අමතාරම්මණකථා
9. 2.
9. 2.
අමතාරම්මණකථා.
අමතාරම්මණකථා
[“නිබ්බානං මඤ්ඤති” යනාදිය නුනුවණින් ගෙන ‘අමතාරම්මණය සංයෝජන වෙති’ යි පූර්‍වශෛලියයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අමතාරම්මණකථා’ එයි.]
1. ස. පු: අමතාරම්මණං සඤ්ඤොජනන්ති.
1. ස. පු: අමෘතාලම්බනය සංයෝජන වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අමතං සඤ්ඤොජනියං ගන්ථනීයං ඔඝනීයං යොගනීයං නීවරණියං පරාමට්ඨං උපාදානියං සංකිලෙසියන්ති.
ස. අනු: නිවන සංයෝජනයට නිසි වේ ද, ග්රන්ථයන් විසින් ග්‍රථනය කළයුතු වේ ද, ඕඝයන් විසින් ගැලියයුතු වේ ද, යෝගයන් විසින් යෙදියයුතු වේ ද, නීවරණයට හිත වේ ද, පරාමර්‍ශයන් විසින් පරාමර්ශ කළයුතු වේ ද, උපදානයනට හිත වේ ද, සංක්ලේශයනට හිත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නනු අමතං අසඤ්ඤොජනියං අගන්ථනීයං -පෙ- අසංකිලෙසියන්ති.
ස. අනු: නිවන අසංයෝජනිය අගන්‍ථනීය … අසංකිලෙසිය නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අමතං අසඤ්ඤොජනියං -පෙ- අසංකිලෙසියං,
අනු. ඨ: ඉදින් නිවන අසංයෝජනිය … අසංකිලෙසිය වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අමතාරම්මණං සඤ්ඤොජනන්ති.
අනු. පා: භවත ‘අමෘතාලම්බනය (නිවන) සංයෝජනය’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: අමතං ආරබ්භ රාගො උප්පජ්ජතී’ති.
2. ස. පු: අමෘතය අරභයා රාගය උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු අමතං රාගට්ඨානියං රජනීයං කමනීයං මදනීයං බන්ධනීයං මුච්ඡනීයන්ති.
ස. අනු: අමෘතය රාගකාරණයට හිත වේ ද, රඤ්ජනයට යුතු වේ ද, කාමනා කළයුතු වේ ද, (කුලමදාදි) මද ඉපැදවියයුතු වේ ද, බන්ධනීය වේ ද, මූර්ඡනීය වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නනු අමතං න රාගට්ඨානියං න රජනීයං න කමනීයං න මදනීයං න බන්ධනීයං න මුච්ඡනීයන්ති.
ස. අනු: අමෘතය රාගකාරණයට හිත නො වන්නේ රජනීය නො වන්නේ කමනීය නො වන්නේ මදනීය නො වන්නේ බන්ධනීය නො වන්නේ මූර්ඡනීය නො වන්නේ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අමතං න රාගට්ඨානියං න රජනීයං න කමනීයං න මදනීයං න බන්ධනීයං න මුච්ඡනීයං,
අනු. ඨ: ඉදින් අමෘතය රාගස්ථානිය නො වේ නම්, රජනීය නො වේ නම්, කමනීය නො වේ නම්, මදනීය නො වේ නම්, බන්ධනීය නො වේ නම්, මූර්ඡනීය නො වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: “අමතං ආරබ්භ රාගො උප්පජ්ජතී”ති.
අනු. පා: භවත, ‘අමෘතය අරභයා රාගය උපදී’ යයි නො කියැයුතු යැ.
3. ස. පු: අමතං ආරබ්භ දොසො උප්පජ්ජතී’ති.
3. ස. පු: අමෘතය (නිවන) ඇරැබ (අරමුණු කොට) ද්වේෂය උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අමතං දොසට්ඨානියං කොපට්ඨානියං පටිඝට්ඨානියන්ති.
ස. අනු: අමෘතය ද්වේෂකාරණයට හිත වේ ද? කොපකාරණයට හිත වේ ද? ප්‍රතිඝකාරණයට හිත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නනු අමතං න දොසට්ඨානියං න කොපට්ඨානියං න පටිඝට්ඨානියන්ති.
ස. අනු: අමෘතය ද්වේෂකාරණයට හිත නො වන්නේ කොපකාරණයට හිත නො වන්නේ ප්‍රතිඝකාරණයට හිත නො වන්නේ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අමතං න දොසට්ඨානියං න කොපට්ඨානියං න පටිඝට්ඨානියං,
අනු. ඨ: ඉදින් අමෘතය ද්වේෂකාරණයට හිත නො වන්නේ කොපකාරණයට හිත නො වන්නේ ප්‍රතිඝකාරණයට හිත නො වන්නේ වේ නම්,
අනු. පා නො ච වත රෙ වත්තබ්බෙ: අමතං ආරබ්භ දොසො උප්පජ්ජතී’ති
අනු. පා: භවත, ‘අමෘතය ඇරැබ ද්වේෂය උපදි’ යයි නො කියැයුතු යැ.
4. ස. පු: අමතං ආරබ්භ මොහො උප්පජ්ජතී’ති.
4. ස. පු: නිවන් ඇරැබ මෝහය උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අමතං මොහට්ඨානියං අඤ්ඤාණකරණං අචක්ඛුකරණං පඤ්ඤානිරොධියං විඝාතපක්ඛියං අනිබ්බානසංවත්තනියන්ති.
ස. අනු: නිවන මෝහකාරණයට හිත වේ ද? අඥාන කරණ වේ ද, අචක්ෂුෂ්කරණ වේ ද, ප්‍රඥා නිරෝධයට හිත වේ ද, විඝාතපාක්ෂික වේ ද? අනිර්වාණසංවර්තනිය වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නනු අමතං න මොහට්ඨානියං න අඤ්ඤාණකරණං න අචක්ඛුකරණං පඤ්ඤාවුද්ධියං අවිඝාතපක්ඛියං නිබ්බානසංවත්තනියන්ති.
ස. අනු: නිවන මෝහස්ථානිය නො වන්නේ අඥාන කරණ නො වන්නේ අචක්ෂුෂ්කරණ නො වන්නේ ප්රඥාවර්ධනයට හිත වනුයේ යේ මැ විඝාතපාක්ෂික නො වන්නේ නිර්වාණ සංවර්තනික වන්නේ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අමතං න මොහට්ඨානියං න අඤ්ඤාණකරණං -පෙ- නිබ්බානසංවත්තනියං,
අනු. ඨ: ඉදින් නිවන මෝහස්ථානිය නො වන්නේ අඥාන කරණ නො වන්නේ … නිර්වාණ සංවර්තනික වන්නේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අමතං ආරබ්භ මොහො උප්පජ්ජතී”ති.
අනු. පා: භවත, ‘නිවන් ඇරැබැ මෝහය උපදී’ යයි නො කියැයුතු මැ යැ.
5. ස. පු: රූපං ආරබ්භ සඤ්ඤොජනා උප්පජ්ජන්ති. රූපං සඤ්ඤොජනියං ගන්ථනීයං -පෙ- සංකිලෙසියන්ති.
5. ස. පු: රූපය අරමුණු කොට සංයෝජනයෝ උපදිති. රූපය සංයෝජනිය ග්‍රන්‍ථනීය … සාංක්ලේශික වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අමතං ආරබ්භ සඤ්ඤොජනා උප්පජ්ජන්ති. අමතං සඤ්ඤොජනියං -පෙ- සංකිලෙසියන්ති.
ස. අනු: නිවන් අරමුණු කොට සංයෝජනයෝ උපදිත්. නිවන සංයෝජනීය … සාංක්ලේශික වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: රූපං ආරබ්භ රාගො උප්පජ්ජති. රූපං රාගට්ඨානියං රජනීයං කමනීයං මදනීයං බන්ධනීයං මුච්ඡනීයන්ති.
6. ස. පු: රූපය අරමුණු කොට රාගය උපදී. රූපය රාගකාරණයට හිත, රජනීය, කමනීය, මදනීය, බන්ධනීය, මූර්ජනීය වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අමතං ආරබ්භ රාගො උප්පජ්ජති. අමතං රාගට්ඨානියං -පෙ- මුච්ඡනීයන්ති.
ස. අනු: නිවන් අරමුණු කොට රාගය උපදී. නිවන රාගකාරණයට හිත වේ ද … මුසපත් වියයුතු වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: රූපං ආරබ්භ දොසො උප්පජ්ජති. රූපං දොසට්ඨානියං කොපට්ඨානියං පටිඝට්ඨානියන්ති.
7. ස. පු: රූපය අරමුණු කොට ද්වේෂය උපදී. රූපය ද්වේෂකාරණයට හිත වේ ද, කොපකාරණයට හිත වේ ද, ප්‍රතිඝකාරණයට හිත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අමතං ආරබ්භ දොසො උප්පජ්ජති. අමතං දොසට්ඨානියං කොපට්ඨානියං පටිඝට්ඨානියන්ති.
ස. අනු: නිවන් අරමුණු කොට ද්වේෂය උපදී. නිවන ද්වේෂකාරණයට හිත වේ ද, කොපකාරණයට හිත වේ ද, ප්‍රතිඝකාරණයට හිත වේ ද
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: රූපං ආරබ්භ මොහො උප්පජ්ජති. රූපං මොහට්ඨානියං අඤ්ඤාණකරණං -පෙ- අනිබ්බානසංවත්තනියන්ති.
8. ස. පු: රූපය අරමුණු කොට මෝහය උපදී. රූපය මෝහකාරණයට හිත වේ ද, අඥානකරණ වේ ද …නිර්‍වාණසංවර්‍තනික නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අමතං ආරබ්භ මොහො උප්පජ්ජති. අමතං මොහට්ඨානියං අඤ්ඤාණකරණං -පෙ- අනිබ්බානසංවත්තනියන්ති.
ස. අනු: නිවන අරමුණු කොට මෝහය උපදී. නිවන මෝහකාරණයට හිත වේ ද, අඥානකරණ වේ ද … නිර්‍වාණසංවර්‍තනික නො වන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: අමතං ආරබ්භ සඤ්ඤොජනා උප්පජ්ජන්ති, අමතං අසඤ්ඤොජනියං අගන්ථනීයං අනොඝනීයං අයොගනීයං අනීවරණියං අපරාමට්ඨං අනුපාදානියං අසංකිලෙසියන්ති.
9. ස. පු: නිවන් අරමුණු කොට සංයෝජනයෝ උපදිත්. නිවන සංයෝජනයට හිත නො වූයේ ග්රන්ථයන් විසින් නො ගෙතුණේ ඕඝයන් විසින් නො වතුළේ යෝගයෙන් නො යෙදුණේ නීවරණයට හිත නො වූයේ තෘෂ්ණාදෘෂ්ටින් විසින් පරාමර්ශ නො කරන ලද්දේ උපාදානයට හිත නො වූයේ සංක්ලේශයට හිත නො වූයේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපං ආරබ්භ සඤ්ඤොජනා උප්පජ්ජන්ති. රූපං අසඤ්ඤොජනියං අගන්ථනීයං -පෙ- අසංකිලෙසියන්ති.
ස. අනු: රූපය අරමුණු කොට සංයෝජනයෝ උපදිත්. රූපය අසංයෝජනීය … අග්‍රන්‍ථනීය … අසාංක්ලේශික වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: අමතං ආරබ්භ රාගො උප්පජ්ජති. අමතං න රාගට්ඨනියං න රජනීයං න කමනීයං න මදනීයං න බන්ධනීයං න මුච්ඡනීයන්ති.
10. ස. පු: නිවන් අරමුණු කොට රාගය උපදී. නිවන රාගස්ථානිය, රජනීය, කමනීය, මදනීය, බන්ධනීය මූර්ඡනීය නො වන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපං ආරබ්භ රාගො උප්පජ්ජති. රූපං න රාගට්ඨනියං -පෙ- න මුච්ඡනීයන්ති.
ස. අනු: රූපය අරමුණු කොට රාගය උපදී. රූපය රාගස්ථානිය නො වූයේ … මූර්ඡනීය නො වූයේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: අමතං ආරබ්භ දොසො උප්පජ්ජති. අමතං න දොසට්ඨානියං න කොපට්ඨානියං න පටිඝට්ඨානියන්ති.
11. ස. පු: නිවන අරමුණු කොට ද්වේෂය උපදී. නිවන ද්වේෂස්ථානිය නො වූයේ කොපස්ථානිය නො වූයේ ප්රතිඝස්ථානිය නො වූයේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපං ආරබ්භ දොසො උප්පජ්ජති. රූපං න දොසට්ඨානියං න කොපට්ඨානියං න පටිඝට්ඨානියන්ති.
ස. අනු: රූපය අරමුණු කොට ද්වේෂය උපදී. රූපය ද්වේෂස්ථානිය නො වූයේ කොපස්ථානිය නො වූයේ ප්රතිඝස්ථානිය නො වූයේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: අමතං ආරබ්භ මොහො උප්පජ්ජති. අමතං න මොහට්ඨානියං න අඤ්ඤාණකරණං -පෙ- න නිබ්බානසංවත්තනියන්ති.
12. ස. පු: නිවන අරමුණු කොට මෝහය උපදී. නිවන මෝහස්ථානිය නො වූයේ අඥානකරණ නො වූයේ … නිර්‍වාණසංවර්‍තනික නො වූයේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපං ආරබ්භ මොහො උප්පජ්ජති. රූපං න මොහට්ඨානියං න අඤ්ඤාණකරණං -පෙ- න නිබ්බානසංවත්තනියන්ති.
ස. අනු: රූපය අරමුණු කොට මෝහය උපදී. රූපය මෝහස්ථානිය නො වූයේ අඥානකරණ නො වූයේ … නිර්වාණ සංවර්තනික නො වූයේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ප. පු: න වත්තබ්බං: අමතාරම්මණං සඤ්ඤොජනන්ති.
13. ප. පු: ‘අමෘතාලම්බන සංයෝජන ය’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත්තං භගවතා: “නිබ්බානං නිබ්බානතො සඤ්ජානාති. නිබ්බානං නිබ්බානතො සඤ්ජානිත්වා නිබ්බානං මඤ්ඤති, නිබ්බානස්මිං මඤ්ඤති, නිබ්බානතො මඤ්ඤති, නිබ්බානං මෙ’ති මඤ්ඤති, නිබ්බානං අභිනන්දති’ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද්දේ මැ නු: “නිබ්බානය නිබ්බාන විසින් (විපරීතසංඥා වශයෙන්) සඤ්ජානන කෙරෙයි. නිබ්බානය නිබ්බාන විසින් සංඤ්ජානන කොට නිබ්බානය ත්‍රිවිධ මඤ්ඤනායෙන් හඟියි, නිබ්බානයෙහි ලා හඟියි, නිබ්බානයෙන් (වෙන් කොටගෙන) හඟියි, නිබ්බානය මාගේ යයි (ආත්මායත්ත කොට) හඟියි, නිබ්බානය අභිනන්දන කෙරෙයි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. ආ: තෙන හි “අමතාරම්මණං සඤ්ඤොජන”න්ති.
පටි. ආ: එ කරුණින් අමෘතාලම්බන සංයෝජන වෙයි. (දෘෂ්ටධර්මනිර්වාණ පිණිස වදාළ සූත්‍රාන්ත වන බැවින් මේ සාධක අසාධක වෙයි.)
අමතාරම්මණකථා නිට්ඨිතා.
අමෘතාලම්බනකථා නිමි.