සම්පයුත්තකථා
7. 2.
7. 2.
සම‍්පයුත‍්තකථා.
සම්පයුත්තකථා
[යම් හෙයකින් තලයෙහි පැතිර සිටුනා තෙල සෙයින් වේදනාදි ධර්‍මයෝ සංඥාදි ධර්‍මයෙහි අනුප්‍රවිෂ්ට වූවාහු නො වෙත් ද, එහෙයින් කිසි ධර්‍ම කෙනෙකුන් හා සම්ප්‍රයුක්ත වූ කිසි ධර්‍ම කෙනෙක් නැත. එසේ වත් මැ ‘ඥාන සම්ප්‍රයුක්ත යනාදිය නිරර්‍ත්‍ථක වෙති’යි රාජගිරික සිද්ධත්‍ථික ආදි නිකායවාසීන් සෙයින් වාද ගත්තවුන්ගේ වාද බිඳුනට සම්ප්‍රයුක්තකථා එයි.]
1. ස. පු: නත්‍ථී කෙචි ධම‍්මා කෙහිචි ධම‍්මෙහි සම‍්පයුත‍්තා’ති.
1. ස. පු: කිසි ධර්‍ම කෙනෙකුන් සම්ප්‍රයුක්ත වූ කිසි ධර්‍ම කෙනෙක් නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අත්‍ථී කෙචි ධම‍්මා කෙහිචි ධම‍්මෙහි සහගතා සහජාතා සංසට‍්ඨා එකුප‍්පාදා එකනිරොධා එකවත්‍ථුකා එකාරම‍්මණා’ති.
ස. අනු: කිසි ධර්‍ම කෙනකුන් හා සහගත, සහජාත, සසට, ඒකෝත්පාද, ඒකනිරෝධ, ඒකවස්තුක, ඒකාලම්බන කිසි ධර්‍ම කෙනෙක් ඇත්තාහු නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අත්‍ථී කෙචි ධම‍්මා කෙහිචි ධම‍්මෙහි සහගතා සහජාතා සංසට‍්ඨා එකුප‍්පාදා එකනිරොධා එකවත්‍ථුකා එකාරම‍්මණා,
අනු. ඨ: ඉදින් කිසි ධර්‍ම කෙනෙකුන් හා සහගත, සහජාත, සංසෘෂ්ට, ඒකෝත්පාද, ඒකනිරෝධ, ඒකවස්තුක, ඒකාලම්බන සැහැවි ඇති කිසි ධර්‍ම කෙනෙක් ඇත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: නත්‍ථී කෙචි ධම‍්මා කෙහිචි ධම‍්මෙහි සම‍්පයුත‍්තා’ති.
අනු. පා: භවත, ‘කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වූ කිසි ධර්‍ම කෙනෙක් නැති’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධෙන සහජාතො’ති.
2. ස. පු: වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය හා සහජාත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අත්‍ථී වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධෙන සහජාතො,
අනු. ඨ: ඉදින් වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය හා සහජාත වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධෙන සම‍්පයුත‍්තො’ති.
අනු. පා: භවත, එකරුණින් ‘වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය හා සම්ප්‍රයුක්ත වේ’ යයි කියැයුතු මැ යැ.
ස. අනු: වෙදනාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධෙන සහජාතො’ති.
ස. අනු: වේදනාස්කන්‍ධය සංස්කාරස්කන්‍ධ විඥානස්කන්‍ධ දෙක හා සහජාත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි වෙදනාක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධෙන සහජාතො,
අනු. ඨ: ඉදින් වේදනාස්කන්‍ධය විඥානස්කන්‍ධය හා සහජාත වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: වෙදනාක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධෙන සම‍්පයුත‍්තො’ති.
අනු. පා: භවත, එකරුණින් ‘වේදනාස්කන්‍ධය විඥානස්කන්‍ධය හා සම්ප්‍රයුක්ත වේ’ යයි කියැයුතු මැ යැ.
ස. අනු: සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො වෙදනාක‍්ඛන්‍ධෙන සඤ‍්ඤාක‍්ඛන්‍ධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙන සහජාතො’ති.
ස. අනු: සංඥා සංස්කාර විඥානස්කන්‍ධ තුන වේදනා සංඥා සංස්කාරස්කන්‍ධයන් හා සහජාත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි විඤ‍්ඤාණක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙන සහජාතො,
අනු. ඨ: ඉදින් විඥානස්කන්‍ධය සංස්කාරස්කන්‍ධය හා සහජාත වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: විඤ‍්ඤාණක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙන සම‍්පයුත‍්තො’ති.
අනු. පා: භවත, එකරුණින් ‘විඥානස්කන්‍ධය සංස්කාරස්කන්‍ධය හා සම්ප්‍රයුක්ත වේ’ යයි කියැයුතු මැ යැ.
ප. පු: යථා තීලම‍්හි තෙලං අනුගතං අනුපවිට‍්ඨං, උච‍්ඡුම‍්හි රසො අනුගතො අනුපවිට‍්ඨො, එවමෙව තෙ ධම‍්මා තෙහි ධම‍්මෙහි අනුගතා අනුපවිට‍්ඨා’ති.
ප. පු: යම්සේ තලයෙහි තෙල අනුගත වැ අනුප්‍රවිෂ්ට වැ ඇද්ද, උගුයෙහි රස අනුගත වැ අනුප්‍රවිෂ්ට වැ ඇද්ද, එපරිදි මැ ඒ දහම්හු ඒ දහමුන් හා අනුගත වැ අනුප්‍රවිෂ්ට වැ ඇත්තාහු වෙත් ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ.
සම‍්පයුත‍්තකථා නිට‍්ඨිතා.
සම්පයුත්තකථා නිමි.