පරිභොගමයපුඤ්ඤකථා
7. 5.
7. 5.
පරිභොගමයපුඤ්ඤකථා.
පරිභෝගමයපුඤ්ඤකථා
[“තෙසං දිවා ච රත්තො ච සදා පුඤ්ඤං පවඩ්ඪති” ආදි සූත්‍ර නුනුවණින් ගෙන ‘පරිභෝගමය’ නම් පුණ්‍යයෙක් ඇතැයි රාජගිරික සිද්ධත්ථික සම්මිතිය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට පරිභෝගමය පුණ්යකථා එයි.]
1. ස. පු: පරිභොගමයං පුඤ්ඤං වඩ්ඪතී’ති.
1. ස. පු: පරිභෝගමය පුණ්‍යය (තෙමේම) වැඩේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරිභොගමයො ඵස්සො වඩ්ඪති, වෙදනා වඩ්ඪති, සඤ්ඤා වඩ්ඪති, චෙතනා වඩ්ඪති, චිත්තං වඩ්ඪති, සද්ධා වඩ්ඪති, විරියං වඩ්ඪති, සති වඩ්ඪති, සමාධි වඩ්ඪති, පඤ්ඤා වඩ්ඪතී’ති.
ස. අනු: පරිභෝගමය ස්පර්ශය වැඩේ ද, වේදනා වැඩේ ද, සංඥා වැඩේ ද, චේතනා වැඩේ ද, චිත්තය වැඩේ ද, ශ්‍රද්ධා වැඩේ ද, වීර්‍ය්‍ය වැඩේ ද, ස්මෘති වැඩේ ද, සමාධි වැඩේ ද, ප්‍රඥා වැඩේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස පු: පරිභොගමයං පුඤ්ඤං වඩ්ඪතී’ති.
2. ස. පු: පරිභෝගමය පුණ්‍යය වැඩේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලතා විය වඩ්ඪති, මාලුවා විය වඩ්ඪති, රුක්ඛො විය වඩ්ඪති, තිණං විය වඩ්ඪති, මුඤ්ජපුඤ්ජො විය වඩ්ඪතී’ති.
ස. අනු: ලතාවක් සෙයින් වැඩේ ද, මාලුවා ලතාවක් සෙයින් වැඩේ ද, වෘක්ෂයක් මෙන් වැඩේ ද, තෘණ සෙයින් වැඩේ ද, මෘදුතෘණ පුඤ්ජයක් සෙයින් වැඩේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස පු: පරිභොගමයං පුඤ්ඤං වඩ්ඪතී’ති.
3. ස. පු: පරිභෝගමය පුණ්‍යය වැඩේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දායකො දානං දත්වා න සමන්නාහරති හොති පුඤ්ඤන්ති.
ස. අනු: දායකයා දන් දී ආවර්ජනා නො කෙරෙයි. පුණ්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාවට්ටන්තස්ස හොති, අනාභොගස්ස හොති, අසමන්නාහරන්තස්ස හොති, අමනසිකරොන්තස්ස හොති, අචෙතයන්තස්ස හොති, අපත්ථයන්තස්ස හොති, අපණිදහන්තස්ස හොතීති.
ස. අනු: (දන් දී, දානචේතනායෙහි භවාඞ්ග සිත) නො පෙරළනුවහට වේ ද, ආභෝග නො කරනුවහට වේ ද, ආවර්ජන නො කරනුවහට වේ ද, මනසිකාර නො කරනුවහට වේ ද, නො සිතනුවහට වේ ද, නො පතනුවහට වේ ද, ප්‍රණිධාන නො කරනුවහට වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නනු ආවට්ටන්තස්ස හොති, ආභොගස්ස හොති සමන්නාහරන්තස්ස හොති, මනසිකරොන්තස්ස හොති, චෙතයන්තස්ස හොති, පත්ථයන්තස්ස හොති, පණිදහන්තස්ස හොතී’ති.
ස. අනු: (දානචේතනායෙහි භවාඞ්ග සිත) ආවර්තන කරනුවහට, ආභෝග කරනුවහට, ආවර්ජන කරනුවහට, මෙනෙහි කරනුවහට, සිතනුවහට, පතනුවහට සිත පිහිටුවනුවහට, (පුණ්‍ය) වේ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි ආවට්ටන්තස්ස හොති, ආභොගස්ස හොති, සමන්නාහරන්තස්ස හොති, මනසිකරොන්තස්ස හොති, චෙතයන්තස්ස හොති, පත්ථයන්තස්ස හොති, පණිදහන්තස්ස හොති,
අනු. ඨ: ඉදින් ආවර්තන කරනුවහට, ආභෝග කරනුවහට, ආවර්ජන කරනුවහට, මෙනෙහි කරනුවහට, සිතනුවහට, පතනුවහට, සිත පිහිටුවනුවහට, (පුණ්‍ය) වේ නම්,
අනු පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පරිභොගමයං වඩ්ඪතී’ති.
අනු. පා: භවත, ‘පරිභෝගමය පුණ්‍ය වැඩේ’ යයි නො කියැයුතු මැ යැ.
4. ස පු: පරිභොගමයං පුඤ්ඤං වඩ්ඪතී’ති.
4. ස. පු: පරිභෝගමය පුණ්‍ය වැඩේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දායකො දානං දත්වා කාමවිතක්කං විතක්කෙති, ව්‍යාපාද විතක්කං විතක්කෙති, විහිංසාවිතක්කං විතක්කෙති. හොති පුඤ්ඤන්ති.
ස. අනු: දායකයා දන් දී කාමවිතර්ක කෙරෙයි, ව්‍යාපාද විතර්ක කෙරෙයි, විහිංසාවිතර්ක කෙරෙයි. පුණ්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
ස. අනු: ස්පර්ශයන් දෙදෙනකුන්ගේ … චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස පු: ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
5. ස. පු: චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්ති’ති.
ස. අනු: කුශලාකුශල, සාවද්‍යානවද්‍යා, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්රතිභාගධර්මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
6. ස. පු: කුශලාකුශල, සාවද්‍යානවද්‍යා, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්රතිභාගධර්මයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා “චත්තාරි’මානි භික්ඛවෙ සුවිදූරවිදූරානි. කතමානි චත්තාරි: නභඤ්ච භික්ඛවෙ පඨවී ච, ඉදං පඨමං සුවිදූරදූරං. ඔරිමඤ්ච භික්ඛවෙ තීරං සුමද්දස්ස පාරිමං තීරං, ඉදං දුතියං සුවිදූරවිදූරං. යතො ච භික්ඛවෙ වෙරොචනො අබ්භුදෙති, යත්ථ ච අත්ථමෙති, ඉදං තතියං සුවිදූරවිදූරං. සතඤ්ච භික්ඛවෙ ධම්මො, අසතඤ්ච ධම්මො,2 ඉදං චතුත්ථං සුවිදූරවිදූරානී’ති. ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි සුවිදූරවිදූරානී’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො? “මහණෙනි, මේ සුවිදූරවිදූරස්ථානයෝ සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස හා පොළොව හා මෙදෙක පළමු සුවිදූරවිදූරස්ථාන යැ. මහණෙනි, සමුද්‍රයාගේ මෙතෙර හා එතෙර හා මෙදෙක දෙවැනි සුවිදූරවිදූරස්ථාන යැ. මහණෙනි, යම් තැනෙකින් හිරු උදාවේ ද, යම් තැනෙක්හි අස්තයට යේ ද, මේ තුන් වැනි සුවිදූරවිදූරස්ථාන යැ. මහණෙනි, සත්පුරුෂයන්ගේ ධර්ම හා අසත්පුරුෂයන්ගේ ධර්ම හා මෙදෙක සතර වැනි සුවිදූරවිදූරස්ථාන යැ. මහණෙනි, මොහු සතර දෙන සුවිදූරවිදූරස්ථානයෝ යි.
නභඤ්ච දූරෙ පඨවී ච දූරෙ පාරං සමුද්දස්ස තදාහු දූරෙ, යතො ච වෙරොචනො අබ්භුදෙති පභඞ්කරො යත්ථ ච අත්ථමෙති,
“අහස හා පොළොව හා දෙක දූරයෙහි වෙයි. සමුද්‍රයාගේ යම් පාරයෙක් ඇද්ද, එ ද දූරයෙහි යයි කියත්. ප්‍රභාකර වූ සූර්‍ය්‍යයා යම් උදාගලෙකින් නැගේ ද, යම් හත්ගිරිතෙලෙක අස්තයට යේ ද, එ ද දුර වෙයි.
තතො හවෙ දූරතරං වදන්ති සතඤ්ච ධම්මං අසතඤ්ච ධම්මං. අබ්යායිකො හොති සතං සමාගමො යාවම්පි තිට්ඨෙය්ය තථෙ’ව හොති, ඛිප්පං හි වෙති අසතං සමාගමො තස්මා සතං ධම්මො අසබ්භි ආරකා’ති.
එයට ද වඩා සත්පුරුෂයධර්ම හා අසත්පුරුෂධර්ම හා දෙක ඒකාන්තයෙන් දූරතර කොට කියත්. සත් සමාගමය ස්ථිර වෙයි. යම් තාක් සිටුනේ ද, ඒ තාක් එසේ මැ සිටුනේ යැ. අසත්සමාගමය වහා නැඟී යෙයි. එයින් සත්පුරුෂධර්මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වෙයි.”
අත්ථෙව සුත්තන්තොති.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: තෙන හි න වත්තබ්බං: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
ස. නිග: එකරුණින් ‘කුශලාකුශල, සාවද්‍යානවද්‍යා, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්‍රතිභාග ධර්මයෝ සම්මුඛීභාවයට එති’ යි නො කියැයුතු මැ යැ.
7. ප. පු: න වත්තබ්බං ‘පරිභොගමයං සුඤ්ඤං වඩ්ඪතී’ති.
7. ප. පු: ‘පරිභෝගමය පුණ්‍යය වැඩෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත්තං භගවතා.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො:
“ආරාමරොපා වනරොපා යෙ ජනා සෙතුකාරකා, පපඤ්ච උදපානඤ්ච යෙ දදන්ති උපස්සයං,
“යම් ජන කෙනෙක් ආරාම රෝපණ කරන්නාහු වන රෝපණ කරන්නාහු සෙතු කරන්නාහු පැන්හල් ළින් කරන්නාහු වෙත් ද, යම් කෙනෙක් ආවාස දෙත් ද,
තෙසං දිවා ච රත්තො ච සදා පුඤ්ඤං පවඩ්ඪති, ධම්මට්ඨා සීලසම්පන්නා තෙ ජනා සග්ගගාමිනො’ති.
උනට දවරැය හැම කල්හි පින් වැඩෙයි. දහම්හි සිටි සිල්සපන් ඒ ජනයෝ ස්වර්ගයට යන්නාහු වෙති” යි
අත්ථෙ’ව සුත්තන්තො’ති.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: තෙන හි පරිභොගමයං පුඤ්ඤං වඩ්ඪතී’ති.
ප. නිග: එකරුණින් ‘පරිභෝගමය පුණ්‍යය වැඩෙයි.
8. ප. පු: න වත්තබ්බං ‘පරිභොගමයං පුඤ්ඤං වඩ්ඪතී’ති.
8. ප. පු: ‘පරිභෝගමය පුණ්‍යය වැඩෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත්තං භගවතා “චත්තාරො මෙ භික්ඛවෙ පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සොවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. කතමෙ චත්තාරො:
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො: “මහණෙනි, සුව එළවන මනා වූ අග්රරූපාදිය දෙන සුඛවිපාක ඇති, ස්වර්ගය පිණිස පවත්නා මේ පුණ්යප්රවාහයේ කුශලප්රවාහයෝ සතර දෙනෙක් ඉෂ්ට වූ කාන්ත වූ මන වඩන හිතසුව පිණිස පවතිත්. කවර සතර දෙනෙක යත්:
යස්ස භික්ඛවෙ භික්ඛු චීවරං පරිභුඤ්ජමානො අප්පමාණං චෙතො සමාධිං උපසම්පජ්ජ විහරති, අප්පමාණො තස්ස පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති. යස්ස භික්ඛවෙ භික්ඛු පිණ්ඩපාතං පරිභුඤ්ජමානො -පෙ- සෙනාසනං පරිභුඤ්ජමානො -පෙ- ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජමානො අප්පමාණං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති, අප්පමාණො තස්ස පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සොවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්තී”ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
මහණෙනි, මහණ යම් දායකයක්හුගේ සිවුර වළඳ කෙරෙමින් අප්‍රමාණ වූ චිත්තසමාධි උපයා වාස කෙරේ ද, ඔහට සුව එළවන මනා වූ අග්‍ර රූපාදිය දෙන, සුඛවිපාක ඇති සවර්ගසංවත්තනික වූ අප්‍රමාණ වූ පුණ්‍යප්‍රවාහය කුශලප්‍රවාහය ඉෂ්ට වූ කාන්ත වූ මන වඩන හිතසුව පිණිස පවති. මහණෙනි, මහණ තෙම යම් දායකයක්හුගේ පිණ්ඩපාත වළඳ කෙරෙමින් … ශයනාසන වළඳ කෙරෙමින් … ගිලන්පස බෙහෙත් පිරිකර වළඳ කෙරෙමින් අප්‍රමාණ වූ චිත්තසමාධි උපයා වාස කෙරේ ද, ඔහට සුව එළවන මනා වූ අග්රරූපාදිය දෙන සුඛවිපාක ඇති ස්වර්ගසංවත්තනික වූ අප්‍රමාණ වූ පුණ්‍යප්‍රවාහය කුශලප්‍රවාහය ඉෂ්ට වූ කාන්ත වූ මන වඩන හිත සුව පිණිස පවති. මහණෙනි, සුව එළවන මනා වූ අග්‍ර රූපාදිය දෙන සුඛවිපාක ඇති සවර්ගසංවත්තනික වූ පුණ්යප්රවාහයෝ කුශලප්රවාහයෝ සතර දෙන ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතසුව පිණිස පවතිත්” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: තෙන හි පරිභොගමයං සුඤ්ඤං වඩ්ඪතී’ති.
ප. නිග: එකරුණින් ‘පරිභෝගමය පුණ්‍යය වැඩෙයි.
9. ස. පු: පරිභොගමයං සුඤ්ඤං වඩ්ඪතී’ති.
9. ස. පු: පරිභෝගමය පුණ්‍ය වැඩේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දායකො දානං දෙති, පටිග්ගාහකො පටිග්ගහෙත්වා න පරිභුඤ්ජති ඡඩ්ඩෙති විස්සජ්ජෙති. හොති පුඤ්ඤන්ති.
ස. අනු: දායකයා දන් දෙයි. ප්‍රතිග්‍රාහකයා පිළිගෙන වළඳ නො කෙරෙයි, හැරපියයි, ඉවතලයි. ඒ පුණ්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි දායකො දානං දෙති, පටිග්ගාහකො පටිග්ගහෙත්වා න පරිභුඤ්ජති ජඩ්ඪෙති විස්සජ්ජෙති. හොති පුඤ්ඤං,
අනු. ඨ: ඉදින් දායකයා දන් දේ නම්, ප්‍රතිග්‍රාහක පිළිගෙන නො වළඳා නම්, හැරපියා නම්, ඉවත ලයි නම්, එ ද පුණ්‍ය වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පරිභොගමයං පුඤ්ඤං වඩ්ඩතී’ති.
අනු. පා: භවත, ‘පරිභෝගමය පුණ්‍ය වැඩේ’ යයි නො කියැයුතු මැ යැ.
10. ස. පු: පරිභොගමයං පුඤ්ඤං වඩ්ඪතී’ති.
10. ස. පු: පරිභෝගමය පුණ්‍ය වැඩේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දායකො දානං දෙති, පටිග්ගාහකෙ පටිග්ගහිතෙ රාජානො වා හරන්ති, චොරා වා හරන්ති, අග්ගි වා දහති, උදකං වා වහති, අප්පියා වා දායාදා හරන්ති. හොති පුඤ්ඤන්ති.
ස. අනු: දායකයා දන් දෙයි. ප්‍රතිග්‍රාහකයා පිළිගත් කල්හි රජහු හෝ පැහැර ගනිති. සොරු හෝ පැහැර ගනිති. ගිනි හෝ දවයි. දිය හෝ උසුලා යෙයි. අප්‍රිය දායාදයෝ හෝ පැහැර ගනිති. එ ද පුණ්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි දායකො දානං දෙති, පටිග්ගාහකෙ පටිග්ගහිතෙ රාජානො වා හරන්ති, චොරා වා හරන්ති, අග්ගි වා දහති, උදකං වා වහති, අප්පියා ව දායාදා හරන්ති, හොති පුඤ්ඤං,
අනු. ඨ: ඉදින් දායකයා දන් දෙයි, ප්‍රතිග්‍රාහක පිළිගත් කල්හි රජහු හෝ පැහැර ගනිති, සොරහු හෝ පැහැර ගනිති, ගිනි හෝ දවයි, දිය හෝ උසුලාගෙන යයි, අප්‍රිය දායාදයෝ හෝ පැහැර ගනිති, එ ද පුණ්‍ය වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පරිභොගමයං පුඤ්ඤං වඩ්ඩතී’ති.
අනු. පා: භවත, ‘පරිභෝගමය පුණ්‍ය වැඩේ’ යයි නො කියැයුතු මැ යැ.
පරිභොගමයපුඤ්ඤකථා නිට්ඨිතා.
පරිභෝගමය පුඤ්ඤකථා නිමි.