කාමගුණකථා
8. 3.
8. 3.
කාමගුණකථා.
කාමගුණකථා
[පඤ්චිමෙ භික්ඛවේ කාමගුණා’ යි වදාළ වචන නිසා ‘පස්කම්ගුණයෝ මැ කාමධතුයහ’ යි විවාද ගත් පූර්‍වශෛලීය ආදි නිකාය වාසීන්ගේ වාද බිඳුනට කාමගුණකථා එයි.]
1. ස. පු: පඤ‍්චෙව කාමගුණා කාමධාතූ’ති.
1. ස. පු: පස්කම්ගුණ මැ කාමධාතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අත්‍ථී තප‍්පටිසඤ‍්ඤුත‍්තො ඡන්‍දො’ති.
ස. අනු: තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය ඇත්තේ නො වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අත්‍ථී තප‍්පටිසඤ‍්ඤුත‍්තො ඡන්‍දො,
අනු. ඨ: ඉදින් තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය ඇත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘පඤ‍්චෙව කාමගුණා කාමධාතූ’ති.
අනු. පා: භවත, ‘පස්කම්ගුණ මැ කාමධාතු’යයි නො කියැයුතු මැ යැ
2. ස. අනු: නනු අත්‍ථී තප‍්පටිසඤ‍්ඤුත‍්තො රාගො, තප‍්පටිසඤ‍්ඤුත‍්තො ඡන්‍දො, තප‍්පටිසඤ‍්ඤුත‍්තො ඡන්‍දරාගො, තප‍්පටිසඤ‍්ඤුත‍්තො සඞ‍්කප‍්පො, තප‍්පටිසඤ‍්ඤුත‍්තො රාගො, තඤ‍්ඤුප‍්පටිසඤ‍්ඤුත‍්තො සඞ‍්කප‍්පරාගො, තප‍්පටිසඤ‍්ඤුත‍්තා පීති, තප‍්පටිසඤ‍්ඤුත‍්තං සොමනස‍්සං, තප‍්පටිසඤ‍්ඤුත‍්තං පීතිසොමනස‍්සන‍්ති.
2. ස. අනු: තත්ප්‍රතිසංයුක්ත රාගය, තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දය, තත්ප්‍රතිසංයුක්ත ඡන්‍දරාගය, තත්ප්‍රතිසංයුක්ත සංකල්පය, තත්ප්‍රතිසංයුක්ත රාගය, තත්ප්‍රතිසංයුක්ත සංකල්පරාගය, තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිය, තත්ප්‍රතිසංයුක්ත සෞමනස්‍යය, තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිසෞමනස්‍යය ඇත්තේ නො වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අත්‍ථී තප‍්පටිසඤ‍්ඤුත‍්තං පීතිසොමනස‍්සං,
අනු. ඨ: ඉදින් තත්ප්‍රතිසංයුක්ත ප්‍රීතිසෞමනස්‍යය ඇත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘පඤ‍්චෙව කාමගුණා කාමධාතූ’ති.
අනු. පා: භවත, ‘පස්කම්ගුණ මැ කාමධාතු’යයි නො කියැයුතු මැ යැ.
3. ස. පු: පඤ‍්චෙව කාමගුණා කාමධාතූ’ති.
3. ස. පු: පස්කම්ගුණ මැ කාමධාතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මනුස‍්සානං චක‍්ඛු න කාමධාතූ’ති.
ස. අනු: මිනිසුන්ගේ ඇස කාමධාතු නො වන්නේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: මනුස‍්සානං සොතං -පෙ- මනුස‍්සානං ඝානං -පෙ- මනුස‍්සානං ජිව‍්හා -පෙ- මනුස‍්සානං කායො -පෙ- මනුස‍්සානං මනො න කාමධාතූ’ති.
ස. අනු: මිනිසුන්ගේ කන … මිනිසුන්ගේ නැහැය … මිනිසුන්ගේ දිව … මිනිසුන්ගේ කය … මිනිසුන්ගේ මනස කාමධාතු නො වන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: මනුස‍්සානං මනො න කාමධාතූ’ති.
4. ස. පු: මිනිසුන්ගේ මනස කාමධාතු නො වන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත‍්තං භගවතා:
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නො:
“පඤ‍්චකාමගුණා ලොකෙ මනො ඡට‍්ඨා පවෙදිතා, එත්‍ථ ඡන්‍දං විරාජෙත්‍වා එවං දුක‍්ඛා පමුච‍්චතී”ති.
“ලෝකයෙහි මනස සවැනි කොට ඇති පඤ්චකාමගුණයෝ දන්නාලදහ. එහි ඡන්‍දය පහා මෙසේ දුකින් මිදේ” යයි
අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: තෙන හි න වත‍්තබ‍්බං ‘මනුස‍්සානං මනො කාමධාතූ’ති.
ස. අනු: එකරුණින් ‘මිනිසුන්ගේ මනස කාමධාතු වෙති’ යි නො කියැයුතු යැ.
5. ස. පු: පඤ‍්චෙව කාමගුණා කාමධාතූ’ති.
5. ස. පු: පස්කම්ගුණ මැ කාමධාතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමගුණා භවො ගති සත‍්තාවාසො සංසාරො යොනි විඤ‍්ඤාණට‍්ඨිති අත‍්තභාවපටිලාභො’ති.
ස. අනු: කාමගුණ භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අත්‍ථී කාමගුණූපගං කම‍්මන‍්ති.
ස. අනු: කාමගුණෝපග කර්‍ම ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අත්‍ථී කාමගුණූපගා සත‍්තා’ති.
ස. අනු: කාමගුණෝපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කාමගුණෙ සත‍්තා ජායන‍්ති, ජීයන‍්ති, මීයන‍්ති, චවන‍්ති, උප‍්පජ‍්ජන‍්තී’ති.
ස. අනු: කාමගුණයෙහි සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැව යෙත් ද, ප්‍රතිසන්‍ධිවශයෙන් උපදිත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කාමගුණෙ අත්‍ථී රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති.
ස. අනු: කාමගුණයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කාමගුණා පඤ‍්චවොකාරභවො’ති.
ස. අනු: කාමගුණ පඤ්චවෝකාරභව වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කාමගුණෙ සම‍්මාසම‍්බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, පච‍්චෙකසම‍්බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති. සාවකයුගං උප‍්පජ‍්ජතී’ති.
ස. අනු: කාමගුණයෙහි සම්‍යක්සම්බුද්ධයෝ උපදිත් ද, ප්‍රත්‍යෙකසම්බුද්ධයෝ උපදිත් ද, ශ්‍රාවකයුගමය උපදී ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: කාමධාතු භවො ගති සත‍්තාවාසො සංසාරො යොනි විඤ‍්ඤාණට‍්ඨිති අත‍්තභාවපටිලාභොති.
6. .ස. පු: කාමධාතු වනාහි භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමගුණා භවො ගති සත‍්තාවාසො සංසාරො යොනි විඤ‍්ඤාණට‍්ඨිති අත‍්තභාවපටිලාභො’ති.
ස. අනු: කාමගුණ වනාහි භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අත්‍ථී කාමධාතුපගං කම‍්මන‍්ති.
7. ස. පු: කාමධාතූපග කර්‍ම ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථී කාමගුණුපගං කම‍්මන‍්ති.
ස. අනු: කාමගුණෝපග කර්‍ම ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අත්‍ථී කාමධාතූපගා සත‍්තා’ති.
8. ස. පු: කාමධාතූපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථී කාමගුණුපගා සත‍්තා’ති.
ස. අනු: කාමගුණෝපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: කාමධාතුයා සත‍්තා ජායන‍්ති ජීයන‍්ති මීයන‍්ති චවන‍්ති උප‍්පජ‍්ජන‍්තී’ති.
9. ස. පු: කාමධාතුයෙහි සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැවෙත් ද, පිළිසිඳ විසින් උපදිත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමගුණෙ සත‍්තා ජායන‍්ති ජීයන‍්ති මීයන‍්ති චවන‍්ති උප‍්පජ‍්ජන‍්තී’ති.
ස. අනු: කාමගුණයෙහි සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැවෙත් ද, පිළිසඳ විසින් උපදිත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: කාමධාතුයා අත්‍ථී රූපං2 වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති.
10. ස. පු: කාමධාතුයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමගුණෙ අත්‍ථී රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති.
ස. අනු: කාමගුණයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: කාමධාතු පඤ‍්චවොකාරභවො’ති.
11. ස. පු: කාමධාතු පඤ්චවෝකාරභාව වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමගුණා පඤ‍්චවොකාරභවො’ති.
ස. අනු: කාමගුණ පඤ්චවෝකාරභව වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: කාමධාතුයා සම‍්මාසම‍්බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, පච‍්චෙක සම‍්බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, සාවකයුගං උප‍්පජ‍්ජතී’ති.
12. ස. පු: කාමධාතුයෙහි සම්‍යක් සම්බුද්ධයෝ උපදිත් ද? ප්‍රත්‍යෙකසම්බුද්ධයෝ උපදිත් ද? ශ්‍රාවක යුග්මය උපදනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමගුණෙ සම‍්මාසම‍්බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, පච‍්චෙකසම‍්බුද‍්ධා උප‍්පජ‍්ජන‍්ති, සාවකයුගං උප‍්පජ‍්ජතී’ති.
ස. අනු: කාමගුණයෙහි සම්‍යක්සම්බුද්ධයෝ උපදිත් ද, ප්‍රත්‍යෙකසම්බුද්ධයෝ උපදිත් ද, ශ්‍රාවකයුග්මය උපදනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ප. පු: න වත‍්තබ‍්බං පඤ‍්චෙව කාමගුණා කාමධාතූති.
13. ප. පු: ‘පස්කම්ගුණයෝ මැ කාමධාතු නො වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත‍්තං භගවතා: “පඤ‍්චිමෙ භික‍්ඛවෙ කාමගුණා. කතමෙ පඤ‍්ච: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා -පෙ- ජිව‍්හා විඤ‍්ඤෙය්‍යා රසා
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
-පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්චකාමගුණා”ති. අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
“මහණෙනි, මේ කාමගුණයෝ පසෙකි. කවර පසෙක යත්: ඉෂ්ට කාන්ත මනාප ප්‍රිය ස්වරූප කාමෝපසංහිත රඤ්ජනාර්‍හ චක්‍ෂුර්විඥේය රූපයෝ යැ … ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෝ යැ … ඝ්‍රාණවිඥේය ගන්‍ධයෝ යැ … ජිහ්වාවිඥේය රසයෝ යැ … ඉෂ්ට කාන්ත මනාප ප්‍රියස්වරූප කාමෝපසංහිත රඤ්ජනාර්‍හ කායවිඥේය ස්පර්‍ශයෝ යැ. මහණෙනි, මොහු යැ පඤ්චකාමගුණයෝ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
පටි. ආ: තෙන හි පඤ‍්චෙව කාමගුණා කාමධාතූ’ති.
පටි. ආ: එකරුණින් ‘පස්කම් ගුණයෝ මැ කාමධාතු වෙති’ යි
කාමගුණකථා නිට‍්ඨිතා.
කාමගුණකථා නිමි.