අතීතානාගතෙහි සමන්නාගතකථා
9. 11.
9. 11.
අතීතානාගතෙහි සමන්නාගතකථා.
අතීතානාගතෙහි සමන්නාගතකථා
[අෂ්ටසමාපත්තිලාභීහුගේ සමවත්හු ඒකක්ෂණයෙහි නො පවත්නාහු නමුදු අතීත වශයෙනුදු අනාගත වශයෙනුදු ප්‍රත්‍යුත්පන්න වශයෙනුදු පවතිත්. ප්‍රතිවේධ කොට අපරිහීන වන හෙයින් ‘සමාපත්ති ලාභීහ’ යි කියනු ලැබේ. යම් කෙනෙක් විභාගවශයෙන් මෙසේ නො ගෙන ‘ධ්‍යානලාභීන්ගේ අතීතානාගත ධ්‍යානයෝ ද ඇත් නු යි ඔහු අතීතානාගත ධ්‍යානයෙනුදු සමන්වාගතයහ’ යි ලබ්ධි ගනිත් ද, ඒ අන්ධකනිකාය ආදීන්ගේ වාද බිඳුනට ‘අතීතානාගතෙහි සමන්නාගත කථා’ එයි.]
1. ස. පු: අතීතෙන සමන්නාගතො’ති.
1. ස. පු: අතීතය හා සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අතීතං නිරුද්ධං විගතං විපරිනතං අත්ථඞ්ගතං අබ්භත්ථඞ්ගතන්ති.
ස. අනු: අතීතය නිරුද්ධ වූයේ පහව ගියේ විපරිණත වූයේ අස්තයට ගියේ මැනැවින් අස්තයට ගියේ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අතීතං නිරුද්ධං විගතං විපරිනතං අත්ථඞ්ගතං අබ්භත්ථඞ්ගතං,
අනු. ඨ: ඉදින් අතීතය නිරුද්ධ වී නම්, විගත වී නම්, විපරිණත වී නම්, අස්තඞ්ගත වී නම්, අභ්‍යස්තඞ්ගත වී නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: “අතීතෙන සමන්නාගතො’ති.
අනු. පා: භවත, ‘අතීතය හා සමන්වාගත වේ’ යයි නො කියැයුතු මැ යැ.
2. ස. පු: අනාගතෙන සමන්නාගතො’ති.
2. ස. පු: අනාගතය හා සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අනාගතං අජාතං අභූතං අසඤ්ජාතං අනිබ්බත්තං අනභිනිබ්බත්තං අපාතුභූතන්ති.
ස. අනු: අනාගතය නූපන්නේ, නො වූයේ, නො හටගත්තේ, නො නිපන්නේ, වෙසෙසින් නො නිපන්නේ, නො පහළ වූයේ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අනාගතං. අජාතං අභූතං අසඤ්ජාතං අනිබ්බත්තං අනභිනිබ්බත්තං අපාතුභූතං,
අනු. ඨ: ඉදින් අනාගතය නූපන්නේ නො වූයේ නො හැටුනේ නො නිපන්නේ වෙසෙසින් නො නිපන්නේ, නො පහළ වූයේ වී නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: “අනාගතෙන සමන්නාගතො’ති.
අනු. පා: භවත, ‘අනාගතය හා සමන්වාගත වෙති’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අතීතෙන රූපක්ඛන්ධෙන සමන්නාගතො අනාගතෙන රූපක්ඛන්ධෙන සමන්නාගතො පච්චුප්පන්නෙන රූපක්ඛන්ධෙන සමන්නාගතො’ති.
3. ස. පු: අතීත රූපස්කන්ධය හා සමන්වාගත වේ ද, අනාගත රූපස්කන්ධය හා සමන්වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න රූපස්කන්ධය හා සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තීහි රූපක්ඛන්ධෙහි සමන්නාගතො’ති.
ස. අනු: තුන් රූපස්කන්ධයෙකින් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: අතීතෙහි පඤ්චහි ඛන්ධෙහි සමන්නාගතො අනාගතෙහි පඤ්චහි ඛන්ධෙහි සමන්නාගතො පච්චුප්පන්නෙහි පඤ්චහි ඛන්ධෙහි සමන්නාගතො’ති.
4. ස. පු: අතීත පඤ්චස්කන්ධයෙන් සමන්වාගත වේ ද, අනාගත පඤ්චස්කන්ධයෙන් සමන්වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්ධයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පණ්ණරසහි ඛන්ධෙහි සමන්නාගතො’ති.
ස. අනු: පසළොස් ස්කන්‍ධයෙකින් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: අතීතෙන චක්ඛායතනෙන සමන්නාගතො, අනාගතෙන චක්ඛායතනෙන සමන්නාගතො, පච්චුප්පන්නෙන චක්ඛායතනෙන සමන්නාගතො’ති.
5. ස. පු: අතීත චක්‍ෂුරායතනයෙන් සමන්වාගත වේ ද, අනාගත චක්‍ෂුරායතනයෙන් සමන්වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුරායතනයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තීහි චක්ඛායතනෙහි සමන්නාගතො’ති.
ස. අනු: තුන් චක්ෂුරායතනයෙකින් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: අතීතෙහි ද්වාදසහි ආයතනෙහි සමන්නාගතො, අනාගතෙහි ද්වාදසහි ආයතනෙහි සමන්නාගතො, පච්චුප්පන්නෙහි ද්වාදසහි ආයතනෙහි සමන්නාගතො’ති.
6. ස. පු: අතීත ද්වාදශායතනයෙන් සමන්වාගත වේ ද, අනාගත ද්වාදශායතනයෙන් සමන්වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න ද්වාදශායතනයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඡත්තිංසායතනෙහි සමන්නාගතො’ති.
ස. අනු: සතිස් ආයතනයෙකින් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: අතීතාය චක්ඛුධාතුයා සමන්නාගතො, අනාගතාය චක්ඛුධාතුයා සමන්නාගතො, පච්චුප්පන්නාය චක්ඛුධාතුයා සමන්නාගතො’ති.
7. ස. පු: අතීත චක්‍ෂුර්ධාතුයෙන් සමන්වාගත වේ ද, අනාගත චක්‍ෂුර්ධාතුයෙන් සමන්වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුර්ධාතුයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තීහි චක්ඛුධාතූහි සමන්නාගතො’ති.
ස. අනු: තුන් චක්ෂුර්ධාතුයෙකින් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අතීතාහි අට්ඨාරසහි ධාතූහි සමන්නාගතො, අනාගතාහි අට්ඨාරසහි ධාතූහි සමන්නාගතො, පච්චුප්පන්නාහි අට්ඨාරසහි ධාතූහි සමන්නාගතො’ති.
8. ස. පු: අතීත අටළොස් ධාතුයෙන් සමන්වාගත වේ ද, අනාගත අටළොස් ධාතුයෙන් සමන්වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න අටළොස් ධාතුයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චතුපඤ්ඤාසධාතූහි සමන්නාගතො’ති.
ස. අනු: සියුපනස් ධාතුයෙකින් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: අතීතෙන චක්ඛුන්ද්රියෙන සමන්නාගතො, අනාගතෙන චක්ඛුන්ද්රියෙන සමන්නාගතො, පච්චුප්පන්නෙන චක්ඛුන්ද්රියෙන සමන්නාගතො’ති.
9. ස. පු: අතීත චක්ෂුරින්ද්රියයෙන් සමන්වාගත වේ ද, අනාගත චක්ෂුරින්ද්රියයෙන් සමන්වාගත වේ ද, ප්‍රත්‍යුත්පන්න චක්ෂුරින්ද්රියයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තීහි චක්ඛුන්‍ද්‍රියෙහි සමන්නාගතො’ති.
ස. අනු: තුන් චක්ෂුරින්ද්රියයෙකින් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: අතීතෙහි බාවීසතින්ද්රියෙහි සමන්නාගතො, අනාගතෙහි බාවීසතින්ද්රියෙහි සමන්නාගතො, පච්චුප්පන්නෙහි බාවීසතින්ද්රියෙහි සමන්නාගතො’ති.
10. ස. පු: අතීත දෙවිසි, ඉන්ද්රියයෙන් සමන්වාගත වේ ද, අනාගත දෙවිසි ඉන්ද්රියයෙන් සමන්වාගත වේ ද? ප්‍රත්‍යුත්පන්න දෙවිසි ඉන්ද්රියයෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඡසට්ඨින්ද්රියෙහි සමන්නාගතො’ති.
ස. අනු: සසැට ඉන්ද්රියයෙකින් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ප. පු: න වත්තබ්බං අතීතානාගතෙහි සමන්නාගතො’ති.
11. ප. පු: ‘අතීතානාගතයෙන් සමන්වාගත වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු අත්ථී අට්ඨවිමොක්ඛඣායී, චතුන්නං ඣානානං නිකාමලාභී, නවන්නං අනුපුබ්බවිහාරසමාපත්තීනං ලාභී’ති.
ප. අනු: අෂ්ටවිමෝක්ෂධ්යාන කරනුයෙක්, සතර ධ්‍යානයන් කැමැතිසේ ලබනුයෙක්, නව අනුපූර්වවිහාරසමාපත්ති ලබනුයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි, අත්ථී අට්ඨවිමොක්ඛඣායී, චතුන්නං ඣානානං නිකාමලාභී, නවන්නං අනුපුබ්බවිහාරසමාපත්තීනං ලාභී,
අනු. ඨ: ඉදින් අෂ්ටවිමෝක්ෂධ්යාන කරනුයෙක්, සතර දැහැන් කැමැති සේ ලබනුයෙක්, නව අනුපූර්වවිහාරසමාපත්තින් ලබනුයෙක් ඇත් නම්,
අනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: “අතීතානාගතෙහි සමන්නාගතො’ති.
අනු. පා: භවත, එකරුණින් ‘අතීතානාගතයන් හා සමන්වාගත වෙති’ යි කියැයුතු මැ යැ.
අතීතානාගතෙහි සමන්නාගතකථා නිට්ඨිතා.
අතීතානාගතෙහි සමන්නාගතකථා නිමි.
නවමො වග්ගො නිට්ඨිතො.
නව වැනි වර්ගය නිමි.
තස්ස උද්දානං:
එහි උද්දානය:
ආනිසංසදස්සාවිස්ස සඤ්ඤොජනානං පහානං, අමතාරම්මණං සඤ්ඤොජනං, රූපං සාරම්මණං, අනුසයා අනාරම්මණා, එවමෙවං ඤාණං, අතීතානාගතාරම්මණං චිත්තං, සබ්බං චිත්තං විතක්කානුපතිතං, සබ්බසො විතක්කයතො විචාරයතො විතක්කවිප්ඵාරසද්දො, න යථාචිත්තස්ස වාචා, තථෙව කායකම්මං, අතීතානාගතෙහි සමන්නාගතො’ති.
ආනිසංසකථා යැ, අමතාරම්මණකථා යැ, රූපං සරම්මණන්ති කථා යැ, අනුසයා අනාරම්මණා’ති කථා යැ, ඤාණං අනාරම්මණන්තිකථා යැ, අතීතානාගතාරම්මණකථා යැ, විතක්කානුපතිතකථා යැ, විතක්කවිප්ඵාරසද්දකථා යැ, න යථාචිත්තස්ස වාචාති කථා යැ, න යථාචිත්තස්ස කායකම්මන්ති කථා යැ, අතීතානාගතෙහි සමන්නාගත කථා යි.