න යථාචිත්තස්ස කායකම්මන්තිකථා
9. 10.
9. 10.
න යථාචිත්තස්ස කායකම්මන්තිකථා.
න යථාචිත්තස්ස කායකම්මන්ති කථා
[යම් හෙයෙකින් අන් තැනෙක යමියි අන් තැනෙක යන යම් මැ කෙනෙක් ඇත්තාහු වෙත් ද, එහෙයින් කායකර්ම චිත්තානුගතික නො වෙයි, චිත්තයෙන් වෙන් වැ ද පවත්නේ’ යයි ලබ්ධි ගත් පූර්‍වශෛලියයන්ගේ වාද බිඳුනට ‘න යථාචිත්තස්ස කායකම්මන්ති කථා’ එයි.]
1. ස. පු: යථාචිත්තස්ස කායකම්මන්ති.
1. ස. පු: කායකර්ම චිත්තානුගතික නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අඵස්සකස්ස කායකම්මං -පෙ- අචිත්තකස්ස කායකම්මන්ති.
ස. අනු: අඵස්සකයාගේ කායකර්ම … අචිත්තකයාගේ කායකර්ම වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නනු සඵස්සකස්ස කායකම්මං -පෙ- සචිත්තකස්ස කායකම්මන්ති.
ස. අනු: සඵස්සකයාගේ කායකර්ම නො? … සචිත්තකයාගේ කායකර්ම නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි සඵස්සකස්ස කායකම්මං -පෙ- සචිත්තකස්ස කායකම්මං,
අනු. ඨ: ඉදින් සඵස්සකයාගේ කායකර්ම වේ නම් … සචිතයක්හුගේ කායකර්ම වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: න යථාචිත්තස්ස කායකම්මන්ති.
අනු. පා: භවත, ‘යථාචිත්ත කායකර්ම නො වෙති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: න යථාචිත්තස්ස කායකම්මන්ති.
2. ස. පු: යථාචිත්ත කායකර්ම නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනාවජ්ජන්තස්ස කායකම්මං -පෙ- අපණිදහන්තස්ස කායකම්මන්ති.
ස. අනු: ආවර්ජනා නො කරන්නහුගේ කායකර්ම වේ ද? ප්‍රණිධාන නො කරන්නහුගේ කායකර්ම වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නනු ආවජ්ජන්තස්ස කායකම්මං -පෙ- පණිදහන්තස්ස කායකම්මන්ති.
ස. අනු: ආවර්ජනා කරන්නහුගේ කායකර්ම නො? ප්‍රණිධාන කරන්නහුගේ කායකර්ම නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි ආවජ්ජන්තස්ස කායකම්මං -පෙ- පණිදහන්තස්ස කායකම්මං,
අනු. ඨ: ඉදින් ආවර්ජනා කරන්නහුගේ කායකර්ම වේ නම් … ප්‍රණිධාන කරන්නහුගේ කායකර්ම වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: න යථාචිත්තස්ස කායකම්මන්ති.
අනු. පා: භවත, ‘යථාචිත්ත කායකර්ම නො වෙති’යි නො කියැයුතු යැ.
3. ස. පු: න යථාචිත්තස්ස කායකම්මන්ති.
3. ස. පු: යථාචිත්ත කායකර්ම නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු කායකම්මං චිත්තසමුට්ඨානං චිත්තෙන සහජාතං චිත්තෙන සහජාතං සහ එකුප්පාදන්ති.
ස. අනු: කායකර්මය චිත්තසමුත්‍ථාන, චිත්තසහජාත, චිත්තය හා ඒකෝත්පාද නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි කායකම්මං චිත්තසමුට්ඨානං චිත්තෙන සහජාතං චිත්තෙන සහ එකුප්පාදං,
අනු. ඨ: ඉදින් කායකර්මය චිත්තසමුත්‍ථාන චිත්තසහජාත චිත්තය හා ඒකෝත්පාද වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: න යථාචිත්තස්ස කායකම්මන්ති.
අනු. පා: භවත, ‘යථාචිත්ත කායකර්ම නො වේ’ යයි නො කියැයුතු මැ යැ.
4. ස. පු: න යථාචිත්තස්ස කායකම්මන්ති.
4. ස. පු: යථාචිත්ත කායකර්ම නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: න අභික්කමිතුකාමො අභික්කමති, න පටික්කමිතුකාමො පටික්කමති, න ආලොකෙතුකාමො ආලොකෙති, න විලොකෙතුකාමො විලොකෙති, න සම්මිඤ්ජිතුකාමො සම්මිඤ්ජෙති, න පසාරෙතුකාමො පසාරෙතී’ති.
ස. අනු: පෙරට නො යනු කැමැත්තේ පෙරට යේ ද, පෙරළා නො එනු කැමැත්තේ පෙරළා ඒ ද, ඉදිරි නො බලනු කැමැත්තේ ඉදිරි බලා ද, අවට නො බලනු කැමැත්තේ අවට බලාද, අත්පා නො හකුළනු කැමැත්තේ අත්පා හකුළා ද, අත්පා දික් නො කරනු කැමැත්තේ අත්පා දික් කෙරේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නනු අභික්කමිතුකාමො අභික්කමති, පටික්කමිතුකාමො පටික්කමති, ආලොකෙතුකාමො අලොකෙති, විලොකෙතුකාමො විලොකෙති, සම්මිඤ්ජිතුකාමො සම්මිඤ්ජෙති, පසාරෙතුකාමො පාසාරෙතී’ති.
ස. අනු: පෙරට යනු කැමැත්තේ පෙරට යන්නේ නො, පෙරළා එනු කැමැත්තේ පෙරළා යේ නො, ඉදිරි බලනු කැමැත්තේ ඉදිරි බලනුයේ නො, අවට බලනු කැමැත්තේ අවට බලා නො, අත්පා හකුළනු කැමැත්තේ අත්පා හකුළා නො, අත්පා දික් කරනු කැමැත්තේ අත්පා දික් කෙරේ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අභික්කමිතුකාමො අභික්කමති, -පෙ- පසාරෙතුකාමො පසාරෙති,
අනු. ඨ: ඉදින් පෙරට යනු කැමැත්තේ පෙරට යේ නම් … අත්පා දික් කරනු කැමැත්තේ අත්පා දික් කෙරේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: න යථාචිත්තස්ස කායකම්මන්ති.
අනු. පා: භවත, ‘යථාචිත්ත කායකර්ම නො වේ’ යයි නො කියැයුතු මැ යැ.
5. ප. පු: න වත්තබ්බං: න යථාචිත්තස්ස කායකම්මන්ති.
5. ස. පු: කායකර්ම චිත්තානුගතික නො වේ’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු අත්ථී කොචි ‘අඤ්ඤත්ර ගච්ඡිස්සාමී’ති අඤ්ඤත්ර ගච්ඡති -පෙ- ‘අඤ්ඤං පසාරෙස්සාමී’ති අඤ්ඤං පසාරෙතී’ති.
ප. අනු: ‘අන් තැනෙක යන්නෙමි’යි අන් තැනෙක යන කිසිවෙක් ඇත්තේ නො? … ‘අනෙකක් දික් කරන්නෙමි’ යි අනෙකක් දික් කරන කිසිවෙක් ඇත්තේ නො?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අත්ථී කොචි ‘අඤ්ඤත්ර ගච්ඡිස්සාමි’ති අඤ්ඤත්ර ගච්ඡති -පෙ- ‘අඤ්ඤං පසාරෙස්සාමී’ති අඤ්ඤං පසාරෙති,
අනු. ඨ: ඉදින් ‘අන් තැනෙක යන්නෙමි’යි අන් තැනෙක යන … ‘අනෙකක් දිගු කරන්නෙමි’ යි අනෙකක් දිගු කරන කිසිවෙක් ඇත් නම්,
අනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: න යථාචිත්තස්ස කායකම්මන්ති.
අනු. පා: එකරුණින් භවත, කායකර්ම චිත්තානුගතික නො වෙති’ යි කියැයුතු මැ යැ.
න යථාචිත්තස්ස කායකම්මන්තිකථා නිට්ඨිතා.
න යථාචිත්තස්ස කායකම්මන්තිකථා නිමි.