දානකථා
7. 4.
7. 4.
දානකථා.
දානකථා
[ත්‍යාගචේතනා යැ විරති යැ දේයධර්‍ම යැ යි දානයෝ තුන් දෙනෙකි. තුලුහු අර්‍ත්‍ථවශයෙන් චෛතසිකධර්‍ම යැ දේයධර්‍ම යැ යි දෙපරිදි වෙති. රාජගිරික සිද්ධත්ථික නිකායවාසීහු චෛතසිකධර්‍මය මැ දාන විසින් ගනිති, දේයධර්‍මය නො ගනිති. උන්ගේ වාද බිඳුනට දානකථා එයි.]
1. ස. පු: චෙතසිකො ධම්මො දානන්ති.
1. ස. පු: ‘දාන’ යනු චෛතසිකධර්‍ම වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලබ්භා චෙතසිකො ධම්මො පරෙසං දාතුන්ති.
ස. අනු: චෛතසිකධර්‍මය මෙරමාහට දෙන්නට හැකි වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: ලබ්භා චෙතසිකො ධම්මො පරෙසං දාතුන්ති.
ස. පු: චෛතසිකධර්‍මය මෙරමාහට දෙන්නට හැකි වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ. (ප්‍රාණවධ පරිත්‍යාගයෙන් වන විරතිය මෙරමාහට අභයදාන වේ නු යි කළ පිළින යි.)
ස. අනු: ලබ්භා ඵස්සො පරෙසං දාතුන්ති.
ස. අනු: ස්පර්ශය මෙරමාහට දෙන්නට හැකි වේ ද?
ප පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ලබ්භා වෙදනා -පෙ- සඤ්ඤා - චෙතනා - සද්ධා - විරියං - සති - සමාධි -පෙ- පඤ්ඤා පරෙසං දාතුන්ති.
ස. අනු: වේදනා … සංඥා … චේතනා … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥාචෛතසික මෙරමාහට දෙන්නට හැකි වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ප. පු: න වත්තබ්බං: චෙතසිකො ධම්මො දාන’න්ති.
2. ප. පු: ‘චෛතසිකධර්‍මය දාන’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: දානං අනිට්ඨඵලං අකන්තඵලං අමනුඤ්ඤඵලං සෙචනකඵලං දුක්ඛුද්රයං දුක්ඛවිපාකන්ති.
ප. අනු: දානය අනිටුඵල, අමිහිරිඵල, නොමනාඵල, සේචනකඵල, දුක් උදා දෙනු, දුක්විවා දෙනු වේ ද?
ස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. අනු: නනු දානං ඉට්ඨඵලං කන්තඵලං මනුඤ්ඤඵලං අසෙචනකඵලං සුඛුද්රයං සුඛවිපාකන්ති.
ප. අනු: දානය ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය සුඛවිපාක වන්නේ නො වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි දානං ඉට්ඨඵලං කන්තඵලං මනුඤ්ඤඵලං අසෙචනකඵලං සුඛුද්රයං සුඛවිපාකං,
අනු. ඨ: ඉදින් දානය ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: ‘චෙතසිකො ධම්මො දාන’න්ති.
අනු. පා: භවත, එකරුණින් ‘චෛතසිකධර්‍ම දාන වේ’ යයි කියැයුතු මැ යැ.
3. ස. පු: දානං ඉට්ඨඵලං වුත්තං භගවතා. චීවරං දානන්ති.
3. ප. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් දානය ඉෂ්ටඵල යයි වදාරන ලදි. චීවරය දානයෙක් වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: චීවරං ඉට්ඨඵලං කන්තඵලං මනුඤ්ඤඵලං අසෙචනකඵලං සුඛුද්රයං සුඛවිපාකන්ති.
ප. අනු: චීවරය ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ ද?
ස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. පු: දානං ඉට්ඨඵලං වුත්තං භගවතා. පිණ්ඩපාතො -පෙ- සෙනාසනං -පෙ- ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරො දානන්ති.
ප. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘දානය ඉෂ්ටඵල’ යයි වදාරන ලදි. පිණ්ඩපාත … ශයනාසන … ගිලන්පස බෙහෙත් පිරිකර යන මේ දාන වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරො ඉට්ඨඵලො කන්තඵලො මනුඤ්ඤඵලො අසෙචනකඵලො සුඛුද්රයො සුඛවිපාකො’ති.
ප. අනු: ගිලන්පස බෙහෙත්පිරිකර ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක වේ ද?
ස පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
4. ප. පු: න වත්තබ්බං ‘චෙතසිකො ධම්මො දාන’න්ති.
4. ප. පු: ‘චෛතසිකධර්‍මය දාන’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත්තං භගවතා:
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
“සද්ධා හිරියං කුසලං ච දානං ධම්මා එතෙ සප්පුරිසානුයාතා, එතං හි දානං දිබ්බං වදන්ති එතෙන හි ගච්ඡති දෙවලොකන්ති”
“ශ්‍රද්ධා යැ, හ්‍රී යැ, කුශල වූ චේතනා යැ යන තෙල ධර්මයෝ සත්පුරුෂානුගත ධර්මයෝ යැ. තෙල ත්යාගචේතනාඛ්ය දානය වනාහි දිව්‍ය කොට කියත්. තෙල ත්‍යාගචේතනා දානයෙන් දෙව්ලෝ යෙයි.”
අත්ථෙ’ව සුත්තන්තො’ති.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: තෙන හි ‘චෙතසිකො ධම්මො දාන’න්ති.
ප. නිග: එකරුණින් චෛතසිකධර්‍ම දාන වෙයි.
5. ප. පු: න වත්තබ්බං: චෙතසිකො ධම්මො දාන’න්ති.
5. ප. පු: චෛතසිකධර්‍මය ‘දාන’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත්තං භගවතා: “පඤ්චිමානි භික්ඛවෙ දානානි මහාදානානි අග්ගඤ්ඤානි රත්තඤ්ඤානි වංසඤ්ඤානි පොරාණානි අසංකිණ්ණානි අසංකිණ්ණපුබ්බානි න සඞ්කීයන්ති න සඞ්කීයිස්සන්ති අප්පතිකුට්ඨානි සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි. කතමානි පඤ්ච:
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, අග්‍ර යයි දතයුතු, බොහෝ කල් පැවැත්තහ යි දතයුතු, වංශයහ යි දතයුතු, පෞරාණ වූ, පෙර සිට නො හරනලද, (පෙර බුදුවරුන් විසිනුදු ‘මින් කිමැ’ යි) අනපනීත වූ, දැනුදු අනපනීත වූ, මතුයෙහිදු අනපනීත වන, ශ්‍රමණ බ්‍රාහ්මණ විඥයන් විසින් අනින්දිත වූ මේ මහාදානයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
ඉධ භික්ඛවෙ අරියසාවකො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති. පාණාතිපාතා පටිවිරතො භික්ඛවෙ අරියසාවකො අපරිමාණානං සත්තානං අභයං දෙති, අවෙරං දෙති, අබ්යාපජ්ඣං දෙති. අපරිමාණානං සත්තානං අභයං දත්වා අවෙරං දත්වා අබ්යාපජ්ඣං දත්වා අපරිමාණස්ස අභයස්ස අවෙරස්ස අබ්යාපජ්ඣස්ස භාගී හොති. ඉදං භික්ඛවෙ පඨමං දානං මහාදානං අග්ගඤ්ඤං රත්තඤ්ඤං වංසඤ්ඤං පොරාණං අසංකිණ්ණං අසංකිණ්ණපුබ්බං න සඞ්කීයති න සඞ්කීයිස්සති, අප්පතිකුට්ඨං සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි.
මහණෙනි, මෙසස්නෙහි අරීසවු පණිවා පියා පණිවායෙන් වැළැකුණේ වෙයි. මහණෙනි, පණිවායෙන් වැළැකුණු ආර්‍ය්‍ය ශ්‍රාවක අප්‍රමාණ සත්ත්වයනට අභයදාන දෙයි. අවෛරය දෙයි. අව්‍යාපාදය දෙයි. අප්‍රමාණ සත්ත්වයනට අභය අවෛර අව්‍යාපාද දී අප්‍රමාණ අභයට අවෛරයට අව්‍යාපාදයට භාගී වෙයි. මහණෙනි, අග්‍ර යයි දතයුතු, චිරකල් පැවැත්තහ යි දතයුතු, වංශාගතයහ යි දතයුතු, පොරාණ වූ, නො හරනාලද, (පෙර බුදුන් විසිනුදු) නො හරන ලද, මෙක ලද නො හරන, මතුයෙහිදු නො හරනු ලබන, විඥ මහණ බමුණන් විසින් අගර්හිත වූ මේ පළමු වන මහාදාන යයි.
පුන චපරං භික්ඛවෙ අරියසාවකො අදින්නාදානං පහාය -පෙ- කාමෙසු මිච්ඡාචාරං පහාය -පෙ- මුසාවාදං පහාය -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො භික්ඛවෙ අරියසාවකො අපරිමාණානං සත්තානං අභයං දෙති, අවෙරං දෙති, අබ්යාපජ්ඣං දෙති. අපරිමාණානං සත්තානා අභයං දත්වා අවෙරං දත්වා අබ්යාපජ්ඣං දත්වා අපරිමාණස්ස අභයස්ස අවෙරස්ස අබ්යාපජ්ඣස්ස භාගී හොති. ඉදං භික්ඛවෙ පඤ්චමං දානං මහාදානං අග්ගඤ්ඤං රත්තඤ්ඤං වංසඤ්ඤං පොරාණං අසංකිණ්ණං අසංකිණ්ණපුබ්බං න සංකීයති සංකීයිස්සති, අප්පතිකුට්ඨං සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහි ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච දානානි මහාදානානි අග්ගඤ්ඤානි රත්තඤ්ඤානි වංසඤ්ඤානි පොරාණානි අසංකිණ්ණානි අසංකිණ්ණපුබ්බානි න සඞ්කීයන්ති න සඞ්කීයිස්සන්ති, අප්පතිකුට්ඨානි සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහී”ති. අත්ථෙ’ව සුත්තන්තො’ති.
තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක අයිනාදන් හැර … කාමයෙහි මිසහසර හැර … මුසවාහැර … මදපමා දෙකට කරුණු වූ රහමෙර හැර මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියේ වෙයි. මහණෙනි, මදපමා දෙකට කරුණු වු රහමෙරින් වැළැකුණු ආර්‍ය්‍යශ්‍රාවක අප්‍රමාණ සත්ත්වයනට අභය දෙයි. අවෛර දෙයි. අව්‍යාපාද දෙයි. අප්‍රමාණ සත්ත්වයනට අභය දී අවෛර දී අව්‍යාපාද දී අප්‍රමාණ අභයට අවෛරයට අව්‍යාපාදයට භාගී වෙයි. මහණෙනි, අග්‍ර යයි දතයුතු, බොහෝකල් පැවැත්තහ යි දතයුතු, වංශාගතයහ යි දතයුතු, පැරැණි වූ, අනපනීත වූ, පෙර බුදුන්විසිනුදු නො හරනලද, දැනුදු නො හරන, මතුයෙහිදු නො හරනු ලබන, විඥ මහණ බමුණන් විසින් අගර්හිත වූ මේ පස්වන මහාදාන යි. මහණෙනි, ‘අග්‍රයහ’ යි දතයුතු ‘චිරකල් පැවැත්තහ’ යි දතයුතු, ‘වංශාගතයහ’ යි දතයුතු, පැරැණි, අපනීත නො වූ, පෙර බුදුවරුන් විසිනුදු නො හරනලද, දැනුදු නො හරන, මතුයෙහිදු නො හරන, විඥ මහණ බමුණන් විසින් අගර්හිත මේ මහාදානයෝ පස්දෙනෙකි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: තෙන හි ‘චෙතසිකො ධම්මො දාන’න්ති.
ප. නිග: එකරුණින් ‘චෛතසිකධර්‍ම දාන’ වෙයි.
6. ස. පු: න වත්තබ්බං: දෙය්යධම්මො දාන’න්ති.
6. ස. පු: ‘දේයධර්‍ම දාන වෙති’ යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා “ඉධෙකච්චො අන්නං දෙති, පානං දෙති, වත්ථං දෙති, යානං දෙති, මාලං දෙති, ගන්ධං දෙති, විලෙපනං දෙති, සෙය්යං දෙති, ආවසථං දෙති, පදීපෙය්යං දෙතී”ති. අත්ථෙ’ව සුත්තන්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නො: “මෙලොව ඇතැමෙක් ආහාර දෙයි, පාන දෙයි, වස්ත්‍ර දෙයි, යාන දෙයි, මාලා දෙයි, ගන්ධ දෙයි, විලෙවුන් දෙයි, යහන් දෙයි, ආවාස දෙයි, පහනට තෙල් දෙයි” යනුවෙන් වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: තෙන හි ‘දෙය්යධම්මො දාන’න්ති.
ස. නිග: එකරුණින් ‘දේයධර්‍ම දාන’ වෙයි.
7. ප. පු: දෙය්යධම්මො දාන’න්ති.
7. ප. පු: දේයධර්‍ම දාන වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: දෙය්යධම්මො ඉට්ඨඵලො කන්තඵලො මනුඤ්ඤඵලො අසෙචනකඵලො සුඛුද්රයො සුඛවිපාකො’ති.
ප. අනු: දේයධර්‍මය ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසෙචනක (පියවිරස) ඵල, සුඛුද්‍රය (සුව උදාදෙන), සුඛවිපාක ඇත්තේ වේ ද?
ස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: දානං ඉට්ඨඵලං වුත්තං භගවතා: චීවරං දානන්ති.
8. ප. පු: ‘දානය ඉෂ්ටඵල ඇතැ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද යැ. චීවරය ‘දාන’ වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: චීවරං ඉට්ඨඵලං කන්තඵලං මනුඤ්ඤඵලං අසෙචනකඵලං සුඛුද්රයං සුඛවිපාකන්ති.
ප. අනු: චීවරය ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක ඇත්තේ වේ ද?
ස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: දානං ඉට්ඨඵලං වුත්තං භගවතා: පිණ්ඩපාතො දානං -පෙ- සෙනාසනං දානං -පෙ- ගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරො දානන්ති.
9. ප. පු: ‘දානය ඉෂ්ටඵල වෙති’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද යැ. පිණ්ඩපාතය දාන වේ ද, … ශයනාසන දාන වේ ද, … ගිලන්පස බෙහෙත්පිරිකර දාන වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරො ඉට්ඨඵලො කන්තඵලො මනුඤ්ඤඵලො අසෙචනකඵලො සුඛුද්රයො සුඛවිපාකො’ති.
ප. අනු: ගිලන්පසබෙහෙත්පිරිකර ඉෂ්ටඵල, කාන්තඵල, මනෝඥඵල, අසේචනකඵල, සුඛුද්‍රය, සුඛවිපාක ඇත්තේ වේ ද?
ස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. නිග: තෙන හි න වත්තබ්බං: දෙය්යධම්මො දානන්ති.
ප. නිග: එකරුණින් ‘දේයධර්‍ම දාන වෙති’ යි නො කියැයුතු මැ යැ.
දානකථා නිට්ඨිතා.
දානකථා නිමි.