යෙදුමෙන් කියවන්න

සඞ‍්ගහිතකථා

7. 1.

7. 1.

සඞ‍්ගහිතකථා.

සඞ්ගහිතකථා

[දාමාදියෙන් බලවර්‍දයන් සෙයින් කිසි ධර්‍ම කෙනෙකුන් විසින් සඞ්ගෘහීත වූ කිසි ධර්‍ම කෙනෙක් නැත. එසේ වත් මැ ‘ඒකවිධෙන රූපසඞ්ගහො’ යනාදිය නිරර්‍ත්‍ථක යැ යි රාජගිරිකයන් සිද්ධාර්ත්‍ථිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට සඞ්ගහිතකථා එයි.]

1. ස. පු: නත්‍ථී කෙචි ධම‍්මා කෙහිචි ධම‍්මෙහි සඞ‍්ගහිතා’ති.

1. ස. පු: කිසි ධර්‍ම කෙනකුන් විසින් සඞ්ගෘහීත වූ කිසි ධර්‍ම කෙනෙක් නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු අත්‍ථී කෙචි ධම‍්මා කෙහිචි ධම‍්මෙහි ගණනං ගච‍්ඡන‍්ති, උද‍්දෙසං ගච‍්ඡන‍්ති. පරියාපන‍්නා’ති.

ස. අනු: කිසි ධර්‍ම කෙනකුන් විසින් ගණනයට යන, උද්දේසයට යන, පර්‍ය්‍යාපන්න වූ කිසි ධර්‍ම කෙනෙක් ඇත් මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අත්‍ථී කෙචි ධම‍්මා කෙහිචි ධම‍්මෙහි ගණනං ගච‍්ඡන‍්ති, උද‍්දෙසං ගච‍්ඡන‍්ති පරියාපන‍්නා,

අනු. ඨ: ඉදින් කිසි ධර්‍ම කෙනකුන් විසින් ගණනයට යන, උද්දේසයට යන, පර්‍ය්‍යාපන්න වූ කිසි ධර්‍ම කෙනෙක් ඇත් නම්,

අනු පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: නත්‍ථී කෙචි ධම‍්මා කෙහිචි ධම‍්මෙහි සඞ‍්ගහිතා’ති.

අනු. පා: භවත, ‘කිසි ධර්‍ම කෙනකුන් විසින් සඞ්ගෘහීත වූ කිසි ධර්‍ම කෙනෙක් නැතැ’ යි නො කියැයුතු මැ යැ.

2. ස. පු: චක‍්ඛායතනං කතමං ඛන්‍ධගණනං ගච‍්ඡතී’ති.

2. ස. පු: චක්ඛායතනය කවර ස්කන්‍ධගණනාවකට යේ ද?

ප. පටිඤ‍්ඤා: රූපක‍්ඛන්‍ධගණනං ගච‍්ඡතී’ති.

ප. පටිඤ්ඤා: රූපස්කන්‍ධගණනාවට (සඞ්ඛ්‍යාවට) යෙයි.

අනු. ඨ: හඤ‍්චි චක‍්ඛායතනං රූපක‍්ඛන්‍ධගණනං ගච‍්ඡති,

අනු. ඨ: ඉදින් චක්ඛායතනය රූපස්කන්‍ධ සඞ්ඛ්‍යාවට යේ නම්,

අනු පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: චක‍්ඛායතනං රූපක‍්ඛන්‍ධෙන සඞ‍්ගහිත’න‍්ති.

අනු. පා: භවත, එ කරුණින් ‘චක්ඛායතනය රූපස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.

ස. පු: සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව‍්හායතනං -පෙ- කායායතනං කතමං ඛන්‍ධගණනං ගච‍්ඡතී’ති.

ස. පු: සෝතායතන … ඝානායතන … ජිව්හායතන … කායායතන කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?

ප. පටිඤ‍්ඤා: රූපක‍්ඛන්‍ධගණනං ගච‍්ඡති.

ප. පටිඤ්ඤා: රූපස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.

අනු. ඨ: හඤ‍්චි කායායතනං රූපක‍්ඛන්‍ධගණනං ගච‍්ඡති,

අනු. ඨ: ඉදින් කායායතන රූපස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: කායායතනං රූපක‍්ඛන්‍ධෙන සඞ‍්ගහිත’න‍්ති.

අනු. පා: භවත, එකරුණින් ‘කායායතනය රූපස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.

3. ස. පු: රූපායතනං -පෙ- සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං කතමං ඛන්‍ධගණනං ගච‍්ඡතී’ති.

3. ස. පු: රූපායතනය … සද්දායතනය … ගන්‍ධායතනය … රසායතනය … ඵොට්ඨබ්බායතනය කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?

ප. පටිඤ‍්ඤා: රූපක‍්ඛන්‍ධගණනං ගච‍්ඡතී’ති.

ප. පටිඤ්ඤා: රූපස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.

අනු. ඨ: හඤ‍්චි ඵොට‍්ඨබ‍්බායතනං රූපක‍්ඛන්‍ධගණනං ගච‍්ඡති,

අනු. ඨ: ඉදින් ඵොට්ඨබ්බායතන රූපස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,

අනු පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: ඵොට‍්ඨබ‍්බායතනං රූපක‍්ඛන්‍ධෙන සඞ‍්ගහිත’න‍්ති.

අනු. පා: භවත, එකරුණින් ‘ඵොට්ඨබ්බායතනය රූපස්කන්‍ධ සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.

4. ස. පු: සුඛා වෙදනා කතමං ඛන්‍ධගණනං ගච‍්ඡතී’ති.

4. ස. පු: සුඛවේදනා කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?

ප. පටිඤ‍්ඤා: වෙදනාක‍්ඛන්‍ධගණනං ගච‍්ඡතී’ති.

ප. පටිඤ්ඤා: වේදනාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.

අනු. ඨ: හඤ‍්චි සුඛා වෙදනා වෙදනාක‍්ඛන්‍ධගණනං ගච‍්ඡති,

අනු. ඨ: ඉදින් සුඛවේදනා වේදනාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,

අනු පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: සුඛා වෙදනා වෙදනාක‍්ඛන්‍ධෙන සඞ‍්ගහිතා’ති.

අනු. පා: භවත, එකරුණින් ‘සුඛවේදනා වේදනාස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.

ස. පු: දුක‍්ඛා වෙදනා -පෙ- අදුක‍්ඛමසුඛා වෙදනා කතමං ඛන්‍ධගණනං ගච‍්ඡතී’ති.

ස. පු: දුඃඛවේදනා … උපේක්‍ෂාවේදනා කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?

ප. පටිඤ‍්ඤා: වෙදනාක‍්ඛන්‍ධගණනං ගච‍්ඡතීති.

ප. පටි: වේදනාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.

අනු. ඨ: හඤ‍්චි අදුක‍්ඛමසුඛා වෙදනා වෙදනාක‍්ඛන්‍ධගණනං ගච‍්ඡති,

අනු. ඨ: ඉදින් උපේක්‍ෂාවේදනා වේදනාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: අදුක‍්ඛමසුඛා වෙදනා වෙදනාක‍්ඛන්‍ධෙන සඞ‍්ගහිතා’ති.

අනු. පා: භවත, එකරුණින් ‘උපේක්‍ෂාවේදනා වේදනාස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ

5. ස. පු: චක‍්ඛුසම‍්ඵස‍්සජා සඤ‍්ඤා කතමං ඛන්‍ධගණනං ගච‍්ඡතී’ති.

5. ස. පු: චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥාව කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?

ප. පටිඤ‍්ඤා: සඤ‍්ඤාක‍්ඛන්‍ධගණනං ගච‍්ඡතී’ති.

ප. පටිඤ්ඤා: සංඥාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.

අනු. ඨ: හඤ‍්චි චක‍්ඛුසම‍්ඵස‍්සජා සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධගණනං ගච‍්ඡති,

අනු. ඨ: ඉදින් චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥාව සංඥාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,

අනු පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: චක‍්ඛුසම‍්ඵස‍්සජා සඤ‍්ඤාක‍්ඛන්‍ධෙන සඞ‍්ගහිතා’ති.

අනු. පා: භවත, එ කරුණින් ‘චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥාව සංඥාස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.

ස. පු: සොතාසම‍්ඵස‍්සජා සඤ‍්ඤා -පෙ- මනොසම‍්ඵස‍්සජා සඤ‍්ඤා කතමං ඛන්‍ධගණනං ගච‍්ඡතී’ති.

ස. පු: සෝතසම්ඵස්සයෙන් උපන් සංඥාව … මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?

ප. පටිඤ‍්ඤා: සඤ‍්ඤාක‍්ඛන්‍ධගණනං ගච‍්ඡතී’ති.

ප. පටිඤ්ඤා: සංඥාස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.

අනු. ඨ: හඤ‍්චි මනොසම‍්ඵස‍්සජා සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධගණනං ගච‍්ඡති,

අනු. ඨ: ඉදින් මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව සංඥාස්කන්‍ධ සඞ්ඛ්‍යාවට යේ නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: මනොසම‍්ඵස‍්සජා සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධෙන සඞ‍්ගහිතා’ති.

අනු. පා: භවත, එකරුණින් ‘මනෝසම්ඵස්සයෙන් උපන් සංඥාව සංඥාස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.

6. ස. පු: චක‍්ඛුසම‍්ඵස‍්සජා චෙතනා -පෙ- මනොසම‍්ඵස‍්සජා චෙතනා කතමං ඛන්‍ධගණනං ගච‍්ඡතී’ති.

6. ස. පු: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනාව … මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?

ප. පටිඤ‍්ඤා: සඞ‍්ඛාරක‍්ඛන්‍ධගණනං ගච‍්ඡතී’ති.

ප. පටිඤ්ඤා: සංස්කාරස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.

අනු. ඨ: හඤ‍්චි මනොසම‍්ඵස‍්සජා චෙතනා සඞ‍්ඛාරක‍්ඛන්‍ධගණනං ගච‍්ඡති,

අනු. ඨ: ඉදින් මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව සංස්කාරස්කන්‍ධ සඞ්ඛ්‍යාවට යේ නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: මනොසම‍්ඵස‍්සජා චෙතනා සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙන සඞ‍්ගහිතා’ති.

අනු. පා: භවත, එ කරුණින් ‘මනෝසම්ඵස්සයෙන් උපන් චේතනාව සංස්කාරස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.

7. ස. පු: චක‍්ඛුවිඤ‍්ඤාණං -පෙ- මනොවිඤ‍්ඤාණං කතමං ඛන්‍ධගණනං ගච‍්ඡතී’ති.

7. ස. පු: චක්ඛුවිඤ්ඤාණය … මනෝවිඤ්ඤාණය කවර ස්කන්‍ධසඞ්ඛ්‍යාවකට යේ ද?

ප. පටිඤ‍්ඤා: විඤ‍්ඤාණක‍්ඛන්‍ධගණනං ගච‍්ඡතී’ති.

ප. පටිඤ්ඤා: විඤ්ඤාණස්කන්‍ධසඞ්ඛ්‍යාවට යෙයි.

අනු. ඨ: හඤ‍්චි මනොවිඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධගණනං ගච‍්ඡති,

අනු. ඨ: ඉදින් මනෝවිඥානය විඥානස්කන්‍ධසඞ්ඛ්‍යාවට යේ නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: මනොවිඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධෙන සඞ‍්ගහිත’න‍්ති.

අනු. පා: භවත, එකරුණින් ‘මනෝවිඥානය විඥානස්කන්‍ධ විසින් සඞ්ගෘහීත වෙයි’ යනු කියැයුතු මැ යැ.

8. ප. පු: යථා දාමෙන වා යොත‍්තෙන වා ද‍්වෙ බලිවද‍්දා සඞ‍්ගහිතා, සික‍්කාය පිණ‍්ඩපාතො සඞ‍්ගහිතො, සා ගද‍්දුලෙන සඞ‍්ගහිතො එවමෙව තෙ ධම‍්මා තෙහි ධම‍්මෙහි සඞ‍්ගහිතා’ති.

8. ප. පු: යම්සේ දමින් හෝ යොතින් හෝ බලිවර්‍දයෝ දෙදෙනෙක් සඞ්ගෘහීත වෙත් ද, සහල්ලෙන් පිණ්ඩපාතය සඞ්ගෘහීත වේ ද, සුනඛයෙක් ගර්දුලබන්‍ධයෙන් (බලුදමින්) සඞ්ගෘහීත වේ ද, එසෙයින් මැ ඒ ධර්‍මයෝ ඒ ධර්‍මයන් විසින් සඞ්ගෘහීත වෙත් ද?

පටි. ඨ: හඤ‍්චි දාමෙන වා යොත‍්තෙන වා ද‍්වෙ බලිව‍්දදා සඞ‍්ගහිතා, සික‍්කාය පිණ‍්ඩපාතො සඞ‍්ගහිතො, සා ගද‍්දුලෙන සඞ‍්ගහිතො,

පටි. ඨ: ඉදින් දමින් හෝ යොතින් හෝ බලිවර්‍දයෝ දෙදෙනෙක් සඞ්ගෘහීත වෙත් නම්, සහල්ලෙන් පිණ්ඩපාතය සඞ්ගෘහීත වේ නම්, සුනඛයා ගර්දුලබන්‍ධයෙන් සඞ්ගෘහීත වේ නම්,

පටි. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: “අත්‍ථී කෙචි ධම‍්මා කෙහිචි ධම‍්මෙහි සඞ‍්ගහිතා”ති.

පටි. පා: භවත, එකරුණින් ‘කිසි ධර්‍ම කෙනකුන් විසින් සඞ්ගෘහීත කිසි ධර්‍ම කෙනෙක් ඇතැ’ යි කියැයුතු මැ යැ.

සඞ‍්ගහිතකථා නිට‍්ඨිතා.

සඞ්ගහිතකථා නිමි.