යෙදුමෙන් කියවන්න

රූපං සාරම‍්මණන‍්ති කථා

9. 3.

9. 3.

රූපං සාරම‍්මණන‍්ති කථා.

රූපං සාරම්මණන්ති කථා

[රූපය සප්‍රත්‍යයාර්‍ත්‍ථයෙන් සාරම්මණ වෙයි. අනෙකක් අරමුණු නො කෙරේ යයි ආලම්බන ප්‍රත්‍යය වශයෙන් සාරම්මණ නො වෙයි. ඒ වෙනස නො ගෙන ‘රූපය සාරම්මණ යැ’ යි කියන උත්තරාපථකයන්ගේ වාද බිඳුනට ‘රූපං සාරම්මණන්ති කථා’ එයි.]

1. ස. පු: රූපං සාරම‍්මණන‍්ති.

1. ස. පු: රූපය සාලම්බන වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී තස‍්ස ආවජ‍්ජනා1 ආභොගො සමන‍්නාහාරො මනසිකාරො චෙතනා පත්‍ථනා පණිධී’ති.

ස. අනු: ඊට ආවර්‍ජනා, ආභෝග, සමන්‍වාහාර, මනස්කාර, චේතනා, ප්‍රාර්‍ත්‍ථනා, ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: නනු නත්‍ථි තස‍්ස ආවජ‍්ජනා ආභොගො -පෙ- පණිධී’ති.

ස. අනු: ඊට ආවර්‍ජනා, ආභෝග, … ප්‍රණිධි නැත්තේ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි නත්‍ථී තස‍්ස ආවජ‍්ජනා ආභොගො -පෙ- පණිධි,

අනු. ඨ: ඊට ආවර්‍ජනා, ආභෝග … ප්‍රණිධි නැත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: රූපං සාරම‍්මණන‍්ති.

අනු. පා: ‘රූපය සාලම්බන යැ’ යි නො කියැයුතු මැ යැ.

2. ස. පු: ඵස‍්සො සාරම‍්මණො, අත්‍ථී තස‍්ස ආවජ‍්ජනා ආභොගො -පෙ- පණිධී’ති.

2. ස. පු: ස්පර්‍ශය සාලම්බන යැ. ඊට ආවර්‍ජනා ආභෝග … ප්‍රණිධි ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: රූපං සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවජ‍්ජනා ආභොගො -පෙ- පණිධී’ති.

ස. අනු: රූපය සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග … ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- චෙතනා -පෙ- චිත‍්තං -පෙ- සද‍්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ‍්ඤා -පෙ- රාගො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- මානො -පෙ- දිට‍්ඨි -පෙ- විචිකිච‍්ඡා -පෙ- ථිනං -පෙ- උද‍්ධච‍්චං -පෙ- අහිරිකං -පෙ- අනොත‍්තප‍්පං සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවජ‍්ජනා ආභොගො -පෙ- පණිධී’ති.

3. ස. පු: වේදනා … සංඥා … චේතනා … චිත්ත … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති සමාධි … ප්‍රඥා … රාග … ද්වේෂ … මෝහ … මාන … දෘෂ්ටි … විචිකිත්සා … සත්‍යාන … ඖද්ධත්‍ය … අහ්‍රීක … අනපත්‍රපා සාලම්බන යැ. ඊට ආවර්‍ජනා ආභෝග … ප්‍රණිධි ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: රූපං සාරම‍්මණං, අත්‍ථී තස‍්ස ආවජ‍්ජනා ආභොගො -පෙ- පණිධී’ති.

ස. අනු: රූපය සාලම්බනය. ඊට ආවර්‍ජනා ආභෝග … ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: රූපං සාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවජ‍්ජනා ආභොගො -පෙ- පණිධී’ති.

4. ස. පු: රූපය සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග … ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ඵස‍්සො සාරම‍්මණො, නත්‍ථී තස‍්ස ආවජ‍්ජනා ආභොගො -පෙ- පණිධී’ති.

ස. අනු: ස්පර්‍ශ සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග, … ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: රූපං සාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවජ‍්ජනා ආභොගො -පෙ- පණිධී’ති.

5. ස. පු: රූපය සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග, … ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: වෙදනං -පෙ- සඤ‍්ඤා -පෙ- අනොත‍්තප‍්පං සාරම‍්මණං, නත්‍ථී තස‍්ස ආවජ‍්ජනා ආභොගො -පෙ- පණිධී’ති.

ස. අනු: වේදනා … සංඥා … අනපත්‍රපා සාලම්බන යැ. ඊට ආවර්‍ජනා, ආභෝග, … ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ප. පු: න වත‍්තබ‍්බං රූපං සාරම‍්මණන‍්ති.

6. ප. පු: ‘රූපය සාලම්බන යැ’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු රූපං සප‍්පච‍්චයන‍්ති.

ප. අනු: රූපය සප්‍රත්‍යය නො වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි රූපං සප‍්පච‍්චයං,

අනු. ඨ: ඉදින් රූපය සප්‍රත්‍යය වේ නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: රූපං සාරම‍්මණන‍්ති.

අනු. පා: භවත, එකරුණින් ‘රූපය සාලම්බන යැ’ යි කියැයුතු මැ යැ.

රූපං සාරම‍්මණන‍්තිකථා නිට‍්ඨිතා.

රූපං සාරම්මණන්තිකථා නිමි.