9. නවමවග්ගො අට්ඨකථා
9. නවවෙනි වර්ගය
ආනිසංසදස්සාවීකථාවණ්ණනා
80. ආනිසංස කථා
ඉදානි ආනිසංසදස්සාවීකථා නාම හොති. තත්ථ සකසමයෙ සඞ්ඛාරෙ ආදීනවතො නිබ්බානඤ්ච ආනිසංසතො පස්සන්තස්ස සංයොජනප්පහානං හොතීති නිච්ඡයො. යෙසං පන තෙසු ද්වීසුපි එකංසිකවාදං ගහෙත්වා “ආනිසංසදස්සාවිනොව සංයොජනප්පහානං හොතී”ති ලද්ධි, සෙය්යථාපි අන්ධකානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථස්ස “එකංසිකවාදො තයා ගහිතො, ආදීනවොපි දට්ඨබ්බොයෙවා”ති විභාගදස්සනත්ථං සකවාදී සඞ්ඛාරෙතිආදිමාහ.
දැන් ආනිසංස කථා නම් වේ. එහි ස්ව සමයෙහි සංස්කාර ආදීනවයෙන් නිවන ද ආනිසංස වශයෙන් බලන්නහුට සංයෝජන ප්‍රහාන වේය යනු නිගමය වේ. යමෙකුගේ වනාහි ඒ දෙකෙහිම එක් වාදයක් කොටගෙන ආනිසංස දැකීමෙන්ම සංයෝජන ප්‍රහාන වේයයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඔබ විසින් එකංසිවාදය ගන්නා ලදී. ආදීනවය ද දැකිය යුතු වයස් එහි විභාග දැක්වීම සඳහා සකවාදියා සංඛාරෙ යනාදිය කීය.
සඞ්ඛාරෙ ච අනිච්චතො මනසිකරොති, නිබ්බානෙ ච ආනිසංසදස්සාවී හොතීති පඤ්හස්මිං අයමධිප්පායො – ආනිසංසදස්සාවිස්ස සංයොජනානං පහානං හොතීති තෙසං ලද්ධි. නනු සඞ්ඛාරෙ අනිච්චතො මනසිකරොතො සංයොජනා පහීයන්තීති ච පුට්ඨො ආමන්තාති පටිජානාති. තෙන තෙ සඞ්ඛාරෙ ච අනිච්චතො මනසිකරොති, නිබ්බානෙ ච ආනිසංසදස්සාවී හොතීති ඉදං ආපජ්ජති, කිං සම්පටිච්ඡසි එතන්ති. තතො පරවාදී එකචිත්තක්ඛණං සන්ධාය පටික්ඛිපති, දුතියං පුට්ඨො නානාචිත්තවසෙන පටිජානාති. සකවාදී පනස්ස අධිප්පායං මද්දිත්වා අනිච්චමනසිකාරස්ස ආනිසංසදස්සාවිතාය ච එකතො පටිඤ්ඤාතත්තා ද්වින්නං ඵස්සානං ද්වින්නං චිත්තානං සමොධානං හොතීති පුච්ඡති. ඉතරො ද්වින්නං සමොධානං අපස්සන්තො පටික්ඛිපති. දුක්ඛතොතිආදිපඤ්හෙසුපි එසෙව නයො. කිං පනෙත්ථ සන්නිට්ඨානං, කිං අනිච්චාදිතො මනසිකරොතො සංයොජනා පහීයන්ති, උදාහු නිබ්බානෙ ආනිසංසදස්සාවිස්ස, උදාහු ද්වෙපි එකතො කරොන්තස්සාති. යදි තාව අනිච්චාදිතො මනසිකරොතො පහානං භවෙය්ය, විපස්සනාචිත්තෙනෙව භවෙය්ය. අථ ආනිසංසදස්සාවිනො, අනුස්සවවසෙන නිබ්බානෙ ආනිසංසං පස්සන්තස්ස විපස්සනාචිත්තෙනෙව භවෙය්ය, අථ ද්වෙපි එකතො කරොන්තස්ස භවෙය්ය, ද්වින්නං ඵස්සාදීනං සමොධානං භවෙය්ය. යස්මා පන අරියමග්ගක්ඛණෙ අනිච්චාදිමනසිකාරස්ස කිච්චං නිප්ඵත්තිං ගච්ඡති පුන නිච්චතොතිආදිගහණස්ස අනුප්පත්තිධම්මභාවතො, නිබ්බානෙ ච පච්චක්ඛතොව ආනිසංසදස්සනං ඉජ්ඣති, තස්මා කිච්චනිප්ඵත්තිවසෙන අනිච්චාදිතො මනසිකරොතො ආරම්මණං කත්වා පවත්තිවසෙන ච නිබ්බානෙ ආනිසංසදස්සාවිස්ස සංයොජනානං පහානං හොතීති වෙදිතබ්බං.
සංඛාරෙ ච අනිච්චතො මනසිකරොති නිබ්බානෙව ආනිසංස දස්සාවි හොති යන ප්‍රශ්නයෙහි අදහස මෙසේය. ආනිසංස දකින්නහුට සංයෝජන ප්‍රහාන වේ යනු ඔවුන්ගේ ලබ්ධිය වේ. නනු සංඛාරො අනිච්චතො මනසිකරො සංයොජනා පහීයන්ති යයි විචාරණ ලද්දේ ආමන්තා යයි පිළිගනී. එයින් ඒ සංස්කාරයන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරයි. නිවනෙහි ද ආනිසංස දකින්නේ වේයයි මෙයට පැමිණේ. කිම එය පිළිගන්නෙහි ද? ඉන් පරවාදියා ඒක චිත්තක්ෂණය සඳහා ප්‍රතික්ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ නොයෙක් සිත් වශයෙන් පිළිගනියි. සකවාදියා ඔහුගේ අදහස් මැඩ අනිත්‍ය වශයෙන් පිළිගනියි. සකවාදියා ඔහුන්ගේ අදහස මැඩ අනිත්‍ය මෙනෙහි කරන්නාට ආනිසංස දැකීමද එකට ප්රතිඥාන නිසා ස්පර්ශ දෙකේ සිත් දෙක එක් වේදැයි අසයි. අනෙකා දෙකේ එකතුව නොදක්නේ ප්‍රතික්ෂේප කරයි. දුක්ඛතො යනාදි ප්‍රශ්නයෙහිද මෙම නයම වේ. මෙහි නිශ්චය පිළිබඳ කිම? කිම අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කරන්නාට සංයෝජන ප්‍රහීන වේද? නැතහොත් නිවණෙහි ආනිසංස දක්නහුටද, නැතහොත් දෙකම එකට කරන්නහුටද? ඉදින් අනිත්යාදියෙන් මෙනෙහි කරන්නාට ප්‍රහීන වන්නේ නම් විදර්ශනා සිතින්ම වන්නේය. ඉක්බිති ආනිසංස දක්නහුට අනුසස් වශයෙන් නිවනෙහි ආනිසංස දකින්නාට විදර්ශනා සිතින්ම වන්නේය. ඉක්බිති දෙකම එකට කරන්නහුට වන්නේ නම් ඵස්සාදි දෙකේ එක්කිරීමෙන් වන්නේය. නිෂ්පත්තියට පැමිණෙන්ද නැවත නිත්‍යයෙන් යයි ආදි ග්‍රහණයේ අනුත්පත්ති ධර්ම භාවයෙන් නිවනෙහි ද ප්රත්යක්ෂ වශයෙන් ආනිසංස දැකීම කැමති වේ. එහෙයින් පැවතීම් වශයෙන් ද නිවනෙහි ආනිසංස දකින්නට සංයෝජනයන්ගේ ප්‍රහීනවීම සුවදැකීමට සාධනය කරයි. ආනිසංස දැකීම් මාත්‍රයෙන්ම සංයෝජන ප්‍රහාන නොවේ. එහෙයින් නොගෙනෙන ලද සමාන වේමය.
නිබ්බානෙ සුඛානුපස්සීති සුත්තං නිබ්බානෙ සුඛානුපස්සනාදිභාවමෙව සාධෙති, න ආනිසංසදස්සාවිතාමත්තෙන සංයොජනානං පහානං. තස්මා ආභතම්පි අනාභතසදිසමෙවාති.
ආනිසංසදස්සාවීකථාවණ්ණනා.
අමතාරම්මණකථාවණ්ණනා
81. අමතාරම්මණ කථා
ඉදානි අමතාරම්මණකථා නාම හොති. තත්ථ යෙසං “නිබ්බානං මඤ්ඤතී”තිආදීනං අයොනිසො අත්ථං ගහෙත්වා අමතාරම්මණං සංයොජනං හොතීති ලද්ධි, සෙය්යථාපි පුබ්බසෙලියානං, තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං සචෙ අමතාරම්මණං සංයොජනං, අමතස්ස සංයොජනියාදිභාවො ආපජ්ජතීති චොදෙතුං අමතං සංයොජනියන්තිආදිමාහ. ඉතරො සුත්තවිරොධභයෙන සබ්බං පටික්ඛිපති. ඉමිනා උපායෙන සබ්බවාරෙසු අත්ථො වෙදිතබ්බො. නිබ්බානං නිබ්බානතොති ආහටසුත්තං පන දිට්ඨධම්මනිබ්බානං සන්ධාය භාසිතං, තස්මා අසාධකන්ති.
දැන් අමතාරම්මණ කථා නම් වේ. එහි යමෙකුගේ නිබ්බානං මඤ්ඤති ආදියේ නුනුවණින් අරුත් ගෙන අමතාරම්මණය (නිවන් අරමුණ) සංයෝජන වේයි ලබ්ධි වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් අමතාරම්මණය සංයෝජනයක් නම්, අමෘතයට සංයෝජනාදිභාවය පැමිණේ යයි චෝදනා කිරීමට අමතං සංයොජනියං යනාදිය කීය. අනෙකා සූත්‍ර විරෝධ බියෙන් සියල්ල ප්‍රතික්ෂේප කරයි. මේ උපායෙන් සියළු වාරවල අර්ථය දතයුතුය. නිබ්බානං නිබ්බානො යයි ගෙනෙන ලද සූත්‍රය වනාහි දිට්ඨධම්ම නිබ්බානය සඳහා කියන ලද්දකි. එහෙයින් එය සාධකයක් නොවේ.
අමතාරම්මණකථාවණ්ණනා.
රූපං සාරම්මණන්තිකථාවණ්ණනා
82. රූපං සාරම්මණන්ති කථා
ඉදානි රූපං සාරම්මණන්තිකථා නාම හොති. තත්ථ රූපං සප්පච්චයට්ඨෙන සාරම්මණං නාම හොති, න අඤ්ඤං ආරම්මණං කරොතීති ආරම්මණපච්චයවසෙන. යෙසං පන අවිසෙසෙන රූපං සාරම්මණන්ති ලද්ධි, සෙය්යථාපි උත්තරාපථකානං; තෙ සන්ධාය ආරම්මණත්ථස්ස විභාගදස්සනත්ථං පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසමෙත්ථ පාළිඅනුසාරෙනෙව වෙදිතබ්බං. න වත්තබ්බන්ති පඤ්හෙ ඔලුබ්භාරම්මණං සන්ධාය පටිඤ්ඤා සකවාදිස්ස. දුතියපඤ්හෙපි පච්චයාරම්මණං සන්ධාය පටිඤ්ඤා තස්සෙව. ඉති සප්පච්චයට්ඨෙනෙවෙත්ථ සාරම්මණතා සිද්ධාති.
දැන් රූපය සාරම්මණයයි කථා වේ. එහි රූපය ප්‍රත්‍ය සහිත අර්ථයෙන් සාරම්මණ නම් වේ. ආරම්මණ ප්‍රත්‍ය වශයෙන් වෙනත් අරමුණක් නොකෙරේ. යමෙකුගේ වනාහි අවිශේෂයෙන් රූපය සාරම්මණ යයි ලබ්ධි වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අරමුණු දෙකේ විභාග දැක්වීම සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ ඇසුරෙන්ම දතයුතුය. න වත්තබ්බං යන ප්‍රශ්නයෙහි ආධාරක අරමුණ සඳහා ප්‍රතිඥාව සකවාදියාටය. දෙවන ප්‍රශ්නයෙහි ද ප්‍රත්‍ය අරමුණ සඳහා ප්‍රතිඥාව ඔහුටම වේ. මෙසේ මෙහි සප්රත්යාර්ථයෙන්ම සාරම්මණ බව සිද්ධ වේ.
රූපං සාරම්මණන්තිකථාවණ්ණනා.
අනුසයා අනාරම්මණකථාවණ්ණනා
83. අනුසයා අනාරම්මණාති කථා
ඉදානි අනුසයා අනාරම්මණාතිකථා නාම හොති. තත්ථ යෙසං අනුසයා නාම චිත්තවිප්පයුත්තා අහෙතුකා අබ්යාකතා, තෙනෙව ච අනාරම්මණාති ලද්ධි, සෙය්යථාපි අන්ධකානඤ්චෙව එකච්චානඤ්ච උත්තරාපථකානං; තෙ සන්ධාය අනුසයාති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං අනාරම්මණෙන නාම එවංවිධෙන භවිතබ්බන්ති චොදෙතුං රූපන්තිආදිමාහ. කාමරාගොතිආදි කාමරාගානුසයතො අනඤ්ඤත්තා දස්සිතං. සඞ්ඛාරක්ඛන්ධො අනාරම්මණොති පඤ්හෙ චිත්තසම්පයුත්තසඞ්ඛාරක්ඛන්ධං සන්ධාය පටික්ඛිපති. අනුසයං ජීවිතින්ද්රියං කායකම්මාදිරූපඤ්ච සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නං, තං සන්ධාය පටිජානාති. ඉමිනාවුපායෙන සබ්බවාරෙසු අත්ථො වෙදිතබ්බො. සානුසයොති පඤ්හෙ පන අප්පහීනානුසයත්තා සානුසයතා අනුඤ්ඤාතා. න අනුසයානං පවත්තිසබ්භාවා. යො හි අප්පහීනො, න සො අතීතො, නානාගතො, න පච්චුප්පන්නො ච. මග්ගවජ්ඣකිලෙසො පනෙස අප්පහීනත්තාව අත්ථීති වුච්චති. එවරූපස්ස ච ඉදං නාම ආරම්මණන්ති න වත්තබ්බං. තස්මා තං පටික්ඛිත්තං. තං පනෙතං න කෙවලං අනුසයස්ස, රාගාදීනම්පි තාදිසමෙව, තස්මා අනුසයානං අනාරම්මණතාසාධකං න හොතීති.
දැන් අනුසයා අනාරම්මණාති කථා වේ. එහි යමෙකුගේ අනුසය නම් චිත්ත විප්‍රයුක්ත අහේතුක අව්‍යාකෘත වේ. එයින්ම අනාරම්මණ වේයයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ ද ඇතැම් උත්තරාපථකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා අනුසයා යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට අනාරම්මණයෙන් නම් මෙසේ විය යුතු යයි චෝදනා කිරීමට රූපං යනාදිය කීය. කාමරාගො යනාදිය කාමරාග අනුසයෙන් අනන්‍යතාව දක්වන ලදී. සංඛාරක්ඛන්ධො අනාරම්මණා යන ප්‍රශ්නයෙහි චිත්ත සම්ප්‍රයුක්ත සංස්කාර ස්කන්ධය සඳහා ප්‍රතික්ෂේප කරයි. අනුසය, ජීවිතේන්ද්රිය, කායකර්මාදි ශූන්‍ය ද සංස්කාර ස්කන්ධයට ඇතුළත්ය. ඒ සඳහා පිළිගනී. මේ උපායෙන් සංස්කාරවල අර්ථය දතයුතුය. සානුසයො යන ප්‍රශ්නයෙහි අප්‍රහීන අනුසය බැවින් සානුසය බව අනුදනී. අනුසයන්ගේ පැවතීම් ස්වභාවයෙන් නොවේ. යමක් අප්‍රහීන වේ නම් එය අතීත නොවේ. අනාගත නොවේ. වර්තමාන නොවේ. මාර්ග වද්‍ය කෙලෙස් අප්රහීනවම ඇතැයි කියනු ලැබේ. එබඳු වූ ද මේ නම අරමුණු යයි නොකිව යුතුය. එහෙයින් එය ප්‍රතික්ෂේප කරන ලදී. එය වනාහි මෙය හුදකලා අනුසය නොවේ. රාගාදියද එබඳුම වේ. එහෙයින් අනුසය වල අනාරම්මණ බවට සාධක නැත.
අනුසයා අනාරම්මණාතිකථාවණ්ණනා.
ඤාණං අනාරම්මණන්තිකථාවණ්ණනා
84. ඤාණ අනාරම්මණ කථා
ඉදානි ඤාණං අනාරම්මණන්තිකථා නාම හොති. තත්ථ යස්මා අරහා චක්ඛුවිඤ්ඤාණසමඞ්ගී ඤාණීති වුච්චති, තස්ස ඤාණස්ස තස්මිං ඛණෙ ආරම්මණං නත්ථි, තස්මා ඤාණං අනාරම්මණන්ති යෙසං ලද්ධි, සෙය්යථාපි අන්ධකානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසමෙත්ථ අනුසයකථායං වුත්තනයෙනෙව වෙදිතබ්බන්ති.
දැන් ඤාණය අනාරම්මණ යයි කථා වේ. එහි යම්සේ රහතන් වහන්සේ චක්ඛු විඤ්ඤාණයෙන් යුත් ඤාණ ඇත්තේ යයි කියනු ලැබේ. ඒ ඤාණයේ ඒ ඤාණයෙහි අරමුණ නැත. එහෙයින් ඤාණය අනාරම්මණය යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස අනුසය කථාවෙහි කියන ලද නයින්ම දතයුතුය.
ඤාණං අනාරම්මණන්තිකථාවණ්ණනා.
අතීතානාගතාරම්මණකථාවණ්ණනා
85. අතීතාරම්මණ කථා
ඉදානි අතීතානාගතාරම්මණකථා නාම හොති. තත්ථ යස්මා අතීතානාගතාරම්මණං නාම නත්ථි, තස්මා තදාරම්මණෙන චිත්තෙන ආරම්මණස්ස නත්ථිතාය අනාරම්මණෙන භවිතබ්බන්ති අතීතං අනාරම්මණන්ති යෙසං ලද්ධි, සෙය්යථාපි උත්තරාපථකානං, තෙ සන්ධාය අතීතාරම්මණන්ති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසමෙත්ථ යථාපාළිමෙව නිය්යාතීති.
දැන් අතීත ආරම්මණ කථා වේ. එහි යම්හෙයකින් අතීත අනාගත අරමුණු නම් නැත. එහෙයින් අරමුණු නැති බැවින් තදාරම්මණ සිත අරමුණෙන් බැහැර විය යුතු යයි ද අතීතයේ අරමුණු නමැයිද යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අතීතා රම්මණං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ අනුවම පැමිණවිය යුතුය.
අතීතානාගතාරම්මණකථාවණ්ණනා.
විතක්කානුපතිතකථාවණ්ණනා
86. විතඤ්ඤානුපත්ති කථා
ඉදානි විතක්කානුපතිතකථා නාම හොති. තත්ථ විතක්කානුපතිතා නාම දුවිධා – ආරම්මණතො ච සම්පයොගතො ච. තත්ථ අසුකචිත්තං නාම විතක්කස්සාරම්මණං න හොතීති නියමාභාවතො සියා සබ්බං චිත්තං විතක්කානුපතිතං, විතක්කවිප්පයුත්තචිත්තසබ්භාවතො පන න සබ්බං චිත්තං විතක්කානුපතිතං. ඉති ඉමං විභාගං අකත්වා අවිසෙසෙනෙව සබ්බං චිත්තං විතක්කානුපතිතන්ති යෙසං ලද්ධි, සෙය්යථාපි උත්තරාපථකානං, තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසමෙත්ථ පාළිවසෙනෙව නිය්යාතීති.
දැන් විතක්ක අනුපතිත කථා නම් වේ. එහි අරමුණින් සහ සම්ප්‍රයෝගයෙන් දැයි විතක්කානුපතිත කථා දෙයාකාරය. එහි අසවල් සිතේ විතක්කයේ අනුපතිත වන්නේය. විතර් විප්‍රයුක්ත චිත්ත ස්වභාවයෙන් සියළු සිත් විතක්කානුපත්ත නොවේ. මෙසේ මේ විභාගය නොකොට අවිශේෂයෙන් සියළු සිත් විතක්කානුපත්ත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ වශයෙන් පැමිණවිය යුතු.
විතක්කානුපතිතකථාවණ්ණනා.
විතක්කවිප්ඵාරසද්දකථාවණ්ණනා
87. විතක්ක විප්ඵාර සද්ද කථා
ඉදානි විතක්කවිප්ඵාරසද්දකථා නාම හොති. තත්ථ යස්මා “විතක්කවිචාරා වචීසඞ්ඛාරා”ති වුත්තා, තස්මා සබ්බසො විතක්කයතො විචාරයතො අන්තමසො මනොධාතුපවත්තිකාලෙපි විතක්කවිප්ඵාරො සද්දොයෙවාති යෙසං ලද්ධි, සෙය්යථාපි පුබ්බසෙලියානං; තෙ සන්ධාය සබ්බසොති පුච්ඡා සකවාදිස්ස පටිඤ්ඤා ඉතරස්ස. අථ නං යදි විතක්කවිප්ඵාරමත්තං සද්දො, ඵස්සාදිවිප්ඵාරොපි සද්දො භවෙය්‍යාති චොදෙතුං සබ්බසො ඵුසයතොතිආදිමාහ. ඉතරො තාදිසං සුත්තලෙසං අපස්සන්තො පටික්ඛිපති. විතක්කවිප්ඵාරො සද්දො සොතවිඤ්ඤෙය්යොති විතක්කස්ස විප්ඵාරමත්තමෙව සද්දොති කත්වා පුච්ඡති, න විතක්කවිප්ඵාරසමුට්ඨිතං සුත්තපමත්තානං සද්දං, ඉතරො පටික්ඛිපති. නනු විතක්කවිප්ඵාරසද්දො න සොතවිඤ්ඤෙය්යොති ඉදං තස්සෙව ලද්ධියා දස්සෙති. සො හි විතක්කවිප්ඵාරමත්තමෙව සද්දං වදති, සො න සොතවිඤ්ඤෙය්යොති. ඉතරො පන “විතක්කවිප්ඵාරසද්දං සුත්වා ආදිසතී” ති (දී· නි· 3.148) වචනතො සොතවිඤ්ඤෙය්යොවාති වදති.
දැන් විතක්ක විප්ඵාර සද්ද කථා නම් වේ. එහි යම්හෙයකින් විතක්ක විචාර වචී සංඛාර යයි කියන ලදී. එහෙයින් සියළු විතර්කයෙන් විචාරයෙන් අඩු තරමින් මනෝධාතු පවතින කාලයේ ද විතර්ක විප්ඵාර ශබ්දය යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා සබ්බසො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් විතක්ක විප්ඵාරය පමණක් ශබ්දය වේ නම් ඵස්සාදි විප්ඵාරය ද ශබ්දය වියයුතු වන්නේ යයි චෝදනා කිරීමට සබ්බසො ඵුසතො යනාදිය කීය. අනිකා එබඳු සූත්‍ර දේශයක් නො දක්නේ ප්‍රතික්ෂේප කරයි. විතක්ක විප්ඵාරො සද්දො සොත විඤ්ඤෙය්යො යයි විතර්කයේ විප්ඵාරය (රාවය) පමණක් ශබ්දය කොට විචාරයි. විතර්ක විප්ඵාරයෙන් හටගත් සූත්‍ර ප්‍රමාණය ශබ්දය වේ. ඉතිරිවා ප්‍රතික්ෂේප කරයි. තනු විතක්ක විප්ඵාර සද්දො න සොත විඤ්ඤෙය්යො යයි මෙය ඔහුගේම ලබ්ධිය දක්වයි. හේ විතක්ක විප්ඵාරය පමණක් ශබ්ද යයි කියයි. හෙ සොතවිඤ්ඤෙය්‍ය නො කියයි. අනෙකා වනාහි ‘විතක්ක විප්ඵාර ශබ්දය අසා’ යන වචනයෙන් සොත විඤ්ඤෙය්‍ය ද ශබ්ද යයි කියයි.
විතක්කවිප්ඵාරසද්දකථාවණ්ණනා.
නයථාචිත්තස්ස වාචාතිකථාවණ්ණනා
88. න යථා චිත්තස්ස වාචාති කථා
ඉදානි නයථාචිත්තස්ස වාචාතිකථා නාම හොති. තත්ථ යස්මා කොචි අඤ්ඤං භණිස්සාමීති අඤ්ඤං භණති, තස්මා නයථාචිත්තස්ස වාචා චිත්තානුරූපා චිත්තානුගතිකා න හොති, විනාපි චිත්තෙන පවත්තතීති යෙසං ලද්ධි; සෙය්යථාපි පුබ්බසෙලියානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං “යදි තංසමුට්ඨාපකං චිත්තං න සියා, ඵස්සාදයොපි තස්මිං ඛණෙ න සියු”න්ති චොදෙතුං අඵස්සකස්සාතිආදිමාහ. න භණිතුකාමොතිආදීසු යස්මා අඤ්ඤං භණිස්සාමීති අඤ්ඤං භණන්තොපි භණිතුකාමොයෙව නාම හොති, තස්මා න හෙවාති පටික්ඛිපති.
දැන් යථා චිත්තස්ස වාචාති කථා නම් වේ. එහි යම්හෙයකින් කිසිවෙක් අනිකක් කියන්නෙමියි අනිකක් කියයි. එහෙයින් සිත අනුව වචනය නැත. චිත්තානුරූපව චිත්තානුගතික නැත. සිත නැතිවද වචන පවතී යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් එය උපදවන සිත නොවන්නේය. ඵස්සාදිය ද ඒ ක්ෂණයෙහි නොවන්නේ යයි චෝදනා කිරීමට අඵස්සකස්ස යනාදිය කීය. න භණ්හිතු කාමො යනාදියෙහි යම්හෙයකින් අනිකක් කියන්නෙමියි අනිකක් කියන්නේ කියනු කැමතිවීමම නම් වේ. එහෙයින් න හෙවං යයි ප්‍රතික්ෂේප කරයි.
නනු අත්ථි කොචි අඤ්ඤං භණිස්සාමීතිආදීසු චීවරන්ති භණිතුකාමො චීරන්ති භණෙය්ය. තත්ථ අඤ්ඤං භණිතුකාමතාචිත්තං, අඤ්ඤං භණනචිත්තං, ඉති පුබ්බභාගෙන චිත්තෙන අසදිසත්තා අයථාචිත්තො නාම හොති, තෙනස්ස කෙවලං අනාපත්ති නාම හොති, න පන චීරන්ති වචනසමුට්ඨාපකචිත්තං නත්ථි, ඉති අචිත්තකා සා වාචාති අත්ථං සන්ධාය ඉමිනා උදාහරණෙන “නයථාචිත්තස්ස වාචා”ති පතිට්ඨාපිතාපි අප්පතිට්ඨාපිතාව හොතීති.
නනු අත්ථි කොචි අඤ්ඤං භණිස්සාමි යනාදියෙහි සිව්රු යයි කියනු කැමැත්තේ චිර යයි කියන්නේය. එහි අනිකක් කියනු කැමති සිත අනිකක් කියන සිත, මෙසේ පූර්වභාගයෙන් සිතේ අසමාන බව අපථා චිත්ත නම් වේ. එයින් ඔහුගේ හුදෙක් අනාපත්ති නම් වේ. චිර යන වචනය උපදවන සිතක් නැත. මෙසේ ඒ වචනය අචිත්තක යයි අර්ථය සඳහා මේ උදාහරණයෙන් යථා චිත්තයේ වචන නොවේ යයි පිහිටුවන ලද්දේ ද නොපිහිටන ලද්දේ වේ.
නයථාචිත්තස්ස වාචාතිකථාවණ්ණනා.
නයථාචිත්තස්ස කායකම්මන්තිකථාවණ්ණනා
89. න යථා චිත්තස්ස කායකම්මන්ති කථා
ඉදානි නයථාචිත්තස්ස කායකම්මන්තිකථා නාම හොති. තත්ථ යස්මා කොචි අඤ්ඤත්ර ගච්ඡිස්සාමීති අඤ්ඤත්ර ගච්ඡති, තස්මා නයථාචිත්තස්ස කායකම්මං චිත්තානුරූපං චිත්තානුගතිකං න හොති, විනාපි චිත්තෙන පවත්තතීති යෙසං ලද්ධි, සෙය්යථාපි පුබ්බසෙලියානංයෙව, තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසමෙත්ථ හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බන්ති.
දැන් න යථා චිත්තස්ස කාය කම්මන්ති කථා නම් වේ. එහි යම්හෙයකින් කිසිවෙක් අන්තැනක යන්නෙමියි අන්තැනක යයි. එහෙයින් සිත අනුව කාය කර්මය චිත්තානුරූපය චිත්තානුගතිකව නොවේ. සිතෙන් බැහැරව ක්‍රියාව පවතී යනු යමෙකුගේ ලබ්ධිය වේ. පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස යට කියන ලද නයින්ම දතයුතුය.
නයථාචිත්තස්ස කායකම්මන්තිකථාවණ්ණනා.
අතීතානාගතසමන්නාගතකථාවණ්ණනා
90. අතීතානාගතෙහි සමන්නාගත කථා
ඉදානි අතීතානාගතෙහි සමන්නාගතකථා නාම හොති. තත්ථ සමන්නාගතපඤ්ඤත්ති පටිලාභපඤ්ඤත්තීති ද්වෙ පඤ්ඤත්තියො වෙදිතබ්බා. තාසු පච්චුප්පන්නධම්මසමඞ්ගී සමන්නාගතොති වුච්චති. අට්ඨ සමාපත්තිලාභිනො පන සමාපත්තියො කිඤ්චාපි න එකක්ඛණෙ පවත්තන්ති, අඤ්ඤා අතීතා හොන්ති, අඤ්ඤා අනාගතා, අඤ්ඤා පච්චුප්පන්නා, පටිවිජ්ඣිත්වා අපරිහීනතාය පන ලාභීති වුච්චති. තත්ථ යෙසං ඉමං විභාගං අග්ගහෙත්වා යස්මා ඣානලාභීනං අතීතානාගතානි ඣානානිපි අත්ථි, තස්මා “තෙ අතීතෙනපි අනාගතෙනපි සමන්නාගතා”ති ලද්ධි, සෙය්යථාපි අන්ධකානං. තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති. “අට්ඨවිමොක්ඛඣායී”තිආදි පන ලාභීභාවස්ස සාධකං, න සමන්නාගතභාවස්සාති.
දැන් අතීත අනාගතවලින් යුක්ත කථා නම් වේ. එහි සමන්නාගත පඤ්ඤත්ති පටිලාභ පඤ්ඤත්ති යයි පඤ්ඤත්ති දෙකක් දතයුතුය. ඒවායින් වර්තමාන ධර්ම යුක්ත වූයේ සමන්නාගත යයි කියනු ලැබේ. අෂ්ට සමාපත්තිලාභියාට වනාහි කිසි සමාපත්තියක් ඒකක්ෂණයෙහි නොපවතී. අනිකක් අතීත වේ. අනිකක් අනාගත වේ. අනිකක් වර්තමාන වේ. පිළිවිද අපරිහීබවින් ලාභී යයි කියනු ලැබේ. එහි මේ විභාගය නොගෙන යම්හෙයකින් ධ්‍යානලාභීන්ගේ අතීත අනාගත ධ්‍යාන ද ඇත. එහෙයින් ඔව්හු අතීතයේ ද අනාගතයෙන් ද යුක්තයයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. මෙහි සෙස්ස පැහැදිලිය. අට්ඨවිමොක්ඛඣායී යනාදිය වනාහි ලාභී බවට සාධක වේ. සමන්නාගත බවට (යුක්ත බවම) නොවේ.
අතීතානාගතසමන්නාගතකථාවණ්ණනා.
නවමො වග්ගො.
නවවෙනි වර්ගය සමාප්තයි.