යෙදුමෙන් කියවන්න

කාමකථා

8. 4.

8. 4.

කාමකථා.

කාමකථා

[‘රූපායතනාදි පඤ්චායතනයෝ මැ කාමයහ’ යි ලබ්ධි ගත් පූර්‍වශෛලිය ආදි නිකායවාසීන්ගේ වාද බිඳුනට කාමකථා එයි.]

1. ස. පු: පඤ‍්චෙවායතනා කාමා’ති.

1. ස. පු: රූපාදි පඤ්චායතනයෝ මැ කාම වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු අත්‍ථී තප‍්පටිසංයුත‍්තො ඡන්‍දො’ති.

ස. අනු: තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය ඇත්තේ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අත්‍ථී තප‍්පටිසංයුත‍්තො ඡන්‍දො,

ස. අනු: ඉදින් තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය ඇත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘පඤ‍්චෙවායතනා කාමා’ති.

අනු. පා: භවත ‘පඤ්චායතනයෝ මැ කාමයහ’ යි නො කියැයුතු යැ.

2. ස. අනු: නනු, අත්‍ථී තප‍්පටිසංයුත‍්තො රාගො, තප‍්පටිසංයුත‍්තො ඡන්‍දො, තප‍්පටිසංයුත‍්තො ඡන්‍දරාගො, තප‍්පටිසංයුත‍්තො සඞ‍්කප‍්පො, තප‍්පටිසංයුත‍්තො රාගො, තප‍්පටිසංයුත‍්තො සඞ‍්කප‍්පරාගො, තප‍්පටිසංයුත‍්තා පීති. තප‍්පටිසංයුත‍්තං සොමනස‍්සං, තප‍්පටිසංයුත‍්තං පීතිසොමනස‍්සන‍්ති.

2. ස. පු: තත්ප්‍රතිසංයුක්ත රාගය, තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය, තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දරාගය, තත්ප්‍රතිසංයුක්ත සංකල්පය, තත්ප්‍රතිසංයුක්තරාගය, තත්ප්‍රතිසංයුක්ත සංකල්පරාගය, තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිය, තත්ප්‍රතිසංයුක්ත සෞමනස්‍යය, තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිසෞමනස්‍යය ඇත්තේ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අත්‍ථී තප‍්පටිසංයුත‍්තං පීතිසොමනස‍්සං,

අනු. ඨ: ඉදින් තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිසෞමනස්‍යය ඇත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: පඤ‍්චෙවායතනා කාමා’ති.

අනු. පා: භවත, ‘පඤ්චායතනයෝ මැ කාමයහ’ යි කියැයුතු යැ.

3. ප. පු: න වත‍්තබ‍්බං ‘පඤ‍්චෙවායතනා කාමා’ති.

3. ප. පු: ‘පඤ්චායතනයෝ මැ කාමයහ’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා: “පඤ‍්චිමෙ භික‍්ඛවෙ කාමගුණා කතමෙ පඤ‍්ච: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ-

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ කාමගුණයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්: ඉෂ්ට කාන්ත මනාප ප්‍රියස්වරූප කාමෝපසංහිත රඤ්ජනාර්‍හ චක්‍ෂුර්විඥේය රූපයෝ යැ, ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෝ යැ …

ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්චකාමගුණා”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ඝ්‍රාණවිඥේය ගන්‍ධයෝ යැ … ජිහ්වාවිඥේය රසයෝ යැ … ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමෝපසංහිත රඤ්ජනාර්‍හ කායවිඥේය ස්පර්‍ශයෝ යි. මහණෙනි, මොහු පස්දෙන කාමගුණයහ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. නිග: තෙන හි ‘පඤ‍්චෙවායතනා කාමා’ති.

ප. නිග: එකරුණින් ‘පඤ්චායතනයෝ මැ කාමයහ’.

4. ස. පු: පඤ‍්චෙවායතනා කාමා’ති.

4. ස. පු: පඤ්චායතනයෝ මැ කාම වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා: “පඤ‍්චිමෙ භික‍්ඛවෙ කාමගුණා. කතමෙ පඤ‍්ච: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. අපි ච ඛො භික‍්ඛවෙ නෙතෙ කාමා. කාමගුණා නාමෙතෙ අරියස‍්ස විනයෙ වුච‍්චන‍්ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, මේ කාමගුණයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්: චක්‍ෂුර්විඥේය රූපයෝ යැ … ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමෝපසංහිත රඤ්ජනාර්‍හ කායවිඥේය ස්පර්‍ශයෝ යැ. වැළිදු මහණෙනි, තුලුහු කාමයෝ නො වෙති. ආර්‍ය්‍යවිනයෙහි තුලුහු ‘කාමගුණයහ’ යි කියනු ලැබෙත්.

සඞ‍්කප‍්පරාගො පුරිසස‍්ස කාමො න තෙ කාමා යානි චිත්‍රානි ලොකෙ, සඞ‍්කප‍්පරාගො පුරිසස‍්ස කාමො තිට‍්ඨන‍්ති චිත්‍රානි තථෙව ලොකෙ අථෙත්‍ථ ධීරා විනයන‍්ති ඡන්‍දන‍්ති”

පුරුෂයාගේ සංකල්පරාගය කාම වෙයි. ලෝකයෙහි යම් චිත්‍රාලම්බනයෝ ඇද්ද, ඔහු කාම නො වෙති. පුරුෂයාගේ සංකල්පරාගය කාම වෙයි. ලෝකයෙහි ඒ චිත්‍රාලම්බනයෝ එ සැටි මැ සිටිති. වැළි මෙහිලා ධීරයෝ ඡන්‍දය හැර පියති” යි

අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

පටි. ආ: තෙන හි න වත‍්තබ‍්බං: පඤ‍්චෙවායතනා කාමා’ති.

පටි. ආ: එකරුණින් ‘පඤ්චායතනයෝ මැ කාමයහ’ යි නො කියැයුතු යැ.

කාමකථා නිට‍්ඨිතා.

කාමකථා නිමි.