න යථාචිත්තස්ස වාචාතිකථා
9. 9.
9. 9.
න යථාචිත්තස්ස වාචාතිකථා.
න යථාචිත්තස්ස වාචාතිකථා
[යම් හෙයෙකින් යමෙක් ‘අනෙකක් කියමි’ යි අනෙකක් කියා ද, එහෙයින් ‘යථාචිත්තයාගේ වචන හෙවත් චිත්තානුගතික ව්‍යවහාර නො වේ යයි ද, චිත්තයෙන් තොර වචන ඇති’ යි ද ලබ්ධි ගත් පූර්‍වශෛලියනිකායවාසීන්ගේ වාද බිඳුනට ‘න යථාචිත්තස්ස වාචානි කථා’ එයි.]
1. ස. පු: න යථාචිත්තස්ස වාචා’ති.
1. ස. පු: වචන චිත්තානුගතික නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අඵස්සකස්ස වාචා, අවෙදනකස්ස වාචා, අසඤ්ඤකස්ස වාචා, අචෙතනකස්ස වාචා, අචිත්තකස්ස වාචා’ති.
ස. අනු: (එකෙණෙහි) ස්පර්ශ රහිතයක්හුගේ වචන, අවේදකයක්හුගේ වචන, අසංඥයක්හුගේ වචන, අචේතනයක්හුගේ වචන, අචිත්තකයක්හුගේ වචන වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නනු සඵස්සකස්ස වාචා, සවෙදනකස්ස වාචා, සසඤ්ඤකස්ස වාචා, සචෙතනකස්ස වාචා සචිත්තකස්ස වාචා’ති.
ස. අනු: ස්පර්ශ සහිතයක්හුගේ වාක්, වේදනා සහිතයක්හුගේ වාක්, සංඥා සහිතයක්හුගේ වාක්, චේතනා සහිතයක්හුගේ වාක්, චිත්ත සහිතයක්හුගේ වාක් නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි සඵස්සකස්ස වාචා -පෙ- සචිත්තකස්ස වාචා,
අනු. ඨ: ඉදින් ස්පර්ශ සහිතයක්හුගේ වාක් … සචිත්තයක්හුගේ වාක් වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: න යථාචිත්තස්ස වාචාති.
අනු. පා: භවත, චිත්තානුගතික වාක් නො වෙතියි නො කියයුතු මැ යැ.
2. ස. පු: න යථාචිත්තස්ස වාචා’ති.
2. ස. පු: වචන චිත්තානුගතික නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාවජ්ජන්තස්ස වාචා -පෙ- අනාභොගස්ස වාචා -පෙ- අපණිදහන්තස්ස වාචා’ති.
ස. අනු: ආවර්ජනා නො කරන්නහුගේ වාක් … ආභෝග නැතියහුගේ වාක් … ප්‍රණිධාන නැතියහුගේ වාක් වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නනු ආවජ්ජන්තස්ස වාචා ආභොගස්ස වාචා -පෙ- පණිදහන්තස්ස වාචා’ති.
ස. අනු: ආවර්ජනා කරන්නහුගේ වාක් … ආභෝග ඇතියහුගේ වාක් … ප්‍රණිධාන ඇතියහුගේ වාක් නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි ආවජ්ජන්තස්ස වාචා ආභොගස්ස වාචා -පෙ- පණිදහන්තස්ස වාචා,
අනු. ඨ: ඉදින් ආවර්ජනා කරන්නහුගේ වාක් … ආභෝග ඇතියහුගේ වාක් … ප්‍රණිධාන කරන්නහුගේ වාක් වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: න යථාචිත්තස්ස වාචා’ති.
අනු. පා: භවත, චිත්තානුරූප වාක් නො වෙති’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: න යථාචිත්තස්ස වාචාති.
3. ස. පු: යථාචිත්ත වාක් නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වාචා චිත්තසමුට්ඨානා චිත්තෙන සහජාතා චිත්තෙන සහ එකුප්පාදා”ති.
ස. අනු: වාචා තොමෝ චිත්තසමුත්‍ථාන වූවා චිත්තය හා සහජාත වූවා චිත්තය හා ඒකෝත්පාද ඇත්තී නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි වාචා චිත්තසමුට්ඨානා, චිත්තෙන සහජාතා, චිත්තෙන සහ එකුප්පාදා,
අනු. ඨ: ඉදින් වාචා තොමෝ චිත්තසමුත්‍ථාන වූවා චිත්තය හා සහජාත වූවා චිත්තය හා ඒකෝත්පාද ඇත්තී වූ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: ‘න යථාචිත්තස්ස වාචා’ති.
අනු. පා: භවත, ‘චිත්තානුගත වාක් නො වෙති’ යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: න යථාචිත්තස්ස වාචා’ති.
4. ස. පු: යථාචිත්ත වාක් නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: න භණිතුකාමො භණති, න කථෙතුකාමො කථෙති, න ආලපිතුකාමො ආලපති, න වොහරිතුකාමො වොහරතී’ති.
ස. අනු: බණනු කැමැති වැ නො බෙණේ ද, කියනු කැමැති වැ නො කියා ද, අමතනු කැමැති වැ නො අමතා ද, ව්‍යවහාර කරනු කැමැති වැ ව්‍යහාර නො කෙරේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නනු භණිතුකාමො භණති, කථෙතුකාමො කථෙති, ආලපිතුකාමො ආලපති, වොහරිතුකාමො වොහරතී’ති.
ස. අනු: බණනු කැමැතිවැ බණන්නේ නො වේ ද, කියනු කැමැති වැ කියන්නේ නො වේ ද, අමතනු කැමැති වැ අමතන්නේ නො වේ ද, ව්‍යවහාර කරනු කැමැති වැ ව්‍යවහාර කරන්නේ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි භණිතුකාමො භණති, කථෙතුකාමො කථෙති, ආලපිතුකාමො ආලපති, වොහරිතුකාමො වොහරති,
අනු. ඨ: ඉදින් බණනු කැමැතිවැ බෙණේ නම්, කියනු කැමැති වැ කියා නම්, අමතනු කැමැති වැ අමතා නම්, වහරනු කැමැති වැ ව්‍යවහාර කෙරේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: න යථාචිත්තස්ස වාචා’ති.
අනු. පා: භවත, ‘යථාචිත්ත වාක් නො වෙති’ යි නො කියැයුතු මැ යැ.
5. ප. පු: න වත්තබ්බං “න යථාචිත්තස්ස වාචා”ති.
5. ස. පු: ‘යථාචිත්ත වාක් නො වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අත්ථී කොචි අඤ්ඤං භණිස්සාමි’ති අඤ්ඤං භණති, අඤ්ඤං කථෙස්සාමී’ති අඤ්ඤං කථෙති, අඤ්ඤං ආලපිස්සාමී’ති අඤ්ඤං ආලපති, අඤ්ඤං වොහරිස්සාමී’ති අඤ්ඤං වොහරතී’ති.
ස. අනු: ‘අනෙකක් කියමි’ අනෙකක් කියන, ‘අනෙකක් බෙණෙමි’ යි අනෙකක් බණන ‘අනෙකකු අමතමි’ යි අනෙකකු අමතන, ‘අනෙකක් වහරමි’ යි අනෙකක් වහරන කිසිවෙක් ඇත්තේ නො වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අත්ථී කොචි අඤ්ඤං භණිස්සාමීති අඤ්ඤං භණති -පෙ- අඤ්ඤං වොහරිස්සමී’ති අඤ්ඤං වොහරති,
අනු. ඨ: ඉදින් ‘අනෙකක් බෙණෙමි’ යි අනෙකක් බණන ‘අනෙකක් වහරමි’ යි අනෙකක් වහරන කිසිවෙක් ඇත් නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: “න යථාචිත්තස්ස වාචා”ති.
අනු. පා: භවත, එකරුණින් ‘වාක් චිත්තානුගතික නො වේ ය’ යි කියැයුතු වෙයි.
න යථාචිත්තස්ස වාචාති කථා නිට්ඨිතා.
න යථාචිත්තස්ස වාචාතිකථා නිමි.