රූපධාතුකථා
8. 5.
8. 5.
රූපධාතුකථා
රූපධාතුකථා
[“රූපී ධර්‍මයෝ මැ රූපධාතු නම්හ” යි අන්‍ධක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට රූපධාතුකථා එයි.]
1. ස. පු: රූපිනො ධම‍්මා රූපධාතූ’ති.
1. ස. පු: රූපී ධර්‍මයෝ රූපධාතු වෙත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපං භවො ගති සත‍්තාවාසො සංසාරො යොනි විඤ‍්ඤාණට‍්ඨිති අත‍්තභාවපටිලාභො’ති.
ස. අනු: රූපය වනාහි භව, ගති, සත්ත්‍වාවාස, සංසාර, යෝනි, විඥානස්ථිති, ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අත්‍ථී රූපූපගං කම‍්මන‍්ති.
ස. අනු: රූපෝපග කර්‍ම ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අත්‍ථී රූපූපගා සත‍්තා’ති.
ස. අනු: රූපෝපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රූපෙ සත‍්තා ජායන‍්ති, ජීයන‍්ති, මීයන‍්ති, චවන‍්ති, උප‍්පජ‍්ජන‍්තී’ති.
ස. අනු: රූපයෙහි ලා සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැව යෙත් ද, ප්‍රතිසන්‍ධිවශයෙන් උපදිත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රූපෙ අත්‍ථී රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති.
ස. අනු: රූපයෙහි ලා රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: රූපං පඤ‍්චවොකාරභවො’ති.
ස. අනු: රූපය වනාහි පඤ්චවෝකාරභව වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: රූපධාතු භවො ගති -පෙ- අත‍්තභාවපටිලාභො’ති.
2. ස. පු: රූපධාතුව වනාහි භව, ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපං භවො ගති -පෙ- අත‍්තභාවපටිලාභො’ති.
ස. අනු: රූපය වනාහි භව, ගති … ආත්මභාවප්‍රතිලාභ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අත්‍ථී රූපධාතූපගං කම‍්මන‍්ති.
3. ස. පු: රූපධාතූපග කර්‍ම ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථී රූපූපගං කම‍්මන‍්ති.
ස. අනු: රූපූපග කර්‍ම ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: අත්‍ථී රූපධාතූපගා සත‍්තා’ති.
4. ස. පු: රූපධාතූපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථී රූපූපගා සත‍්තා’ති.
ස. අනු: රූපෝපග සත්ත්‍වයෝ ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: රූපධාතුයා සත‍්තා ජායන‍්ති ජීයන‍්ති මීයන‍්ති චවන‍්ති උප‍්පජ‍්ජන‍්තී’ති.
5. ස. පු: රූපධාතුයෙහි ලා සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද, ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැව යෙත් ද, පිළිසඳ විසින් උපදිත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපෙ සත‍්තා ජායන‍්ති ජීයන‍්ති මීයන‍්ති චවන‍්ති උප‍්පජ‍්ජන‍්තී’ති?
ස. අනු: රූපයෙහි ලා සත්ත්‍වයෝ ජාතිවශයෙන් දනත් ද? ජරාවශයෙන් දිරත් ද, මරණවශයෙන් මියත් ද, ච්‍යුතිවශයෙන් සැව යෙත් ද, පිළිසඳ විසින් උපදිත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: රූපෙ අත්‍ථී රූපං වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති.
6. ස. පු: රූපධාතුයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපෙ අත්‍ථී රූපං1 වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණන‍්ති?
ස. අනු: රූපයෙහි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: රූපධාතු පඤ‍්චවොකාරභවො’ති.
7. ස. පු: රූපධාතු පඤ්චවෝකාරභව වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපං පඤ‍්චවොකාරභවො’ති.
ස. අනු: රූපය පඤ්චවෝකාරභව වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: රූපිනො ධම‍්මා රූපධාතු, කාමධාතුයා අත්‍ථී රූපන‍්ති.
8. ස. පු: (තොප මතයෙහි) රූපී ධර්‍මයෝ රූපධාතුයහ. කාමධාතුයෙහිත් රූප ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සා’ව කාමධාතු. සා රූපධාතූ’ති.
ස. අනු: එ කාමධාතු මැ ඒ රූපධාතු වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සා’ව කාමධාතු රූපධාතූ’ති.
9. ස. පු: ඒ කාමධාතුම මැ ඒ රූපධාතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කාමභවෙන සමන‍්නාගතො පුග‍්ගලො ද‍්වීහි භවෙහි සමන‍්නාගතො හොති, කාමභවෙන රූපභවෙන චා’ති.
ස. අනු: කාමධාතුයෙන් සමන්‍වාගත පුද්ගල කාමභව හා රූපභව දෙකින් සමන්‍වාගත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
රූපධාතුකථා නිට‍්ඨිතා.
රූපධාතුකථා නිමි.