යෙදුමෙන් කියවන්න

විතක‍්කවිප‍්ඵාරසද‍්දකථා

9. 8.

9. 8.

විතක‍්කවිප‍්ඵාරසද‍්දකථා.

විතක්කවිප්ඵාරසද්දකථා

[‘විතර්‍කවිචාර වාක්සංස්කාරයහ’ යි වදාළෙන් විතර්‍කණය කරන්නහුගේ විතර්‍කවිස්ථාරය ශබ්ද වේ’ යයි ලබ්ධි ගත් පූර්‍වශෛලියයන්ගේ වාද බිඳුනට ‘විතක්කවිප්ඵාරසද්දකථා’ එයි.]

1. ස. පු: සබ‍්බසො විතක‍්කයතො විචාරයතො විතක‍්කවිප‍්ඵාරො සද‍්දො’ති.

1. ස. පු: සර්‍වප්‍රකාරයෙන් විතර්‍කවිචාර කරන්නහුගේ විතර්‍ක විස්ඵාරය ශබ්ද වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සබ‍්බසො ඵුසයතො ඵස‍්සවිප‍්ඵාරො සද‍්දො, සබ‍්බසො වෙදයතො වෙදනාවිප‍්ඵාරො සද‍්දො, සබ‍්බසො සඤ‍්ජානතො සඤ‍්ඤාවිප‍්ඵාරො සද‍්දො, සබ‍්බසො චෙතයතො චෙතනාවිප‍්ඵාරො සද‍්දො, සබ‍්බසො චින‍්තයතො චිත‍්තවිප‍්ඵාරො සද‍්දො, සබ‍්බසො සරතො සතිවිප‍්ඵාරො සද‍්දො, සබ‍්බසො පජානතො පඤ‍්ඤාවිප‍්ඵාරො සද‍්දො’ති.

ස. අනු: සර්‍වප්‍රකාරයෙන් ස්පර්‍ශ කරන්නහුගේ ස්පර්‍ශවිස්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් වේදනා විඳුනහුගේ වේදනාවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් සඤ්ජානන කරන්නහුගේ සඤ්ඤාවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් චේතනා කරන්නහුගේ චේතනාවිප්ඵාරය ශබ්ද වේ ද? සර්‍වප්‍රකාරයෙන් චින්තන කරන්නහුගේ චිත්තවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් ස්මරණය කරන්නහුගේ සතිවිප්ඵාරය ශබ්ද වේ ද, සර්‍වප්‍රකාරයෙන් ප්‍රජානන කරන්නහුගේ පඤ්ඤාවිප්ඵාරය ශබ්ද වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: සබ‍්බසො විතක‍්කයතො විචාරයතො විතක‍්කවිප‍්ඵාරො සද‍්දො’ති.

2. ස. පු: සර්‍වප්‍රකාරයෙන් විතර්‍කවිචාර කරන්නහුගේ විතර්‍කවිස්ඵාරය ශබ්ද වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: විතක‍්කවිප‍්ඵාරො සද‍්දො සොතවිඤ‍්ඤෙය්‍යො, සොතස‍්මිං පටිහඤ‍්ඤති, සොතස‍්ස ආපාථං ආගච‍්ඡතී’ති.

ස. අනු: විතර්‍කවිස්ඵාර ශබ්දය ශ්‍රෝත්‍රවිඥේය වේ ද, ශ්‍රෝත්‍රයෙහි ගැටේ ද, ශ්‍රෝත්‍රයාගේ ආපාථයට පැමිණේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: නනු විතක‍්කවිප‍්ඵාරො සද‍්දො න සොතවිඤ‍්ඤෙය්‍යො, න සොතස‍්මිං පටිහඤ‍්ඤති, න සොතස‍්ස ආපාථං ආගච‍්ඡතී’ති.

3. ස. පු: විතර්‍කවිස්ඵාරශබ්දය ශ්‍රෝත්‍රවිඥේය නො වූයේ ශ්‍රෝත්‍රයෙහි නො හැනෙන්නේ ශ්‍රෝත්‍රයාගේ ආපාථයට නො පැමිණෙන්නේ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි විතක‍්කවිප‍්ඵාරො සද‍්දො න සොතවිඤ‍්ඤෙය්‍යො, න සොතස‍්මිං පටිහඤ‍්ඤති, න සොතස‍්ස ආපාථං ආගච‍්ඡති,

අනු. ඨ: ඉදින් විතර්‍කවිස්ඵාරශබ්දය ශ්‍රෝත්‍රවිඥේය නො වේ නම්, ශ්‍රෝත්‍රයෙහි නො හැනෙන්නේ නම්, ශ්‍රෝත්‍රයාගේ ආපාථයට නො පැමිණෙන්නේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: සබ‍්බසො විතක‍්කයතො විචාරයතො විතක‍්කවිප‍්ඵාරො සද‍්දො’ති.

අනු. පා: භවත, ‘සර්‍වප්‍රකාරයෙන් විතර්‍කවිචාර කරන්නහුගේ විතර්‍කවිස්ඵාරය ශබ්දයෙකි’ යි නො කියැයුතු මැ යැ.

විතක‍්කවිප‍්ඵාරසද‍්දකථා නිට‍්ඨිතා.

විතක්කවිප්ඵාරසද්දකථා නිමි.