යෙදුමෙන් කියවන්න

ඤාණං අනාරම‍්මණන‍්ති කථා

9. 5.

9. 5.

ඤාණං අනාරම‍්මණන‍්ති කථා.

ඤාණං අනාරම්මණන්තිකථා

[චක්‍ෂුර්විඥාන සමන්‍විත අර්‍හත් ‘ඥාතී’ නම් වේ. ඥානයට එකෙණෙහි අරමුණක් නැත. එහෙයින් ‘ඤාණය අනාරම්මණ ය’ යි අන්‍ධක නිකාය වාසීන් සෙයින් ලබ්ධිගත් වාදීන්ගේ වාද බිඳුනට ඤාණං අනාරම්මණන්ති කථා එයි.]

1. ස. පු: ඤාණං අනාරම‍්මණන‍්ති.

1. ස. පු: ඥානය අනාරම්මණ (අරමුණු රහිත) වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: රූපං නිබ‍්බානං චක‍්ඛායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනන‍්ති.

ස. අනු: (ඥානය) රූප, නිර්‍වාණ, චක්‍ෂුරායතන … ස්ප්‍රෂ්ටව්‍යායතන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: ඤාණං අනාරම‍්මණන‍්ති.

2. ස. පු: ඥානය අනාරම්මණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචය සම‍්බොජ‍්ඣඞ‍්ගො අනාරම‍්මණො’ති.

ස. අනු: ප්‍රඥා, ප්‍රඥේන්‍ද්‍රිය ප්‍රඥාබල සම්‍යග්දෘෂ්ටි ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ග අනාරම්මණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං, සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචය සම‍්බොජ‍්ඣඞ‍්ගො සාරම‍්මණො’ති.

3. ස. පු: ප්‍රඥා, ප්‍රඥේන්‍ද්‍රිය, ප්‍රඥාබල, සම්‍යග්දෘෂ්ටි, ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ග සාරම්මණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ඤාණං සාරම‍්මණන‍්ති.

ස. අනු: ඥානය සාරම්මණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: ඤාණං අනාරම‍්මණන‍්ති.

4. ස. පු: ඥානය අනාරම්මණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: කතමක‍්ඛන්‍ධපරියාපන‍්නන‍්ති.

ස. අනු: (ඥානය) කවර ස්කන්‍ධයෙක්හි ඇතුළු වේ ද?

ප. වි: සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නන‍්ති.

ප. වි: සංස්කාරස්කන්‍ධයෙහි ඇතුළු වේ.

ස. අනු: සඞ‍්ඛාරක‍්ඛධො අනාරම‍්මණො’ති.

ස. අනු: සංස්කාරස්කන්‍ධය අනාරම්මණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො අනාරම‍්මණො’ති.

5. ස. පු: සංස්කාරස්කන්‍ධය අනාරම්මණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො අනාරම‍්මණො’ති.

ස. අනු: වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය විඥානස්කන්‍ධය අනාරම්මණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: ඤාණං සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නං අනාරම‍්මණන‍්ති.

6. ස. පු: ඥානය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාරම්මණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පඤ‍්ඤා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා අනාරම‍්මණා’ති.

ස. අනු: ප්‍රඥාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා අනාරම්මණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: පඤ‍්ඤා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා සාරම‍්මණා’ති.

7. ස. පු: ප්‍රඥාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා සාරම්මණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ඤාණං සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා සාරම‍්මණන‍්ති.

ස. අනු: ඥානය සංස්කාරස්කන්‍ධ පර්‍ය්‍යාපන්න වූයේ සාරම්මණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: ඤාණං සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නං අනාරම‍්මණං, පඤ‍්ඤා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා සාරම‍්මණා’ති.

8. ස. පු: ඥානය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ අනාරම්මණ වේ. ප්‍රඥාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා සාරම්මණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො එකදෙසො සාරම‍්මණො, එකදෙසො අනාරම‍්මණො’ති.

ස. අනු: සංස්කාරස්කන්‍ධය එකදෙශයක් සාරම්මණ වේ ද, එකදෙශයක් අනාරම්මණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො එකදෙසො සාරම‍්මණො, එකදෙසො අනාරම‍්මණො’ති.

9. ස. පු: සංස්කාරස්කන්‍ධය එකදෙශයක් සාරම්මණ වූයේ එකදෙශයක් අනාරම්මණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො එකදෙසො සාරම‍්මණො, එකදෙසො අනාරම‍්මණො’ති.

ස. අනු: වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, විඥානස්කන්‍ධය එකදෙශයක් සාරම්මණ වේ ද, එකදෙශයක් අනාරම්මණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ප. පු: න වත‍්තබ‍්බං ඤාණං අනාරම‍්මණන‍්ති.

10. ප. පු: ‘ඥානය අනාලම්බන වේ යැ’ යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අරහා චක‍්ඛුවිඤ‍්ඤාණසමඞ‍්ගී ඤාණීති වත‍්තබ‍්බො’ති.

ප. අනු: රහත් චක්‍ෂුර්විඥානසමඞ්ගී වූයේ ‘ඥානී’ යයි කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අත්‍ථී තස‍්ස ඤාණස‍්ස ආරම‍්මණන‍්ති.

ප. අනු: ඒ ඥානයට ආලම්බනයෙක් ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

ප. ආ. තෙන හි ඤාණං අනාරම‍්මණන‍්ති.

ප. ආ: එ කරුණින් ඥානය අනාලම්බන වෙයි.

11. ප. පු: අරහා චක‍්ඛුවිඤ‍්ඤාණසමඞ‍්ගී පඤ‍්ඤවා’ති වත‍්තබ‍්බො’ති.

11. ප. පු: චක්‍ෂුර්විඥානසමන්‍විත රහත් ‘ප්‍රඥාවත්’ යයි කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: අත්‍ථී තාය පඤ‍්ඤාය ආරම‍්මණන‍්ති.

ප. අනු: ඒ ප්‍රඥාවට ආලම්බන ඇද්ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ …

පටි. ආ: තෙන හි පඤ‍්ඤා අනාරම‍්මණා’ති.

ප. ආ: එ කරුණින් ප්‍රඥා අනාලම්බන වෙයි.

ඤාණ අනාරම‍්මණන‍්තිකථා නිට‍්ඨිතා.

ඤාණං අනාරම්මණන්තිකථා නිමි.