ආනිසංසකථා
9. 1.
9. 1.
ආනිසංසකථා.
ආනිසංසකථා
[‘ආදීනව විසින් සංස්කාරයනුදු ආනිසංස විසින් නිවනුදු දක්නහුට සංයෝජනප්‍රහාණ වෙයි’ යනු ස්වසමය යි. ඒ දෙපක්ෂයෙහි මැ ඒකාංශවාද ගෙන ‘අනුසස් දකන්හුට මැ සංයෝජනප්‍රහාණ වෙයි’ යනු අන්‍ධකනිකායවාසීන්ගේ ලබ්ධි වෙයි. උන්ගේ වාද බිඳුනට ‘ආනිසංසකථා’ එයි.]
1. ස. පු: ආනිසංසදස්සාවිස්ස සඤ්ඤොජනානං පහානන්ති.
1. ස. පු: අනුසස් දක්නහුට සංයෝජනයන්ගේ ප්‍රහාණ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු සඞ්ඛාරෙ අනිච්චතො මනසිකරොතො සඤ්ඤොජනා පහීයන්තීති.
ස. අනු: සංස්කාරයන් අනිත්‍යවශයෙන් මනස්කාර කරන්නහුට සංයෝජනයෝ ප්‍රහීණ වන්නාහු නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: හඤ්චි සඞ්ඛාරෙ අනිච්චතො මනසිකරොතො සඤ්ඤොජනා පහීයන්ති,
ස. ඨ: ඉදින් සංස්කාර අනිත්‍ය වශයෙන් මනස්කාර කරන්නහුට සංයෝජනයෝ ප්‍රහීණ වෙත් නම්,
ස. පා: නො ච වත රෙ වත්තබ්බෙ: ආනිසංසදස්සාවිස්ස සඤ්ඤොජනානං පහානන්ති.
ස. පා: භවත, ‘අනුසස් දක්නහුට සංයෝජනයන්ගේ ප්‍රහාණ වේ’ යයි නො කියැයුතු මැ යැ.
2. ස. පු: නනු සඞ්ඛාරෙ දුක්ඛතො -පෙ- රොගතො -පෙ- ගණ්ඩතො -පෙ- සල්ලතො -පෙ- අඝතො -පෙ- ආබාධතො -පෙ- පරතො -පෙ- පලොකතො -පෙ- ඊතිතො -පෙ- උපද්දවතො -පෙ- භයතො -පෙ- උපසග්ගතො -පෙ- චලතො -පෙ- පභඞ්ගුතො -පෙ- අද්ධුවතො -පෙ- අතාණතො -පෙ- අලෙණතො -පෙ- අසරණතො -පෙ- අසරණීභූතතො -පෙ- රිත්තතො -පෙ- තුච්ඡතො -පෙ- සුඤ්ඤතො -පෙ- අනත්තතො -පෙ- ආදීනවතො -පෙ- විපරිණාමධම්මතො මනසිකරොතො සඤ්ඤොජනා පහීයන්තීති.
2. ස. පු: සංස්කාර දුඃඛ වශයෙන් … රෝග වශයෙන් … ගණ්ඩ වශයෙන් … ශල්‍ය වශයෙන් … අවෘද්ධි වශයෙන් … ආබාධ වශයෙන් … අවශ වශයෙන් … (ව්යාධ්යාදීන්) විනාශ වශයෙන් … අනේකව්යසනාවහ විසින් … ඊති වශයෙන් … උපද්‍රව වශයෙන් භය වශයෙන් … අනර්‍ත්‍ථාවහ වශයෙන් … (ලොකධර්මයෙන්) චලද් වශයෙන් … (උපක්රමාදීන්) භිදුර වශයෙන් … අධ්‍රැව වශයෙන් … (ක්ෂේම රාහිත්‍යයෙන්) අත්‍රාණ වශයෙන් … අලෙණ වශයෙන් … අසරණ වශයෙන් … අසරණීභූත වශයෙන් … රික්ත වශයෙන් … රික්ත හෙයින් මැ තුච්ඡ වශයෙන් … (වේදකකාරකාදි රාහිත්‍යයෙන්) ශුන්‍ය වශයෙන් … අනාත්ම වශයෙන් … ආදීනව වශයෙන් … විපරිණාමධර්ම වශයෙන් මනස්කාර කරන්නහුට සංයෝජනයෝ ප්‍රහීණ වන්නාහු නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: හඤ්චි සඞ්ඛාරෙ විපරිණාමධම්මතො මනසිකරොතො සඤ්ඤොජනා පහීයන්ති.
ස. ඨ: ඉදින් සංස්කාරයන් විපරිණාමධර්ම වශයෙන් මනස්කාර කරන්නහුට සංයෝජනයෝ ප්‍රහීණ වෙත් නම්,
ස. පා: නො ච වත රෙ වත්තබ්බෙ: ආනිසංසදස්සාවිස්ස සඤ්ඤොජනානං පහානන්ති.
ස. පා: භවත, ‘අනුසස් දක්නහුට සංයෝජනප්‍රහාණ ඇති’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: සඞ්ඛාරෙ ච අනිච්චතො මනසිකරොති, නිබ්බානෙ ච ආනිසංසදස්සාවී හොතීති.
3. ස. පු: සංස්කාරයන් අනිත්‍යවශයෙන් මනස්කාර කරන්නේත් නිර්වාණයෙහි අනුසස් දක්නේත් වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
ස. අනු: ස්පර්ශයන් දෙදෙනෙකුන්ගේ … චිත්තයන් දෙදෙනෙකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සඞ්ඛාරෙ ච දුක්ඛතො -පෙ- රොගතො -පෙ- විපරිණාමධම්මතො මනසිකරොතී, නිබ්බානෙ ච ආනිසංසදස්සාවී හොතී’ති.
ස. අනු: සංස්කාරයනුදු දුඃඛ වශයෙන් … රෝග වශයෙන් … විපරිණාමධර්ම වශයෙන් මනස්කාර කරන්නේත් නිර්‍වාණයෙහිදු අනුසස් දක්නේත් වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: සඞ්ඛාරෙ ච විපරිණාමධම්මතො මනසිකරොති, නිබ්බානෙ ච ආනිසංසදස්සාවී හොතී’ති.
4. ස. පු: සංස්කාරයනුදු විපරිණාමධර්ම වශයෙන් මනස්කාර කරන්නේත් නිර්‍වාණයෙහිදු අනුසස් දක්නේත් වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
ස. අනු: ස්පර්ශයන් දෙදෙනෙකුන්ගේ … චිත්තයන් දෙදෙනෙකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ප. පු: න වත්තබ්බං: ආනිසංසදස්සාවිස්ස සඤ්ඤොජනානං පහානන්ති.
5. ප. පු: අනුසස් දන්නහුට සංයෝජනප්‍රහාණය නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත්තං භගවතා: “ඉධ භික්ඛවෙ, භික්ඛු නිබ්බානෙ සුඛානුපස්සී විහරති සුඛසඤ්ඤී සුඛපටිසංවෙදී සත්තං සමිතං අබ්බොකිණ්ණං චෙතසා අධිමුච්චමානො පඤ්ඤාය පරියොගාහමානො”ති අත්ථෙව සුත්තන්තොති.
ප. අනු: “මහණෙනි, මෙසස්නෙහි මහණ නිවන්හි සුඛය නුවණින් දක්නේ, සුඛ සංඥා ඇති වැ, සුඛවිඳුනා සුලු වැ, නිරතුරු, අමිශ්‍ර කොට (එක්සිත් වැ), සිතින් බැසගන්මින් සන්නිට්ඨාපනය කරමින්, ප්‍රඥායෙන් බැසගන්මින් (අනුප්‍රවිෂ්ට වැ) වාස කෙරේ” යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
පටි. ආ: තෙන හි ආනිසංසදස්සාවිස්ස සඤ්ඤොජනානං පහානන්ති.
පටි. ආ: එ කරුණින් ‘අනුසස් දක්නහුට සංයෝජනප්‍රහාණ ඇති.
ආනිසංසකථා නිට්ඨිතා.
ආනිසංසකථා නිමි.