යෙදුමෙන් කියවන්න

8. අට‍්ඨමවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

8. අටවෙනි වර්ගය

ඡගතිකථාවණ‍්ණනා

69. ගති කථා

ඉදානි ඡගතිකථා නාම හොති. තත්‍ථ අසුරකායෙන සද‍්ධිං ඡගතියොති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානඤ‍්චෙව උත‍්තරාපථකානඤ‍්ච; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං සකවාදී “පඤ‍්ච ඛො පනිමා, සාරිපුත‍්ත, ගතියො”ති (ම· නි· 1.153) ලොමහංසනපරියායෙ පරිච‍්ඡින‍්නානං ගතීනං වසෙන චොදෙතුං නනු පඤ‍්ච ගතියොතිආදිමාහ. ඉතරො සුත‍්තවිරොධභයෙන පටිජානාති. කස‍්මා පන සකවාදී ඡ ගතියො න සම‍්පටිච‍්ඡති, නනු “චතූහාපායෙහි ච විප‍්පමුත‍්තො”ති එත්‍ථ අසුරකායොපි ගහිතොති. සච‍්චං ගහිතො, න පනෙසා ගති. කස‍්මා? විසුං අභාවතො. අසුරකායස‍්මිඤ‍්හි කාලකඤ‍්චිකා අසුරා පෙතගතියා සඞ‍්ගහිතා , වෙපචිත‍්තිපරිසා දෙවගතියා, අසුරකායොති විසුං එකා ගති නාම නත්‍ථි.

දැන් ගතිකථා නම් වේ. එහි අසුරකාය සමග ගති හයකැයි යමෙකුන්ගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ ද උත්තරපථකයන්ගේ වැනි වේ. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහුට සකවාදියා ‘සාරිපුත්‍රයෙනි, ගති වනාහි පහකි’ යයි ලෝමහංසන පරියායෙහි (ධර්මය විස්තර කරන පිළිවෙළ) පිරිසිඳ දැක්වූ ගතීන්ගේ වශයෙන් චෝදනා කිරීමට නනු පංචගතියො යනාදිය කීය. පරවාදියා සූත්‍ර විරෝධ බියෙන් පිළිගනී. එහෙයින් සකවාදියා ගති සය නොපිළිගන්නේ කුමක් හෙයින්ද? ‘චතූහපායෙහි ච විප්පමුත්තො’ (සිව් අපායෙන් මිදුණු) මෙහි අසුරකාය ද ගන්නා ලද්දේ නොවේද? නැත. වෙනම නැති හෙයිනි. අසුරකායෙහි කාකඤ්ජික අසුරයෝ ප්‍රේත ගතියෙහි සංග්‍රහ කරනු ලැබූහ. වෙපචිත්ති පිරිස දේව ගතියෙහි සංග්‍රහ කරනු ලැබූහ. අසුරකාය යයි එක් ගතියක් නම් වෙනම නැත.

ඉදානි එතමෙව අත්‍ථං දස‍්සෙතුං නනු කාලකඤ‍්චිකාතිආදි ආරද‍්ධං. තත්‍ථ සමානවණ‍්ණාති සදිසරූපසණ‍්ඨානා බීභච‍්ඡා විරූපා දුද‍්දස‍්සිකා. සමානභොගාති සදිසමෙථුනසමාචාරා. සමානාහාරාති සදිසඛෙළසිඞ‍්ඝාණිකපුබ‍්බලොහිතාදිආහාරා. සමානායුකාති සදිසආයුපරිච‍්ඡෙදා. ආවාහවිවාහන‍්ති කඤ‍්ඤාගහණඤ‍්චෙව කඤ‍්ඤාදානඤ‍්ච. සුක‍්කපක‍්ඛෙ සමානවණ‍්ණාති සදිසරූපසණ‍්ඨානා අභිරූපා පාසාදිකා දස‍්සනීයා පභාසම‍්පන‍්නා. සමානභොගාති සදිසපඤ‍්චකආමගුණභොගා. සමානාහාරාති සදිසසුධාභොජනාදිආහාරා. සෙසං වුත‍්තනයමෙව. නනු අත්‍ථි අසුරකායොති ඉදං අසුරකායස‍්සෙව සාධකං. තස‍්ස පන විසුං ගතිපරිච‍්ඡෙදාභාවෙන න ගතිසාධකන‍්ති.

දැන් එකම අර්ථය දැක්වීමට නනු කාලකඤ්ජිකා යයි ආරම්භ කරන ලදී. එහි සමාන වණ්ණා සමාන රූප සටහන. බීභච්ඡ විරූප, බලන්න බැරි. සමනාහාර - කෙල සොටු ලේ ආදි සමාන ආහාර. සමාන භොග - සමාන මිතුනු දම් හැසිරීම්. සමනායුකා සමාන ආයුෂ කාල ඇති. ආවාහ විවාහං කන්‍යාවන් පාවා ගැනීම සහ කන්‍යාවන් පාවා දීම. යහපත් පැත්තේ:- සමාන වණ්ණා සමාන රූප සටහණ, අභිරූප පැහැපත දර්ශනීය ප්‍රභා සම්පන්න වේ. සමාන භොග සමාන පස්කම් සුව. සමානාහාර සුභෝජනාදි ආහාර. සෙස්ස කියන ලද නය අනුව. නනු අත්‍ථි අසුරකායො? මෙය අසුරකායම්ම සාධකයකි. එහි වෙනම ගති වෙන්කිරීමක් වෙනම නැති නිසා ගති සාධක නැත.

ඡගතිකථාවණ‍්ණනා.

අන‍්තරාභවකථාවණ‍්ණනා

70. අන්තරාභව කථා

ඉදානි අන‍්තරාභවකථා නාම හොති. තත්‍ථ යෙසං “අන‍්තරා පරිනිබ‍්බායී”ති සුත‍්තපදං අයොනිසො ගහෙත්‍වා “අන‍්තරාභවො නාම අත්‍ථි, යත්‍ථ සත‍්තො දිබ‍්බචක‍්ඛුකො විය අදිබ‍්බචක‍්ඛුකො, ඉද‍්ධිමා විය අනිද‍්ධිමා මාතාපිතිසමාගමඤ‍්චෙව උතුසමයඤ‍්ච ඔලොකයමානො සත‍්තාහං වා අතිරෙකසත‍්තාහං වා තිට‍්ඨතී”ති ලද‍්ධි, සෙය්‍යථාපි පුබ‍්බසෙලියානඤ‍්චෙව සම‍්මිතියානඤ‍්ච; තෙ සන්‍ධාය අත්‍ථීති පුච‍්ඡා සකවාදිස‍්ස, ලද‍්ධියං ඨත්‍වා පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං යෙ ච භගවතා තයො භවා වුත‍්තා, තෙසං වසෙන චොදෙතුං කාමභවොතිආදිමාහ. තත්‍රායං අධිප‍්පායො – යදි තෙ අන‍්තරාභවො නාම කොචි භවො අත්‍ථි, තෙන කාමභවාදීනංයෙව අඤ‍්ඤතරෙන භවිතබ‍්බං පඤ‍්චවොකාරභවාදිනා විය, තෙන තං පුච‍්ඡාමි – “කිං තෙ අයං අන‍්තරාභවො නාම කාමභවො, උදාහු රූපභවො අරූපභවො වා”ති? ඉතරො තථා අනිච‍්ඡන‍්තො සබ‍්බං පටික‍්ඛිපති. කාමභවස‍්ස චාතිආදි යදි අන‍්තරාභවො නාම අත්‍ථි, ඉමෙසං භවානං අන‍්තරා ද‍්වින‍්නං සීමානං සීමන‍්තරිකා විය භවෙය්‍යාති චොදෙතුං ආරද‍්ධං. පරවාදී පන තථා අනිච‍්ඡන‍්තො සබ‍්බපඤ‍්හෙ පටික‍්ඛිපති කෙවලං ලද‍්ධියා, න සහධම‍්මෙන. තෙනෙව නං සකවාදී ‘නො වත රෙ’ති පටිසෙධෙති.

දැන් අන්තරාභව කථා වේ. එහි යමෙකුගේ ‘අන්තරා පරිනිබ්බායි’ සූත්‍ර පදය නුනුවණින් ගෙන අන්තරා භවයක් ඇත. දිවැසක් නැතිව දිවැසක් ඇත්තා මෙන් ඍද්ධියක් නැතිව ඍද්ධියක් ඇත්තා මෙන් මාපිය සමාගමය ද සෘතු කාලය ද බලමින් සත් දිනක් හෝ අතිරේක සත්දිනක් හෝ සිටිනු ලැබේ යන ලබ්ධි වේ. යම්සේ පුබ්බසේලියෝ ද සම්මිතියෝ ද මෙනි. ඔවුන් සඳහා අත්‍ථි යන විචාරීම සකවාදියාටය. ලබ්ධියෙහි පිහිටා ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිතිව ඔහුට භාග්‍යවතුන් වහන්සේ තුන් භාවයක් දේශනා කරන ලදහ. ඒ දේශනාව අනුව චෝදනා කිරීමට කාම භවො යනාදිය කීය. එහි අදහස මෙසේය. ඉදින් ඔබේ අන්තරා භව නම් භවයක් ඇත්නම් එය කාමාදි භවවලින් අනිකක් විය යුතුය. පංචවෝකාර (ස්කන්‍ධ පහක් ඇති) භව මෙනි. එහෙයින් ඔබ අසමි. කුමක් ද ඔබේ මේ අන්තරා භවය? එය කාමභවයද? නැතහොත් රූප අරූප භවද? පරවාදියා ඒවා කැමති නොවන්නේ ප්‍රතික්‍ෂේප කරයි. කාමභවය ද ආදි අන්තරා භවයක් ඉදින් ඇත්නම් සීමා දෙකක් අතර වන්නේ යයි චෝදනා කිරීමට අරඹන ලදී. පරවාදියා වනාහි එසේ කැමති නොවන්නේ සියළු ප්‍රශ්න ප්‍රතික්‍ෂේප කරයි. සහධර්මයෙන් නොව ලබ්ධියෙනි. එනිසාම සකවාදියා නො වත රෙ යයි වළක්වයි.

පඤ‍්චමී සා යොනීතිආදීනිපි යථාපරිච‍්ඡින‍්නයොනිආදීසු සො සමොධානං න ගච‍්ඡති, අථ තෙන තතො තතො අතිරෙකෙන භවිතබ‍්බන‍්ති චොදෙතුං වුත‍්තානි. අන‍්තරාභවූපගං කම‍්මන‍්ති යදි සොපි එකො භවො, යථා කාමභවූපගාදීනි කම‍්මානි අත්‍ථීති සත්‍ථාරා විභජිත්‍වා දස‍්සිතානි, එවං තදුපගෙනාපි කම‍්මෙන භවිතබ‍්බන‍්ති චොදනත්‍ථං වුත‍්තං. යස‍්මා පන පරසමයෙ අන‍්තරාභවූපගං නාම පාටියෙක‍්කං කම‍්මං නත්‍ථි, යං යං භවං උපපජ‍්ජිස‍්සති, තදුපගෙනෙව කම‍්මෙන අන‍්තරාභවෙ නිබ‍්බත‍්තතීති තෙසං ලද‍්ධි, තස‍්මා ‘නහෙව’න‍්ති පටික‍්ඛිත‍්තං. අත්‍ථි අන‍්තරාභවූපගා සත‍්තාති පුට‍්ඨොපි කාමභවූපගායෙව නාම තෙති ලද‍්ධියා පටික‍්ඛිපති. ජායන‍්තීතිආදීනි පුට‍්ඨොපි තත්‍ථ ජාතිජරාමරණානි චෙව චුතිපටිසන්‍ධිපරම‍්පරඤ‍්ච අනිච‍්ඡන‍්තො පටික‍්ඛිපති. රූපාදිවසෙන පුට‍්ඨොපි යස‍්මා අන‍්තරාභවසත‍්තස‍්ස අනිදස‍්සනං රූපං, වෙදනාදයොපි අඤ‍්ඤෙසං විය න ඔළාරිකාති තස‍්ස ලද‍්ධි, තස‍්මා පටික‍්ඛිපති. ඉමිනාව කාරණෙන පඤ‍්චවොකාරභවභාවෙපි පටික‍්ඛෙපො වෙදිතබ‍්බො.

පඤ්චමී සා යොනී යනාදිය ද යම්සේ පර සිදුණු යෝනි ආදියෙහි ද හෝ එකතු කිරීමට නොයයි. ඉක්බිති එයින් ඉන් ඉන් අතිරේකයෙන් විය යුතු යයි චෝදනා කිරීමට කියන ලදී. අන්තරාභවූපගං කම්මං යයි ඉදින් එය ද එක් භවයෙකි. කාම භවයේ උපදින කර්මාදිය ඇතැයි ශාස්තෲන් වහන්සේ විසින් දක්වන ලදී. මෙසේ එහි ඉපදීම කර්මයෙන් විය යුතුයයි චෝදනා පිණිස කියන ලදී. යම්හෙයකින් අන්‍ය සමයෙහි අන්තරාභවයට යන වෙන්වූ කර්මයක් නැත. යම් යම් භාවවල උපදින්නේ ඒ භවවලට අයත් කර්මයෙන් අන්තරා භවයෙහි උපදින්නේය යනු ඔවුන්ගේ ලබ්ධියකි. එනිසා න හෙවං යයි ප්‍රතික්‍ෂේප කරන ලදී. අත්‍ථි අන්තරා භවූපගා සත්තා යයි විචාරණ ලද්දේ ද ඔවුන් කාමභවයටම පැමිණේය යන ලබ්ධියෙන් ප්‍රතික්‍ෂේප කරයි. ජායන්ති යනාදිය අසන ලද්දේ ද එහි ඉපදීම ජරාවට යෑම මරණය මෙන්ම චුති ප්‍රතිසන්ධි කැමති නොවන්නේ ප්‍රතික්‍ෂේප කරයි. රූපාදි වශයෙන් විචාරණ ලද්දේ ද අන්තරා භව සත්ත්වයා නොපෙනේ. අනිත් සතුන්ගේ මෙන් රූප වේදනාදිය ඕලාරික නොවේයයි ඔහුගේ ලබ්ධියයි. එනිසා ප්‍රතික්‍ෂේප කරයි. මේ කාරණයෙන්ම පංචවෝකාර භව භවයෙහි ද ප්‍රතික්‍ෂේප දතයුතුය.

ඉදානි කාමභවො භවො ගතීතිආදි භවසංසන්‍දනං නාම හොති. තත්‍රායං අධිප‍්පායො – යදි තෙ අන‍්තරාභවො නාම කොචි භවො භවෙය්‍ය, යථා කාමභවාදීසු භවගතිආදිභෙදො ලබ‍්භති, තථා තත්‍රාපි ලබ‍්භෙථ. යථා වා තත්‍ථ න ලබ‍්භති, තථා ඉමෙසුපි න ලබ‍්භෙථ. සමානස‍්මිඤ‍්හි භවභාවෙ එතෙස‍්වෙවෙස විභාගො අත්‍ථි, න ඉතරස‍්මින‍්ති කො එත්‍ථ විසෙසහෙතූති. ඉතරො පුන ලද‍්ධිමත‍්තවසෙන තං තං පටිජානාති චෙව පටික‍්ඛිපති ච.

දැන් කාමභවො ගති යනාදි භව සංසන්දනය වේ. එහි අදහස මෙසේය. ඉදින් ඔබේ අන්තරා භවය කිසියම් ගති භාවයක වන්නේය. කාම භවාදියෙහි භවගති ආදි භේද ලැබේ. එසේ එහිද ලැබේද? යම්සේ එහි නොලැබේ නම් මෙහි ද නොලැබේ. සමාන භව භවයෙහි ඒවායේ විශේෂ විභාග ඇත. ඉතිරියෙහි (අන්තරා භවයෙහි) නැත. එහි විශේෂය කුමක්ද? පරවාදියා ලබ්ධි වශයෙන් ඒ ඒ දේවල් පිළිගන්නේ ද? ප්‍රතික්‍ෂේප කරන්නේ ද වේ.

සබ‍්බෙසඤ‍්ඤෙව සත‍්තානං අත්‍ථි අන‍්තරාභවොති පුට‍්ඨො යස‍්මා නිරයූපගඅසඤ‍්ඤසත‍්තූපගඅරූපූපගානං අන‍්තරාභවං න ඉච‍්ඡති, තස‍්මා පටික‍්ඛිපති. තෙනෙව කාරණෙන පටිලොමෙ පටිජානාති. ආනන‍්තරියස‍්සාතිආදි යෙසං සො අන‍්තරාභවං න ඉච‍්ඡති, තෙ තාව විභජිත්‍වා දස‍්සෙතුං වුත‍්තං. තං සබ‍්බං පාළිඅනුසාරෙනෙව වෙදිතබ‍්බං සද‍්ධිං සුත‍්තසාධනෙනාති.

සබ්බෙ සඤ්ඤෙව සත්තානං අත්‍ථි අනතරා භවො විචාරණ ලද්දේ යම්සේ නිරයට පැමිණි අසඤ්ඤ සත්තවයට පත් අරූපයට පත් සතුන්ගේ අන්තරා භවය කැමති නොවේ. එහෙයින් ප්‍රතික්‍ෂේප කරයි. ඒ කරුණින්ම ප්‍රතිලෝමයෙහි පිළිගනී. අනන්තරිකස්ස යනාදි යමෙකුගේ ඒ අන්තරාභවය කැමති නොවේ. ඒවා බෙදා දැක්වීමට කියන ලදී. සූත්‍ර සාධනය සමග ඒ සියල්ල පෙළ අනුසාරයෙන් දතයුතුය.

අන‍්තරාභවකථාවණ‍්ණනා.

කාමගුණකථාවණ‍්ණනා

71. කාම ගුණ කථා

ඉදානි කාමගුණකථා නාම හොති. තත්‍ථ සකසමයෙ තාව කාමධාතූති වත්‍ථුකාමාපි වුච‍්චන‍්ති – කිලෙසකාමාපි කාමභවොපි. එතෙසු හි වත්‍ථුකාමා කමනීයට‍්ඨෙන කාමා, සභාවනිස‍්සත‍්තසුඤ‍්ඤතට‍්ඨෙන ධාතූති කාමධාතු. කිලෙසකාමා කමනීයට‍්ඨෙන චෙව කමනට‍්ඨෙන ච කාමා, යථාවුත‍්තෙනෙවත්‍ථෙන ධාතූති කාමධාතු. කාමභවො කමනීයට‍්ඨෙන කමනට‍්ඨෙන වත්‍ථුකාමපවත‍්තිදෙසට‍්ඨෙනාති තීහි කාරණෙහි කාමො, යථාවුත‍්තෙනෙවත්‍ථෙන ධාතූති කාමධාතු. පරසමයෙ පන – “පඤ‍්චිමෙ, භික‍්ඛවෙ, කාමගුණා”ති වචනමත‍්තං නිස‍්සාය පඤ‍්චෙව කාමගුණා කාමධාතූති ගහිතං. තස‍්මා යෙසං අයං ලද‍්ධි, සෙය්‍යථාපි එතරහි පුබ‍්බසෙලියානං; තෙ සන්‍ධාය කාමධාතුනානත‍්තං බොධෙතුං පඤ‍්චෙවාති පුච‍්ඡා සකවාදිස‍්ස, ලද‍්ධිවසෙන පටිඤ‍්ඤා ඉතරස‍්ස. නනු අත්‍ථීතිආදි කිලෙසකාමදස‍්සනත්‍ථං වුත‍්තං. තත්‍ථ තප‍්පටිසංයුත‍්තොති කාමගුණපටිසංයුත‍්තො, කාමගුණාරම‍්මණොති අත්‍ථො. නො ච වත රෙ වත‍්තබ‍්බෙ පඤ‍්චෙවාති ඉමෙසු තප‍්පටිසංයුත‍්තඡන්‍දාදීසු සති පඤ‍්චෙව කාමගුණා කාමධාතූති න වත‍්තබ‍්බං. එතෙපි හි ඡන්‍දාදයො කමනීයට‍්ඨෙන කාමා ච ධාතු චාතිපි කාමධාතු. කමනට‍්ඨෙන කාමසඞ‍්ඛාතා ධාතූතිපි කාමධාතූති අත්‍ථො.

දැන් කාමගුණ කතා නම් වේ. එහි ස්ව සමයෙහි කාමධාතු යයි වස්තු කාමය ද ක්ලේශ කාමය හා කාමභවය ද කියනු ලැබේ. මේවායෙහි වස්තුකාමය ප්‍රිය වූ අර්ථයෙන් කාම නම් වේ. ස්වභාවයෙන් ආත්මයක් නැති ශුන්‍ය අර්ථයෙන් ධාතු යයි කාමධාතු වේ. ක්ලේශ කාම ප්‍රිය වූ අර්ථයෙන් මෙන්ම ගමන් කිරීම් අර්ථයෙන් ද කාම වේ. කාම භවය ප්‍රිය වූ අර්ථයෙන් ගමනාර්ථයෙන් වස්තු කාම පවත්නා දේශ අර්ථයෙන් යන තුන් ආකාරයකින් කාම වේ. කියන ලද අර්ථයෙන්ම ධාතු කාමධාතු වේ. පරසමයෙහි වනාහි ‘මහණෙනි, මේ කාම ගුණ පහකි.’ යන වචන මාත්‍රයෙන් පංචවිධ කාම ගුණ කාම ධාතු යයි ගන්නා ලදී. එහෙයින් යමෙකුගේ මේ ලබ්ධිය වේ. යම්සේ දැන් පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා කාමධාතු නානත්වය අවබෝධ කරවීමට පඤ්චෙ වා යයි විචාරීම සකවාදියාටය. ලබ්ධි වශයෙන් ප්‍රතිඥාව අනෙකාටය. නනු අත්‍ථි යනාදිය ක්ලේශ කාමය දැක්වීමට කියන ලදී. එහි තප්පටිසංයුත්තො කාම ගුණයෙන් යුක්ත කාම ගුණ අරමුණුය යන අර්ථය වේ. නො වත රෙ වත්තබ්බෙ පඤ්චෙ චා යන මේවායෙහි ඒ හා සම්බන්ධ කැමති වනවිට පස්කම් ගුණම කාමධාතු යයි නොකිව යුතුය. ඡන්‍දාදිය ප්‍රිය වූ අර්ථයෙන් කාම ද ධාතු ද කාමධාතු වේ. ගමනාර්ථයේ ද කාම සංඛ්‍යාත ධාතු ද කාමධාතු යන අර්ථය වේ.

මනුස‍්සානං චක‍්ඛුන‍්තිආදි වත්‍ථුකාමදස‍්සනත්‍ථං වුත‍්තං. තත්‍ථ පරවාදී ඡන‍්නම‍්පි ආයතනානං වත්‍ථුකාමභාවෙන නකාමධාතුභාවං පටික‍්ඛිපිත්‍වා පුන මනොති පුට‍්ඨො මහග‍්ගතලොකුත‍්තරං සන්‍ධාය නකාමධාතුභාවං පටිජානාති. යස‍්මා පන සබ‍්බොපි තෙභූමකමනො කාමධාතුයෙව, තස‍්මා නං සකවාදී සුත‍්තෙන නිග‍්ගණ‍්හාති.

මනුස්සානං චක්‍ඛු යනාදිය වස්තුකාම දැක්වීමට කියන ලදී. පරවාදීහු ආයතන සයම වස්තුකාම භවයෙන් ප්‍රතික්‍ෂේප නොකොට නැවත මනො යයි විචාරණ ලද්දේ මහග්ගත ලෝකෝත්තර සඳහා කාමධාතු භාවය පිළිනොගනී. යම්හෙයකින් ත්‍රෛභූමික සියළු මනස කාමධාතුමය. එහෙයින් ඔහු සකවාදියා සූත්‍රයෙන් නිග්‍රහ කරයි.

කාමගුණා භවොතිආදි භවස‍්ස කාමධාතුභාවදස‍්සනත්‍ථං වුත‍්තං. යස‍්මා පන කාමගුණමත‍්තෙ භවොති වොහාරො නත්‍ථි, තස‍්මා පරවාදී නහෙවාති පටික‍්ඛිපති. කාමගුණූපගං කම‍්මන‍්තිආදි සබ‍්බං කාමගුණමත‍්තස‍්ස නකාමධාතුභාවදස‍්සනත්‍ථං වුත‍්තං. කාමධාතුසඞ‍්ඛාතකාමභවූපගමෙව හි කම‍්මං අත්‍ථි, කාමභවූපගා එව ච සත‍්තා හොන‍්ති. තත්‍ථ ජායන‍්ති ජියන‍්ති මියන‍්ති චවන‍්ති උපපජ‍්ජන‍්ති, න කාමගුණෙසූති ඉමිනා උපායෙන සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බොති.

කාමගුණා භවො යනාදි භවයේ කාමධාතු භාවය දැක්වීමට කියන ලදී. යම්සේ වනාහි කාමගුණය පමණක් භවයයි ව්‍යවහාර නොවේ. එහෙයින් පරවාදියා න හෙවං යයි ප්‍රතික්‍ෂේප කරයි. කාම ගුණූපගං කම්මං යනාදි සියල්ල කාම ගුණයට පමණය. කාමධාතු භවය දැක්වීම සඳහා නොවේ. කාමධාතු සංඛ්‍යාත කාමභවයට පැමිණීමේ කර්ම ඇත. කාමභවයට පැමිණෙන සත්ත්වයෝ වෙති. එහි උපදිති දිරති මැරෙති සැවති උපදිති වන්නේ කාම ගුණයෙහි නොවේ. මේ උපායෙන් සියළු අර්ථය දතයුතුය.

කාමගුණකථාවණ‍්ණනා.

කාමකථාවණ‍්ණනා

72. කාම කථා

ඉදානි කාමකථා නාම හොති. තත්‍ථ යෙසං “පඤ‍්චිමෙ, භික‍්ඛවෙ, කාමගුණා”ති වචනමත‍්තං නිස‍්සාය රූපායතනාදීනි පඤ‍්චෙවායතනානි කාමාති ලද‍්ධි, සෙය්‍යථාපි පුබ‍්බසෙලියානං; තෙසං කිලෙසකාමස‍්සෙව නිප‍්පරියායෙන කාමභාවං දස‍්සෙතුං පඤ‍්චෙවාති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

දැන් කාමකථා නම් වේ. එහි යමෙකුගේ ‘මහණෙනි, මේ පංච කාමගුණයෝ’ යන වචනය පමණක් නිසා රූපාදි පංච ආයතන කාම යයි ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන්ගේ ක්ලේශ කාමයාගේම නිෂ්පරියායෙන් කාමභවය දැක්වීමට පඤ්චෙ වා යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස නොගැඹුරු අරුත් වේ.

කාමකථාවණ‍්ණනා.

රූපධාතුකථාවණ‍්ණනා

73. රූපධාතු කථා

ඉදානි රූපධාතුකථා නාම හොති. තත්‍ථ “රූපිනො ධම‍්මා රූපධාතු නාමා”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං; තෙ සන්‍ධාය රූපිනොති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං සකවාදී යස‍්මා රූපධාතු නාම රූපභවො, න රූපමත‍්තමෙව, තස‍්මා තෙනත්‍ථෙන චොදෙතුං රූපධාතූතිආදිමාහ. තං සබ‍්බං කාමගුණකථායං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. සාව කාමධාතූති පුට‍්ඨො භූමිපරිච‍්ඡෙදෙන විරොධං පස‍්සමානො පටික‍්ඛිපති. පුන දළ‍්හං කත්‍වා පුට‍්ඨො අත‍්තනො ලද‍්ධිවසෙන පටිජානාති. එවං සන‍්තෙ පන ද‍්වීහි භවෙහි සමන‍්නාගතතා ආපජ‍්ජති, තෙන තං සකවාදී කාමභවෙන චාති ආදිමාහ. ඉතරො එකස‍්ස ද‍්වීහි සමන‍්නාගතාභාවතො පටික‍්ඛිපතීති.

දැන් රූපධාතු කථා නම් වේ. එහි රූප වූ ධර්ම රූපධාතු නම් යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා රූපිනො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහු සකවාදියා යම්සේ රූප ධාතු රූප නම් රූප භවය වේ. රූප මාත්‍රය පමණක් නොවේ. එහෙයින් මෙයින් චෝදනා කිරීමට රූප භවො යනාදිය කීය. ඒ සියල්ල කාමගුණ කථාවෙහි කියන ලද නයින්ම දත යුතුය. යාව කාම ධාතු යයි විචාරණ ලද්දේ භූමි පිරිසිඳීමෙන් විරෝධය දකින්නේ ප්‍රතික්‍ෂේප කරයි. නැවත දැඩිකොට විචාරණ ලද්දේ තමාගේ ලබ්ධි වශයෙන් පිළිගනී. මෙසේ ඇති කල්හි භව දෙකකින් යුක්ත බවට පැමිණේ. එයින් සකවාදියා ඔහුට කාම භවෙන යනාදිය කීය. අනෙකා එකකුගේ භව දෙකකින් යුක්තභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි.

රූපධාතුකථාවණ‍්ණනා.

අරූපධාතුකථාවණ‍්ණනා

74. අරූප ධාතු කථා

අරූපධාතුකථායපි ඉමිනාවුපායෙන අත්‍ථො වෙදිතබ‍්බො. අරූපධම‍්මෙසු පන වෙදනාක‍්ඛන්‍ධමෙව ගහෙත්‍වා වෙදනා භවොතිආදිනා නයෙනෙත්‍ථ දෙසනා කතා. තත්‍ථ කිං තෙ අරූපිනො ධම‍්මාති සඞ‍්ඛං ගතා වෙදනාදීසු අඤ‍්ඤතරා හොතීති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. සෙසං හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බන‍්ති.

අරූප කථාවේද මේ උපායෙන් අර්ථය දතයුතුය. අරූප ධර්මවල වනාහි වේදනා ස්කන්‍ධයට ගෙන වෙදනා භවො යයි මෙහි යනාදි නයින් දේශනා කරන ලදී. එහි ඔබගේ අරූපී ධර්ම සංඛ්‍යාවට ගියේ වේදනාවලින් එක්තරා එකක් වේ යයි මෙසේ අර්ථය දතයුතුය. සෙස්ස යට කියන ලද නයින්ම දැනගත යුතුය.

අරූපධාතුකථාවණ‍්ණනා.

රූපධාතුයා ආයතනකථාවණ‍්ණනා

75. රූප ධාතුවේ ආයතන කථා

ඉදානි රූපධාතුයා ආයතනකථා නාම හොති. තත්‍ථ යෙසං “රූපී මනොමයො සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගී අහීනින්‍ද්‍රියො”ති (දී· නි· 1.87) සුත‍්තං නිස‍්සාය බ්‍රහ‍්මකායිකානං ඝානාදිනිමිත‍්තානිපි ආයතනානෙවාති කප‍්පෙත්‍වා සළායතනිකො තෙසං අත‍්තභාවොති ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානඤ‍්චෙව සම‍්මිතියානඤ‍්ච; තෙ සන්‍ධාය සළායතනිකොති පුච‍්ඡා සකවාදිස‍්ස, ලද‍්ධිවසෙන පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං යං තත්‍ථ ආයතනං නත්‍ථි, තස‍්ස වසෙන චොදෙතුං අත්‍ථි තත්‍ථ ඝානායතනන‍්තිආදි ආරද‍්ධං. තතො පරවාදී යං තත්‍ථ අජ‍්ඣත‍්තිකානං තිණ‍්ණං ආයතනානං ඝානාදිකං සණ‍්ඨානනිමිත‍්තං තදෙව ආයතනන‍්ති ලද‍්ධියා පටිජානාති. බාහිරානං ගන්‍ධායතනාදීනං වසෙන පුට‍්ඨො ඝානප‍්පසාදාදයො තත්‍ථ න ඉච‍්ඡති, තස‍්මා තෙසං ගොචරං පටිසෙධෙන‍්තො පටික‍්ඛිපති. පටිලොමපඤ‍්හසංසන්‍දනපඤ‍්හෙසුපි ඉමිනාවුපායෙන අත්‍ථො වෙදිතබ‍්බො.

දැන් රූපධාතුවේ ආයතන කථා නම් වේ. එහි යමෙකුගේ ‘සියළු අඟපසඟ අභිනන්දිය මනෝමය රූපී වේ’ යන සූත්‍රය නිසා බ්‍රහ්මයින්ගේ ඝාන ආදි නිමිති ද ආයතනම වේ යයි කල්පනය කොට ඔවුන්ගේ ආත්මභාවය සළායතනිකයයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ ද සම්මිතිකයන්ගේ ද වැඩි වේ. ඔවුන් සඳහා සළායතනිකො යයි විචාරීම සකවාදියාටය. ලබ්ධි වශයෙන් ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට එහි ආයතන නැත යනුවෙන් චෝදනා කිරීමට අත්‍ථි තත්‍ථ ඝානායතනං යනාදිය ආරම්භ කරන ලදී. එයින් පරවාදියා එහි අධ්‍යාත්මික ඝානාදි ආයතන තුනේ සටහන් නිමිති, ඒවාම ආයතනයයි ලබ්ධියෙන් පිළිගනී. බාහිර වූ ගන්ධාදි ආයතන වශයෙන් විචාරණ ලද්දේ ඝාන ප්‍රසාද ආදිය එහි කැමති නොවේ. එහෙයින් ඒ ගෝවරය ඉවත් කරන්නේ ප්‍රතික්‍ෂේප කරයි. ප්‍රතිලෝම ප්‍රශ්න සංසන්දන ප්‍රශ්නයෙහි දී මේ උපායෙන් අර්ථය දතයුතුය.

අත්‍ථි තත්‍ථ ඝානායතනං අත්‍ථි ගන්‍ධායතනං තෙන ඝානෙන තං ගන්‍ධං ඝායතීති තස‍්මිංයෙව පරසමයෙ එකච‍්චෙ ආචරියෙ සන්‍ධාය වුත‍්තං. තෙ කිර තත්‍ථ ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි පරිපුණ‍්ණානි ඉච‍්ඡන‍්ති, ආයතනෙන ච නාම සකිච‍්චකෙන භවිතබ‍්බන‍්ති තෙහි ඝානාදීහි තෙ ගන්‍ධාදයො ඝායන‍්ති සායන‍්ති ඵුසන‍්තීතිපි ඉච‍්ඡන‍්ති. තං ලද‍්ධිං සන්‍ධාය පරවාදී ආමන‍්තාති පටිජානාති.

අත්‍ථි ඝානායතනං අත්‍ථි ගන්‍ධායතනං තෙන ඝානෙන ගන්‍ධං ඝායති යයි ඒ පරසමයෙහි ඇතැම් ආචාර්යයන් සඳහා කියන ලදී. ඔහු වනාහි එහි අධ්‍යාත්මික ආයතන සම්පූර්ණ යයි කැමති වෙති. ආයතන කෘත්‍ය සහිත විය යුතු යයි ඒ ඝානාදියෙන් ඒ ගන්ධාදිය ඝානය කරති සාධනය කරති ස්පර්ශ කරති යයිද කැමති වෙති. ඒ ලබ්ධිය සඳහා පරවාදියා ආමන්තා යයි පිළිගනී.

අත්‍ථි තත්‍ථ මූලගන්‍ධොතිආදීනි පන පුට‍්ඨො අත්‍ථිභාවං සාධෙතුං අසක‍්කොන‍්තො පටික‍්ඛිපති. නනු අත්‍ථි තත්‍ථ ඝානනිමිත‍්තන‍්තිආදි සණ‍්ඨානමත‍්තස‍්සෙව සාධකං, න ආයතනස‍්ස, තස‍්මා උදාහටම‍්පි අනුදාහටසදිසමෙවාති.

අත්‍ථි තත්‍ථ මූලගන්‍ධො යනාදිය විචාරණ ලද්දේ ඇති බව සාධනය කිරිමට නොහැකි වන්නේ ප්‍රතික්‍ෂේප කරයි. නනු අත්‍ථි තත්‍ථ ඝාන නිමිත්තං ආදි සටහන් මාත්‍රයටම සාධකය. ආයතනයට නොවේ. එනිසා සාධක වශයෙන් ගෙනෙන ලද නො ගෙනෙන ලද්දට සමාන වේ.

රූපධාතුයා ආයතනකථාවණ‍්ණනා.

අරූපෙ රූපකථාවණ‍්ණනා

76. ආරුප්පෙ රූපකථා

ඉදානි අරූපෙ රූපකථා නාම හොති. තත්‍ථ යෙසං “විඤ‍්ඤාණපච‍්චයා නාමරූප”න‍්ති වචනතො ආරුප‍්පභවෙපි ඔළාරිකරූපා නිස‍්සටං සුඛුමරූපං අත්‍ථීති ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං; තෙ සන්‍ධාය අත්‍ථි රූපන‍්ති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

දැන් ආරුප්පයෙහි රූපකථා නම් වේ. එහි යමෙකුගේ ‘විඤ්ඤාණ පච්චයා නාමරූපං’ යන වචනයෙන් අරූප භවයෙහි ද ඕලාරික රූප හැර සියුම් රූප ඇතැයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා අත්‍ථිරූපං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පැහැදිලි අරුත් වේ.

අරූපෙ රූපකථාවණ‍්ණනා.

රූපං කම‍්මන‍්තිකථාවණ‍්ණනා

77. රූපං කම්මන්ති කථා

ඉදානි රූපං කම‍්මන‍්තිකථා නාම හොති. තත්‍ථ යෙසං කායවචීවිඤ‍්ඤත‍්තිසඞ‍්ඛාතං රූපමෙව කායකම‍්මං වචීකම‍්මං නාම, තඤ‍්ච කුසලසමුට‍්ඨානං කුසලං, අකුසලසමුට‍්ඨානං අකුසලන‍්ති ලද‍්ධි, සෙය්‍යථාපි මහිසාසකානඤ‍්චෙව සම‍්මිතියානඤ‍්ච; තෙ සන්‍ධාය කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතන‍්ති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං සචෙ තං කුසලං, ය‍්වායං සාරම‍්මණාදිභෙදො කුසලස‍්ස ලබ‍්භති, අත්‍ථි තෙ සො තස‍්සාති චොදෙතුං සාරම‍්මණන‍්තිආදි ආරද‍්ධං. තත්‍ථ පත්‍ථනා පණිධීති චෙතනායෙවෙතං වෙවචනං. කුසලචෙතනායෙව හි පකප‍්පයමානා පත්‍ථනාති. පකප‍්පනවසෙන ඨිතත‍්තා පණිධීති ච වුච‍්චති. පරතො පන කුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිතා වෙදනා සඤ‍්ඤා චෙතනා සද‍්ධාතිආදීසු වෙදනාදීනඤ‍්ඤෙව චෙත්‍ථ පත්‍ථනා පණිධීති ලබ‍්භති, න චෙතනාය. කස‍්මා? ද‍්වින‍්නං චෙතනානං එකතො අභාවා, සොතපතිතත‍්තා පන එවං තන‍්ති ගතාති වෙදිතබ‍්බා. රූපායතනන‍්තිආදි පුරිමවාරෙ “සබ‍්බන‍්තං කුසල”න‍්ති සංඛිත‍්තස‍්ස පභෙදදස‍්සනත්‍ථං වුත‍්තං . සෙසා සංසන්‍දනනයා, වචීකම‍්මකථා “අකුසලෙන චිත‍්තෙන සමුට‍්ඨිත”න‍්තිආදිවිධානඤ‍්ච සබ‍්බං පාළිඅනුසාරෙනෙව වෙදිතබ‍්බං. අසුචීති පනෙත්‍ථ සුක‍්කං අධිප‍්පෙතං. සුත‍්තසාධනං උත‍්තානත්‍ථමෙව.

දැන් රූපය කර්මය යයි කථා වේ. එහි යමෙකුගේ කාය වචී විඤ්ඤත්ති සංඛ්‍යාත රූපයම කාය කම්ම වචී කම්ම නම් වේ. එයද කුසල හටගැනීම කුසල ද අකුසල හටගැනීම අකුසලද යයි ලබ්ධි වේ. යම්සේ මහිංසාසක, සම්මිතියන්ගේ මෙනි. ඔවුන් සඳහා කුසලෙන චිත්තෙන සමුට්ඨිතං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහු ඉදින් ඒ කුසලය. මේ අරමුණු සහිත භේදය කුසලයේ ලැබේ. එය එහිද ඇද්දැයි චෝදනා කිරිමට සාරම්මණං යනාදිය අරඹන ලදී. එහි පත්‍ථනා පණිධි යයි චේතනාවටම සමාන වචනයකි. කුසල චේතනාම කල්පනා කිරීම පත්‍ථනා යයි ද කල්පනා කරමින් සිටි නිසා පණිධි යයි ද කියනු ලැබේ. පර සමයෙන් වනාහි කුසල් සිතින් හටගත් වෙදනා සඤ්ඤා චේතනා සද්ධා යනාදියෙහි වේදනාදියම එහි පත්‍ථනා පණිධියයි ලබයි. චේතනාවෙන් නොවේ. කුමක් හෙයින්ද? චේතනා දෙකක් එකවිට නොමැති නිසාය. කනට වැටුණු බව වනාහි පෙළ අනුවදැයි දතයුතුය. රූපායතනං ආදිය පෙර වාරයෙහි සබ්බං තං කුසලං යන සංක්‍ෂේපයේ ප්‍රභේද දැක්වීම සඳහා කියන ලදී. සෙස්ස සැසඳීමෙන් වචී කම්මන්ති කථා දතයුතුය. අකුසලෙන චිත්තෙන සමුට්ඨිතං යනාදි විධාන ද පෙළ ඇසුරෙන් දතයුතුය. අසූචි යයි මෙහි ශුක්‍ර අදහස් කෙරේ. සූත්‍ර සාධනය පැහැදිලිය.

රූපං කම‍්මන‍්තිකථාවණ‍්ණනා.

ජීවිතින්‍ද්‍රියකථාවණ‍්ණනා

78. ජීවිතින්‍ද්‍රිය කථා

ඉදානි ජීවිතින්‍ද්‍රියකථා නාම හොති. තත්‍ථ යෙසං ජීවිතින්‍ද්‍රියං නාම චිත‍්තවිප‍්පයුත‍්තො අරූපධම‍්මො, තස‍්මා රූපජීවිතින්‍ද්‍රියං නත්‍ථීති ලද‍්ධි, සෙය්‍යථාපි පුබ‍්බසෙලියානඤ‍්චෙව සම‍්මිතියානඤ‍්ච; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. නත්‍ථි රූපීනං ධම‍්මානං ආයූති පඤ‍්හෙ උපාදින‍්නරූපානම‍්පි තිණකට‍්ඨාදීනම‍්පි සන‍්තානවසෙන පවත‍්තිමෙව ආයු ඨිති යපනා යාපනා ඉරියනා වත‍්තනා පාලනාති ඉච‍්ඡති, තස‍්මා පටික‍්ඛිපති. අත්‍ථීති පඤ‍්හෙපි ඉමිනා කාරණෙන පටිජානාති. අත්‍ථි අරූපජීවිතින්‍ද්‍රියන‍්ති පඤ‍්හෙ අරූපධම‍්මානං චිත‍්තවිප‍්පයුත‍්තං ජීවිතින්‍ද්‍රියසන‍්තානං නාම අත්‍ථීති ඉච‍්ඡති, තස‍්මා පටිජානාති.

දැන් ජීවිතේන්‍ද්‍රිය කථා නම් වේ. එහි යමෙකුගේ ජීවිතේන්‍ද්‍රිය නම් සිතෙන් වෙන් වූ අරූප ධර්මයකි. එහෙයින් රූප ජීවිතේන්‍ද්‍රියක් නැතැයි ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙන්ම සම්මිතියන්ගේ වැනි වේ. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. නත්‍ථි රූපීනං ධම්මානං ආයු යන ප්‍රශ්නයෙහි උපාදින්න රූපයගේ ද තෘණ කාෂ්ටාදියේ ද සන්තාන වශයෙන් පැවතීමම ආයු, ඨිතිය, යැපීම, ක්‍රියා පැවැත්වීම, පැවැත්ම, පාලනය කැමති වේ. එහෙයින් ප්‍රතික්‍ෂේප කරයි. අත්‍ථි යන ප්‍රශ්නයෙහි මේ කාරණයෙන් පිළිගනී. අත්‍ථි අරූප ජීවිතින්‍ද්‍රියං යන ප්‍රශ්නයෙහි සත්ත්ව සන්තානයෙහි රූපී හෝ අරූපී හෝ සියල්ල සිතෙන් වෙන්ව අරූප ජීවිතේන්‍ද්‍රියම කැමති වේ. එහෙයින් පිළිගනී.

රූපීනං ධම‍්මානං ආයු අරූපජීවිතින්‍ද්‍රියන‍්ති පඤ‍්හෙ සත‍්තසන‍්තානෙ රූපිනො වා හොන‍්තු අරූපිනො වා, සබ‍්බෙසං චිත‍්තවිප‍්පයුත‍්තං අරූපජීවිතින්‍ද්‍රියමෙව ඉච‍්ඡති, තස‍්මා පටිජානාති.

නිරොධසමාපන‍්නපඤ‍්හෙසුපි චිත‍්තවිප‍්පයුත‍්තං අරූපජීවිතමෙව සන්‍ධාය පටික‍්ඛිපති ච පටිජානාති ච. සකවාදී පන තං අසම‍්පටිච‍්ඡන‍්තො යං අරූපපවත‍්තෙ අසති අත්‍ථි, රූපෙන තෙන භවිතබ‍්බන‍්ති චොදෙතුං හඤ‍්චීතිආදිමාහ. සඞ‍්ඛාරක‍්ඛන්‍ධපඤ‍්හෙ ඵස‍්සාදිසඞ‍්ඛාරක‍්ඛන්‍ධං සන්‍ධාය පටික‍්ඛිපති, කායකම‍්මාදිසඞ‍්ඛාරක‍්ඛන්‍ධං සන්‍ධාය පටිජානාති. කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො ජීවිතින්‍ද්‍රියන‍්ති එවමාදයොපි ධම‍්මා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නාතිස‍්ස ලද‍්ධි. සකවාදී පන තං අසම‍්පටිච‍්ඡන‍්තො යදි නිරුද‍්ධෙපි අරූපපවත‍්තෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො අත්‍ථි, චතුන‍්නම‍්පි ඛන්‍ධානං අත්‍ථිතා හොතූති චොදෙතුං අත්‍ථි වෙදනාක‍්ඛන්‍ධොති ආදිමාහ. ඉතරො අන‍්තොසමාපත‍්තිං සන්‍ධාය පටික‍්ඛිපති, සමාපජ‍්ජන‍්තස‍්ස ච වුට‍්ඨහන‍්තස‍්ස ච පුබ‍්බාපරභාගං සන්‍ධාය පටිජානාති.

නිරෝධ සමාපත්ති ප්‍රශ්නයෙහි ද සිතෙන් වෙන්වූ අරූප ජීවිතයම සඳහා ප්‍රතික්‍ෂේප ද කරයි. පිළිගනියි ද වේ. සකවාදියා එය පිළිනොගන්නේ යමක් අරූප පැවැත්මක් නැති කරහි රූප පැවැත්මක් ඇතැයි චෝදනා කිරීමට හඤ්චි යනාදිය කීය. සංස්කාර ස්කන්‍ධ ප්‍රශ්නයෙහි ඵස්ස ආදි සංස්කාර ස්කන්‍ධයන් සඳහා ප්‍රතික්‍ෂේප කරයි. කාය කර්ම ආදි සංස්කාර ස්කන්ධයන් සඳහා පිළිගනී. කාය විඤ්ඤත්ති වචී විඤ්ඤත්ති සම්මා වාචා සම්මා කම්මන්තො ජීවිතින්‍ද්‍රියං යන මේ ආදි ධර්ම ද සංස්කාර ස්කන්‍ධයෙහි ඇතුළත් වේය යනු ඔහුගේ ලබ්ධියයි. සකවාදියා වනාහි එය නො පිළිගන්නේ ඉදින් නිරුද්ධ වූයේද අරූප පවතින කල්හි සංස්කාර ස්කන්ධ ඇත්ද සතර ස්කන්‍ධයන්ගේ ඇති බව වේයයි චෝදනා කිරීමට අත්‍ථි වෙදනාක්‍ඛන්‍ධො යනාදිය කීය. අනෙකා සමාපත්ති ඇතුළත සඳහා ප්‍රතික්‍ෂේප කරයි. සමවදින්නාට ද නැගී සිටින්නාට ද පෙර අපර භාගයක් සඳහා පිළිගනී.

අසඤ‍්ඤසත‍්තවාරෙපි එසෙව නයො. තස‍්ස හි ලද‍්ධියා අසඤ‍්ඤසත‍්තානං පටිසන්‍ධිකාලෙ චිත‍්තං උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣති, තෙන සහ චිත‍්තවිප‍්පයුත‍්තඅරූපජීවිතින්‍ද්‍රියං උප‍්පජ‍්ජිත්‍වා යාවතායුකං පවත‍්තති. තස‍්මා තෙසං ජීවිතින්‍ද්‍රියං නත්‍ථීති පුට‍්ඨො පටික‍්ඛිපති, අත්‍ථීති පුට‍්ඨො පටිජානාති. වෙදනාක‍්ඛන්‍ධාදයොපි තෙසං පවත‍්තිවසෙන පටික‍්ඛිපති, චුතිපටිසන්‍ධිවසෙන පටිජානාති. සකවාදී පන තං අනිච‍්ඡන‍්තො “සචෙ තත්‍ථ එකක‍්ඛණෙපි වෙදනාදයො අත්‍ථි, පඤ‍්චවොකාරභවත‍්තං පාපුණාතී”ති චොදෙතුං පඤ‍්චවොකාරභවොති ආහ. ඉතරො සුත‍්තවිරොධභයා පටික‍්ඛිපති.

අසංඥ සත්ත්ව වාරයෙහි ද මෙම නයයි. අසංඥ සත්ත්වයන්ගේ ප්‍රතිසන්ධි කාලයෙහි සිත ඉපදී නිරුද්ධ වේ යනු ඔහුගේ ලබ්ධියයි. එය සමග සිතෙන් වෙන් වූ අරූප ජීවිතේන්‍ද්‍රිය ඉපදී දිවිතෙක් පවතී. එහෙයින් ඔවුන්ට ජීවිතේන්‍ද්‍රියක් නැද්දැයි විචාරණ ලද්දේ ප්‍රතික්‍ෂේප කරයි. ඇත්දැයි විචාරණ ලද්දේ පිළිගනී. වේදනා ස්කන්‍ධ ආදිය ඒවායේ පැවැත්ම වශයෙන් ප්‍රතික්‍ෂේප කරයි. චුති ප්‍රතිසන්ධි වශයෙන් පිළිගනී. සකවාදියා වනාහි එය කැමති නො වන්නේ ඉදින් එහි එක් සැණයෙහි වේදනාදිය ඇති පංච වෝකාර පැවතීමට පැමිණේ යයි චෝදනා කිරීමට පංච වොකාර භවො යයි කීය. අනෙකා සූත්‍ර විරෝධී බියෙන් ප්‍රතික්‍ෂේප කරයි.

එකදෙසං භිජ‍්ජතීති පඤ‍්හෙ සම‍්පයුත‍්තං භිජ‍්ජති, විප‍්පයුත‍්තං තිට‍්ඨතීති තස‍්ස ලද‍්ධි, තස‍්මා පටිජානාති. ද‍්වෙ ජීවිතින්‍ද්‍රියානීති පුච‍්ඡා පරවාදිස‍්ස, පටිඤ‍්ඤා සකවාදිස‍්ස. රූපාරූපවසෙන හි ද‍්වෙ ජීවිතින්‍ද්‍රියානි, තෙහියෙව සත‍්තො ජීවති, තෙසං භඞ‍්ගෙන මරතීති වුච‍්චති. චුතික‍්ඛණස‍්මිඤ‍්හි ද‍්වෙපි ජීවිතානි සහෙව භිජ‍්ජන‍්ති.

එකදෙසං භිජ්ජති ප්‍රශ්නයෙහි සම්ප්‍රයුක්ත වූයේ බිඳේ. විප්‍රයුක්ත වූයේ නොබිඳී යයි ඔහුගේ ලබ්ධියයි. එනිසා පිළිගනී. ද්වෙ ජීවිතින්‍ද්‍රියානි යයි විචාරීම පරවාදියාගේය. ප්‍රතිඥාව සකවාදියාගේය. රූප අරූප වශයෙන් ජීවිතේන්‍ද්‍රිය දෙකකි. ඒවායින් සත්ත්වයෝ ජීවත් වෙති. ඒවායේ බිඳී යෑමෙන් මැරේ යයි කියනු ලැබේ. චුති ඤාණයෙහි ජීවිතේන්‍ද්‍රිය දෙකම එකවිට බිඳේ.

ජීවිතින්‍ද්‍රියකථාවණ‍්ණනා.

කම‍්මහෙතුකථාවණ‍්ණනා

79. කම්මහේතු කථා

ඉදානි කම‍්මහෙතුකථා නාම හොති. තත්‍ථ යෙන අරහතා පුරිමභවෙ අරහා අබ‍්භාචික‍්ඛිතපුබ‍්බො, සො තස‍්ස කම‍්මස‍්ස හෙතු අරහත‍්තා පරිහායතීති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි පුබ‍්බසෙලියානඤ‍්චෙව සම‍්මිතියානඤ‍්ච; තෙ සන්‍ධාය කම‍්මහෙතූති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සෙසං පරිහානිකථායං වුත‍්තනයමෙව .

දැන් කර්ම හේතු කථා නම් වේ. එහි යම් රහත් කෙනකුන් පෙර භවයෙහි රහතන් වහන්සේ නමකට අසත්‍ය දෝෂාරෝපන කළ වීරිය හේ එම කර්ම හේතුවෙන් රහත්බවින් පිරිහේය යන යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන් ගෙනා සම්මිතියන්ගේ මෙනි. ඔවුන් සඳහා කම්මහෙතු යන විචාරීම සකවාදියාගේය. ප්‍රතිඥාව අනෙකාගේය. සෙස්ස පරිහානි කථාවේ කී නයින්ම වේ.

හන්‍ද හි අරහන‍්තානං අබ‍්භාචික‍්ඛතීති ඉදං යස‍්ස කම‍්මස‍්ස හෙතු පරිහායති, තං සම‍්පටිච‍්ඡාපෙතුං වදති. අථ නං සකවාදී තං පක‍්ඛං පටිජානාපෙත්‍වා “යදි එවං යෙහි අරහන‍්තො න අබ‍්භාචික‍්ඛිතපුබ‍්බා, තෙ සබ‍්බෙ අරහත‍්තං පාපුණෙය්‍යු”න‍්ති චොදෙතුං යෙ කෙචීතිආදිමාහ. ඉතරො තස‍්ස කම‍්මස‍්ස අරහත‍්තං සම‍්පාපුණනෙ නියාමං අපස‍්සන‍්තො පටික‍්ඛිපති.

හන්‍ද හි අරහන්තානං අබ්භාචික්‍ඛති යන මෙය යමෙකුගේ කර්මයේ හේතු පිරිහෙළයි. එය පිළිගැනීමට කියයි. ඉක්බිති සකවාදියා ඔහුට ඒ පක්‍ෂය පිළිගන්වා ඉදින් මෙසේ යම් රහතන් වහන්සේ නමක් අසත්‍ය දෝෂාරෝපන නොකළ විරීනම් ඒ සියල්ල රහත්බවට පැමිණෙන්නේ දැයි චෝදනා කිරීමට යෙ කෙචි යනාදිය කීය. අනිකා ඒ කර්මයේ අරහත් බවට පැමිණෙන නිසාම නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි.

කම‍්මහෙතුකථාවණ‍්ණනා.

අට‍්ඨමො වග‍්ගො.

අටවෙනි වර්ගය නිමියේය.