යෙදුමෙන් කියවන්න

චෙතසිකකථා

7. 3.

7. 3.

චෙතසිකකථා.

චේතසිකකථා

[‘චෛතසිකධර්‍ම නැති’ යි රාජගිරික සිද්ධත්‍ථික නිකායවාසීන් සෙයින් වාද ගත්තවුන්ගේ වාද බිඳුනට චෛතසික කථා එයි.]

1. ස. පු: නත්‍ථී චෙතසිකො ධම‍්මො’ති.

1. ස. පු: චෛතසිකධර්‍ම නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු අත්‍ථී කෙචි ධම‍්මා චිත‍්තෙන සහගතා සහජාතා සංසට‍්ඨා සම‍්පයුත‍්තා එකුප‍්පාදා එකනිරොධා එකවත්‍ථුකා එකාරම‍්මණා’ති.

ස. අනු: චිත්තයා හා සහගත, සහජාත, හැනීගිය, සම්ප්‍රයුක්ත, එක්ව උපත් ඇති, ඒකනිරෝධ, ඒකවස්තුක, ඒකාලම්බන සැහැවි ඇති, කිසි ධර්‍ම කෙනෙක් ඇත්තාහු නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අත්‍ථී කෙචි ධම‍්මා චිත‍්තෙන සහගතා සහජාතා සංසට‍්ඨා සම‍්පයුත‍්තා එකුප‍්පාදා එකනිරොධා එකවත්‍ථුකා එකාරම‍්මණා,

අනු. ඨ: ඉදින් චිත්තයා හා සහගත, සහජාත, සංසෘෂ්ට, සම්ප්‍රයුක්ත, ඒකෝත්පාද, ඒකනිරෝධ, ඒකවස්තුක, ඒකාලම්බන සැහැවි ඇති, කිසි ධර්‍ම කෙනෙක් ඇත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: නත්‍ථී චෙතසිකො ධම‍්මො’ති.

අනු. පා: භවත, ‘චෛතසික ධර්‍ම නැති’ යි නො කියැයුතු මැ යැ.

2. ස. පු: ඵස‍්සො චිත‍්තෙන සහජාතො’ති.

2. ස. පු: ස්පර්‍ශය චිත්තය හා සහජාත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු ඨ: හඤ‍්චි ඵස‍්සො චිත‍්තෙන සහජාතො,

අනු. ඨ: ඉදින් ස්පර්‍ශය චිත්තය හා සහජාත වේ නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: ඵස‍්සො චෙතසිකො’ති.

අනු. පා: භවත, එකරුණින් ‘ස්පර්‍ශය චෛතසික යැ’යි කියැයුතු මැ යැ.

3. ස. පු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- චෙතනා -පෙ- සද‍්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ‍්ඤා -පෙ- රාගො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- අනොත‍්තප‍්පං චිත‍්තෙන සහජාතන‍්ති.

3. ස. පු: වේදනා … සංඥා … චේතනා … ශ්‍රද්ධා වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥා … රාග … ද්වේෂ … මෝහ … අනපත්‍රපා චිත්තය හා සහජාත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු ඨ: හඤ‍්චි අනොත‍්තප‍්පං චිත‍්තෙන සහජාතං,

අනු. ඨ: ඉදින් අනපත්‍රපා චිත්තය හා සහජාත වේ නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: අනොත‍්තප‍්පං චෙතසිකන‍්ති.

අනු. පා: භවත, එකරුණින් ‘අනපත්‍රපා චෛතසික යැ’ යි කියැයුතු මැ යැ.

4. ප. පු: ‘චිත‍්තෙන සහජාතා’ති කත්‍වා චෙතසිකා’ති.

4. ප. පු: ‘චිත්තය හා සහජාතයහ’ යි හේතු කොට ගෙන චෛතසිකයෝ වෙත් ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: ‘ඵස‍්සෙන සහජාතා’ති කත්‍වා ඵස‍්සිකා’ති.

ප. අනු: ‘ස්පර්‍ශය හා සහජාතයහ’ යි හේතු කොට ගෙන ස්පාර්ශිකයෝ වෙත් ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. පු: ‘චිත‍්තෙන සහජාතා’ති කත්‍වා චෙතසිකා’ති.

ප. පු: ‘චිත්තය හා සහජාතයහ’ යි හේතු කොට ගෙන චෛතසිකයෝ වෙත් ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- චෙතනාය -පෙ- සද‍්ධාය -පෙ- විරියෙන -පෙ- සතියා -පෙ- සමාධිනා -පෙ- පඤ‍්ඤාය -පෙ- රාගෙන -පෙ- දොසෙන -පෙ- මොහෙන -පෙ- අනොත‍්තප‍්පෙන සහජාතා’ති කත්‍වා අනොත‍්තප‍්පිකා’ති.

ප. අනු: ‘වේදනාව හා … සංඥාව හා … චේතනාව හා … ශ්‍රද්ධාව හා … වීර්‍ය්‍යය හා … ස්මෘතිය හා … සමාධිය හා … ප්‍රඥාව හා … රාගය හා … ද්වේෂය හා … මෝහය හා … අනපත්‍රපාව හා … සම්ප්‍රයුක්ත වශයෙන් සහජාතයහ’ යි හේතු කොට ගෙන ‘අනොත්තප්පිකාවෝ’ වෙත් ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

5. ස. පු: නත්‍ථී චෙතසිකො ධම‍්මො’ති.

5. ස. පු: චෛතසිකධර්‍ම නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා:

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු

“චිත‍්තං හිදං චෙතසිකා ච ධම‍්මා අනත‍්තතො සංවිදිතස‍්ස හොන‍්ති. හීනප‍්පණීතං තදුභයෙ විදිත්‍වා සම‍්මද‍්දසො වෙදි පලොකධම‍්මන‍්ති”

“චිත්තචෛතසිකධර්‍මයෝ චතුස්සත්‍යාවබෝධය කළ මහණහට අනාත්ම හෙයින් වෙති. ඒ චිත්තචෛතසිකයන් හීනප්‍රණීත කොට දැන විදර්‍ශනා ප්‍රඥායෙන් මොනොවට දක්නා මහණ අනිත්‍ය ධර්‍මය දන්නේ යැ” යි

අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. නිග: තෙන හි අත්‍ථී ‘චෙතසිකො ධම‍්මො’ති.

ස. නිග: එකරුණින් චෛතසිකධර්‍ම ඇත.

6. ස. පු: නත්‍ථී චෙතසිකො ධම‍්මො’ති.

6. ස. පු: චෛතසිකධර්‍ම නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා “ඉධ කෙවට‍්ට භික‍්ඛු පරසත‍්තානං පරපුග‍්ගලානං චිත‍්තම‍්පි ආදිසති, චෙතසිකම‍්පි ආදිසති, විතක‍්කිතම‍්පි ආදිසති, විචාරිතම‍්පි ආදිසති: එවම‍්පි තෙ මනො. ඉත්‍ථම‍්පි තෙ මනො. ඉතිපි තෙ චිත‍්ත’න‍්ති” අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො: “කෙවට්ටය, මෙ සස්නෙහි මහණ පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත ද කියයි, චෛතසිකය ද කියයි, විතර්‍කණා ද කියයි, විචාරණා ද කියයි: තාගේ සිත මෙසේත් වෙයි, තාගේ සිත ඉත්‍ථමප්‍රකාරත් වෙයි, තාගේ සිත මෙපරිදි දු වේ” යි ප්‍රකට කොට කියා යි. මෙසේ වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. නිග: තෙන හි ‘අත්‍ථී චෙතසිකො ධම‍්මො’ති.

ස. නිග: එ කරුණින් චෛතසික ධර්‍ම ඇත.

චෙතසිකකථා නිට‍්ඨිතා.

චෛතසිකකථා නිමි.