්, දුඃඛවෙදනාවට නිසි නොවේ නම් … අනාරම්මණ වේ නම්, එයින් ආවර්‍තනායෙක් නැත් නම් … ප්‍රණිධියෙක් නැත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: ‘පඨවී කම‍්මවිපාකොති.’
අනු. පා: භවත, ‘පෘථිවිය කර්‍මවිපාක’ යයි නො කියැයුතු මැ යැ.
2. ස. පු: ඵස‍්සො කම‍්මවිපාකො. ඵස‍්සො සුඛවෙදනියො දුක‍්ඛවෙදනියො අදුක‍්ඛමසුඛවෙදනියො, සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො, දුක‍්ඛාය -පෙ- අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තො, ඵස‍්සෙන සම‍්පයුත‍්තො, වෙදනාය සම‍්පයුත‍්තො, සඤ‍්ඤාය සම‍්පයුත‍්තො, චෙතනාය සම‍්පයුත‍්තො, චිත‍්තෙන සම‍්පයුත‍්තො සාරම‍්මණො, අත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.
2. ස. පු: ස්පර්‍ශය කර්‍මවිපාක යැ. ස්පර්‍ශය සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, උපේක්‍ෂාවේදනාවට නිසි වේ ද, සුඛවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, … උපේක්‍ෂාවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, ස්පර්‍ශයෙන් සම්ප්‍රයුක්ත වේ ද, වේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, සංඥායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චේතනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චිත්තයෙන් සම්ප්‍රයුක්ත වේ ද, සාරම්මණ වේ ද, ඒ ස්පර්‍ශයට ආවර්‍තනායෙක් ඇද්ද … ප්‍රණිධියෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඨවී කම‍්මවිපාකො. පඨවී සුඛවෙදනියා දුක‍්ඛවෙදනියා අදුක‍්ඛමසුඛවෙදනියා, සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා, අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා, ඵස‍්සෙන සම‍්පයුත‍්තා, වෙදනාය සම‍්පයුත‍්තා, සඤ‍්ඤාය සම‍්පයුත‍්තා, චෙතනාය සම‍්පයුත‍්තා, චිත‍්තෙන සම‍්පයුත‍්තා, සාරම‍්මණා. අත්‍ථී තාය ආවට‍්ටනා ආභොගො සමන‍්නාහාරො මනසිකාරො චෙතනා පත්‍ථනා පණිධී’ති.
ස. අනු: පෘථිවිය කර්‍මවිපාක යැ. පෘථිවිය සුඛවේදනාවට නිසි වේ ද, දුඃඛවෙදනාවට නිසි වේ ද, උපේක්‍ෂාවේදනාවට නිසි වේ ද, සුඛවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, දුඃඛවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, උපේක්‍ෂාවේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, ස්පර්‍ශයෙන් සම්ප්‍රයුක්ත වේ ද, වේදනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, සංඥායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චේතනායෙන් සම්ප්‍රයුක්ත වේ ද, චිත්තයෙන් සම්ප්‍රයුක්ත වේ ද, සාරම්මණ වේ ද, එයට ආවර්‍තනායෙක් ආභෝගයෙක් සමන්‍වාහාරයෙක් මනසිකාරයෙක් චේතනායෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් ප්‍රණිධියෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: පඨවී කම‍්මවිපාකො, පඨවී න සුඛවෙදනියා, න දුක‍්ඛවෙදනියා -පෙ- අනාරම‍්මණා, නත්‍ථී තාය ආවට‍්ටනා -පෙ- පණිධී’ති.
3. ස. පු: (තොප මතයෙහි) පෘථිවිය කර්‍මවිපාක වෙයි. පෘථිවිය සුඛවේදනීය නො වේ ද, දුක්ඛවෙදනිය නො වේ ද … අනාරම්මණ වේ ද, එයට ආවර්‍තනා නැද්ද … ප්‍රණිධි නැද්ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඵස‍්සො කම‍්මවිපාකො, ඵස‍්සො න සුඛවෙදනියො, න දුක‍්ඛවෙදනියො -පෙ- අනාරම‍්මණො, නත්‍ථී තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.
ස. අනු: ස්පර්‍ශය කර්‍මවිපාක යැ. ස්පර්‍ශය සුඛවේදනීය නො වේ ද, දුක්ඛවෙදනිය නො වේ ද … අනාරම්මණ වේ ද, එයට ආවර්‍තනා නැද්ද … ප්‍රණිධියෙක් නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: පඨවී කම්මවිපාකො’ති.
4. ස. පු: පෘථිවිය කර්‍මවිපාක වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඨවී පග‍්ගහනිග‍්ගහූපගා ඡෙදනභෙදනූපගා’ති.
ස. අනු: පෘථිවිය ප්‍රග්‍රහ නිග්‍රහ දෙකට පැමිණියා ඡෙදනභෙදනගත වූවා වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කම‍්මවිපාකො පග‍්ගහනිග‍්ගහූපගො ඡෙදනභෙදනූපගො’ති.
ස. අනු: කර්‍මවිපාකය ප්‍රග්‍රහ නිග්‍රහයට පැමිණියේ ඡේදනභේදනයට පැමිණියේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: ලබ‍්භා පඨවී කෙතුං වික‍්කෙතුං ආඨපෙතුං ඔචිනිතුං විචිනිතු’න‍්ති.
5. ස. පු: පෘථිවිය විනිමය කරන්නට විකොට ගන්නට එළවා තබන්නට රැස්කොට ගන්නට සොයා තබන්නට හැකි වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලබ‍්භා කම‍්මවිපාකො කෙතුං වික‍්කෙතුං ආඨපෙතුං ඔචිනිතුං විචිනිතුන‍්ති.
ස. අනු: කර්‍මවිපාකය විනිමය කරන්නට විකොට ගන්නට එළවා තබන්නට රැස් කොට ගන්නට සොයා තබන්නට හැකි වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: පඨවී පරෙසං සාධාරණා’ති.
6. ස. පු: පෘථිවිය මෙරමාහට සාධාරණ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කම‍්මවිපාකො පරෙසං සාධාරණො’ති.
ස. අනු: කර්‍මවිපාකය මෙරමාහට සාධාරණ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: කම‍්මවිපාකො පරෙසං සාධාරණො’ති.
7. ස. පු: කර්‍මවිපාකය මෙරමාහට සාධාරණ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත‍්තං භගවතා:
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු:
“අසාධාරණමඤ‍්ඤෙසං අචොරාහරණො නිධි
“පුණ්‍යකර්‍මය මෙරමාහට අසාධාරණ වෙයි. සොරුන් විසින් නො ගතහෙහ නිධි වෙයි.
කයිරාථ මච‍්චො පුඤ‍්ඤානි සචෙ සුචරිතං චරෙ”තිං.
ඉදින් සුචරිත කරන්නේ නම් මිනිස් තෙම පුණ්‍යකර්‍ම කරන්නේ යැ.”
අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
මෙසේ වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: තෙන හි න වත‍්තබ‍්බං ‘කම‍්මවිපාකො පරෙසං සාධාරණො’ති.
ස. නිග: එකරුණින් ‘කර්‍මවිපාකය මෙරමාහට සාධාරණ යැ’ යි නො කියැයුතු මැ යැ.
8. ස. පු: පඨවී කම්මවිපාකො’ති.
8. ස. පු: පෘථිවිය කර්‍මවිපාක වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඨමං පඨවී සණ‍්ඨාති, පච‍්ඡා සත‍්තා උප‍්පජ‍්ජන‍්තී’ති.
ස. අනු: පළමුව පොළොව පිහිටා ද? පසුවලා සත්ත්‍වයෝ උපදිත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඨමං විපාකො උප‍්පජ‍්ජති, පච‍්ඡා විපාකපටිලාභාය කම‍්මං කරොන‍්තී’ති.
ස. අනු: පළමුවැ විපාකය උපදී ද, පසුවැ විපාකප්‍රතිලාභය පිණිස කර්‍මය කෙරෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: පඨවී සබ‍්බසත‍්තානං කම‍්මවිපාකො’ති.
9. ස. පු: පෘථිවිය හැම සත්ත්‍වයනට කර්‍මවිපාක වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සබ‍්බෙ සත‍්තා පඨවිං පරිභුඤ‍්ජන‍්තී’ති.
ස. අනු: හැම සත්ත්‍වයෝ පෘථිවිය පරිභෝග කෙරෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: සබ‍්බෙ සත‍්තා පඨවිං පරිභුඤ‍්ජන‍්තී’ති.
10. ස. පු: හැම සත්ත්‍වයෝ පෘථිවිය පරිභෝග කෙරෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථී කෙචි පඨවිං අපරිභුඤ‍්ජිත්‍වා පරිනිබ‍්බායන‍්තී’ති.
ස. අනු: පෘථිවිය පරිභෝග නො කොට පිරිනිවෙන කිසි කෙනෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථී කෙචි කම‍්මවිපාකං අඛෙපෙත්‍වා පරිනිබ‍්බායන‍්තී’ති.
ස. අනු: කර්‍මවිපාක නො ගෙවා පිරිනිවෙන කිසි කෙනෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: පඨවී චක‍්කවත‍්තිසත‍්තස‍්ස කම‍්මවිපාකො’ති.
11. ස. පු: පෘථිවිය චක්‍රවර්තිසත්ත්‍වහට කර්‍මවිපාක වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අඤ‍්ඤෙ සත‍්තා පඨවිං පරිභුඤ‍්ජන‍්තී’ති.
ස. අනු: අන්‍ය සත්ත්‍වයෝ පෘථිවිය පරිභෝග කෙරෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක‍්කවත‍්තිසත‍්තස‍්ස කම‍්මවිපාකං අඤ‍්ඤෙ සත‍්තා පරිභුඤ‍්ජන‍්තී’ති.
ස. අනු: චක්‍රවර්තිසත්ත්‍වයාගේ කර්‍මවිපාකය අන්‍ය සත්ත්‍වයෝ පරිභෝග කෙරෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: චක‍්කවත‍්තිසත‍්තස‍්ස කම‍්මවිපාකං අඤ‍්ඤෙ සත‍්තා පරිභුඤ‍්ජන‍්තී’ති.
12. ස. පු: චක්‍රවර්තිසත්ත්‍වයාගේ කර්‍මවිපාකය අන්‍යසත්ත්‍වයෝ පරිභෝග කෙරෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක‍්කවත‍්තිසත‍්තස‍්ස ඵස‍්සං වෙදනං සඤ‍්ඤං චෙතනං චිත‍්තං සද‍්ධං විරියං සතිං සමාධිං පඤ‍්ඤං අඤ‍්ඤෙ සත‍්තා පරිභුඤ‍්ජන‍්තී’ති.
ස. අනු: චක්‍රවර්තිසත්ත්‍වයාගේ ස්පර්‍ශය වේදනාව සංඥාව චේතනාව චිත්තය ශ්‍රද්ධාව වීර්‍ය්‍යය ස්මෘතිය සමාධිය ප්‍රඥාව අන්‍යසත්ත්‍වයෝ පරිභෝග කෙරෙත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ප. පු: න වත‍්තබ‍්බං ‘පඨවී කම්මවිපාකො’ති.
13. ප. පු: ‘පෘථිවිය කර්‍මවිපාක යැ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු අත්‍ථී ඉස‍්සරියසංවත‍්තනියං කම‍්මං ආධිපච‍්චසංවත‍්තනියං කම‍්මන‍්ති.
ප. අනු: ඉසුරුබව පිණිස පවත්නා කර්‍ම අධිපතිබව පිණිස පවත්නා කර්‍ම ඇත් නු?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අත්‍ථී ඉස‍්සරියසංවත‍්තනියං කම‍්මං ආධිපච‍්චසංවත‍්තනියං කම‍්මං,
අනු. ඨ: ඉදින් ඉසුරුබව පිණිස පවත්නා කර්‍ම අධිපතිබව පිණිස පවත්නා කර්‍ම ඇත් නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ ‘පඨවී කම්මවිපාකො’ති.
අනු. පා: භවත, එකරුණින් ‘පෘථිවිය කර්‍මවිපාක යැ’ යි කියැයුතු මැ යැ.
පඨවී කම‍්මවිපාකොතිකථා නිට‍්ඨිතා.
පඨවී කම්මවිපාකොතිකථා නිමි.